2018 පෙබරවාරි මස 28 වන දින ලොව පුරා තිරගතවීම ආරම්භ කල Black Panther චිත්‍රපටය Marvel Cinematic Universe හි 18 වන චිත්‍රපටයයි. Ryan Coogler විසින් අධ්‍යක්ෂණය කල මෙයට Chadwick Boseman, Michael B. Jordan, Lupita Nyong'o, Everett Ross, Forest Whitaker වැනි පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මෙයට IMDb හි 7.7 ක් ද Rotten Tomatoes හි 96% ක් අගයක්ද හිමිවෙලා තියෙනවා. Rotten Tomatoes හි MCU චිත්‍රපටයක් ලබා ගත් ඉහලම අගයද මෙය වෙනවා. බොක්ස් ඔෆිස් අදායම ඩොලර් බිලියන 1.335 යි
. මේ වන විට අදායම් වාර්තා අතරින් මේ චිත්‍රපටය බිද හෙලු වාර්තා කීපයක්ම තිබෙනවා
. ඇමෙරිකානු අදායම් වාර්තා අතර වැඩිම අදායමක් ඉපයූ තෙවන චිත්‍රපටය (1.Star Wars: The Force Awakens, 2.Avatar). Marvel Cinematic Universe හි වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය (2.Marvel's The Avengers, 3.Avengers: Age of Ultron). කොමික් බුක් අශ්‍රිතයෙන් නිපදවූ චිත්‍රපට අතරින් වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය, ඒ අතර වෙනවා. ඒ වගේම ලෝක අදායම් වාර්තා අතරින් වැඩිම අදායමක් ඉපයූ 10 වන චිත්‍රපටය, Marvel Cinematic Universe හි වැඩිම අදායමක් ඉපයූ තුන්වන චිත්‍රපටය ලෙසත් වගේ තවත් වාර්තා කීපයක් එක්ක වාර්තා පොත් අලුත් කරන්න මේ චිත්‍රපටයට හැකි වුණා
. පැය 2යි විනාඩි 14ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Captain America: Civil War චිත්‍රපටයට සිදුවීමෙන් සතියකටපසු සිදුවීම් අදාල වේ
. ඒ වගේම කියන්න ඕනි මේ රිවිව් එකේ Avengers: Infinity War චිත්‍රපටය කිසිම විදියකින් spoiler වෙන්නේ නැ.හැබැයි Black Panther චිත්රපටයනම් 100% ක්ම spoilers
. Easter eggs, references හැම දෙයක්ම කතා කරන්න යමු සිදුවීමෙන් සිදුවීමට
.
කතාව පටන් ගන්නේ Black Panther බිහි වුණ විදිහ ගැන හැදින්වීමක් එක්ක. අවුරුදු මිලියනකට වඩා ඉහතකදී අප්‍රිකාවේ යාම ප්‍රදේශයකට කඩන වැටෙනවා උල්කාපාතයක්
. මේ උල්කපතයේ ලෝහය හදුවන්නේ vibranium කියලයි. මේ vibranium විශ්වයේ තියෙන ශක්තිමත්ම ලොහයයි
.
මේ vibranium එක පොලවට වැටීමත් සමග එහි ඇති ශාක වලට සහ එහි සිටි මිනිසුන්ට සතුන් තුලට කා වැදුනා
.vibranium ගැන අපිට ඉස්සෙලම අහන්න ලැබුනේ Captain America: The First Avenger චිත්‍රපටයෙන්. ඒ Captain America ගේ shield එක සැදීමට vibranium යොදා ගත නිසා. ඊට පස්සේ අපිට vibranium ගැන MCU පුරාවට අහන්න දකින්න ලැබුන TV සිරිස් වලින් පවා.
මේ ප්‍රදේශය හැදින්වුයේ Wakanda ලෙස. කාලයත් සමග මෙහි ගෝත්‍රික පහක් බිහි වුණා අතර ඔවුනොවුන් අතර යුද්ද ඇති වුණා. ඔවුන් සටන් කළා ඔවුන්ගෙන් එක් අයකු රණශුරයෙක් ලෙස බිහි වෙනකම්. මේ රණශුරයාට Panther කෙනකුගේ දෘශ්යක් සමග heart-shaped herb නම් Wakanda වලට අවේනික වූ පැලෑටිය ශරීරයට උකහා ගැනීමෙන් අධිමානුෂික බලයක් හිමි වෙනවා. පසුව මේ රණශුරයා Balck Panther බවට පත් වී Wakanda හි රජු ලෙසට පත් වෙනවා.
මේ ගෝත්‍රික පහෙන් හතරක් Balck Panther යටතේ ජිවත් වීමට කැමති වුනත් ඊට අකමැති වූ Jabari ගෝත්‍රිකයින් කදුකරයක වෙනම ජිවත් විය.
