රස කැවිලි වට්ටොරූ

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,333
    1,536
    113
    32
    Earth-Cj025
    රස කැවිලි වට්ටොරූ


    • ඉඹුල් කිරි බත්.

    32116330_816205688578532_2917089637950291968_n.jpg


    පැණි පොල් මැදට දාලා කෝම්පිට්ටුව වගේ හදන ඉඹුල් කිරිබත් හරිම රසවත් කෑමක්. මෙහෙමයි හදන්නෙ.

    අවශ්‍ය දේ:

    පැණි පොල්
    ගාගත් පොල් කප් 2
    සීනි 100g
    කරඳමුංගු ඇට තුනක්
    වතුර 100ml


    සීනි තේ හැඳි 4ක් විතර උණු වෙන්න තබා රන්වන් පාට වීගෙන එන විට, වතුර එක් කර මිශ්‍රකරගෙන ඉතිරි වතුර ටික එක් කර පැණි පදමට සාදාගන්න. එයටම පොල් ටික, ලුණු චුට්ටක් සහ කරඳමුංගු එක් කර පොල් ටික මැලවෙන තුරු ලිපේ තියාගන්න.
    කලින් කිව්ව විදියට කිරි බත් ටික උයාගෙන චුට්ටක් නිවෙන්න අරින්න.
    ලන්ච් ශීට් එකක් ගෙන එයට කිරිබත් පොල් කටු හැන්දකින් හැන්දක් දමා තුනී කර සාදාගත් පැණිපොල් ටිකක් මැදට තබා ලන්ච් ශීට් එකේ දෙපැත්තෙන් ඔතාගන්න කිරි බත් බෝලයක් වගේ හැදෙන්න.
    එහෙමත් නැත්නම් කප් එකක් ගෙන එහි යටට කිරි බත් ටිකක් දමා තද කරන්න. එයට උඩින් පැණිපොල් දමා තද කර නැවත කිරිබත් ටිකක් දමාගන්න. පෙර පරිදිම හොඳින් තද කර අනිත් පැත්ත හරවා ගන්න.



    • කුරක්කන් පෑන් කේක්


    32090008_816205708578530_8499066411300159488_n.jpg


    කුරක්කන් කෝප්ප 1
    හාල් පිටි කෝප්ප 1/2
    පාන්පිටි කෝප්ප 1
    ගාගත්පොල් (ගෙඩි 1/2)
    වතුර කෝප්ප 1/4
    පෑන් කේක් මිශ්‍රණය හදාගන්න අවශ්‍ය වතුර
    ලුණු ටිකක්
    වැනිලා තේ හැදී 1/2 හෝ එනසහල්කුඩු

    කුරක්කන් පිටි, හාල් පිටි, පාන්පිටි , ලුණු එකතු කර වතුර සමගින් පෑන් කේක් මිශ්‍රණය හදාගන්න..
    කුරක්කන් මිශ්‍ර නිසා දියරය ටිකක් තුනිවට තමා හොද..
    සීනි වතුර කෝප්ප කාල සමග එකතු කර පැණි සාදාගන්න..
    එයට පොල් සහ වැනිලා එකතුකර පොල්පැණි සාදාගන්න..
    දැන් නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා සාදාගත් මිශ්‍රණය හැන්දකින් වක් කර පෑන් කේක් හදාගන්න..
    සාදාගත් පෑන් කේක් මතට පොල් පැණි මැදට තබා උණු උණුවෙම රෝල් කරන්න..
    උණු උණුවෙම රස බලන්න...



    • දොදොල්

    31955984_816205761911858_5223984789597454336_n.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:-

    පොල් ගෙඩි 12
    රතු කැකුළු හාල් කිලෝ 1
    සීනි කිලෝ 2
    හකුරු ග්‍රෑම් 500
    කජු මද ග්‍රෑම් 200
    එන්සාල් ඇට කීපයක්
    වැනිලා තේ හැදි 4යි.
    තෙලෙන් බදින ලද තල හුණ්ඩු 1/2 (අවශය නම්)

    ක්‍රමය:-

    පොල් ගා මිරිකා කිරි වෙන වෙනම සකස් කරගෙන දෙවෙනි කිරි සමග හාල් පිටි දියකර දොදොල් තාච්චියක දමා ගින්දර මත තබා හැදි ගාමින් උයන්න.

