උතුරු කොරියාවේ අලුත් සෙල්ලම
Kim Jong-un දිහා බලපු ගමන් පේන්නේ පිස්සං කොටුවෙන් පැනලා රජ පුටුවේ ඉඳගත්තු
කෙනෙක් වගේ.
නමුත් මෙයා සාර්ථකව මුළු ලෝකයම රවට්ටපු විශිෂ්ථ දුර දක්නා නුවණ තියෙන නායකයෙක්.
කතාව කෙටියෙන් මෙහෙමයි
උතුරු කොරියාව ඒ කාලෙ ඉඳන්ම කළේ කඩාකප්පල්කාරී වැඩ.
පහුගිය අවුරුද්දෙ විතරක්
• එයාලගේ පළවෙනි ICMB ඝනයේ මිසයිලය, ජූලි 4 ඇමරිකාවේ නිදහස් දිනය දා-ම ජපාන
මුහුදට එල්ල කරනවා
• මුළු 2017 වර්ෂය පුරාවටම මිසයිල අත්හදා බැලීම 18ක් විතර කරනවා
• බැංකු, ඉස්පිරිතාල වලට හානි කරමින් පරිගණක වෛරස් වර්ග (WannaCry cyber attack)
දියත් කරනවා.
මේ නිසා මුළු ලෝකයම මේ නාහෙට නාහන දඩබ්බරයා දිහා භීතියෙන් බලන්න ගත්තා.
ඇමරිකානුවන් අතර Nuclear භීතිකාවක් පවා හටගන්න පටන් ගත්තා.
ඒත් ඊට පස්සේ හිටි හැටියෙම Kim Jong-un අඩියක් ආපස්සට ගත්තා. දකුණු කොරියාවේ
ඔලිම්පික් තරඟයට තමන්ගේ ක්‍රීඩකයින් 2 නෙක් එවන්න කැමතියි කියනවා.
මිසයිල අත්හදා බැලීම් හදිසියේම නවතිනවා ඒ වගේම උතුරු දකුණු දේශ සීමාවේදී රටවල් දෙකේ
ලොක්කෝ දෙන්නා හමුවෙද්දී මුළු ලෝකයම ඒ දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
ඒත් ඇයි?...
හේතුව අපි හිතන තරම් සුන්දර නම් නැහැ !
මේක ඉතාමත් සූක්ෂම පොලිටිකල් ගේම් එකක පළවෙනි ජවනිකාවක්(first move)
Kim Jong-un ට ඕනෙ එකම එකම එක දෙයයි.
ඒ තමයි බලයේ සිටීම.
උතුරු කොරියාව කියන්නේ මිනිස්සු අන්ත දරිද්‍රතාවෙන් මිරිකිලා ඉන්න රටක්.
ඕනෙ නං Kim ට පුළුවන් දකුණේ වගේම කර්මාන්ත අරඹලා රස්සා දීලා පෝසතුන්
උගතුන් බිහිවෙන තැනට වැඩ කරන්න.
හැබැයි එහෙම උනොත් වැඩි කල් යන්න කලින් Kim ගේ එකාධිපති පාලනය පෙරලෙනවා.
ඒ නිසාම ඕනෙ කමින්ම තමන්ගේ රට අඳුරේ තියාගන්නවා.
අභ්‍යවකෂයේ සිට ගත් පින්තූරයක්
ඒ නිසා ඉතුරු අනික් විසඳුම තමයි පිටින් රට ඇතුලට ආධාර ගැනීම සහ පනවලා තියෙන
සම්බාධක අයින් කරගැනීම.
නොමඟ ගියපු ළමයෙක් එක පාරටම හොඳ වැඩ කරලා කරුණාවෙන් දෙයක්
ඉල්ලුවොත්...ඒ සතුටට දෙමව්පියෝ ඕනෑම දෙයක් දෙනවා. (good cop bad cop වගේ)
ඒ නිසා Kim, තමන්ගේ සැළැස්ම පියවරෙන් පියවර අනුගමනය කරනවා.