Wakanda ඔවුන් සතුව තියන vibranium භාවිත කර තාක්ෂනය මගින් සංවර්ධනය කිරීමට සමත් විය. එම තාක්ෂනය මගින් ලොව වෙන කිසිම රටක දකින නොහැකි සංවර්ධනයක් ඇති කිරීමට සමත් වුණ අතර ඔවුන්ටම අවේනික වූ මේ vibranium පිටත් ලෝකයෙන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ බලය සගවා ගැනීම සදහා ඔවුන් ඔවුන්ගේ දේශය වනාන්තරයකින් සැගවිය
. පිටත ලෝකයට Wakanda යනු තුන්වන ලෝකයේ දුත්පත්ම රටකි
. Balck Panther කියන්නේ පරම්පරා කීපයකින්ම පැවතගෙන එන චරිතයක්
. ගොඩක් අය මේ චිත්‍රපටය Balck Panther Origin story එකක් විදියට හදුන්වනවා. නමුත් එක වැරදියි
. මේ චිත්‍රපටය Origin story එකක් වෙන්නේ T'Challa, Balck Panther කෙනෙක් විදියටයි. හැබැයි අපිට මේ හදුන්වදිමෙන් Balck Panther Origin story එක ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන්
. Wakanda කියන්නේ සැබෑ ලෝකයේදී තිබෙන රටක් නෙවේ. ඒක කොමික් තුලින් නිර්මාණය වුණ මනකල්පිත රටක්. හරියට අපිට Avengers: Age of Ultron වලදී හමුවුන Sokovia වගේ
1992දී එවකට Wakanda රජු T'Chaka යනවා කැලිෆෝනියාවේ ඔහුගේ සහෝදරයා N'Jobu ව හමුවෙන්න.
1992 card එකට එන්න කලින් අපිට දකින්න පුළුවන් අමුතුම විදියේ අක්ෂර කීපයක්. මේ Wakanda වල භාවිත වෙන ඉල්ලක්කම්. මේ Wakanda භාෂාව අපිට Blank Panther පළමු පෝස්ටර් එකෙදීද දකින්න පුළුවන්. ඒවගේම මෙතැනිදී බලාගන්න පුළුවන් ඉස්සෙලම Panther Habit එක T'Chaka විසින් භාවිතා කරන. ඒ වගේම අපිට T'Chaka ඉස්සෙලම දකින්න ලැබුනේ Captain America: Civil War චිත්‍රපටයෙන්
. MCU චිත්‍රපට එක්ක හිටපු අයට මතක ඇති Avengers: Age of Ultron චිත්‍රපටයට පස්සේ ආව හැම චිත්‍රපටයක්ම ආරම්භවුනේ flashback එකකින් Thor: Ragnarok චිත්‍රපටය හැර.
ඒ වගේම මෙතනදි ඉන්න Dora Milaje කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනා කියනවා N'Jobuට තමා Wakandan කෙනෙක් බවට ඔප්පු කරන්න කියලා. ඉතින් මේ තොල් ඇතුලෙන් පෙන්නන්න ඔවුන්ට Wakandan ආවේණික උන දෙයක්
. උල්කාපාතය වැටීමේදී ඇති වූ බලපෑමක් තමයි ඔවුන්ට මේ පරම්පරා ගණනාවකින් හිමි වෙන්නේ
. Dora Milaje කියන්නේ Wakanda වල සිටින රණ ශුර ගැහැණුන්ගෙන් සැදුනු කණ්ඩායමක් (මෙහි දැන් නායිකාව Okoye). මතක ඇතිනේ අපිට මේ වගේම හමුද්වක් ගැන අහන්න ලැබුනා Thor: Ragnarok එකේදී
. Valkyries කණ්ඩායම. ඒ වගේම අපිට කොමික් වලදී N'Jobu නමින් චරිතයක් හමු වෙන්නේ නැ. කොමික් වලදී T'Chaka ගේ සහෝදරයා එන්නේ S'Yan නමින්. මේ නමින් මෙහිදී අපට හමුවෙන්නේ wakanda නිරමාණ කණ්ඩායමේ කලින් හිටිය ප්‍රධානියා යි.
T'Chaka කියනවා Wakanda වලට ප්‍රහාරයක් එල්ල වුණ බව ඒ වගේම ඔහු පෙන්නනව Ulysses Klaue පහර එල්ල කර තිබෙන බවටත් ඒ වගේම ඔහු Wakanda වලින් vibranium කිහිපයක් හොරකම් කරගෙන ගිය බවටත් පවසනවා.