    පැයක් පමණ හැදිගා අනිත් කිරිද වරින් වර වත් කරන්න. තෙල් වීසිවන තෙක් හැදි ගා තෙල් උඩට මතුවන විට හැන්දකින් ඉස ගන්න. ඉන් පසු සීනි හා හකුරු අකතු කරන්න.

    දොදොල් ඝන වී ගෙන එන විට එන්සාල්, වැනිලා, කරදමුන්ගු, කජු මද දමා ලිපෙන් බා ගෙන ලොකු තැටිවල හෝ පුවක් කොල වල දමා තෙල් බේරෙන්නට තබන්න.



    • බංඩක්කා නානුවලින් වලින් ආස්මී හදමු.


    32077910_816205788578522_4842101496210259968_n.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    🌻 හාල්පිටි 250 g ( කඩෙි තිබෙන පිටි පාවිච්චි කල හැක)

    🌻 පොල් කිරි 100 ml

    🌻 බංඩක්කා 150 g

    🌻 ලුණු තේහැදි 1/2 ක්

    සාදන ක්‍රමය

    🌻 බංඩක්කා හොදින් සෝදා ග්‍රේට් කරගන්න.එයට වතුර කප් එකක් දමා විනාඩි 30 ක් පමණ තිබෙන්න හරින්න.පිටි වලට ලුණු කලවමි කර පොල් කිරි ටි ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට අනාගන්න.විනාඩි 30කට පසු නානු එනතුරු බංඩක්කා ටික අතින් පොඩිකරගන්න.අතේ ඇලෙන ගතියට එද්දි දුහුල් කපු රෙද්දකට මිශ්‍රණය දමා මිරිකමින් නානු වෙන්න කරගන්න.වෙන් කරගත් නානු කලින් සාදාගත් පිටි මිශ්‍රණයට ටික ටික එකතු කරමින් ක්‍රිමි එකක පදමට එනතුරැ අතින් අනාගන්න..ඇගිලිවලින් ඉහලට එසවු විට නොකැඩී නුල් වගේ වැක්කෙරෙන පදමට සාදාගන්න.
    තෙල් තාචිචියක් ලිප තබා පිරිසිදු ටින් එකක් සිදුරැ කර හෝ සිදුරැ සහිත හැන්දකට සාදාගත් මිශ්‍රණය දමා සිදුරැ අතරින් රවුමට වැටෙන්න රත්වු තෙලට දමා තරමක් බැදුන පසු අර්ධ කවාකාර හැඩයට නමා දෙපැත්ත දමා බැදගන්න.දෙවතාවක් බැදිය යුතුනිසා සාමාන්‍ය ප්‍රමාණයට බැදගන්න.
    සියල් බැදගත් පසු මැටි හෝ වෙනත් භාජනයක අසුරා සතියක් පමණ තෙල් බෙිරිමට තබා ඔබට අවශ්‍ය දිනට පෙර නැවත වරක් බැදගන්න දෙවනි වර බැදීමෙි සුදු පැහැයට හැරෙනවා..ඉන් පසු සීනි උණු කර පැනී සාදා එයට ඔබ කැමති වර්නයක් යොදා හෝ නැතිව බැදගත් ආස්මී උඩින් දමා ගන්න...




    • ]උදු වැල් (පැණි වළලු)


