කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

මුලින් කියන්නම ඕනේ, මේ චාරිකාව සුන්දර ඡායාරුප වලින් බොහොම අඩු නමුත් ත්‍රාසජනක හා අවදානම් බවින් වැඩි එකක් බව.
මොකද ඒ සිදුවීම් හා අපි මුහුණ දුන් අත්දැකීම්,අපි හිටපු තත්වයන් එක්ක පින්තූරු ගන්න එක සහමුලින්ම වගේ අමතක වෙලා තිබුනේ.
ගමනේ අපි අතින් සිදුවුණු ලොකුම වැරද්දත් ඒකම තමයි, පොටෝ ගැන කිසිම අවධානයක් යොමු නොකරපු එක.
ලංකාවේ ජීවත් වෙන සංචාරය කරන්න ආසාවක් දක්වන, කැලේ, දියඇලි වල, කඳු මුදුන් වල ඇවිදින්න හිතක් තියෙන
ඕනෙම කෙනෙක් යන්න ඕනෙම තැනක් තමයි නකල්ස් කියන්නේ.
ලංකාවේ මම ඇවිදපු ලස්සනම පරිසර පද්ධතියක් තමා නකල්ස් කියන්නේ.
මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වලට අයත් දකුණින් හා නැගෙනහිරින් මහවැලි නදී නිම්නයෙන්ද,
බටහිරින් මාතලේ නිම්නයෙන්ද වටවුණු මේ සුන්දර, පොකුරු කඳු පන්තියෙන් ඇරඹෙන ජලපෝෂක වලින් තමා මහවැලි ගඟේ වැඩි කොටසක් පෝෂණය වෙන්නේ.නකල්ස් ගැන කතා කරන්න ගියොත් නම් ත්‍රෙඩ් කිහිපයක්ම වුනත් ලියන්න කරුණු තියෙනවා.
දැන් දැන් දේශපාලන අදුරදර්ශී තීරණ නිසා බරපතල තර්ජනයන්ට ලක්වෙලා තියෙන්නේ.
කොහොම වෙතත් ලංකාවේ ඉන්න කෙනෙක් නම් නකල්ස් වල දවසක් හෝ ඇවිදිය යුතුයි කියල තමා මගේ නම් අදහස...
ඉතින් අද මම මේ හූය තුලින් කිරී වාසි කුකුළු, කිකිලියන්ට ගේන්නේ,
ජීවිතේ බොහොම අවදානමක් ගනිපු,
එක්තරා දුරකට කල්පනාකාරී නොවීම නිසා අතරමන් වුන,
මිනිසා කෑමෙන් පමණක්ම ජීවත් නොවන බව අවබෝධ වුනු,
නමුත් ජීවිතේ වරක් පමණක් අත්විඳීමට සිදුවුණු, අද දවසේ සුන්දර මතකයකට හේතු වුනු තවත් එක් ත්‍රාසජනක සංචාරයක තොරතුරු.
මම ඔබට යමක් ඉඳුරාම පවසනවා.එය සදාතනික සත්‍යයක්.
'' ජීවිතයේදී ඔබට නියම මිනිසෙකු, මිතුරෙකු, මගපෙන්වන්නෙකු,සගයෙකු, සහෝදරයෙකු මුණගැසෙන්න පුළුවන්.....
නමුත් හදවතින්ම ඔහු/ඇය කල්‍යාණ මිත්‍රයෙකු, සගයෙක්, සහෝදරයෙක්..... වන්නේ ඔබ හා එක්ව දුෂ්කරම අවස්ථා පසුකලොත් පමණි ''
එසේ නොවන්නෝ හදවතින් ඔබ හා බැඳී නොමැත.
අවුරුදු කිහිපයකට උඩදී සංචාරය තුලින්ම මුණගැසුණු මගේ මිත්‍රයෙක් දවසක් මට කතා කරලා කිව්වා, ''මචං අපේ ඉස්කෝලේ කොල්ලෝ 2 ඉන්නවා කොහේ හරි යමුද අහනවා.
උඹට පුලුවන්ද මයේත් එක්ක එන්න.''
ඔහොම වැඩිදුර විස්තර කතා කරගෙනම මමත් සුදානම් වුනා මගේ මිත්‍රයත් එක්ක ගමනට සහභාගී වෙන්න.
ගමනේ සියලු කටයුතු මගේ මිත්‍රයා තමා ලැස්ති කලේ.
මිනිහා මගෙන් බලාපොරොත්තු වුනේ මිනිහට ශක්තියක් වෙන්න අවශ්‍ය
සගයෙක් වශයෙන්. මොකද අනික් යාළුවො දෙන්න අත්දැකීම් වලින් තරමක් අඩු උදවිය.
