කෙට්ටු වීම රහසක්ද?......
මම ලියූ ලිපිට කියවූ බොහෝ මිතුරියන් මගෙන් කල ඉල්ලීම නිසා නැවත ලිපියක් ලියමි...මගේ ඩයටින් ප්ලෑන් එක මොකද්ද යන්න හැම දෙනාගෙම ප්‍රශ්නය විය....මා කල දේ ලියමි...කරුනාවෙන් සලකන්න මා ආහාර වේදනියක් නොවෙමි.වෙද්‍යවරියක්ද නොවෙමි...මා අත්දැකීමෙන් ලද දේ ලියමි...
ඔන්න 90ත් පැනලා හිටපු මම සම්පුර්න ශරීර හොරෙක් වුනෙමි.අඩි දහයක් ඇවිදින විට පරණ ඇංජිමක් ඇති වාහනයක් කන්දක් අදින ලෙස බඩගාමින් මා ගමන් කලෙමි...නිතරම බඩගින්න මා දවයි...බඩගිනී......බඩගිනි....
කෙට්ටු වීය යුතුයි යන්න මම මුලින්ම හිතුවේ මාගේ මිතුරෙකුගේ වචනයක් මුල් කරගෙනය....
එම වචනය නම්"නිලිය වාගේ හිටි උබ දැන් බලිය වාගේනෙ බං....."
මා දවා අලු කර මෙමෙ වචනය කෙට්ටුවීමට කම්මැලි මා පොලබවන ලදි...දැන් මට තේමා පාඨයක් ඇත.එය ඉංශ්‍රිසියෙන් yes I can වගේ දෙයක් නම් නෙමෙයි...මගේ තේමාව "බලිය නිලිය වීමේ මහා සංග්‍රාමය".....

# බලිය නිලිය වීමේ මහා සංග්‍රාමය......
1.බලිය කම්මැලිකමට තෝරා ගත් වැරදි මාර්ග
දැන් කෙසේ හෝ කෙට්ටු විය යුතුය.ගොඩින් එගොඩ වෙන්න හිතන් මමත් බොහෝ දේ කලෙමි...
*ග්‍රින් ටී පානය..
දවසේ තුන් හතර වේලක් ග්‍රින් ටී පානය කල අතර ඒ මදිවට කුරුදු තේද පානය කලෙමි.සිද්ධි නම් තේ වර්ගයක්ද බීවෙමි.මී පැනි බීවෙමි.දෙහි පානය කලෙමි...ඉගුරු ඉස්ම බීවෙමි.තව වෙලද පොලේ ඇති කෙට්ටුවීමට ගන්නා බෙහෙත් පෙතිද පානය කලෙමි...එකී...මෙකී ...නොකී සියලුම දේ පානය කලමුත් බලිය...බලියමයි....
* ආහාර පාලනය....
මා විසින් කල විශාල ගොන්කම් ටික මෙය වේ.
.මා ඕන කමින් කෑම වේල් මගහරින්නට විය.උදේ වේල නොකා හරි සතුටින් ඉන්න මට දවල්ට ඇට්ටි හැලෙන්න බඩගිනිය..හරි...දවල්ට බඩ පැලෙන්න කමි..රෑ නොකි ඉමි..මොන රෑටද මා කා ඇත.
රෑට නොකෑමට තීරනය කලෙමි.මම රෑටත් නොකන නිසා ඒ වේලත් අල්ලා දවල්ට දෙසුවෙමි....රෑට නොකා සිටීමද අසාර්ථක විය.
ඩයටින් පටන් ගතිමි...දින දෙකක් කරන විට එලවලුම කා මා හෙම්බත් විය...ඇටඟට පණ නැත...හිතටත් හරි නැත.....බඩගිනී....බඩගිනී.....ගෙදර සියල්ලන්ම කන කෑම දෙස බලා එලවලු ගිලින්නට මට නම් නොහැකි විය..දන්නවනේ මගෙ වැඩ....ඩයටින් නිසා හොරා කෑම නැවත ආරම්භ විය....එනම් මට හොරෙන් මා කෑවෙමි.....මට හොරෙන් මා තවත් මහත් විය....
2. ...බලියට නිවැරදි මඟ.....
බොහෝ දේ නිසා හෙම්බත් වූ මා ජිම් එක කරා ගියෙමි.එනම් දුක් විදීමට මා තීරනය කලෙමි.පෙර ලිපියේ පැවසූ ලෙස මා බොහෝ වේදනා විදිමින් පුහුනුකරුවන් පවසන දේ.කලෙමි.පිලිපැද්දෙමි....ඇඟේ වේදනාවට මා කලක් පෙනඩෝල් නොබීපු දවසක් නොමැති තරම්ය....සතියට දින 5 ක් කෙසේ හෝ පැයක් හරි මා ව්‍යායාම කලෙමි.
පුහුනුකරු පැවසූ වැදගත්ම දෙයක් මා හිතට ගත්තෙමි.එනම් ජිම් එකේ මා මැරුනද ගෙදර ගොස් යලි බඩපැලෙන්නට කයි නම් වසර 100ක් මා මේ උත්සාහය ගත්තද පලක් නැත...ආහාර මගින්70% හා ව්‍යායාම මගින් 30%ලෙස පවත්වා ගැනීම කෙට්ටුවීමේ රහස බව පැවසීය....
# ඩයටින් ප්ලෑන්වල මා අත්විදි අසාර්ථක කම්..
1.බර ආහාර ගත් අපට සරල ආහාර හුරු වීම ප්‍රායෝගික නොවීය....
එනම් අද පැලෙන්නට වේල් තුනම බත් කා හෙට සිට එලවලු පමණක් කනවා යැයි සිතීම මිරිගුවකි..සතියක් එය කල හැක.නමුත් ජීවත්ව සිටින තාක්කල්ම එය කල හැකිද?
අපද මනුෂ්‍යයෝය..ඇස දුටු ප්‍රිය දේ කෑමට අප ප්‍රිය කරති.බොහෝ අය ඩයටින් කරන්නට පටන් ගෙන මසක් දෙකක් යන විට එය නවත්වන අතර නැවත එම තත්වයටම එනු ඇත.හේතුව ආසියාතික අපට යුරෝපයේ කතුන්ගේ ඩයටින් ක්‍රම ගැලපෙන්නේ නැත.කුඩා කල සිට බඩ කට පිරෙන්න සැරට රසට කාපු අපි කොහොම එක පාරට මේ දේ අනුගමනය කරන්නද?...අප ශරීරයටද මෙම වෙනස දරා ගත නොහැක....මා එය අවබෝධ කර ගතිමි..තව දුරටත් මා ඩයට් පෑලෑන් පසුපස නොයමි.....එමෙන්ම එහි ඇති සියලු කෑම වර්ග නිවසේ නැති විට ඒ සදහා වෙනම කාලයක් වැය වන අතර ගෑනු අපි මොනවා වුනත් සැමියාට දරුවාට කටට රසට උයති.එසේ උයන අපට පලතුරු පමනක් කා දිවි ගෙවිය නොහැක.මොකද අපි කවුරුත් ආහාර වලට ප්‍රිය කරති.....එමෙන්ම වැදගත්ම දේ නම් ඩයටින් ප්ලෑන් එක කවදා වන තුරු අනුගමනය කරන්නද?
# බලිය අදුරින් ......එලියට.......
දිනපතා කන දේ ලිවීමට මාගේ පුහුනුකරු මා පෙලබවිය.මුල් කාලවලදී මම සමහරක් කාපු දේ නොලීවෙමි...එනම් හිත වැරදී බව දැන දැනත් මා කෑවෙමි....
පොතක ලිවීම තුලින් මා මාගේ වැරදි ආහාර රටා හදුනාගත්තෙමි..අවසානයේ මා ආහාර කීපයක් සමඟ තරහා වුනෙමි......
### තරහා වු ආහාර....
1.සීනි
2.කිරිපිටි
3.කේක්
4.චොක්ලට්
5.කෘතිම සියලුම බීම වර්ග
7.මැගී වැන රසකාරක යෙදූ කෑම.
8.පැණිරස කෑම වර්ග
9.බයිට් රටකජු වර්ග
10.සියලුම පොත්ත ඉවත් කල බත් වර්ග(සුදු බත්)
11.පිටි වලින් නිපදූ ආහාර.
මෙම ආහාර මාගේ පරම හතුරන්ය.දිනකට කිසිකලක පැනිරස කෑමක් කෑම අත් හලෙමි.මා ඩයටින් පෑලෑන් එකක් සදා ගතිමි.ගෙදර කන දෙයින් මමද කෑවෙමි.මේදේවල් ලංකාවෙදි මට අපූරුවට කරන්නට හැකිවිය.මොකද අපේ රටේ ඕනාතරම් ගුන ආහාර ඇත.ටින් ආහාර අපි අතර බහුල නැත.
#මගේ යාලු කෑම....
1.කොළ කැද
2.තම්බපු හාල් බත්.කුඩ්ඩ සහිත බත්
3.එළවලු
4.පලතුරු
5.මාලු
6.බිත්තර
7 මස්
8 මැල්ලුමක්
හා නිවසේ කෑ ඕනෑම ගුන දායි කෑමක්.....
