..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    ..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..



    0ZHFhe0.png



    මිනිසුන් වන අපිට සෑහෙන හොද බුද්ධියක් තියනවා ඒ උනාට වන සතුන් ඉදිරියේදී අපි ඉතාමත් දුර්වලයි.නොසිතූ අවස්ථාවක දරුණු ගනයේ වනසතෙක්ගෙන් බේරී පලා ඒමට ඒ ඒ සතුන්ට අදාල වූ ක්‍රම කිහිපයක්. :D:D

    විශේෂඥයින් ගේ සහ අප්‍රිකානු සෆාරි මාර්ගෝපදේශකයින්ගෙන් අත්දැකීම් සහ මගපෙන්වීම අනුසාරයෙන් මෙම ලිපිය උපුටාගන්නා ලද බව සලකන්න :cool::yes:



    සිංහයා

    AvXsPG6.jpg


    What to do: ඍජු අක්ෂි සම්බන්ධතා කරන්න(direct eye contact) එක නැති කරගන්න එපා කියලයි කියන්නේ දිගටම eye contact එක තියාගෙන හිමින් පසු බසින්න හැරෙන්න සහ දුවන්න උත්සහ කරන්න එපා කියල සදහන් වෙන්නේ.
    සාමානයෙන් සිංහයෙක් ෆුල් attack එකට කලින් වියාජ ලෙස පහරදීමට උත්සහ කරනවලු(එක පාරට ගොදුර දෙසට දුවන් ඇවිල්ල නවතිනවා) එහෙම කරොත් ඇත දෙක උස්සල සහ පුළුවන් උපරිමයෙන් සද්දෙන් කෑගහල අපි ඌට වඩා විශාලයි කියල පෙන්නන උත්සහ කරන්න කියල සදහන් වෙන්නේ ගොඩක් වෙලාවට එහෙම කරොත් උන් attack කරන්න දෙපාරක් හිතනවලු

    How they kill: උන්ගේ හකු වලින් කෙලින්ම උගුරු දණ්ඩ හපලා



    දිවියා

    3dFZnO2.jpg


    What to do: මුන් සිංහයෝ වගේ නෙමෙයි : direct eye contact කරන්න එපා කියල කියන්නේ උන්ට එහෙම කරොත් උන් එක challange එකක් විදියට ගන්නවලු, හෙල්ලෙන්නේ නැතුව ඌව දැක්කේ නෑ අපි අපේ පාඩුවේ යනවා වගේ වැඩිය දගලන්නේ නැතුව ඉන්න කියලයි කියන්නේ, සිංහයෝ වගේ මුන් බොරුවට attack කරන්න හදන්නේ නෑලු කරොත් ඇත දෙක උස්සල කෑගහල ඌට වඩා ලොකු සින් එක පෙන්නන්න ඕනෙලු

    How they kill: මුන් ගොඩක් වෙලාවට silent kill එකක් දෙන්නලු බලන්නේ වෙන සත්තු සද්දෙට ඇවිල්ල ගොදුර අරන් යයි කියන බයට, උගුරු දණ්ඩ තමයි target එක.




    අලියා

    aTmkExL.jpg


    What to do: අලියා ගහන්න කන් දෙකයි ඔලුවයි හොල්ලන් දුවන් එද්දී දුවන්නේ නැතුව හෙල්ලෙන්නේ නැතුව ඌ දිහා බලන් ඉන්න කියල කියන්නේ

    How they kill: මුන් ඉතින් මරණ විදිය දන්නවා නේ



    මීහරක

    DDMMARJ.jpg


    What to do: මුත් එකක් දුවල බේරෙන්න බෑ හැප්පිලා බේරෙන්නත් බෑ හොදම විදිය ගහකට නගින එක කියල කියන්නේ, බොරුවට attack කරන්නේ නෑලු අවොත් එන්නේ ගේමටම තමයි.

    How they kill: ඇනල සහ ඔලුවෙන් බිමට තද කරලා



    Hippos

    4OthDuL.jpg


    What to do: මුන් තඩි උනාට පැයට කිලෝමීටර් 30 ක වේගයෙන් දුවන්න පුළුවන් ලු එක නිසා දුවල බේරෙන්න බෑ , ගහකට හරි ගලකට හරි මුවා වෙලා නැත්තන් ගහකට නැගල තමයි බේරෙන්න පුළුවන්

    How they kill: මුගේ Bite force එක 1,800 pounds per square inch (psi) අනිත් උන් වගේ ඔළුවම හපන්නේ නෑ බඩෙන් වගේලු අල්ලන්නේ සැප තමයි ලොකු holes දෙකක් හැදෙනවා කියනවා දත් දෙකට




    වලහ

    jGeKKS2.jpg


    What to do: දුවල ගස් උඩ නැගල බේරෙන්න බැලූ කලබල නැතුව ඉන්න කියල කියන්නේ ඒ සමගම අත් හිමින් උඩට උස්සල අඩු සද්දයකින් කතා කරන්න කියනවා මිනිහෙක් කියල අරුට දැනගන්න එහෙමම පසුබසින්න කියල තමයි සදහන් වෙන්නේ

    How they kill:මුන් මරන්නේ පතුරු ගහලලු උගේ නියපොතු වලින්




    මෝරා

    7S7TirN.jpg


    What to do: මුන්ගේ කුතුහලය නිසා අනිවාර්යෙන්ම මිනිස්සුන්ට attack කරනවලු, බේරෙන්න තියන එකම විදිය මුගේ නහයට punch කරන එකලු උගේ සංවේදීම තැන එක නිසා ලොකු pain එකක් එනවලු ඌට වෙන පැත්තකට සනිකව පීනලා යයි කියල සදහන් වෙන්නේ
    How they kill: මුන් මිනිමස් රසට කැමති නෑලු ගොඩක් වෙලාවට කරන්නේ එක bite එකක් කලවෙන් හරි උදරයෙන් හරි කෑල්ලක් කඩාගෙන යන එකලු, bleed වෙලා මැරෙන්නේ




    කිඹුලා (අපේ කිඹුලා නෙමෙයි :P)

    KU7iowW.jpg


    What to do: මුත් එක්ක ඉතින් බේරෙන්න තියන අවස්ථාව ගොඩක් අඩුයිලු වතුර ඇතුලේ, කවදාවත් කිඹුලෙක් අතකින් හරි කකුලකින් හරි ඇල්ලුවොත් උගේ කට ඈත් කරලා කකුල එලියට ගන්න උත්සහ කරන්න එපාලු මොකද උගේ bite force එක 2,125psi (නයිල් ගගේ ඉන්න එවුන්ගේ bite force එක 5,000psi ලු)

    එතකොට ඌ කරන්නේ ස්පින් වෙන එක එතකොට අනිවාර්යෙන් කකුල හරි අත හරි කඩල අරුගේ කටේ තමයි,

    කරන්න ඕනේ උගේ ඇස් වලට අනින එක සහ උගේ සංවේදීම වෙන නහයට පහර දෙන එකලු


    How they kill: මු ගොදුර මැරිලද නැද්ද බලන්නේ නෑලු හපල කැරකෙන එක කරනවා වතුර ඇතුලේ එතකොට කෑලි කඩල එන්නේ


    Sources : dailymail.co.uk,sciencefocus.com,news.com.au






    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,155
    113
    Panadura
    ;) ;) ;)
    ඔයින් එකෙක් ඉස්සරහට හම්බුනොත්
    ඒ වෙලාවට ඔය එකක්වත් මතකෙට එයිද කියලා සැකයි මට නම්

    TFS! මචං REP 35+
     
    • Like
    Reactions: Executer

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සිංහයා එක්ක අයි කන්ටැක්ට් තියා ගන්නවා තියා බල්ලෝ පස්සෙන් එද්දී බයික් එකේ හයියෙන් නොයා නතර කරන්න පුරුදු වෙන්නත් හෙන කාලයක් ගියා මටනම්..:lol:
     
    • Like
    Reactions: Executer

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ලිපියක්.
    මටත් මතක හැඉයට ටිකක් එකතු කරන්නම්.
    වලහට වේගෙන්දුවන්න පුලුවන් වුනාට වන්ගු ගන්න බෑ. දුවනවානම් සිග් සැග් විදියට දුවන්න කියන්නේ.
    අලියාගෙත් ටෘ ඇටැක් සහ ෆොල්ස් ඇටැක් කියලා දෙකක් තියෙනවා.(ඒ දේකේදි හොඩවැල හා කන් තියාගන්න විදිය වෙනස් ) ෆොල්ස් ඇටෑක් එකකදි තමයි එක තැන ඉන්න කියන්නේ.ටෘ ඇටැක් එකකදි ඇදුම් ,තොප්පි ,බැග්ස් වගේ දේවල් බිම දම් දමා දුවන්නකියන්නේ .අලියා ඒකට ඈටෑක් කරන කාලේදි අපිටගැලවෙන්නපුලුවන්.බොහෝවිට අලියාට ගලවන්න බැරි සයිස් ගහකට නගින එක තමයි කරන්න වෙන්නේ. වලහටත් ඇදුම් බිම දාන සීන් එක හරියනවා මහක හැටියට .
    You must spread some Reputation around before giving it to Executer again.
     
    Last edited:
    • Like
    Reactions: Luvis

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025


    "පට්ට Post එක":yes:
    මෙන්න මගෙනුත් උදව්වක්. රේප් දෙන්න බැහැලු, වටේ ගිහින් එන්නලු:sorry:
     
    • Like
    Reactions: harshana123

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
    ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
    එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.



    මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
    මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට නම් මේක සෑහෙන වටිනා ලිපියක්.ඔන්න කොල්ලෝ මගේ පුංචි කඩෙනුත් රෙප් දුන්නා.....මේකට දෙයක් එකතු කරන්න ඕනේ.
    ලංකාවේ අපිට වැඩිපුරම හම්බු වෙන සතා තමයි,වල් ඌරා ... කැලේ යනකොට අපේ අත් මට්ටමට වඩා උස රිටක් ගෙනියන්නම ඕනේ.වල් ඌරා ඇටෑක්
    එකට එනකොට කරන්න ඕනේ ඉන්නතැනම කකුල් දෙක ලංකරගෙන රිට ඉස්සරහ බිමට ඇනල තියාගන්න ඕනේ.ඌ එන මගේ ඉඳල ඌ ලං වෙනකොටම අනිත් පැත්තට පනින්න ඕනේ.මොකද ඌ එක දිගට කැලේ කඩා ගෙන යනවා මිසක් ආයේ හැරිලා එන්නේ නෑ. ඌ ඇටෑක් කරන්නේ අපේ කකුල් දෙකේ කලව වල ඇතුල් පැත්තට.ඇටෑක් කලොත් අනිවා නහර තුවාලවෙලා ලේ යනවා.පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට ලිංගය ආශ්‍රිතව දරුණු තුවාල වෙනවා.



    මට නම් මේ ඉන්න සත්තුන්ගෙන් හම්බු වෙලා තියෙන්නේ කුළු හරකා,අලියා සහ මෝරා...
    මුහුදේදී එක පාරක් මෝරෙක් සෙට් වුනා,(වතුර මෝරෙක් කියල තමා කිව්වේ, අඩි 5,6 විතර එකෙක් ) ධීවරයෝ කරන්නේ ලොකු රිටකින් උට අනිනවා. උන් එතකොට පීනන් යනවා.සමහර උන් නම් ආපහු එනවා.අම්මෝ මට නම් එදා චූ ගියේ නැති ටික විතරයි.විනාඩි 10 විතර පස්සෙත් කකුල් වෙවුලනවා.

    ඩොඩෝ vs මෝරා:cool::cool::shocked::shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kibula---------Uge Bada atha ganna. Uta kichi thiyenavalu. U godura atha harala yanavalu.[Kichi Karate].