මුලින්ම, මිසයිල test කරලා, තර්ජනය කරනවා. (crisis).Twitter වැනි මාධ්‍යජාල වලින්
ප්‍රසිද්ධියේ බැනගන්නවා. මාධ්‍ය වලින් උපරිම අවධානය ගන්නවා.
උතුරේ ලොක්කාගේ සම්පූර්ණ නම Kim Jong-un බව අපි දන්නවා. එත් දකුණු කොරියාවේ
ජනාධිපති ගේ surname එක වත් අපි දන්නෙ නෑ නේද? ඒ තරම් ප්‍රසිද්ධියක් මිනිහට
තියෙනවා
ඊලඟට ඇමරිකාව තමන් එක්ක යුද්ධයට එන්න ඔන්න මෙන්න තියලා
සාකච්ඡා මේසයට එමුද? කියලා අහනවා (negotiate)
ඉතිං මේ තරම් විනාශකාරී රටක් ශේප් වෙන්න අහනකොට ඕනෙ කෙනෙක් “ඇති
යන්තම්” කියලා කැමති වෙනවා. ඊට පස්සේ බොහෝම කැමැත්තෙන් ආධාර උපකාර
කරනවා. (win)
මේ සංකල්පයට කියන්නේ Hero’s Journey කියලා.
Kim Jong-un ඇමරිකාවෙන් විනාශ නොවී ලස්සනට බැලන්ස් කරමින් මේ සංකල්පය හසුරවපු
එකෙන්ම පේනවා එයා මොන තරම් සීසන් වෙච්ච දේශපාලඥයෙක්ද කියන එක.
කෙනෙක්ට මේ කතාව ටිකක් හිතන්න අමාරු වෙන්න පුළුවං.
ඇත්තටම මේවා පොරගේ ප්ලෑන් ද? නැත්නම් ඇත්තටම සාමය ඕනෙ වෙලාද?
උතුරු කොරියාව සාමය ඉල්ලපු පළවෙනි වතාව මේක නෙවෙයි
2003 ඉඳන් 2007 දක්වා 6 වතාවක් මේ විදිහට ශේප් වෙලා ආධාර ගත්තත් ටික කාලයක්
හොඳ ළමයෙක් විදිහට ඉඳලා ආපහු සුපුරුදු දඩබ්බර වැඩ කරන්න ගත්තා.
මේ සිද්ධීන් ගැන සුපිරියටම මේ website එකෙන් බලාගන්න පුළුවන්.
නමුත් 2018 වෙච්ච සුහද හමුව ටිකක් වෙනස්.
උතුරු කොරියාව මේ තරම් මහන්සි වුණේ ඇමරිකාවට ගහන්න පුළුවන් මිසයිලයක් හදන්න.
ඒ ඇයි? කියන එක ගැන
අපි නොදන්න උතුරු කොරියාව ! ලිපියෙන් කතා කළා.
ඉතිං උතුරු කොරියාව නොවැම්බර් 28 සාර්ථකව ඇමරිකාවට ගහන්න පුළුවන්
මිසයිලයක් (Hwasong 15) ප්‍රථම වතාවට test කළා. ඒක සාර්ථක වුණා !
දැන් වැඩේ හරි ! ආයෙ මිසයිල test කරන්න ඒ තරම් ඕන වෙන්නේ නෑ.
ඉතුරු වෙලා තියෙන්නේ හොඳ ළමයෙක් වෙන එක තමයි
ඉතිං මාස 2ක් යනකොට, කලින් කිව්වා වගේ මිසයිල tests නවතිනවා
ඔලිම්පික් වලට ක්‍රීඩකයෝ එවන්න කැමති වෙනවා.
ඒ මොකද....දැන් කරන්න තියෙන්නේ “අපි න්‍යෂ්ථික” ව්‍යාපෘතිය අතාරිනවා කියලා
ජාත්‍යන්තරයෙන් අධාර ගන්න එක විතරයි. ඒ අතරේ සාර්ථකව වැඩි දියුණු කරගත්තු
මිසයිල ටික ඉතාමත් ආරක්ෂිතව.... ආපහු ගන්න පුළුවන් තැනක හංගනවා.
Kim Jong-un ගේ ඊලඟ තුරුම්පුව තමයි “perception of irrational” කියන එක
මේ වගේ news එකක් දකින අපිට හිතෙන්නෙ මොකක්ද? ඒ තමයි වැරදිලාවත් ඇමරිකානු තර්ජනයක් ආවොත්
“Kim Jong-un වගේ පිස්සෙක් නං තමන්ගේ න්‍යෂ්ථික අවි වලින් පත බානවා ආයෙ දෙකක් නෑ” කියලා නේද?
ඇත්තටම මේ technique එකත් සමහර විශ්ලේෂකයන් දකින්නේ Kim ගේ සාර්ථක move
එකක් විදිහට.
මොකද Kim ඉන්න තැන වගකීම් සහිත සිහිබුද්ධිය තියෙන කෙනෙක් හිටියා නං Nuclear
Weapons වලින් වෙන හානිය නිසා ඒවා පාවිච්චි නොකරන්න ඉඩ තියෙනවා.
“නමුත් Kim වගේ පිස්සෙක් නං අවුස්සගන්න හොඳ නෑ” කියන මතයත් මෙයාට තියෙන
වාසියක්. ඒ නිසාම තමයි අර වගේ භයානක පුවත් මවන්නේ.
ඉතිං මේ හැම දේම නිසා ඉල්ලන පොඩි දෙයක් දීලා සම්බාධක අඩු කරලා මෙල්ල කරලා
තියාගන්න එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි.
මේ හැම දෙයක්ම Kim Jong-un ඉතාම සියුම්ව calculate කරලා කරපු සූක්ෂම political
maneuvers.
තාමත් Kim Jong-un ගේ පොලිටිකල් මීටරය ගැන ශුවර් නැත්නම්. මෑතකදී උතුරෙයි
දකුණෙයි ලොක්කො දෙන්නගේ හමුවීමේ වීඩියෝව හොයාගෙන බලන්න.
එක තැනකදී Kim, දකුණෙ ජනාධිපති උතුරේ දේශ සීමාවට ආවේ නෑ නේද කියලා මතක්
කරලා ඉතාමත් සුහදව අත අල්ලගෙන උතුරට එක්කගෙන යනවා
තාමත් මෙයාගේ විශිෂ්ථත්වය ගැන සැක නං. මෙහෙම ගමු
• මිනිස්සු මොන තරම් බඩගින්නේ හිටියත් මෙයාට විරුද්ධව කරැලි ගහන්නේ නෑ
•ලෝක බලවතුන් උතුරු කොරියාව ආක්‍රමණය කරන්නෙත් නෑ
• හැම පැත්තම බැලන්ස් කරගෙන මේ තරම් කල් බලය පතුරවගෙන හිටපු එකාධිපතියෙක්
මෑත ඉතිහාසයේ ඉඳලත් නැහැ.
කතාව එච්චරයි
ඉතිං මේ පටංගත්තු සාම සාකච්ඡා සාර්ථක හෝ අසාර්ථක උනත්, ගොඩක් වෙලාවට දෙරටේ
සාමය නිකං ලෝකයට පේන්න කරපු පුහු රඟපෑමක් වේවි. ඒ අතරේ ඇමරිකාවේ, දකුණු කොරියාවේ
දේශපාලඥයන් මේ සාමය තමන්ගේ ජයග්‍රහණයක් විදිහට ලෝකෙට පෙන්නාවි.
උතුරු කොරියාවේ මිනිස්සු තවදුරටත් දුකින් මිරිකෙද්දී Kim Jong-un සාර්ථකව තමන්ගේ එකාධිපති
ආධිපත්‍ය පතුරවගෙන ඉඳීවී.
ඉතිං මේ පාරත් Kim Jong-un තමන්ගේ භයානක නාට්‍ය ඉතාමත් සාර්ථක ලෙස රඟ දක්වලා අවසාන කරනවා.

Tipical මහින්ද චින්තනය 