බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,726
    30,724
    113
    බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

    එලකිරියේ වාහන ගැන,සල්ලි කාරයෙක් වෙන හැටි,බිස්නස් කරලා ගොඩයන හැටි ,emoney ගැන වගේ දේවල් ගැන සුපිරිම ත්‍රෙඩ් වැටිලා තියනවා අනිත් මෙම්බර්ස්ලත් ඒකට තව අදහස් එකතු කරලා ඒ ඒ මාතෘකාව ගැන A-Z විස්තර කරලා හරවත් සංවාද ඇති කරලා තියනවා අද මම කතාකරන්න යන්නෙ එලකිරියෙ වැඩිය ක‍තා නොකරපු ටොපික් එකක් ගැන ඒ තමයි ලංකාව ඇතුලෙ බලවත් පුද්ගලයෙක් වෙන්නෙ කොහොමද කියන එක

    මුලින්ම බලමු මේ "බලය" කියන්නෙ මොකද්ද කියලා කවුරු මොනවා කිව්වත් ලංකාව ඉන්දියාව වගේ රටවල් වල හැමදේම වෙන්නෙ contacts වලටනෙ බං රස්සාවක් සෙට් කරලා දෙන එකේ ඉදන් දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පාස් කරගන්න එක දක්වා ඔක්කොම සීන් දුවන්නෙ contacts උඩ...එතකොට බලය කියන්නෙ සාමාන්‍ය ක්‍රමයට පටහැනිව contacts පාවිච්චි කරලා ලේසියෙන් පහසුවෙන් වැඩ කරගැනීම වගේ කියලා අර්ථදක්වගන්න පුලුවන් අර්ථදැක්වීම් දාපන් බල්ලට මේකෙ ප්‍රැක්ටිකල් සීන් එක මොකද්ද කියලා බලමු...ලොකු ලොකු contacts නැතත් නිකමට හිතහන් උබ ටවුන් එකේ ට්‍රැෆික් OICව අදුරනවා කියලා එතකොට ඒ ඒරියා එකේ ලයිසන් නැතුව මාට්ටු උනත් ඉරිපිට ඉරි කැපුවත් 90%ක්ම දඩ නොකා ශේප් උනහැකි,තව උබ හොස්පිට්ල් එකේ නර්ස් කෙනක්ව අදුරනවනං සාමාන්‍ය ලෙඩ්ඩු බලන වෙලාවෙ නැතුව ඕන වෙලාවක හොස්පිට්ල් එක අස්සට රිංග ගත්තැහැකි ඔයවගේ ඒවත් contacts මගින් බලය ප්‍රායෝගිකව භාවිත කල අවස්ථා කියලා අපිට හදුන්වන්න පුලුවන්

    "එහෙම කොහොමද කරන්නෙ නීතියනං නීතිය ඒක හැමෝටම එකක් වෙන්න ඕන අපි බලය අයුතු විදිහට පාවිච්චි කරන්න හොද නෑ ඒ වගේම වෙන උන්ට එහෙම බලය අයුතු විදිහට පාවිච්චි කරන්න දෙන්න බෑ සාධාරණ සමාජයක් ගොඩනගන්න ඕන මේ සිස්ටම් වෙනස් කරන්න ඕන"වගේ ටෝක්ස් ඉෂූ කරන බුවාලා ප්ලීස් අර කොනට වෙයව්...එහෙම හැම එකාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන පට්ට සාධාරණ සමාජයක් හැදිලා සිස්ටම් වෙනස් වෙනවනං අපිත් කැමතී ඒත් යකෝ මේක ලංකාව මේ සිස්ටම් කවදාවත් හදන්න බෑ බං ඒවා DNA වලටම බැහැල තියෙන්නෙ අපිට මේ ගෙන්දගම් පොලවෙ පය ගහලා ඉන්නනං කරන්න තියන එකමදේ ඒ ක්‍රමයට අනුවර්තනය වෙන එක