    උදු වැල් මිශ්‍රණය සදහා -
    උදු ඇට 100g
    හාල් පිටි 150g
    මිටි පොල්කිරි කෝප්ප 3/4
    ලුණු ස්වල්පයක්..
    සුගර් සිරප් එක සදහා -
    සීනි 400g
    වතුර කෝප්ප 1/2
    ~ උදු ඇට වතුර එකතු කර රැයක් පෙගෙන්න තියන්න..
    ~ රැයක් පුරා පෙගුනු උදු ඇට වතුර බේරා පොල් මිටිකිරි හැදී දෙකක් හෝ අවශ්‍ය පමණට එක් කර සමගින් අම්බරගන්න..(බ්ලෙන්ඩ් කරගන්න)
    ~ එයටම හාල් පිටි එකතු කරන්න..
    ~ පොල්කිරි ටික ටික එකතු කරමින් මිශ්‍රණය හදාගන්න..
    ~ ලුණුද එකතු කරන්න..
    ~ මිශ්‍රණය සාදා පැය 6 පමණ තියන්න..
    ~ සීනි වතුර කෝප්ප 1/2 සමග එකතු කර ලිපේ තියා සුගර් සිරප් එක සාදාගන්න..ලෙමන් බින්දු කිහිපයක් එකතු කරන්න..
    ~ දැන් සාදාගත් සුගර් සිරප් එකේ ගින්දර අඩුම කරන්න..ලිප නිවන්න එපා..
    ~ අයිසින් කරන්න උපයෝගී කරගන්නා පයිපින් බෑග් එකකට උදු වැල් මිශ්‍රණය පුරවා අතින් කරකවා වළල්ලක් ආකාරයට ගැඹුරු තෙලට එක් කරන්න..
    ~ රන්වන් පාට වන විට හොදින් තෙල් බේරා අරගෙන ඒ සැනෙන් පැණි බාජනයට එක් කරන්න..
    ~ සාදා ගත් උදු වැල් වැහෙන්නම පැණි තියෙන්න ඕනේ..
    ~ එතකොට තමා හොදින් පැණි උරාගන්නේ..
    ~ පැණි උරාගත් පසු වෙනත් බදුනකට අයින් කරන්න..

    ~ හොදින් නිවුණු පසු හුලන් නොවදින්න අරන් තියන්න..
    ~ මෙම ප්‍රමාණ වලින් 25 වගේ හදාගන්න පුළුවන් වුනා..
    ~ හරිම විදියට හැදුවනම් පැණි වළලු වල ඇතුලට පැණි ගිහින් තියෙන්න ඕනේ කඩලා බැලුවම ඒ තුල පැණි තියෙනවා කියලා පේනවා..

    ** උදු ඇට අම්බරද්දී පොල්කිරි හැදී දෙකට වඩා ඕන කියල හැගෙනවානම් තව ටික ටික හැන්දකින් එකතු කරන්න..
    ** හාල් පිටි, අම්බරගත් උදු හා පොල්කිරි එකතු කිරීමේදී ටික ටික එකතු කරන්න..
    ** අපි ඉදි ආප්ප වක් කරන්න හදාගන්නා මිශ්නයට වඩා ටිකක් දියාරු ගතියෙන් තමා මේ මිශ්‍රණය ඕනේ...
    ** මිශ්‍රණය ඕනවට වඩා දිය වෙන්නත් බැහැ, ඝනකමට එන්නත් බැහැ..
    ** පයිපින් බෑග් එකකින් තෙලට වක් කරගන්න පුළුවන් විදියට මිශ්‍රණය හදාගන්න ඕනේ..
    ** තෙලට වක් කරනකොට තදයි වගේ හැගෙනම් තව පොල්කිරි ටිකක් එකතු කරලා හදාගන්න..
    ** මට පොල්කිරි කෝප්ප 3/4 ගියා ඔයාලට සමහරවිට ඊට අඩුවෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්..
    ** ලංකාවේ ඉන්න යාලුවන්ට පුළුවන් රෙදි කඩක් අරන් පොඩි හිලක් සාදා උදු වැල් හදාගන්න
    ** පැණි සීනි උණුකර හදාගන්න නැත්නම් ඔයාලට පුළුවන් පැණි ගන්න
    ** පැණි උණුකර ලිපේම තියන්න ගින්දර අඩු කරලා..
    ** හදන හදන පැණි වලල්ල තෙල් බේරා පැණි බාජනයට එකතු කරන්න..
    ****උදු පිටි වලින් හදනවනම් - උදු පිටි 150g, හාල් පිටි 150g, ලුණු ස්වල්පයක්, මිශ්‍රණය සාදාගැනීමට අවශ්‍ය පමණට පොල් මිටිකිරි..මේ සියල්ල එකතු කර මිශ්‍රණය සාදා පැය 6 තියලා පැණි වළලු සාදාගන්න.