Avengers: Age of Ultron බලපු අයට මතක ඇති Ulysses Klaue කියන්නේ කවුද කියලා
. Ultron Ulysses Klaue ලග තියන vibranium හොයාගෙන ආවේ
. Ulysses Klaue ළඟ vibranium තිබ්බේ කොහොමද කියලා දැන් තේරෙනවා ඇති
.
T'Chaka චෝදනා කරන ඔහුගේ සහෝදරයාට මේ තොරතුරු ලබාදීම Wakanda වලට ද්‍රෝහි වූ බවට. මේ චෝදනාව N'Jobu ප්‍රතික්ෂේප කළත් James නමින් පෙනී සිටි Zuri එය සනාථ කරනවා. මොකද Zuri, N'Jobu සමඟ ළඟින් ජීවත්වීමට යොදවා තිබෙන්නෙත් T'Chaka විසින්මයි. N'Jobu ට Wakanda වලට නැවත පැමිණී පසු ඔහුට ඔහුගේ අපරාධ වලට කවුන්සිලය හරහා මුහුණදීමට සිදුවෙන පවසා T'Chaka එතනින් පිටත්ව යනවා.
වර්තමානයේදී අපිට දකින්න පුළුවන් T'Challa ව නැවත Wakanda වලට තම සිහසුන භාරගැනීමට යන අතරතුරේ මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.
මෙතැන් යන ප්‍රවෘත්තිය T'Chaka ගේ මරණය පිලිබදවත් ලෝකයා Wakanda රට ගැන හිතන් ඉන්න විදිය ගැනත් කියවෙනවා
.
මෙය Nakia හට රහසිගතව පැවරුන මෙහෙයුමට අවසන් කර අයව නැවත Wakanda වලට රැගෙන යාමයි.
Nakia කියන්නේ Wakanda වලින් පිටව සිටින Wakanda ඔත්තුකරිනියක්. මෙහෙදී ඇය T'Challa ගේ පෙම්වතිය වුනත් කොමික් වලදිනම් ඔකේ අනික් පැත්ත. ඇය T'Challa ට විරුද්ධව ක්‍රියා කරන Killmongerට පක්ෂපාති කෙනක්.
ඒ අනුව Balck Panther සමග ගෝත්‍රික හමුදව සටනක් ඇති වෙනවා. මේ සටනට Nakia සහ Okoye ගේ සහයට ලැබෙනවා
.මෙතනදී ට්‍රක් රත් ක්‍රියා විරහිත කරවීමට Black Panther යොදා ගන්න බෝල වැනි vibranium වලින් නිර්මාණය කල EMP Beads නමින් හදුන්වන මේ දේ වගේම Kimoyo Beads ලෙස හදුන්වන බෝල වර්ගයක් අපිට ඉස්සරහට දකින්න පුළුවන් Wakandan කිපදෙන්ක්ම එයින් නිර්මාණය වුණා බ්‍රේස්ලට් එකක් පැළදගෙන ඉන්න ආකාරය. මෙය ඔවුන්ගේ තවත් ආයුධයක්.
මොවුන් රැගෙන යානය Wakanda වලට පැමිණෙනවා
මොවුන් සැගවුන දේශයට එන්න කලින් අපිට දකින්න පුළුවන් අප්‍රිකානු දේශයක සාමාන්‍ය විදියට පවතින භුමි, මිනිසුන්, සතුන් වගේ දේවල්
.. බාහිර ලෝකය Wakanda විදියට දකින්නේ මෙන්න මෙයයි
. ඒ වගේම ඔවුන් වනාන්තරය තුලින් ඔවුන්ගේ දියුනු දේශයට එනකොට දකින්න පුළුවන් ඔවුන් ලෝකයේ සැම රටකට වඩා හැම අතින්ම ඉදිරියට ඇවිත් තියන බව
. මොවුන් මේ දේශය සගවල තියන විදියට සමන් විදියක් අපි කලින් Inhuman TV Series එකෙත් දැක්ක
. ඒ ඔවුන් හදේ බිහි කර තිබෙන නගරයයි.
ඔවුන් Golden City වලට (Wakanda අගනුවර) පැමිණීමත් සමග ඔවුන්ව පිළිගැනීමට සිටිනවා T'Challa ගේ මව සහ සහෝදරිය වන Ramonda සහ Shuri.
මෙතනදී Nakia Ramonda ට ආචාර කරන්නේ Queen කියලයි
. මොකද තවමත් ඇය Wakanda වල රැජින වගේම නව රජු විදියට T'Challa පත් වෙලා නැති නිසා
ඒවගේම කොමික් වලදී Ramonda හැදින්වෙන්නේ T'Chaka ගේ තුවාන බිරිද විදියට ඒ වගේම කොමික් වලදී T'Challa, Shuri ගේ step-brother.