දයාබර සොයුරියනේ සිහි තබා ගන්න අප සීනි තෙල් අඩංගු කෑම නොකා අපි සතු දෙයින්
අපගේ ආහාර වේල සකසා කන්න.එනම් සමබර ආහාර වේලයි නියම ආහාර පාලනය කරන්නෙකු කල යුතුතේ.නොකා සිටි පලියට අප කෙට්ටු වන්නේ නැත.මස් මාලු බිත්තර නොකා සිටීමෙන් වන සෙතක් නැත.කල යුත්තේ පමන දැන අගුන කෑම ඉවත්කර ආහාර ගැනීමයි....ඇත්තටම මම සදුදා එලවලු ,අඟහරුවාදා පලතුරු ලෙස මා නම් ආහාර නොගත්තෙමි..ගෙදර සදන දේ ගුනාත්මක ලෙස කෑවෙමි.....කිසිදා මා බඩගින්නෙන්ද නොපෙලුනෙමි.කෙට්ටුවීම මානසික වදයක් ලෙසද මට දැනුනේ වැරදි ආහාර රටා අනුගමනය කිරීමට ගොස්ය......කල යුත්තේ වැරදි දේ වටහා ගැනීමය......
උදාහරණයක් ලෙස ගන්න......
උදේ_____කිරි නොබී කැද ටිකක් බොන්න.නැත්තම් වතුර බොන්න...සීනි මහ ගොඩක් දාලා කිරි බොන්න එපා.විදේශ ගතවී සිටින අපට කොළ වර්ග කැද සදහා සොයාගන්න අමාරුයි.නමුත් ලංකාවේ සිටින අයට මෙය ඉතා පහසුයි...
උදේ___________
1 කඩල ,කවුපි හොදයි.
2කන්න අකමැතිනම් රතුඉදිආපුප 6ක් 8ක් කන්න.
3පාන් පෙති දෙකක් එක්ක බිත්තරයක් කන්න...
දවල්ට____________රතු කැකුලු හරි තම්බපු හාල් බත්ම කන්න.සුදු හාල් එක්ක අපි තරහයි.ගෙදර හදන එලවලුවක්,මාලු කෑල්ලක්, කොල මැල්ලුමක් එක්ක බත් ටිකක් කන්න...මස් වගේනම් තම්බන්න.පොල් කිරි වැඩිය දාන්න එපා එළවලු වලට...
රෑට___________________ බර ආහාර එපා.බත් නම් නොකන තරමට හොදයි.
1 එළවලු කන්න.නිකම් කන්න අප්පිරියනම් ලුනුමිරිසක් හදාගන්න.වැඩිය මිරිස් නොදා.
නැත්තම්
2 ඉදිආප්ප 5ක්..
3 ආප්ප 2ක්....
4 බිත්තර 2ක් තම්බබලා ඒ එක්ක එලවලු ටිකක් කන්න....
5 පලතුරු ජුස් එකකුත් හොදයි...
අංක වලින් මා දක්වා ඇති එක් ආහාර වර්ගයන් තෝරා ගන්න(දාලා තියන ඔක්කොම එකපාරනම් කන්න එපල්ලා....
)
සමබර ආහාර වේලක් අරගන්න ගත්තට පස්සේ මට ඩයටින් නිසා ඇති වෙච්ච පීඩාව අඩු වුනා.
දවසේ ආහාර වේලවල් වලට අමතරව එන හැම බඩගිනි වෙලාවටම මම හරියට පලතුරු කෑවා.කොමඩු වගේ දෙයක් කන්න.හොදට බඩ පිරුනා.....
සමබර ආහාර වේල නිසා මම දිනපතා කරන ව්‍යායාම හරි ශක්තියෙන් කරා.මොකද මට බඩගිනි නෑ.මට ශක්තිය තිබුනා..නරක ආහාර පුරුදු වලින් ඈත් වීම බලියට සමුදීමට මට විශාල පිටුවහලක් විය....
බර 60 kg වන විට මම සමහර දිනවල යහලුවන් සමඟ විවිද කඩකෑමද කා ඇත්තෙමි.ඒ ආසාවට.මාගේ ප්‍රමාණයට....එයින් මගේ බර වැඩි නොවීය.හේතුව එය මාගේ දිනපතා පුරුදක් නොවීමයි......
නිසිමඟපෙන්වීමෙන් ව්‍යායාම කලෙමි.නොකඩවා...මහන්සි නොවී ව්‍යායාම කල නොහැක....මහන්සියේ තරමට ප්‍රතිපල නිසැකයි......
සොයුරියෙනි වැරදි ආහාර වලින් ඈත් වෙන්න.ඩයටින් ප්ලෑන් එක ඔබම හදා ගන්න.දිනකින් සතියකින් බර බස්සන සිහින බොරු දේ නොකරන්න.එය සදා කල් ඔබට කල නොහැක.එම වැරදි මාර්ග වල ගොස් මා මෙන් පීඩා නොවිදින්න...නිවැරදි ආහාර ඔබට තියෙන ආකාරයට පිලිවෙල කරගන්න......මා කිව් තරහා විය යුතු ආහාර සමඟ දිගටම තරහා වී සිටින්න.......
බලියක් වී සිටි මා නිලියක් නොව්නද කාටත් මුහුනදිය හැකි පියකරු පෙනුමක් ලබා ගත්තෙමි.කිසි රහසක් නැත.කලේ මෙයයි......මා කිව්වාට කරලා බලන්න......අපිට පුලුවන්.......
FB eken issuwe