    • මුං ගුලි


    අවශ්‍ය ද්‍රව්‍ය :

    මුං පිටි 250g
    බැදගත් හාල් පිටි 100g
    පැනි 350ml
    ලුණු පින්චක්

    බැටරය සදහා :

    උකු පොල්කිරි කෝප්පයක්
    හාල් පිටි 150g
    බිත්තර 1
    ලුණු පින්චක්

    බැදීමට තෙල්

    සාදන ක්‍රමය :

    පැනි හොදින් උනුකරන්න. ලිපෙන් බා මුං පිටි, හාල් පිටි, සහ ලුණු ස්වල්පයක් එක්කර බෝලයක් ලෙස එක්කර ගන්න.

    අවශ්‍ය ප්‍රමානය ට කුඩා ගුලි සාදා ගන්න.

    බැටරය සාදා ගන්න. අමු හාල් පිටි වලට ගසාගත් බිත්තරය, උකු පොල් කිරි, ලුණු එක්කර උකු මිශ්‍රනයක් සාදා ගන්න.

    සාදා ගත් ගුලි , බැටරයේ දවටමින් ගැඹුරු තෙලේ බැද ගන්න.

    නිවුන පසු ඇසුරුම් කරන්න .



    • තල ගුලි


    අවශ්‍ය ද්‍රව්‍ය ;

    එල කරගත් තල 250g
    කිතුල් හකුරු 250g
    අගල් 21/2 දිග විශ්කම්භය 1/2" එස්ලෝන් බට කෑල්ලක්, සහ එම ප්‍රමානයට ගැලපෙන රවුම් දිග කෝටුවක්
    එනසාල් ඇට 2
    ලුණු ස්වල්පයක්
    වoගෙඩියක්
    ටිෂු කොල, ඔයිල් පේපර්ස් හෝ සෙලෆින් කෑලි
    සාදන ක්‍රමය :

    තල ගරා සෝදා වේලාගන්න. ඉන්පසු කබලේ ටිකක් රත්කර ගන්න.

    තල වලට ලුනු ස්වල්පයක් එක්කර, හකුරු, එනසාල් යන සියල්ලම වoගෙඩියට දමා ගුලි කරන්න පුලුවන් අවස්ථාට එනතුරු කොටා ගන්න.



    • වැලි තලප


    31960830_816206095245158_839515864117018624_n.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය :-
    හාල් පිටි
    පැණි කෝප්ප 4
    සීනි කෝප්ප 1
    වතුර ලුණු
    කරගමුන්ගු


    සාදන ක්‍රමය :-
    හාල් පිටි ගෙන කබලේ දමා බදාගෙන නිවෙන්නට හරින්න. ලුණු ස්වල්පයක් වතුර සමග දියකර පිටිවලට ඉසිමින් කොත්තමල්ලි ඇට තරම් ප්‍රමාණයට කැට හිටින ලෙස අනා ගන්න. ඊළඟට ඒ කැට ටික හුමාලයෙන් තම්බා ගන්න. පිට්ටු බම්බුවේ තැම්බූ විටදී නැවත කැට පොඩි කිරීමට් සිදු වේ. ඒ නිසා රයිස් කුකරයේ ස්ටීමරයේ තැන්බීම පහසු වේ. දැන් සීනි සහ පැණි ලිපේ තබා කරදමුංගු දමා පැණි උතුරන විට පිටි කැට ටික එකතු කර කලවම් කරන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න



    • කුරක්කන් කේක්

    අවශ්‍ය ද්‍රව්‍ය

    කුරක්කන් පිටි 125 g
    මාගරින් 125 g
    කුඩු කරගත් සීනි 125 g ( මම දැම්මේ දුඹුරු සීනි )
    ලොකු බිත්තර 2
    බේකින් powder තේ හැදී 11/2
    වැනිලා තේ හැදී 1
    සාදන ක්‍රමය
    බාජනයක් ගෙන බටර් හොදින් බීට් කරන්න . එයට කුඩු කරගත් සීනි දමා බීට් කරන්න . දැන් බිත්තර එකින් එක එකතු කර බීට් කරන්න . වැනිලා දමන්න බේකින් powder හා කුරක්කන් පිටි මිශ්‍ර කර ගන්න. දැන් එය කලින් සාදාගත් මිශ්‍රණයට කලවම් කරන්න . Oil Paper දමා කලින් සුදානම් කල 500 g තැටියක 250c උෂ්ණත්වයේ විනාඩි 30 බේක් කරන්න.



    • වන්ඩු ආප්ප සාදාගන්නා ආකාරය


    31961643_816206151911819_8730027603332694016_n.jpg


    අවශ්‍ය දේවල් : -

    හාල් පිටි කප් 2
    පාන් පිටි කප් 1/2
    දුඹුරු සීනි කප් 1(අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගන්න )
    ලුනු ස්වල්පයක්
    උකුපොල් කිරි කෝප්ප 1/4
    වර්ණය ලබා ගැනීමට සීනි කැරමල් කර ගන්න
    යීස්ට් තේ හැදි 1/4
    සිහින්ව අඹරා ගත් පොල් මේස හැන්දක්
    කැන්ද කොල ,කෙසෙල් කොල,කොස් කොල බාවිතා කල හැක.එයට අමු පොල් කොල ඉරටු හෝ ටූත් පීක් ගසා ගොටු සාදා ගන්න .
    සාදන අයුරු :

    හාල් පිටි, පාන් පිටි සීනි කැරමල්, පොල් කිරි එකතු කරන්න. පොල් ටිකඑකතු කරන්න. සීනි ස්වල්පයකට යීස්ට් ටික මද උනුසුම් වතුර ස්වල්පයකට දමා හොඳින් දිය කර ඉහත මිශ්‍රණයට එකතු කරන්න .ලුනු එකතු කරන්න .මෙය ආප්ප මිශ්‍රණයට වඩා ගන කම් විය යුතුය .පැය 5 වත් පිපෙන්නට තබා මිශ්‍රණය ගොටු වලට දමා හුමාලයෙන් තම්බා ගන්න.
    වෙනස්කම් කලේ පොල් ස්වල්පයක් අඹරා එකතු කලා. කෙසෙල් කොල කපා ගොටු සකස් කලා.පිට රට ඉන්න අයට මේ දෙකම නැති නිසා දුක් වෙන්න එපා මිදි කොල ගොටු සකස් කර හදා ගන්න.



    • තල අළුවා.


    31960517_816206208578480_2904529890856402944_n.jpg


    අවශ්‍ය දේවල්:

    මූලිකවම අපිට ඕනෙ,
    මිල්ක් මේඩ් පොඩි ටින් 1
    වතුර ටින් 3/4 (මිල්ක් මේඩ් ටින් එකෙන් තමයි මේක මනින්නෙ)
    සීනි ග්‍රෑම් 500
    බැද ගත්ත තල ඇට ග්‍රෑම් 150 (මේක තෙල් නොදා බැදගන්න ඕනෙ. අර අපි කබලෙ බදිනවා කියන්නෙ. අන්න ඒ විදිහට.)
    බටර් ග්‍රෑම් 50
    පොඩියට කපාගත්ත කජු ග්‍රෑම් 30
    කුඩු කරගත්ත එනසාල් ඇට 5-6
    පොඩියට කපාගත්ත ඉගුරු මේස හැදි 3
    වැනිලා මේස හැදි 2

    මේකග ගන්න අන්නාසි ටික ස්ටූ එකක් වගේ හදාගන්න අපිට ඕනෙ,
    පොඩියට කපා ගත්ත අන්නාසි ග්‍රෑම් 200
    වතුර කෝප්ප 1 1/2 (තේ බොන්න ගන්න සාමාන්‍ය අඩු කෝප්පයකින් මැන ගන්න.)
    සීනී මේස හැදි 3
    කුරුදු පොතු කෑල්ලක්
    ඉගුරු පොඩි කෑල්ලක්
    දෙහි බින්දු 3-4

