ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොත
එක් ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොතක්"
ජනවාරි 05
සඳුනි මිස් අද උදේ මට ඩයරියක් දුන්නා. මම කවදාවත් ඩයරියක් ලියලා නෑ..මොනවා ලියන්නද කියලා තේරෙන්නෙ නෑ.. බලමු මොනාහරි ලියන්න
ජනවාරි 06
වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා...තව පොඩ්ඩෙන් කාර් එකක වදිනවා..පිස්සු යක්කු මුන්...ත්‍රී වීල් එකක් පාරෙ යනවනම් පරිස්සමෙන් යන්න දැන ගන්න ඕන නේ...
ජනවාරි 07
අදත් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්ව...අද නම් කිසිම අවුලක් නෑ...ඒක නිසා අද කාටවත් බනින්න වුනේ නෑ...එහෙම වුනාමත් මට නිකන් අවුල් වගේ
ජනවාරි 08
වන් වේ පාරක අනිත් පැත්තෙන් මම දැම්මා...එහෙම දැම්මෙ නැත්නම් මට හෙණ වටයක් ගහන්න වෙනවා..වෙලාවට පොලීසියෙන් හිටියේ නෑ..
ජනවාරි 09
ඉස්කෝලේ අරින වෙලාවට මාර ට්‍රැෆික්...අස්සෙන් අස්සෙන් දාල කොහොමහරි ආවා....මේ කාර් කාරයෝ තමා පාරෙ ට්‍රැෆික් හදන්නෙ....අපි නම් අස්සෙන් දාලා යන නිසා ට්‍රැෆික් නැති කරනව...මේ කාර් කාරයොන්ට කව්රු ලයිසන් දෙනවාද මන්දා...අපේ රට ඉතින් කවදා හැදෙයිද?
ජනවාරි 10
අද වමට සිග්නල් දාලා වමට හැරෙව්වා...තාත්ත අද ජීවතුන් අතර හිටියා නම් මම ගැන ගොඩක් සතුටු වේවි...මම ආයෙත් වැරැදියට එළවන්නෙ නෑ තාත්තෙ..මම පොරොන්දු වෙනවා....
ජනවාරි 11
දකුණට සිග්නල් දාලා වමට හැරෙව්ව
ජනවාරි 12
අද මරු වැඩක් වුනා. මම පාරේ යද්දි නෝනා කෙනෙක් හයර් එකකට අත දැම්මා..මම එක පාරටම අයින් කරලා නැවැත්තුව...පිටිපස්සෙන් ආපු කාර් කාරයා මට බැන බැන ගියේ නිකන් මම වැරැද්දක් කලා වගේ...මට මගේ වාහනෙ නවත්තන්න උන්ගෙන් අවසර ගන්න ඕනද? බෙන්ස් එකක් නිසා වෙන්න ඇති උගේ රෙස්පෙක්ට් එක
ජනවාරි 13
මම හවස ගෙදර ආවම දැක්කෙ..උදේ ගෙදරින් පාරට දාද්දි දාපු සිග්නල් ලයිට් එක තාම දාලා... දවසෙම දාලා තිබුන නිසා සිග්නල් ලයිට් එක පිච්චෙයි ද?
ජනවාරි 14
ඊයෙ දවසෙම සිග්නල් ලයිට් දාලා තිබුනා නිසා මම අද දවසටම සිග්නල් දැම්මෙ නෑ..මිනිස්සු බැන බැන ගියාට උන් දන්නෙ නෑ නේ ඊයෙ මට වුන දේ...

dont know who to give credits 