    කන්ටැක්ස් වල පවර් එක කොච්චරද කිව්වොත් ඕනම එකෙක් බයයිනෙ මොකක් හරි රෙද්දකට හිරේ යන්න (ලංකාව ඇතුලෙ ඔබ වරදක් කරත් සිරාවටම අහිංසකයෙක් උනත් ඇතුලට යාමට ලොකු සම්භාවිතාවක් තිබේ) කන්ටැක්ස්/බලය නැති අහිංසකයෙක් මාස 6කට හරි ඇතුලට ගියොත් වෙන්නෙ ඇතුලෙ ඉන්න පක්කුන්ගෙනුයි ජේලර්ලගෙනුයි ගුටි කකා උන්ගෙ වැඩ කරලා දීලා තව පුකත් පලාගෙන ලෙඩත් හදාගෙන එලියට ඇවිල්ලා ජීවිතේම කාලකණ්ණි කරගන්න ඒත් පොලිසියෙ ලොකු පොරකගෙයි , බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තදයෙක්ගෙයි,පට්ටම ලෝයර් කෙනෙක්ගෙයි කන්ටැක්ස් තියන බුවෙක්ට මාස හයකට වගේ හිරේ වැටෙන්න සෙට් උනත් පොලිසියෙ බුවා පොලිසිය පැත්තෙන් කරන්න පුලුවන් උපරිම සප් එක දෙනවා බන්ධනාගාරෙ බුවා ඒපැත්තෙන් සප් එක දෙනවා ලෝයර් කාරයා නීතිය නවලා දෙනවා උන්ටික එකතුවෙලා එහෙම කන්ටැක්ස් තියන බුවෙක්ට ආතල් එකේ බන්ධනාගාර රෝහලේ මාස හයම කිසි අවුලක් නැතුව අදින්න සෙට් කරලා දෙනවා තව දේශපාලන තදයෙක්ගෙත් කන්ටැක්ස් තිබ්බනං කොරම තමා ඒකියන්නෙ ලංකාව / ඉන්දියාව වගේ රටවල්වල බලය ඕන වෙන්නෙ එක එකාට පාට් දාන්න නෙවෙයි තමන්ගෙ ආත්මාරක්ෂාවට

    දැන් තොපි හිතනවා ඇති හරි හරි බං ඔය ඔක්කොම ඇත්ත ඒත් ත්‍රෙඩ් දාගෙන පුක ඉරාගෙන දැගලුවට වැඩක් නෑනෙ බං බලෙන් බලවත් බුවෙක් වෙන්න බෑනෙ කන්ටැක්ස් කියන ඒවා බලෙන් හදාගන්නෙ කොහොමද ඒවා කනාවට සෙට් වෙන චාන්ස් කියලා නෑ බං මට හිතෙන විදිහට බලවත් බුවෙක් වෙන එකත් කලාවක් හරියට ආට් එක දන්න එකා කොතන ගියත් ගොඩ නිකං හිතපන් ඔන්න නුවර පැත්තෙ ගමක ඩයල් එකක් ඉන්නවා ඌට අවුරුදු 30යි ඌ උපන්දා ඉදලම ඒ ගමේමයි ඉදලා තියෙන්නෙ කියලා,ඔන්න ඒගමේ කෙල්ලෙක්ව බැදලා ගාල්ල පැත්තෙ බුවෙක් ඒ ගමට පදිංචි වෙන්න එනවා කියලා හිතහන් ඌ කලින් නුවර පස්පාගලවත් නෑ කියලා හිතහන්කො උටත් අවුරුදු 30යි හැබැයි බුවා ඇක්ටිව් ඩයල් එක හොදට මිනිස්සු ආශ්‍රය කරනවා ගමේ වැඩවලට දානෙට මරණෙට මගුලට බැහැල වැඩ කරනවා උට පුලුවන් දේවල් වලින් මිනිස්සුන්ට බැහැලම උදව් කරලා ගමේ විතරක් නෙවෙයි නුවර ටවුන් එකේ පවා කන්ටැක්ස් හදාගන්නවා ඔන්න ඔහොම අවුරුදු 3 ක් 4 ක් යද්දී ඌට අර උපන්දා ඉදන් ගමේ හිටිය එකාට වඩා කන්ටැක්ස් හැදිලා අරූට වඩා ඒ ඒරියා එකේ ඕන ගේමක් සටස් ගහල මූට ගහගන්න පුලුවන් වෙලා තියනවා ඇයි එහෙම වෙන්නෙ මොකද අර ගාල්ලෙ බුවා කන්ටැක්ස් හදාගන්න බලවත් බුවෙක් වෙන ආට් එක දන්න හින්දා තව ඔය ආට් එක හොදටම දන්න බුවාලා තමා ඔය හොර ජාවාරම් එහෙම කරන ඩයල් බඩු පොට් එහෙම කොච්චර තහනං උනත් කිසි අවුලක් නැතුව තාම දුවන්නෙ උන් හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන ඉන්න හින්දා ඉතිං එලකිරියෙත් ඇතිනෙ ඔය බලවත් බුවෙක් වෙන කලාවෙ කෙල පැමිණි බුවාලා ලංකාව ඇතුලෙ බලවත් වෙන්නෙ කොහොමද දේශපාලන තදයන්ගෙ පොලිස් ලොක්කන්ගෙ ඉදන් ඒරියා එකේ මැරයෝ දක්වා කන්ටැක්ස් හදාගන්නෙ කොහොමද ට්‍රික්ස් ක්‍රමවේද මේකට අදාල තවත් අමතර කරුණු ඔක්කොම මේ ත්‍රෙඩ් එකේ කතාකරමු...මොකද ලංකාව ඇතුලෙ චාටර් නොවී රස්තියාදු නොවී හරියට වැඩක් කරගන්න එක එකාට දෙකට නැමෙන්නැතුව කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනෙනං මේ බලය/කන්ටැක්ස් කියන දේ අනිවාරෙන් ඕන වෙන හින්දා.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,724
    113
    මෙහෙම ටෝක් දුන්නට බලවත් බුවෙක් වීමේ වැදගත්කම තේරුනාට බලවත් පුද්ගලයෙක් වෙන කලාව ගැන මටනං ලොකු දෙයක් කියන්න බෑ මොකද මම තවම ඉගෙනගන්න අනාත කුකුලෙක් හින්දා හැබැයි මෙන්න මේටික කියන්නං මුලින්ම හොදට සල්ලි හොයපන් කන්ටැක්ස් නැති තැන්වලින් පවා වැඩ කරගන්න 60%ක වගේ චාන්ස් එකක් තියනවා සල්ලි විසිකරන්න පුලුවන්නම් අනික කන්ටැක්ස් හදාගන්ත් සල්ලි විසිකරන්න වෙනවා ඒහින්දා බලවත් බුවෙක් වෙන්න ඕනෙනං කරන්න ඕන පලවෙනි දේ සල්ලිකාරයෙක් වෙන එක කියලා තමා මට හිතෙන්නෙ....තව නීති ප්‍රශ්නයක් වගේ ආවොත් පොලිසියෙ කන්ටැක්ස් බන්ධනාගාරෙ කන්ටැක්ස් හදාගන්න විදිහ නං මම දන්නෑ හැබැයි ලෝයර් කෙනෙක්ගෙ කන්ටැක්ස් නං අපිට හදාගන්න පුලුවන් සල්ලි තියනවනං හොද ලෝයර් කෙනෙක්ව ෆැමිලි ලෝයර් විදිහට තියගනිං දෙයක් උනහම ලෝයර්ලා හොයනකොට පෙරහැර ගිහිං ඉවරයි කලින්ම කන්ටැක්ස් තියන ඩෑල් එකකට පොලිසියෙන් අරං ගිය ගමන් ටෝක් දුන්නැහැකි මම මගෙ ලෝයර් ආවට පස්සෙ කටඋත්තරේ දෙන්නං කියලා එහෙම ලෝයර්ගෙනුත් අහලා කටඋත්තරේ දුන්න කියන්නෙ එතනම ගේමෙන් 70%ක් ගොඩ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් කොන්ටෑකට් නැතුව බෑ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ලෙගො පිස්සොන්ට ලෙගො චරිත තියනවා 430 එක කැල්ලක් පොතත් එක්කම​.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් කොන්ටෑකට් නැතුව බෑ.

    සිරාවට බන්...සහතික ඇත්ත
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් contact නැතුව බෑ.


    :yes::yes::yes:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,221
    9,702
    113
    කන්ටැක් තියනව කියන එක බලය තියෙන්ව කියන එකට අදාල ඇති ඒත් මට දැනෙන්නෙ ඊට වඩා දෙයක් තියෙන්ව කියල ! :yes: