2020_ජනාධිපති_අපේක්ෂකයා_විය_යුත්තේ ?

2020 ජනාධිපති අපේක්&#3


  • Total voters
    112
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    2020_ජනාධිපති_අපේක්ෂකයා_විය_යුත්තේ ?

    2020 ජනාධිපති සටනට ඒකාබද්ධ විපක්ෂය/ පොදු විපක්ෂය පැත්තෙන් ඔබ යෝජනා කරන ජනාධිපති අපේක්ෂකයා කවුද ?



    වෙනත් යෝජනා ඇතොත් නම සඳහන් කරන්න


     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    luUtwv.jpg
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපිනම් හැමදාම UNP තමයි. UNP කියන්නෙ අපේ මහගෙදර.
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්‍ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්‍ෂගේ මව හා මහින්ද රාජපක්‍ෂගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්‍ෂය. ඇය ගෝඨාභය රාජපක්‍ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්දවලට ආමන්ත්‍රණය කළ හැකි රාජපක්‍ෂ පවුලේ අපේක්‍ෂිකාවකි. නමුත් අප සලකා බැලිය යුත්තේ මෙතරම් ජනප්‍රිය රාජපක්‍ෂවරු සිටියදී, ශිරන්ති රාජපක්‍ෂ 2020 ජනාධිපතිවරණයට තෝර ගැනීමේ පදනම කුමක්ද යන්නය. මුලික වශයෙන් රාජපක්‍ෂවරුන්ගේ මුළු දේශපාලන වැඩසටහනම පදනම් වන්නේ නාමල් රාජපක්‍ෂගේ දේශපාලන අනාගතය මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටිනුයේ නාමල් රාජපක්‍ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමේ පදනමිනි. නමුත් බැසිල් රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ යන සහෝදරවරු නැවත බලය අත්පත් කර ගැනීම හා ඒ මත පදනම්ව ජීවිතයේ ඉතිරි කාලය ලංකාවේ ගත කිරීමත් සීමාන්තික වන නමුත් රට ගොඩනගා ඉතිහාසගත වීමට ඇති අධික ආශාවකිනුත් පසුවේ. එමෙන්ම රටේ ආණ්ඩුවට විරුද්ධ බලවේග අඩුවැඩි වශයෙන් මෙම රාජපක්‍ෂවරු වටා ගොඩනැගෙමින් පවතී. එම දෙදෙනාම ලංකාවේ ආණ්ඩු විරෝධී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්ව තිබේ. එසේම රටේ එක්තරා කොටසක් 2020 දී ගෝඨාභය නිශ්චිත වශයෙන්ම බලයට පත්වන බව විශ්වාස කරන අතර, එම නිසාම දෙමළ හා මුස්ලිම් ජනතාව භීතියට පත්ව තිබේ.

    ‍එම කාරණාව පදනම් කරගෙන විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කොටස්වලට කැඩී තිබේ. කෙසේ නමුත් ලැබෙමින් පවතින ආරංචි අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටිනුයේ කිසිදු රාජපක්‍ෂවරයෙකු හා බලය බෙදා හදාගැනීමේ ස්ථාවරයක නොවන අතර, ඔහුගේ ස්ථාවරය වන්නේ රාජපක්‍ෂ කෙනෙකු හෝ තම පිලෙහි කෙනෙකු 2020 ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්‍ෂගේ දේශපාලන අනාගතයට මෙන්ම තමන් විසින්, තමන් වෙනුවෙන් රටේ ගොඩනැගී ඇති දේශපාලන බලවේගය අවසන් වීමක් ලෙසය. එබැවින් මහින්ද රාජපක්‍ෂ කල්පනා කරනුයේ එක්කෝ නාමල් රාජපක්‍ෂ නියමිත වයස හා පරිණත බව ලැබෙන තුරු විපක්‍ෂය තුළ ගතකළ යුතුය, නැතහොත් ජී.එල්. පීරිස් වැන්නෙකු යොදාගත යුතු බවය. කෙසේ නමුත් ගෝඨාභයගේ නැගීමත්, බැසිල්ගේ සංවිධාන ශක්තියත් මත දේශපාලන හැඩගැස්ම ගොඩනැගී ඇති මේ මොහොතේ මහින්ද රාජපක්‍ෂගේ සුරක්‍ෂිත තෝරා ගැනීම වන්නේ ශිරන්ති රාජපක්‍ෂය. එය නාමල්ගේ දේශපාලනයට මහින්දට දිය හැකි හොඳම සුරක්‍ෂිත කර ගැනීම වේ.

    රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ මුළු දේශපාලන වැඩසටහනේම පදනමද වන්නේ ඔවුන්ගේ පවුල වටා වන අතර, එයිනුත් වඩාත් සාර්ථක හා විය යුතු ලෙස සලකනු ලබන්නේ රාජපක්‍ෂවරුන්ගෙනුත් ශ්‍රේෂ්ඨම විය යුත්තේ මහින්ද රාජපක්‍ෂගේ න්‍යෂ්ටික පවුල බවයි. එම පවුලේ මුළු විශ්වාසය ඇත්තේද, සම්පූර්ණ දේශපාලන පෙළගැස්ම ඇත්තේද මහින්ද රජපක්‍ෂ වෙනුවෙන් බවත්, එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ එම පවුලට බවත්ය. ඉන් පසු අවශේෂ රාජපක්‍ෂවරුද, වීරතුංගලාද, අනෙකුත් ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායමද වේ. රාජපක්‍ෂවරුන්ගෙන් පිටත අයෙකුට දේශපාලන සාර්ථකත්වය කෙසේ වෙතත්, විජේරාම නිවසේ ආලින්දයේදී මහින්ද රාජපක්‍ෂ මුණගැසුණු විට වාඩි වීමට පුටුවක්වත් නොලැබේ. මුහුණුපොතේ පළවන රාජපක්‍ෂවරුන් හමුවන විපක්‍ෂයේ දේශපාලකයන් සියල්ලෝම ඔහු සමග කතා කරනුයේ හිටගෙනය. අඩුම තරමින් අබාධිතයෙකුට (අනුගාමික) වුවද වාඩිවීමට පුටුවක් රාජපක්‍ෂවරුන්ගේ විජේරාම නිවසේදී නොලැබේ. එවැනි තත්ත්වයක් තුළ අපට කිව හැක්කේ අනිවාර්යයෙන්ම ශිරන්ති රාජපක්‍ෂගෙන් තොර විකල්පයක් පිළිබඳව ඔවුන් නොසිතන බවය.

    එහිදී 2020 ගොඩනැගෙනුයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ශිරන්ති රාජපක්‍ෂත්, බොහෝ විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉදිරිපත් කිරීමට යොදා ඇති අපේක්‍ෂකයාත්, එක්සත් ජාතික පක්‍ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයාත් අතර තුන්කොන් තරගයකි. සුපුරුදු ලෙස සිංහල ඡන්ද තුනට බෙදී යන වාතාවරණයක් තුළ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ඕනෑම අපේක්‍ෂකයෙකු උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වේ. එසේ නොවන අපේක්‍ෂකයෙකුට 2020 ජය ගැනීමට ඇති ඉඩ ඉතා අඩුවේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන වැඩපිළිවෙළ මෙන්ම එම පක්‍ෂයේ නායකයන්ගේ පැවැත්ම තීරණය වන්නේ දකුණේ සිංහල ඡන්ද මෙන්ම උතරේ දෙමළ ඡන්දද, රටේ මුස්ලිම්වරුන්ගේ ඡන්දද දිනා ගැනීමේ හැකියාව මතයි. 2020 අපේක්‍ෂකයා තවම නම්කර නැති වුවද, එක්සත් ජාතික පක්‍ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ. මන්ද ඔහු තරම් සුළු ජාතික ඡන්දවලට බලපෑමක් කළ හැකි දේශපාලන නායකයෙකු රටේ මේ මොහොතේ නොමැති බැවිනි. ඔහු තරගයට නොපැමිණෙන මොහොතක සජිත්, නවීන්, අකිල හෝ අජිත් පී. පෙරේරාට වුව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකත්වය හිමිවීමට ඉඩ තිබේ. මන්ද එක්සත් ජාතික පක්‍ෂය යනු සංවිධිත පක්‍ෂයක් වන අතර, එහි ඕනෑම කෙනෙකුට එම මොහොතේ පවතින තත්ත්වය හා අවශ්‍යතාව අනුව අවස්ථාව ලැබිය හැකිය.

    අවසාන වශයෙන් කිව හැක්කේ රටේ දේශපාලනයට ශිරන්ති රාජපක්‍ෂගේ ආගමනය කෙතරම් බලපෑමක් කරනු ඇත්දැයි කීමට තවමත් කල් වැඩි නමුත් රටේ ජන හදගැස්මෙහි තීරණය උරගා බැලීමට සියල්ලන්ටම අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒකාබද්ධෙන් එන එකාට වඩා JVP එකෙන් එන එකා කව්ද කියලනේද උබ හොයන්න ඕනෙ මචං?:rolleyes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,892
    1
    56,912
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකාබද්ධෙන් එන එකාට වඩා JVP එකෙන් එන එකා කව්ද කියලනේද උබ හොයන්න ඕනෙ මචං?:rolleyes:

    උන් හොයන්නෙ හේත්තු වෙන්න පුලුවන් එකෙක් ඒකාබද්දෙන් එයිද කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තෙර්ඩ් දාල හොයන්ඩ දෙයක්ද.නම දන්නෙම නැ ලොල් තමා....