මේ කියන අත්දැකීමට දැන් හරියටම අවුරුද්දක්.පහුගිය ජුනි මාසේ තමා මේ ගමන අපි ගියේ.
ඉතින් මගේ මිත්‍රයා සංචාරයේ ඉලක්කය විදිහට තෝරාගෙන තිබුනේ නකල්ස් - කළුපහන කන්ද.
ගොඩක් දෙනෙක් නමින් අඳුරන්නේ ''තුන්හිස්ගල'' කියල.මගේ මිත්‍රය, ඇතුළු සගයෝ ඔක්කොම දකුණේ මාතර. මම විතරයි බටහිර. ඉතින් පුරුදු විදිහට අපි කොළඹ පිටකොටුවේ පාන්දර ජාමේ මුණගැහුනා.නුවර යන බස් එකට නැගල ටික දුරක් යද්දී මම යාලුවගෙන් ඇහුව
'' මචන් කෝ කුඩාරම ? ''
අම්මට....)(&*^&^^&*%^&$... ඊට පස්සේ වියත් භාසාවෙන් ඇමතුවත් ඉතින් කරන්න දෙයක් නෑනේ.
දැන් කුඩාරමක් නැතුව තමා ගමන යෙදෙන්නේ.
කොහොම හරි පාන්දර නුවරට ඇවිත් එතනින් වත්තේගම නගරෙන් උදේට කාලා
බඹරැල්ල බස් එකේ එමින් ගමන කොන්දොස්තර අයියට කියල හුළුගඟ ටවුන් එකෙන් දිග ඉටිකොළ යාර 15 විතර ගත්තා.වත්තේගම ඉඳලම වගේ එක සීරුවට කඩින් කඩ වැස්ස එක්ක මීදුම තිබුනා.
බඹරැල්ල පාලම ගාවින් බැහැල ඉතිරි මුළු ගමනම වගේ පයින් තමා.මේ ගමන ගැන අපිට කිසිම මග සලකුණක් තිබුනේ නෑ.මගේ යාළුවා කෙනෙකුගෙන් අහල දැන ගත්ත විස්තරයක් විතරයි අපිට තිබුනේ.ඔක්කොම පිරිස 04.මමත්, යාලුවත්, ඔහුගේ සගයෝ දෙන්නත්.අපේ ගමන වැටිලා තිබුනේ,
නකල්ස් - ලෙබනන් වතුයාය හරහා රත්නගිරි වත්තට ඇවිදින් එතනින් වනාන්තරය ඔස්සේ නකල්ස් මැද පිහිටි අත්හැර දැමු එනසාල් වාඩිය ( KMP වාඩිය ) හොයාගෙන යන එක.
මේ ගමන තරමක් දුෂ්කර එකක් බව නම් අපි අහල තිබුන.
කොහොම හරි මග සුන්දරත්වය විඳිමින්ම ලෙබනන් හරහා රත්නගිරියට ආව.
බඹරැල්ල බලා යන ගමනේ.....
මෙතනින් තමා ලෙබනන් වතු යායට හැරෙන්නේ...
ලෙබනන් දියඇලි වලින් එකක්...මේ වතුර එකතු වෙන්නේ හුළුගඟට
එතන ඉඳලම ගමන අමාරු වුනා කිව්වොත් හරි.රත්නගිරිය වත්තේ දෙමල මනුස්සයෙකුගෙන් පාර අහගෙන ඉස්සරහටම ගියා.මුලින්ම පහු කරන්න තියෙන්නේ ඝන මාන කන්දක්.
ඒ කන්දේ හරස්කඩක් ඔස්සේ තමා නකල්ස් රක්ෂිතයට පාර වැටිලා තියෙන්නේ.
ඒ දින කිහිපයේ තිබ්බ වැසි තත්වය එක්ක මාන දරුණු ලෙස වැවිල තිබුන.කොහොම හරි මාන කන්ද පහුකරගෙන කැලේට වැටුනට පස්සේ හම්බුවෙන පලවෙනි මග සලකුණ තමා ''දේවාලය''. ඒ කියන්නේ කැලේට ඇතුල්වෙන හින්දු භක්තිකයෝ පඬුරු පාක්කුඩම් පුජා කරන තැනක්.( කෙනෙකුට මේ මොකක්ද කියල හිතෙන්න පුළුවන්, නමුත් මම නම් කිසිම ඇදහිල්ලකට විරුද්ධ වෙන්නේ නෑ )
එතැනදී පොඩ්ඩක් විවේකයක් අරගෙන, මයිලෝ බීම එකක් එහෙම බීලා ඉස්සරහටම ගියා.කැලේ පොඩි අඩි පාරක් තියෙන නිසා වරදින්නේ නෑ.
නමුත් සමහර තැන් වල ඝනවරේට නෙලූ වැවිල තියෙන නිසා අතින් පාර පාද ගන්න ඕනේ.
මොකද යටිරෝපණයෙන් අඩිපාර වැහිලා තිබුනේ. ඔහොම ගමනේ මැදක් විතර එද්දී මගේ දකුණු කකුලේ මස්පිඩු ඇදිල වගේ සෑහෙන වේදනාවක් ආව.
ප්‍රතිකර්මයක් කලත් ලොකු අඩුවක් වුනේ නම් නෑ.( මුළු ගමන ඉවර වෙලා තවත් දවස් 3,4 විතර ඒ අමාරුව තිබුන )ඒක නිසා එතන ඉඳල මුළු ගමනේ ඉතුරු ඔක්කොම ඉදිරිපස ගත්තේ මම. මොකද මගේ ගමන් වේගය අඩුවුන නිසා. කොහොම හරි වෙනින් කිසිම කරදරයකින් තොරව හවස 2 පහු වෙද්දී වගේ අපි අපේ පලවෙනි ඉලක්කයට ලඟා වුනා.
දෙමල මනුස්සයෙකුගෙන් පාර අහගෙන ඉස්සරහටම ගියා
මාන කන්ද ඔස්සේ ඉදිරියට
මීදුමෙන් වැසුණු නකල්ස් වනය...
දේවාලය. මෙතන පොඩ්ඩක් ගිමන් හරින්න නැවතුනා..
ගල් තලාව...මේකත් කලුපහනට යන මග පාවිච්චි කරන මගසලකුණක්...
අතරමග හමුවෙන ලස්සන පුංචි දිය කඳුරක්
KMP වාඩිය වෙත ලඟා වුනා. මහතුන් අයියගේ සත්කාර අමතක කරන්න බෑ....
අපි KMP වාඩියට ඇවිත් බෑග් තියද්දි කැලේ එනසාල් කඩන මනුස්සයෙක් ඇවිත් අපිව බොහොම ආදරෙන් පිළිගත්තා.''මහතුන් අයියා'' අපිට බොහොම ලෙන්ගතු විදිහට කතා කරලා මනුස්සය උයල තිබුණු හොදි මාළුපිණි එහෙමත් අපිට දුන්නා. ඊට පස්සේ ඉතින් අපි අපේ අරමුණ ගැන මහතුන් අයියත් එක්ක කතා කළා.එයාගේ අදහස නම් එච්චර සුබ දායක වුනේ නෑ.
මහතුන් අයිය අපිට කිව්වේ මේ දවස් ටිකේ නිතරම වහිනවා, මීදුම ඒක නිසා ලොකුවට ලස්සන නම් දකින්න වෙන එකක් නෑ කිව්වා. ඒ වගේම තමයි කන්ද උඩ කුඩාරම් කෙසේ වෙතත් ඉටිකොලයක් හරි අතුරා ගන්න නම් හැකි වෙන එකක් නෑ, මොකද සැරටම හුළං හමනවා කිව්වා. අපිත් බොහොම දුක්මුසු වුනා ඒ විත්තිය ඇහුවට පස්සේ. කොහොම නමුත් අපේ
ඉලක්කයක් තිබුන කන්ද උඩ රැයක් ඉන්න එක නිසා කොහොම වුනත් අපි යනවා කියන එකම අරමුණෙන් අපි 04 දෙනාම හිටිය.ඒක නිසා ඉක්මනට රෑට කන්න නූඩ්ල්ස් එකක් හදාගෙන අමතර බඩුමුට්ටු ඔක්කොම වාඩියේ තියල මහතුන් අයියගේ පිහියත් ඉල්ලගෙන කළුපහන කන්ද බලා පිටත් වුනා.මහතුන් අයියා ගමනේ පොඩ්ඩ දුරක් අපිත් එක්ක ආව. KMP වාඩියට එන්න පුළුවන් මාර්ග 03 තියෙනවා.අපි ආපු බඹරැල්ල පාර, දුවිලි ඇලි පාර, මීමුරේ - රණමුරේ පාර.වාඩියේ ඉඳල පොඩ්ඩ දුරක් ගිය තැන දුවිලි ඇලි හැරෙන තැන හම්බු වෙනවා.ඊට පස්සේ දිගටම යන්නේ මීමුරේ -රණමුරේ පාරේ.ඔය එක තැනකින් පොඩි සලකුණක් එක්ක ( ඉන්නක් උඩ පෝර උරයක් නමල තියෙනවා)
මල දොළක් දිගේ එනසාල් වගාවකට ඇවිදින් එතනින් අනුමානෙට තමයි කන්දට යන්න තියෙන්නේ.