    සාදාගන්නා ආකාරය:
    මුලින්ම අන්නාසි ටික ස්ටූ එකක් වගේ හදාගන්න ඕනෙ අපි. ඒක කරන්නෙ මෙහෙමයි,
    භාජනයක් අරගෙන වතුර කෝප්ප 1 1/2, සීනී මේස හැදි 3, කුරුදු පොතු කෑල්ලක්, ඉගුරු පොඩි කෑල්ලක් එක්ක දෙහි බින්දු 3-4 කුත් දාලා ලිපේ තියාගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගෙන සීනී ටික දිය වෙනකන්ම මේ ටික ලිපේ තියලා හැදි ගාගන්න.
    මේ මිශ්‍රණය හොදට රත් වේගෙන එනකොට බුබුළු වගේ එනවා. එතකොට මේ භාජනය පියනකින් වහලා විනාඩි 10ක් විතර තියන්න. ඒකෙන් තමයි මේ ස්ටූ එකේ රස වැඩි වෙන්නෙ.
    ඊලගට පොතු ඇරලා කපාගත්ත අන්නාසි ටික මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
    දැන් තවත් විනාඩි 7ක් විතර ලිපේ තියාගන්න (ඒ කියන්නෙ අන්නාසි ටික තැම්බිලා ගානට එනකම්)
    මෙහෙම හදාගත්ත ස්ටූ එක පැත්තකින් තියලා තියන්න. අපිට පස්සෙ මේක ඕන වෙනවා.
    දැන් ඉතුරු වැඩ ටික,
    දැන් නොන්ස්ටික් භාජනයක් අරගෙන ඒකට මිල්ක් මේඩ් ටිකයි, වතුරයි, සීනී දාලා ලිපේ තියලා හොදට කලවම් කරගන්න. අඩු ගින්දරේ තමයි මේ වැඩේ කරන්න ඕනෙ.
    මේ විදියට ලිපේ තිබ්බ මිල්ක් මේඩ් මිශ්‍රණය සීනී එක්ක හොදට දිය වෙලා උකු වෙනකම් ලිපේ තියන්න ඕනෙ.
    ඊළගට ඒකට අපි කලින් හදාගත්ත අන්නාසි ස්ටූ ටිකයි ඉගුරුයි දාලා කලවම් කරලා මිශ්‍රණයේ වතුර ගතිය නැති වෙනකම් තව ටික වෙලාවක් ලිපේ තියාගන්න.
    ඊට පස්සෙ තල ඇට ග්‍රෑම් 60ක්, එනසාල්, වැනිලා ටිකත් දාලා මිශ්‍රණය එකට එකතු වෙනකම් ලිපේ තියාගන්න. ඕනවට වැඩිය ලිපේ තියාගන්න එපා, ලිපේදිම හයි වෙන්න බලනවා ගොඩක් වෙලා තිබ්බොත්.
    දැන් පැතලි ලෑල්ලක් වගේ දෙයක් අරගෙන ඒකෙ මතුපිට බටර් ගාගන්න.
    ඊළගට බටර් උඩින් ඉතුරු තල ඇට ටික ඉහ ගන්න.
    දැන් හදාගත්ත අළුවා මිශ්‍රනය මේ ලෑල්ල උඩට වක්කරලා තුනී කරගන්න. මේකට රෝලින් පින් එකක් ගන්න පුළුවන්. නැත්නම් වීදුරු බෝතලයකින් වගේ තුනී කරගන්නත් පුලුවන්. වැඩි පරිස්සමට වැඩේට කලින් ඒ වගෙත් බටර් ටිකක් ගාගන්නවනම් හොදයි.
    දැන් මේක තුනී කරගනිද්දි රොටියක් වෙන්න තුනී කරලා එහෙම අහු වෙනවා නෙමෙයි ඕනෙ.. රොටියකට වඩා ඝනකමට තියෙන්න ඕනෙ අළුවා කැටයක් වුනහම.
    මේ විදියට තුනී කරගත්තට පස්සෙ, ලස්සනට අළුවා කැට ටික කපා ගන්න තමයි තියෙන්නෙ ඉතින්. පොඩි පිහියක් පාවිච්චි කරන්න ඒ වැඩේට.



    • අග්ගලා


    අව්වේ වියළාගත් බත් ග්‍රෑම් 500
    ගාගත් පොල් ග්‍රෑම් 100
    සිහින්ව කපාගත් හකුරු ග්‍රෑම් 350
    එනසාල් 2-3
    ලූණු ස්වල්පයක්

    සාදන ක්‍රමය :

    1. වේලාගත් බත් කබලේ දමා පුපුරන තෙක් බැද වංගෙඩියක හෝ බ්ලෙන්ඩරයක දමා කුඩු කරගන්න.

    2. එයටම ගාගත් පොල්, සිහින්ව කපාගත් හකුරු, එනසාල් සහ රස පදමට ලූණු දමා අතින් අනාගන්න.

    3. අවශ්‍ය නම් හකුරු වෙනුවට උණු කරගත් සීනි හෝ පැණි භාවිතා කළහැක.



    • කුරක්කන් කොකිස්..


    අවශ්‍ය ද්‍රව්‍ය -

    කුරක්කන් පිටි 250g
    බිත්තර 1
    මිල්ක්මේඩ් මේස හැදි 3 ( නැත්නම් සීනි ටිකක් රස අනුව ගන්න )
    ලුණු ස්වල්පයක්
    මිටිකිරි

    සාදන ක්‍රමය -

    1. කුරක්කන් පිටි, බිත්තරය, මිල්ක්මේඩ් හා ලුණු හොදින් මිශ්‍රකර, එයට පොල්කිරි එක්කරමින් උකු මිශ්‍රණයක් සාදාගන්න. සාමාන්‍ය කොකිස් මිශ්‍රණයේ පදමට.
    2. දැන් සාමාන්‍ය විදියට කොකිස් බැදගන්න ආකාරයටම බැදගන්න.
    * සාමාන්‍ය ගින්දරේ කොකිස් කර නොවෙන්න බැදගන්න. කොකිස් වල පැහැය කලුපාට නිසා පරිස්සමින් බලා බැදගන්න.



    • පැණි මුරුක්කු


    31961575_816206348578466_903283140481515520_n.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය:-

    උකු පොල් කිරි

    පිටි 250 g

    බිත්තරයක්

    ලුණු

    කුරුඳුපොතු කුඩු

    සීනි 300 g පමන

    සාදන ක්‍රමය:-

    (මෙහිදී පාන් පිටි බෝලයක් ලෙස සාදා ගැනීමට ඇති පමනට උකු පොල් කිරි ගන්න.)
    හොඳින් පෙරාගත් උකු පොල් කිරි යොදා ගනිමින් හලාගත් පාන් පිටි කලවම් කර බෝලයක් මෙන් සාදා ගන්න. බිත්තරයක්ද ඊට එක්කරන්න. කුරුඳු කුඩු ද ඊට එක්කරගන්න.
    මෙසේ සාදාගත් පිටි මෝලිය බෝලයක් මෙන් සාදා තෙත රෙදි කැබැල්ලකින් වසා පැයක් පමණ පසෙක තබන්න.
    පසුව පිටි යාන්තමට ඉසගත් මේසයක් හෝ ලෑල්ලක් උඩින් පිටි මෝලිය තබා රෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරන්න.
    ඝණකම මි.මි. 2 ක් පමණ සෑහේ. ඊට පසු අවශ්‍ය හැඩයකට කපන්න.
    පසුව එම කපා ගත් කැබලි ගැඹුරු තෙලේ බැද ගන්න.

    * එසේ නැතිනම් පිරිසිදු නයිලෝන්/ ඉටි බෑගයකට මිශ්‍රනය දමා එහි කුඩා සිදුරක් සාදා මිරිකා ගන්න.

    සීනි වලට වතුර ස්වල්පයක් දමා උණු කර බුබුළු වන විට එම සීනි බැදගත් කැබලි මත වත් කරන්න. කැමති නම් සීනි වලට පාටක් එක්කරන්න. ප්‍රයෝජනයට ගන්නා තුරු සුළං නොවදින සේ තබන්න.


    කොස් ඇට අග්ගලා.

    31960957_816206375245130_6462305787535425536_n.jpg


    බැදගත් කොස් ඇට 25

    සීනි 100g
    ගාගත් පොල් කෝප්ප 1ක්
    ලුණු
    ගම්මිරිස්
    වතුර

    බැදගත් කොස් ඇට වංගෙඩියේ දමා කොටා ගන්න. ඉන්පසු එයට පොල් දමා හොඳින් කොටාගන්න. කොටාගත් මිශ්‍රණය භාජනයට දමා එයට සීනි, ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර ස්වල්පයක් එකතුකර හොඳින් අනාගෙන කුඩා ප්‍රමාණයේ ගුලි සාදාගන්න.


    තිසරුගේ වෑකන්ද
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැලිතලප ඔහොම හදලා රස නැනෙ..පොල් කබලේ ලාවට බැදලා පිටි එක්ක එකතු කරලා කැට පිට්ටු හදලා ගත්තා මනේ රස:eek:
     
    • Like
    Reactions: hodakolla