Shuri මෙතැනදී කියනවා Panther Habit එකේ Upgrade එකක් ගැන
. ඒ වගේම එක රාජාභිෂේකයන් පස්සේ බලාගන්න T'Challa බලාපොරොත්තු වෙනවා
.
එංගලන්තයේ ලන්ඩන් නුවරදී Museum of Great Britain වලට ප්‍රහාරයක් එල්ල කරන Killmonger සහ Ulysses Klaue කෞතික අප්‍රිකානු Vibranium මෙවලමක් පැහැර ගන්නවා
අපිට දකින්න පුළුවන් Ultron විසින් කපා දැමු Ulysses Klaue අත වෙනුවට වැඩි දියුණු කල කෘතීම අතක් Ulysses Klaue ලබාගෙන තියෙනවා. කොමික් වලදිනම් Ulysses ගේ අත අහිමි වෙන්නේ T'Challa එල්ල කරන ප්‍රහාරයකින්. ඒ වගේම Killmonger Ulysses Klaue සමග එකට වැඩ කරන්නේ ඇයි කියලත් මෙතැනදී අපිට දන ගන්න ලැබෙනවා
.2nd chance. අපි හැමෝම දන්නවා මාවල් ලාගේ කොමික් චරිත මගින් Fox සමගම විසින් නිපදවූ Fantastic Four චිත්‍රපට අතින් එතරම් සාර්ථක වුනේ නෑ කියලා
. 2015 එලියට ආව Fantastic Four Reboot එක අතිශයින්ම අසාර්ත වුණා
. හැබැයි Fantastic Four හි Human Torch චරිතය රගපෑ අයටනම් දෙවැනි අවස්ථාවක් හම්බවුනා MCU එක තුලදී. ඒ FF පළමු චිත්‍රපට මාලාවේ Human Torch ට සිටි Chris Evans හට Captain America වශයෙනුත්, FF Reboot එකෙ Human Torch ට සිටි Michael B. Jordan හට Erik Killmonger වශයෙනුත්. ඔවුන් දෙදෙනාම අද MCU එකේ චරිත අතරින් ඇති සාර්ථක වෙලා තියෙනවා.
Wakanda වල සුදානම් වෙනවා රාජාභිෂේකයට. සම්ප්‍රදායක අප්‍රිකානු ඇදුම් පැළදගෙන සම්ප්‍රදායක අප්‍රිකානු නරතන වලින් ඔවුන් සැරසෙනවා ඔවුන්ගේ රජු පිළිගැනීමට
රජ කිරුල පාරම්පරික ආවත් කලින් හැදින්වීමේදී වගේ රජු රණශුරයෙක් වෙන්න ඕනි. ඒ නිසා T'Challa ට සිද්ධ වෙනවා සම්ප්‍රදායිකව Wakanda යටතේ සිටින ගෝත්‍රික හතරෙන් ඕනෑම කෙනෙක් එක්ක මරණය තෙක් හෝ පරාජය භාරගන්නා තෙක් සටන් කරන්න යම් කෙනෙක් අභියෝගය භාර ගත්තොත්
නමුත් මෙතනට එන Jabari ගෝත්‍රිකයින්ගේ නායකයා වන M'Baku, T'Challa ට අභියෝග කරනවා Wakanda වල රජකම වෙනුවෙන්
.කොමික් වලදී Wakanda වල ඉන්න දෙවැනි බලවත්ම රණශුරයා තමයි M'Baku කියන්නේ. ඔහු දෙවැනි වන්නේ T'Challaට විතරයි
. ඒවගේම T'Challa සිටින ප්‍රධානම දුෂ්ටයයි. Man-Ape කියන ගොරිල්ලා සංකේතවත් කණ්ඩායමක නායකයාද වෙන අතර මෙහිදී T'Challa සමග සටනට ඔහු පළදින වෙස් මුහුණ ගොරිල්ලා මුහුණකට සමාන වෙනවා.
ඒ අනුව T'Challa අභියෝගය භාරගෙන M'Baku සමග සටනක් ඇති වෙන අතර ඉන් M'Baku පරාජය වී T'Challa ජය ගෙන Wakanda හි නවතම රජු බවට පත් වෙනවා
. T'Challa නිළ වශයෙන් මෙතැනිදී Black Panther බවට පත් වෙනවා.
.
. ඒ වගේම Wakanda සතුව ඇති Vibranium ලොවත් සමග බෙදා ගත යුතු බවත්
.
. මෙතනට රහසේ පැමිණෙන Nakia ඒවා විනාශ කිරීමට පෙර එකක් සොරකම් කරගෙන යනවා