ඔන්න ඔය සලකුණ වෙනකන් මහතුන් අයියා අපිත් එක්කලා ආව. ඇවිදින් ''මල්ලි මෙතනින් එනසාල් කෑල්ල, එකේ උඩටම යද්දී තුන්හිස්ගලේ දාරේ තියෙන අඩි පාර හම්බු වෙයි. ඒක දිගේ උඩටම යන්න වරදින්නේ නෑ කිව්වා.''
නුඩ්ල්ස් එකක් එහෙම හදාගෙනම ගමන පිටත් වුනා...
මම සහ මගේ මිත්‍රයා....
දූවිලි ඇලි මංසන්ධිය
මේ තමා එනසාල් ගෙඩි.මෙව්වා වේලලා තමා අපි පාවිච්චි කරන්නේ.
මුළු ගමන පුරාවටම ගහපු වටිනාම පොටෝ එක. අපිට වැරදුනු මගසලකුන.
දැන් ඉතිං කොහොම හරි පලයන්කෝ උඩට.මහතුන් අයියා කොහොම වුනත් අපිත් එක්ක උඩට යන්න එන්නේ නෑ.මොකද මනුස්සය ඒ හවසම රණමුරේ යනවයි කිව්වා.ඉතින් කොහොම හරි කැලේ කඩාගෙන එනසාල් කෑල්ලත් පහු කරගෙන දෙන්න තුන්දෙනා වටේ කැරකිලා පැය
බාගයක් වගේ ඇතුලත අඩිපාර හොයා ගත්තා.එතන ඉඳල දිගටම වමට තමා යන්න තියෙන්නේ.
පරිසරෙත් සැරින් සැරේ මීදුමෙන් වැහෙනවා, පොඩි පොඩි වැහි පාත්වෙනවා,ඒ වගේම තමයි හුළඟ සැරටම හමනවා.ඔය අතරේ මගේ කකුලත් දිගටම රිදුම් දෙනවා. ඒ අමාරුවත් අමතක කරලා කොහොම හරි උඩටම යද්දී ටික ටික කන්ද මුදුන පේන්න ගත්තම තමා හිතට ටිකක් හරි සහනයක් දැනුනේ.නමුත් කළුපහන කන්ද කියන්නේ බොහොම කල්පනාවෙන්, සීරුවෙන් තරණය කරන්න ඕනේ ඉලක්කයක්.මොකද කන්ද මුදුනට යද්දී දකින්න ලැබෙන්නේ උස් කඳුකර කුරු වනාන්තර.සමහර තැන් වල ලොකු පල්ලම් එක්ක තමා උඩට නගින්න තියෙන්නේ.
උස් ගස් නැති නිසා අල්ල ගන්නත් දෙයක් නෑ.කොහොම හරි සමහර තැන් වලින් අතපය හතරම සහයෝගයෙන් හවස 7 කිට්ටු වෙද්දී පොඩි තැනිතලා බිමකට සේන්දු වුනා.තැනිතලා කිව්වට අඩි 7,8 විතර ලොකු ගල්,මුල් විසිරුණු බිමක්.මෙච්චර වෙලා පැමිණි කුරු ගස්, බට පඳුරු එක්ක බලද්දී බිම වාඩි වෙන්න පුංචි හරි ඉඩක් තිබුනේ මෙතන විතරයි.මෙතන පුළුවන් විදිහට රෑ ගත කරලා
කන්දේ ඉතුරු ටික පහුවෙනිදා උදේට යම්මු කියල නැවතුනා.
මේ පෙනෙන දාරය දිගේ තමයි උඩට නගින්න තියෙන්නේ...
මීදුම අඩු වෙච්චි වෙලාවට පුළුවන් හැටියට වටේ පිටේ පොටෝ දෙක තුනක් ගත්තා...තුන්හිස්ගල නම හැදෙන්න හේතු දෙකක් මම අහල තියෙනවා. එකක් තමයි මේ පොටෝ එකේ පෙනෙන විදිහට '' හිස් තුනක් '' විදිහට මුදුන් තුනක් පෙනෙන නිසා, අනිත් එක තමයි මේ කන්ද මුදුනට දුම්බර කඳු පන්තියේ කඳු 33 පෙනෙනවලු.එක නිසා තුන්තිස් ගල කියන අර්ථය තුන්නිස්ගල වුනා කියනවා.
දැන් තමයි අභියෝගයකට මුහුණ දෙන්න වුනේ.කොහොමද ඉටිකොළ වලින් පොඩි කුඩාරමක් අටවන්නේ.හොඳ සමතලා පොළවක් නැති කම, හොඳ කෝටු, දඬු නැතිකම,සැරට හුලන් හැමීම,සිහින් පොද වැස්ස....කොහොම කලත් ඉටිකොලයෙන් වහලක් අමුණ ගන්න එක ප්‍රායෝගික වුනේ නෑ මෙතැනදී හුළඟ නිසා.ඒක නිසා අපි තීරණය කළා ඉටිකොළ බට 04 කපල, ඒක ඇතුලට බැහැල තාවකාලික sleeping bag හදාගන්න. විශ්වාස කරන්න පහුවෙනිදා පාන්දර 5 විතර වෙනකන් අපි 04 දෙනාගෙන් කිසිම කෙනෙක් ඔය බටෙන් එලියට ආවේ නෑ.ඒ රාත්‍රියත් මගේ ජීවිතේ ගතකරපු හරිම අපහසු, දුෂ්කර එකක්.මුළු රෑ පුරාවට කිසිම නින්දක් නෑ. සීතල, හුළඟ,සැරින්සැරේ පොද වැස්ස,බඩගින්න,දවසක් ඇවිදපු අමාරුව, කලින්දා ඉඳල හරි නින්දක් නැතිකම.ඒ මදිවට ගල් විසිරුණු පොලවේ හරියට ඉන්න තිබුණු අමාරුව. ඒ මුළු රාත්‍රියම ගතකලේ නිකන් අඩි 2,2 පොඩි කුඩුවක වගේ.කොහොම හරි පාන්දර ටිකක් සැරට වහින්න ගත්තා.ඊට පස්සේ නැගිටලා ඉටිකොළ වලින් වට කරලා පොඩි ගිනි මැලයක් පත්තු කළා.( මගේ යාළුවගේ උපදෙසක් අනුව රබර් ඔට්ටපාළු ගෙනාව.ගිනි අවුලුවන්න නියම භාණ්ඩේ)
රෑට කන්න ගෙනාපු නුඩ්ල්ස් එක රත් කරන උගුරට දෙකට කාලා දැම්ම.
Handmade sleeping bags.....
උදේ නැගිටලා.... තරමක වැස්ස එක්ක මීදුම් ගතියක් තිබුන.
ඊට පස්සේ කන්දේ ඉතුරු ටික නගින්න කියල තමා සුදානම් වුනේ.
අපි හිටපු තැනින් චුට්ටක් ඉස්සරහට යද්දී අඩි පාර ඉවරවෙනවා වගේම,එන්න එන්න ආයේ පල්ලම් යනවා වගේ දැනුන. ඒත් කැලේ පොඩි ගස් අතරින් බට පඳුරු යටින් රිංග රිංග තවත් මිනිත්තු 20, 25 විතර ගියා.ඊට පස්සේ මම යාලුවට කිව්වා මචං කන්දේ මුදුනක් නම් නෑවගේ,කෝකටත් නගින්න පුළුවන් මට්ටමේ ගහක් මුදුනට නගිමු කියල.එහෙම කියල අතු පොඩ්ඩක් තිබුණු ගහක් උඩට නැගල වටපිට බැලුව.එක පාරටම නිකන් ශරීරේම සීතල වුනා වගේ දැනුනා මොකද ඒ ගහට පොඩ්ඩක් එහායින් ආයේ නැවත විශාල පල්ලමක්.කන්දේ තුන් පැත්තකින් පල්ලම විතරයි.මීදුමෙන් සෑහෙන කොටසක් වැහිලා.එක නිසා මම උන්නු භයානකකම එක පාරටම දැනුනේ නෑ.අන්න ඒ වෙලාවේ තමයි අපි තේරුම් ගත්තේ අපි නොදැනුවත්වම උනත් කන්දේ මුදුනේ තමා රැය ගතකරලා තියෙන්නේ කියන එක.නමුත් කළුපහන කන්දේ මුදුනට පෙනෙන ලස්සන භුමි දර්ශනය, හිරු උදාව මේ කිසිම දෙයක් දකින්න තරම් අපි වාසනාවන්ත වුනේ නෑ වැස්ස සහ මීදුම නිසා.
ගසක් උඩට නැගල වටපිට බලන ගමන්...
අවසානයට බහින්න කලින් සෙල්ෆි එකක් ගැහුවා..
ඔහොම කන්ද මුදුනේ මීදුම අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් උන්නත් කිසිම වෙනසක් නොපෙන්වපු පරිසරය නිසා අපි පැයකට විතර පස්සේ පල්ලම් බහින්න ගත්තා.කොහොම හරි හොරාවක් දෙකකට පස්සේ අපි නැවත කළුපහන කැලේට සේන්දු වුනා.( මෙතනින් පස්සේ ගමනේ පොටෝ ගැහුවේ නෑ. මොකද ඒ හිටපු තත්වයත් එක්ක කැමරා තිබුනද කියලවත් අපිට මතක් වුනේ නෑ. ඒක තමා අපි කරපු ලොකුම වැරැද්ද ) ගමනේ අසීරුම,ජීවිතේට පාඩම් කියල දුන්නු සිදුවීම්
සිද්ධ වුනේ ඊට පස්සේ.කලින් දවසේ කොහොම හරි මග හොයන් ආවට නැවත ගමන කොහෙත්ම ලේසි වුනේ නෑ. ඇත්තම කිව්වොත් අපි එනසාල් කැලේ අතරමන් වුනා වගේ වුනා.කොහොම හරි ඉස්සරහට යද්දී එක තැනක ඉන්නක් උඩ පෝර උරයක් නමල තියෙනව දැක්ක.නමුත් එතන බිම කැඩිච්ච කෝප්පයක් තිබුණු නිසා ඒ සලකුණ වැරදි එකක් කියල නිගමනය කරපු අපි ඔහොම කැලේ තවත් ඉස්සරහට ගියා.නමුත් අපි නැවතත් අතරමන් වුනා කියල තේරුණු නිසා ආපහු පස්සහට ආව.
ඒ ආවත් නැවතත් අර වැරදි මංසලකුණ ගාවට තමයි වැටුනේ.
ඊට පස්සේ අපි නැවතත් එහෙම්මම පිටිපස්සට ගිහින් දකුණට බර වෙලා ආපහු ඉස්සරහට ගියා.
මොන කරුමයක්ද මන්දා නැවතත් අපි වැටුනේ අර කෝප්පේ ගාවටමයි.
ඔය විදිහට අපි අවස්ථා 04 ක් ඔය කියන තැනටම ආව.දැන් කිසිම දෙයක් කරකියා ගන්න විදිහක් නෑ.ඊට පස්සේ නැවතත් කැලේ කඩාගෙන යද්දී එකපාරටම කඩන්වැටුණු මහා ගහක් එක්ක අඩිපාරක් දකින්න ලැබුන.ඒ වෙලාවේ පුදුම සතුටක් හිතට දැනුනේ. ඉතින් අපි මේ අඩිපාර දිගේ ඉස්සරහටම ගියා. ඒ වෙනකොට වෙලාව දවල් 1 ත් පහුවෙලා තිබුනේ.අපිට නොදැනීම කාලය වේගයෙන් ගිහින්.
මෙහෙම ඉස්සරහටම ගියත් KMP වාඩිය හෝ ඒ අවට පරිසරය දකින්න ලැබුනෙම නෑ.
අපි වැරදි පාරකදෝ ඇවිත් තියෙන්නේ කියල හිතුනත් පාරක් තියෙන නිසා ඉස්සරහටම ගියා.
නමුත් ඒ ගමනත් වැඩි වෙලා යන්න ලැබුනේ නෑ.එනසාල් වගාවක් එක්ක පාර අතුරුදහන් වුනා.
මේ වෙලාවේ මගේ යාළුවා,අපේ එක සගයෙක් එක්ක එතනින් ඉදිරියට ගියා, මමත් අනිත් සගයත් එතන නතර වුනා.විනාඩි 20 විතර වටේ කැරකිලා කිසිම පාරක් නෑ, පෙනෙන විදිහට අපි වාඩියෙන් ගොඩක් ඈත් වෙලා ඉන්න සොබාවයක් තමයි පෙනෙන්නට තිබුනේ.එක නිසා අපිට ඉතුරු වෙලා තිබුණු අවසාන විසඳුම වුනේ අපි පැමිණි අඩිපාරේ නැවත පස්සට යන එක.
ඒ තීරණයත් එක්ක නැවත පස්සට හැරුණු අපි දිගටම ඇවිදින් එක්තරා අති සුවිශේෂී ස්ථානයකට පැමිණුනා.විශ්වාස කරන්න ජයග්‍රාහි 05 වෙනි වතාවටත් අපි කැඩුණු කෝප්පය අසලට පැමිණුනා.
හිතා ගන්නකො ඒ වෙලාවේ ඇති වුනු අවාසනාවන්ත,බලාපොරොත්තු රහිත හැඟීම.
නමුත් සොබාදම් මාතාව හැම මොහොතකම අපිව අතරමන් කලේ නෑ, අපි එක්කම හිටියා.
නමුත් අපේ මෝඩ,අලස අපරික්ෂාකාරී බව නිසාම ඒ බව අපට වැටහුනේ නෑ.
මම එහෙම කියන්නේ ඒ කැඩුණු කෝප්පය එක්ක ඉන්නක තිබුණු පෝර උරය අසලින් හරි කෙලින් ඉදිරියෙන් කුඩා අඩිපාරක් තිබෙන බව අපි අන්න ඒ පස් වෙනි අවස්ථාවේ තමයි දැක්කේ.කලින් අවස්ථා හතරේදීම ඒ බව අපි දැක්කේ නෑ, මොකද අපි ඒ සලකුණ හරි හැටි ඔලුවේ
තියාගෙන නොහිටපු නිසා.අවසානයේ ඒ අඩිපාරේ දිගටම ගිහින් ජයග්‍රාහි ලෙස KMP වාඩියට එද්දී හරියටම හවස 3 කිට්ටුයි.
KMP වාඩියට නැවත එද්දී හවස 3 කිට්ටු වෙලා... මේ තියෙන්නේ වාඩියට පෙනෙන කන්ද..
ඊට පස්සේ අපි නැවතත් මෝඩ කමක් කළා මිත්‍රවරුනි. මෙතෙක් වෙලා සිදුවුණු පාඩම් වලින් ඉගෙන නොගත්තක් ලෙසම අපි නැවතත් කාලය ගැන තක්සේරු නොකර නැවත බඹරැල්ල බලා එන්න
පිටත් වුනා.නමුත් මම මේ තීරණයට විරුද්ධ වුනා. මොකද ඒ වෙලාවේ ඇවිද ගන්න බැරි තරමටම මගේ කකුල ඉදිමිලා අපහසුවෙන් උන්නේ.මාව වාඩියේ තියල ඔහෙලා පිටත් වෙන්න කියල මම ඉල්ලා හිටියත් මගේ මිත්‍රයා එකඟ වුනේ නෑ.කෙසේ හෝ අපි නැවත පිටත් වෙලා එදින රාත්‍රිය ලෙබනන් වත්තේ ඉම්මු කියල මගේ මිත්‍රය පෙරැත්ත කළා.ඒ අනුව හරියටම හවස 4.45 අපි නැවත වාඩියෙන් පිටත් වුනා.ගමනේ මුල මම....මගේ වේගය සියල්ලන්ගේම වේගය.
අපි පැය 2 කිසිම කරදරයක් නැතුව ඉදිරියටම පැමිණියා. හරියටම 7 පහුවෙලා ඉස්සරහට යද්දී නෙලූ ගාලක් එක්ක අපිව නැවත කැලේ අතරමන් වුනා.අඩිපාර වෙනුවට වතුර ගලායන දොළක් දිගේ යන බවක් තමයි අපිට තේරුනේ.මෙවැනි වෙලාවට ඉතාම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ කියන එක මම අත්දැකීමෙන් දන්නවා.එක නිසා මම මගේ යාලුවට හිමිට පැත්තකට කරලා කතා කළා.....
'' මචන් මෙතනින් ඉස්සරහට යන එක මෝඩ කමක්.අපිට ඉන්න කියල හොඳ තැනකුත් නෑ ..
අපි හිටපු තත්වේ අන්තිම නරක වෙලාවක්. එක නිසා අපි හැරිලා වාඩියට යමු. මොකද මේ වෙලාවේ අපි දන්න එකම පාරඑක විතරයි.කීය වුනත් කමක් නෑ හිමින් හිමින් යමු.මේ වෙලාවට මතභේද ඇති වෙන්න දෙන්න නරකයි.මොකද ප්‍රශ්නයක් වෙලා කාට හරි කරදරයක් වුනොත් හැමෝටම එක නරක විදිහට බලපානවා''.
කොහොම හරි අපි කතා වෙලා නැවත ඒ රෑ වාඩිය බලා පිටත් වුනා.කොහොම හරි වාඩියට එද්දී රෑ 10 විතර ඇති.ඒ ඇවිදින් සපත්තු ගලවනකන් මම නෙමේ එක කූඩැල්ලෙක් ගලවන්න උනන්දු වුනේ.කොහොම හරි අපි ඔක්කොගෙම කකුල් වල කූඩැල්ලෝ 20, 30 විතර හොඳට පෝෂණය වෙලා හිටියා.ඒ වෙද්දී අපේ හොඳ පණ ගිහින්. මට නිකන් කලන්තේ වගේ ගතියක් දැනුනු නිසා
වතුර ටිකක් බීල, සමපෝෂ ගුලියක් හදන් කෑව.එදා මුළු දවසටම කාපු දෙවෙනි කෑම ටික එච්චරයි.කොහොම හරි එදා රෑ අපි වාඩියේ නිදා ගත්තේ පහුවෙනිදා උදේ 05 විතර ඇහැරෙමු කියල වෙලාව තියාගෙන.නමුත් මහන්සිය නිසා පහුවෙනිදා ඇහැරෙද්දි උදේ 7 පහු වෙලා.
අන්තිමේදී බඩුමුට්ටු ඔක්කොම ආපහු උස්සගෙන අපි පල්ලම් බහින්න පටන් ගත්තා.කූඩැල්ලෝ එක්ක මොනතරම් තරහක් තිබුනද කිව්වොතින් මම ලුණු පොට්ටනියක් හදාගෙන පොඩි බෝතලයකට ගෙනිච්ච පෙට්‍රල්වලින් සැරින් සැරේ පොට්ටනිය තෙමාගෙන තමයි කූඩැල්ලන්ට සැලකුවේ.
( කිසිම වෙලාවක එහෙම කරන්න එපා මොකද තුවාල වලට පෙට්‍රල් දාන්න හොඳ නෑ )
කොහොම හරි 03 දවසේ දවල් 2 විතර වෙද්දී කකුල් වලින් ලේ පෙරාගෙන අපි බඹරැල්ල ට ඇවිත් එතනින් නුවර හරහා කොළඹ ආව.අපේ තුන්හිස්ගල සවාරිය ඔය විදිහට ත්‍රාසජනක විදිහට නිමා වුනා.
ගමනේ වඩාත් සුන්දරම අවස්තාව පැමිණියේ ගෙදරත් ගිහින් පොටෝ ටික බලද්දී තමයි.
සමස්තයක් විදිහට දවස් 03 ගමනක් වුනාට මගේ කැමරාවෙන් ගත්තේ පොටෝ 66 විතරයි.
ගමනේ වඩාත් වැදගත්ම පොටෝ එක වුනේ අපි 05 වතාවක් එකම තැනට වැටුණු ඉන්න උඩ නමපු පෝර උරය තිබුණු මග සලකුණයි.කලින් දවසේ මහතුන් අයියා අපි එක්ක එතනට ඇවිත් අපිට කිව්වා '' මල්ලි පෝර බෑග් එක ගාවින් උඩට දිගටම රණමුරේ පාර, මේ ඉන්න ගාවින් දකුණට මල දොළ දිගේ උඩට කන්දට කියල''. ඒ වෙලාවේ අපි දෙන්නම ඒ සලකුණ පොටෝ ගැහුවා.
පහුවෙනිදට ඕනේ වෙයි කියල හිතල.පහුවෙනිදා අපිව 05 වතාවක් කැරකිලා වැටුනේ
එතනට. නමුත් එතන බිම අපි කලින් දවසේ නොදැක්ක කැඩුණු කෝප්පයක් තිබුණු නිසා අපි එක වරදවා වටහා ගත්තා.නමුත් මිත්‍රවරුනි අපි ගෙදර ඇවිත් පොටෝ බලද්දී තමයි දැක්කේ අපේ පොටෝ වලත් ලස්සනට ඒ කෝප්පය තියෙනවා කියල.ඒ වෙලාවේ තමයි ඉතින් අහවල් එක හපාගෙන මැරෙන්න හිතුනේ.කොහොම වුනත් ඒ ඉගෙන ගත්ත පාඩම - හැම විටම මග සලකුණු පොටෝ ගහල හෝ පින්තුර අරගෙන හෝ ඒවා ඔස්සේ යන්න. එවිට මග නොවරදීවි.''
ආයෙත් වතාවක් මම පෙන්නන්නම් මේ තියෙන්නේ ඒ ජයග්‍රාහි පින්තුරේ....

බොහොම ත්‍රාසජනක,අත්දැකීම් වලින් පිරුණු ගමනක් ඔය විදිහට නිමා වුනා.නමුත් මගේ හිතට නම් ලොකු අඩුපාඩුවක් දැනුනා මොකද ඒ සුන්දරත්වය, අවට පරිසරය, සිත්සේ දැකගන්න නොලැබුණු නිසා.ඒ නිසාම පහුගිය මාර්තුවේ මම බොහොම අවදානම් සහගත තීරණයක් අරගෙන එදා දකින්න නොලැබුණු සුන්දරත්වය දකින්න නැවත කළුපහන බලා ගියා. නමුත් ඒ වතාවේ මම කිසිම කෙනෙක් ඒ ගමනට සම්බන්ධ කර ගත්තේ නෑ. දවස් 05 ( Solo trip ) හුදෙකලා ගමනක් විදිහට නකල්ස් කඳුකරේ තනියෙම දවස් 05 ගත කළා. ඒ ගමනේදී මම තුන්හිස්ගල කන්දත් නැග්ගා.
උදේ වරුවක, තනියෙම්ම.ඒ අවස්ථාවේ නම් මට ඒ සුන්දරත්වය ඒ විදිහටම දකින්න ලැබුන.
ඉතින් මේ හූයේ අවසානය විදිහට ඒ වෙලාවේ ගනිපු පොටෝ කිහිපයක් ඇතුළු කරන්නම්......
මෙන්න මේ මුදුනේ පොලවේ තමා අපි නිදා ගත්තේ...
එහෙනම් කට්ටියට ජය වේවා...
සුන්දර ත්‍රාසජනක චාරිකාවකින් හමුවෙමු.

Last edited: