පපුවේ සෙමට අත්දුටු පිළියම්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    පපුවේ සෙමට අත්දුටු පිළියම්


    කුඩා වැඩිහිටි අප කොයි කාටත් නිතර ඇසෙන බොහෝ දෙනා හට වැළදෙන පපුවේ සෙම ආයුර්වේද මතයට අනුව නම් සෙම් කෝප තත්වයන් නිසා සෑදෙන්නකි.මෙය උග්‍ර වීම ඉතා දරුණු රෝගාවස්ථාවන් ඇති කිරීමටද සමත් වන්නකි.එවන් රෝගයක් හට නිවසේදීම කල හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක්

    සිරිතේක්කු , අමු ඉඟුරු තැම්බු වතුරට සුකිරි දියකර දවසට දෙවරක් පානය කරන්න.

    සිරිතේක්කු, වියළි ඉඟුරු කබලෙන් බැද කුඩු කර කොපි මෙන් වත්කර සිනි මිශ්‍ර කර දවසට දෙවරක් පානය කරන්න.

    තාලිසාදී චුර්ණය ගෙන ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම් කර බි උණුවතුර පානය කරන්න.වයස අවු:12 ඉහළ අයට තේ හැඳි 1 බැගින්)

    බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැණි, අමු ඉඟුරු යුෂ සමඟ ගෙන කලවම් කර දවසට දෙවරක් පානය කරන්න.

    ඉහත සඳහන් ඖෂධ නියමිත පරිදි සුවයක් දැනෙන තුරු පානය කරන්න.අමතර ආබාධ ඇත්නම් ෛවද්‍යය උපදෙස් ලබාගෙන මෙම පානයන් සිදු කිරීමට කාරුණික වන්න.


    සෙම වර්ධක අහාර පාන හා අනෙකුත් සාධක පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වන්න.

     
    Last edited: