ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

ජල තලයක ප්‍රචණ්ඩකාරී බව එය මතුපිටින් දැකිය හැකිද ?
එමෙන්ම මිනිසෙකුගේ මුහුනදෙස බැලීමෙන් පමණක් හේ සුදනෙකු යැයි කිව හැකිද?
ඉතිහාසය ලස්සන වන්නේ සාමකාමී බවට වඩා සටන්කාමී බව තුලින් හා අභිරහස් තුලිනි. එකඟද?
ඉතිහාසය පුරාවටම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කල සිදුවීම් කලින් කලට සිදුවී තිබේ.
Flight 19 ( බර්මියුඩා ) 1945
රොස්වෙල් අභිරහස් යානා 1947
එමෙන්ම මෑත කාලින මැලේසියානු ගුවන් අභිරහස 2014 , එලිසා ලාම් තරුණියගේ මරණය 2013 යනාදිය දැක්විය හැක.
මේ අතරින් මා කියන්නට යන්නේ Dyatlov Pass 1959 යූරල් කඳු වැටියේ අභිරහස් මරණයන් ගැනයි.
නමුත් අද වනතුරුත් මේ සඳහා සාධාරණ හේතු දැක්වීමක් නොමැත.
( උච්ඡාරණයේ පහසුව පිණිස රුසියානු නාමයන් ඒ අයුරින් සටහන් කරමි)
- ඒ වර්ෂ 1958/59 සීත ඍතුවේ අවසන් භාගයයි.අනාගතයටවත් විසඳිය නොහැකි වූ බිහිසුණු අභිරහසක කොටස්කරුවෙක්
වේ යැයි සිහිනයක වත් නොතිබූ රුසියානු ශිෂ්‍යයෙක් වූ 23 හැවිරිදි ''Igor Dyatlov '' යුරල් පොලිටෙක්නිකල් විද්‍යාලයේ
උපාධි අපේක්ෂකයෙකු විය.අධ්‍යන කටයුතු මෙන්ම, ඊටත් එහා ගිය එඬේරුන්ට උරුම ශුර කඳු නගින්නෙකු හා දිගු දුර සංචාරකයෙකු වූ හෙතෙම
මේ කියන සමයේ රුසියානු රජය විසින් කඳු නගින සංචාරක ශිල්පියෙකුට පිරිනමන ඉහලම සහතිකය '' category III '' අදියර
සමත් කිරීම සඳහා යුහුසුලුව සුදානමින් සිටියේය.මේ සඳහා හේ තවත් පළපුරුදු ශිෂ්‍යයන්,
සගයන් රැස් කරමින් තමන් ඇතුළුව 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සුදානම් කර ගත්තේය.
සති දකක කාලයක් ඇතුලත '' Otorten ( 1234 m ) කඳු මුදුන තරණය ඔවුන්ගේ අභිලාශය විය.
Otorten ( 1234 m ) කඳු මුදුන
Igor Dyatlov
Yuri Krivonischenko
Yuri Doroshenko
Nikolai Thibeaux Brignolle
Rustem Slobodin
Semyon Zolotaryov
Lyudmila Dubinina
Zinaida Kolmogorova
Alexander Kolevatov
yuri yudin
යූරල් කඳු පරයේ උතුරට වන්න පිහිටි වඩා නොඋස් වූ නමුත් ශීත ඍතුව තුල සෙල්සියල් ඍණ උෂ්ණත්වයකදී මේ තරණය සැලකුනේ මරණයට අත
වැනීමක් හා සමානවය. එබැවින් ශීත ඍතුව තුල මෙය තරණය category III අදියර ජය ගැනීමක් ලෙස පිලි ගැනීමක් තිබිණි.
කණ්ඩායම 1959 ජනවාරි 25 දින '' Ivdel'' දක්වා දුම්රියෙන් පැමිණ, ඉන් අනතුරුව ට්‍රක් රථයකින් '' Vizhay '' දක්වා පැමිණියෝය.
එය ඒ ප්‍රදේශයේ අවසාන මිනිස් වාසයන් සහිත ගම්මානය විය. ගමන ආරම්භක ස්ථානය කරා යන ගමනේදී කණ්ඩායමේ '' Yuri Yudin ''
අසනීප තත්වයක් හේතුවෙන් ඉන් ඉවත් විය.ඒ ජනවාරි 28 දිනයි. ඒ අනුව පිරිස 09 කි. සමුගැනීමට මත්තෙන් ඔහුගේ ආයිත්තම් සමහරක් උනුන් අතරේ බෙදා දුන් අතර
Igor Dyatlov ඔහු හට පවසා සිටියේ තරණය නිමා කොට නියමිත දිනටම නොව තවත් දින දෙකක් හෝ තුනක් රැඳී සිටීමට තමන් අදහස් කරගෙන
සිටින බවයි.
මෙසේ ඔවුන් ඉදිරියට ගමන් කොට ජනවාරි 31 දින '' Auspiya '' නදී බඩ අතහැර දමන ලද ගොඩනැගිල්ලක එදින රාත්‍රිය ගතකොට
( ඔවුන් විසින් ආපසු ගමනේදී ගැනීම සඳහා යම් බඩු භාණ්ඩ ප්‍රමාණයක් මෙහි දමා ගොස් තිබුණි.)
පෙබරවාරි 01 දින ගමන් ඇරඹුවේ පසුදින හිරු උදාවේ බලාපොරොත්තුවද සමගිනි.නමුත් ඒ තීරණාත්මක රාත්‍රියයි.
ඒ මරණයේ රාත්‍රියයි.
එදින 4km දුරක් ගෙවා ''Kholat syakhl '' කඳු බෑවුමේ වාඩිලා ගන්නා විට සවස 5 පමණ විය.
බිහිසුණු හෝරාව ඇරඹෙන්නේ මෙතැන් පටන්ය. මෙතැන් පටන් සෑම සිදුවීමක්ම පරීක්ෂණ හා අනුමානයන් පමණි.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය තැන සංචාරකයන්ගේ පැමිණීමක් නොලද බැවින්ද, ඔවුන්ගෙන් කිසිඳු පණිවුඩයක් නොලද
තැන විද්‍යාලයේ කළමනාකාරිත්වය මේ පිලිබඳ සොයා බැලීම සඳහා ස්වේච්ඡ කණ්ඩායමක් පිටත් කර හැරීය.
නමුත් ප්‍රථිපල රහිත විය. එනිසා හමුදා භට කණ්ඩායම් හා ආරක්ෂක අංශ ඊට මැදිහත් විය.ඒ පෙබරවාරි 21 වෙනිදාය.
ඒ කණ්ඩායමේ පැමිණීමට අපේක්ෂා කරනු ලැබූ දිනට වඩා දින 09 ට පසුයි.
මහත් වෑයමක් දරා කණ්ඩායම අවසන් වරට වාඩි ලා සිටි Kholat syakhl කඳු බෑවුමේ අටවා තිබු කුඩාරම සොයා ගැනිණි.
කුඩාරම සොයා ගන්නා විට එහි තත්වය
ඒ වනවිට අඩක් හිමෙන් වැසුණු කුඩාරම ඇතුලතින් කපා තිබිණි.පිරිසගේ ගමන් මලු,ඉතිරි ආහාර මෙන්ම සපත්තු පවා කුඩාරම තුල තිබිණි.
එසේනම් ඔවුන් කොහෙද? ඔවුන්ට සිදුවුයේ කුමක්ද ?
ගලවා ගැනීම් කණ්ඩායම හමුවේ ඉතිරිව තිබුනේ එයයි.
තවදුරත් සොයා බැලීම් වලදී කුඩාරමෙන් පිටතට විහිදුනු අඩි සලකුණු 8,9 තිබිණි. ඒ ඊසාන දෙසට වන්නටයි.
ඒ සලකුණු නිරීක්ෂනයේදී වඩාත් පුදුම සහගත කාරණය නම් ඒවා සමහරක් නිරුවත් දෙපා,
සමහරක් අඩක් පැළඳි හිම මේස් සහිතව, සමහරක් Barefoot සහිතව, මෙන්ම එක පාදයකට පමණක් හිම මේස් සහිතව ලෙස
අක්‍රමවත් මෙන්ම ඉතා කලබලයේ පිටත් වූ ස්වාභාවයක් දක්නට ලැබිණි.
මෙසේ ඔවුන් මහත් කලබලයෙන් කුඩාරමේ ඇතුලතින් කපා හදිසියේ මෙන් එලියට පැන ගියේ මන්ද?
මුළු අභිරහසම රැඳී තිබුනේ මේ හේතුව උඩය.
නමුත් එය සදාතනික අභිරහසක්ව තිබෙන්නට අවශ්‍ය බව ඒ හේතුව කුමක් වුවත් තීරණය කොට තිබිණි.
මන්ද මුළු සිදුවීම් මාලාවම රැඳෙන්නේ ඔවුන් අධික ශීතලේ, සුදානමකින් තොරව, කලබලෙන් එලියට පැමිණි මේ හේතුව මතය.
පරීක්ෂක කණ්ඩායම් වල උත්සාහයෙන් පසුදින ( පෙබරවාරි 27 ) Yuri Doroshenko, Yuri Krivonischenko යන අයගේ මල සිරුරු සොයා ගැනුනි.ඒ කඳවුරට ඊසාන දෙසින් 1.5 km දුරින් යෝධ සේඩාර් ගසක් පාමුල
ගිනි මැලයක නටඹුන් සමගින්ය.සීරීම් තුවාල පමණක් තිබුණු ඔවුන් දෙදෙනාගේ මරණයට හේතුව ''hypothermia''
එනම් අධික ශීතලට නිරාවරණය වීමයි.
තවදුරත් නිරීක්ෂණයේදී සේඩාර් ගසේ අතු ඉති කඩා තිබු අතර ගිනි මැලයක් දල්වා තිබු සාක්ෂි මෙන්ම, ඔවුන් ගසට නැග තිබුණු බවටද ඔප්පු විය.
පරීක්ෂණය අනුමානයන්ට අනුව තමන් සිටින තැන අවබෝධයක් ලබා ගැනීමට හෝ කඳවුරට ඇති දුර අනුමානයට එසේ නැග්ගා විය හැක.
යෝධ සේඩාර් ගස.
මළසිරුරු තිබුණු අයුරු..
එසේම ඔවුන්ගේ ඇඳුම් නිරීක්ෂණය කිරීමේදී අක්‍රමවත් ආකාරයක් තිබිණි.Yuri Doroshenko ගේ කබාය පසුව Dytlov ඇඳ තිබිණි.
Yuri Krivonischenko ගේ ස්වෙටරය Dubinina හැඳ සිටි අතර ඔහුගේ යට කලිසම ඇය අත් මේස් ලෙස පැළඳ තිබිණි.මේ නිරීක්ෂණයන්ට අනුව මොවුන් දෙදෙනා මුලින් මිය ගිය බව පැහැදිලිවිය.
සේඩාර් ගසේ සිට කඳවුර තෙක් දිශාව ඔස්සේ පිලිවෙලින් 300m , 480m හා 630m දුරින් Igor Dyatlov, Rustem Slobodin ( ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවේ මාර්තු 05 දිනයි) හා Zinaida Kolmogorova ගේ සිරුරු හමු විය.
ඔවුන්ගේ මරණයන්ට හේතුවද ''hypothermia'' තත්වයයි.
නමුත් Slobodin ගේ හිස් කබල බිඳී තිබු අතර මුහුණේ පේශි හා අස්ථි බිඳී තිබිණි.
Dyatlov ගේ මළසිරුර..
Rustem Slobodin ගේ මළසිරුර..
මුළු මහත් රුසියාව කැළඹු මේ සිදුවීම නිසා බොහෝ පුවත්පත් මෙන්ම පිටත ලෝකයාද රුසියානු රජය දෙස උකුසු ඇස් යොමු කරන්නට විය.සෙවීමේ කටයුතු දිගටම කෙරිණි.
ඉතිරි මළසිරුරු 4 සොයා ගන්නා විට තවත් මාස 2ක් පමණ කාලයක් ගතවිය.
මැයි මස 05 දින සේඩාර් ගසට එපිටින් එනම්, කඳවුරට තවත් ඈතට වන්නට මීටර් 75 පමණ දුරින් හිම මතුපිට 4m පමණ ගැඹුරින් ඒවා සොයා ගන්නා ලදී.
අවසන් මළසිරුරු සොයාගත් අවස්තාව..
Lyudmila Dubinina ගේ මලසිරුර...
පරීක්ෂණ කටයුතු වඩාත් සංකීර්ණ හා අභිරහස් වුයේ මෙතැන් සිටය.
ඔවුන් අතරින් Alexander Kolevatov මිය ගොස් තිබුනේ ''hypothermia'' තත්වය මත වුවත් ඔහුගේද නාසය හා හිස් කබල බිඳී තිබිණි.
ඉතිරි 3 එනම්,Lyudmila Dubinina, Semyon Zolotaryov හා Nikolai Thibeaux-Brignolle මිය ගොස් තිබුනේ හිස් කබල හා
පපුවේ අස්ථි බිඳී යෑම මගිනි. වඩාත් භයංකාර වුයේ Dubinina ගේ ශරීරයේ දිව , ඇස් හා තොල් පටවල් ඉවත් කොට තිබිණි.
ඒ හැරෙන්නට ඔවුන් මරණයට පත් වන්නට තරම් අස්ථි බිඳීම් තිබුනත් වඩාත් පුදුම සහගත කාරණය නම් ඔවුන්ගේ ශරීර වල බාහිරින් කිසිඳු තුවාලයක් හෝ සීරීමක් වත් නොමැති වීමයි.
මරණ පරීක්ෂක වාර්තාවට අනුව මේ අස්ථි බිඳීම් සම කොට තිබුනේ දරුණු රිය අනතුරක ප්‍රතිපලයන්ටය.ඔවුන්ට මෙසේ අවාසනාවන්ත ඉරණමක් අත් කර
දුන්අති බිහිසුණු මාරාන්තික කුමක් හෝ යම කුමක්ද?
කඳවුරේ, සේඩාර් ගසේ හා මළසිරුරු වල පිහිටීම දැක්වෙන සිතියම් සටහන්
මේ බිහිසුණු සිදුවීමට මුහුණ දුන් පුද්ගලයන් 09 දෙනාගේම සිරුරු සොයා ගනු ලැබුවත් ලෝකයා හමුවේ විසඳුම් නොමැති ගැටළු ගණනාවක් ඉතිරි විය.
ඉතා අපිළිවෙලට, කලබලයෙන් අධික ශීතලේ කඳවුරෙන් එලියට එන්නට තරම් හේතුව කුමක්ද?
ඔවුන්ට මුහුණ දෙන්නට වුනු බිහිසුණු සිදුවීම, සිදුවීම් මාලාව කුමක්ද?
ඔවුන් කඳවුරෙන් ඉවත්ව ගොස් සේඩාර් ගසක් මුල ගිනිමැල දල්වා ගස මුදුනට
නැග්ගේ කුමකින් බේරෙන්නටද?
නැතහොත් කඳවුරු බිම නැවත සොයා ගැනීමටද?
කඳවුරෙන් ඉවතට ගොස්, එකා එකා මිය යන විට නැවත කඳවුර කරා එන ගමනේදී ද එකා බැගින් මිය යන්නට තරම් අවාසනාවන්ත වුයේ ඇයි ?
හේතුවන් කුමක් වුවත් ඉතිහාසයේ අදටත් නොවිසඳුණු අභිරහස එයයි.
මැයි මස 28 වන දින රුසියානු අධිකරණය විසින් නිල වශයෙන් නඩු වාර්තා අවසන් කරනු ලැබුවේ,
මෙය රුසියානු ඉතිහාසයේ විසඳුමක් නොදුන් මහත් අවාසනාවන්ත,ඛේදාන්තයක් බවට ප්‍රකාශ කරමිනි.
ඉන් අනතුරුව මේ ප්‍රදේශය කාලයක් යනතුරු සංචාරකයන්ට තහනම් කල අතර
අනතුර සිදුවූ ප්‍රදේශය Igor Dyatlov ඇතුළු නඩය සිහිකරනු වස් ''Dyatlov Pass '' ලෙස නම් කෙරිණි.
Dyatlov pass අනතුර සිදුවූ ස්ථානය.
වර්තමාන ස්වභාවය
ස්මාරකය..
කෙසේ වෙතත් විශ්ලේෂකයන් මේ සඳහා අනුමාන කරනා බලපෑම් කිහිපයක් වෙයි. නමුත් මේ සියල්ල අනුමානයන්
මිස පරීක්ෂණ මගින් ඔප්පු නොවූ හෝ ඔප්පු නොකළ හේතු සාධකයි.
KGB AGENTS - CONTROLLED ENVIRONMENT
KGB - Komitet gosudarstvennoy bezopasnosti යනු 1954 ආරම්භ වූ 1991 විසිරුවනු ලැබූ රුසියානු ආරක්ෂක ඔත්තු සේවයකි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ආරම්භ වූ මෙහි වර්තමාන රුසියානු ජනාධිපති '' ව්ලැද්මීර් පුටීන්ද '' සේවය කොට ඇත.
Alexei Rakitin නම් ලේඛකයා තමන්ගේ Dyatlov Pass නම් ග්‍රන්ථයේ මේ පිලිබඳ යම් යම් හේතු දැක්වීම් ඉදිරිපත් කරයි.
ඔහුට පවසන පරිදි Semyon Zolotaryov කණ්ඩායමේ වයසම සාමාජිකයාය (37 Y ) ඔහු මීට පෙර කඳු තරණයන්ට
සහභාගී නොවුණු අතර කණ්ඩායමට එක වුයේ අවසන් මොහොතෙදිය.තවද ඔහු සීතල යුධ සමයේ රුසියානු ඔත්තුකරුවකු
ලෙසද සේවය කොට තිබුණු අතර ඔහුව KGB සංවිධානය විසින් කුලී පදනම මත මෙම නඩයට ඇතුල් කළා විය හැකි බව Alexei Rakitin පවසයි.
HIKERS MISTAKEN FOR ESCAPED PRISONERS FROM A GULAG PRISON
රුසියානු ආරක්ෂක අංශ විසින් පැනයනු ලබන සිරකරුවන් පිරිසක් ලෙස වරදවා වටහා ගෙන dyatlov ඇතුළු පිරිස ඝාතනය
කරනු ලැබ ඇති බව. කෙසේ වෙතත් රුසියානු හමුදාවන්ට අයත් යැයි සැලකෙන "obmotki" නම් රෙදි කඩක් මරණ
සිදුවූ ස්ථාන වල තිබී හමුවූ අතර පරීක්ෂණ අතරවාරයේ එය සාක්ෂි අතරින් අභිරහස් ලෙස අතුරුදන්ව ඇත.
MANSI NATIVES
මාන්සි නම් ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ බව.
Krivonishenko ගේ කැමරාවේ සටහන් වී තිබු මාන්සි ගෝත්‍රිකයන්ගේ සලකුණක් මේ හේතුව සඳහා ඉදිරිපත් කරයි.
Krivonishenko ගේ කැමරාවේ සටහන් වී තිබු මාන්සි ගෝත්‍රිකයන්ගේ සලකුණ
SHROOMS
මේ කඳුකරයේ වැවෙන අධික විෂ සහිත හතු විශේෂයක් නිසා ඔවුන් අනතුරට භාජනය වූ බව මින් අදහස කෙරෙන අතර
මේ විෂ නැසීම සඳහා පිනි මුවන්ගේ මුත්‍රා භාවිතා කරයි. එසේ නම් ඔවුන් පිනි මුවන් සොයා කඳුකරයට ගියේද?
AVALANCHE
හිම නාය යාමක් සිදු වුනිද?
මේ මතයට අනුව පළමු හිම නාය යාම නිසා කුඩාරම ඇතුලතින් කපා පිටතට පැමිණි කණ්ඩායම
දෙවන නාය යාමක් හේතුවෙන් කඳවුර හැර ගිය බව පැවසෙයි.මේ ප්‍රදේශයේ ශීත ඍතුවට මෙවැනි නාය යාම් සුලබය.
UFO
පිටසක්වල ප්‍රාහාරයක් බවටද යම් පිරිසක් සැක පල කරයි.
SECRET LAUNCHES
රහස් ප්‍රාහාරයක් බවටද යම් පිරිසක් චෝදනා කරයි.
INFRASOUND
අඩු සංඛ්‍යාත තරංග හේතුවෙන් යම් යම් සංචාරකයන්ට අපහසු තත්වයන් ඇතිවන බව මෙයින් කියවේ.
ඔවුන්ටත් එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුණුද?
YETI / SNOWMAN / MENK (AS THE LOCAL INDIGENOUS PEOPLE CALL IT)
ටින්ටින් කතා මාලාවේ එන යෙටී හෙවත් bigfoot හෝ අදිසි හිම මිනිසෙකු වැනි ජනප්‍රවාදයේ එන
නොපෙනෙන බලවේගයක් විසින් මේ බිහිසුණු මරණයන් සිදු කලාද?
කෙසේ වෙතත් මේ සිදුවීමට වසර 60 ආසන්න වෙතත් අදටත් මෙය ලොවටම අභිරහසකි.
එක්කෝ මෙය සැබවින්ම අභිරහසකි, නැතහොත් ලෝකයාගෙන් වසන් කරනු ලැබූ ඛේදවාචකයකි.
තොරතුරු - http://dyatlovpass.com/ වෙබ් අඩවියෙනි.
ඡායාරුප අන්තර්ජාලයෙන් හා http://dyatlovpass.com/ වෙබ් අඩවියෙනි.
සිංහල පරිවර්තන සම්පුර්ණයෙන්ම මා විසිනි.
මේ මගේ history එකට දාන පලවෙනි ත්‍රෙඩ් එක.මේකට ටිකක් මහන්සි උනා, මේ විදිහට ඉදිරිපත් කරන්න.
අඩු පාඩු ඇතොත් පොඩ්ඩක් කියන්න ඉදිරියට එව්වා හදා ගන්න.
ජය වේවා....

Last edited:
++

+