සොයා මිට්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    කොහොමද ගෙදරම රසට පිරිසිදුවට සොයා මිට් ටිකක් ගෙදර හදා ගන්න තිබුණා නම්🤗ඔන්න මම අද ගෙදරම සොයා මීට් හැදුවා.වෙලා තියෙන වෙලාවට සොයා මිට් ටිකක් හදලා තියා ගන්න. මාත් එහෙම හදල සුළං නොවදින ලෙස බෝතලයකට දමා තියා ගන්නවා.අවශ්ය වෙලාවට පාවිච්චියට ගන්න ලේසි.සතියට දවසක් මාත් කැමට සොයා මීට් එකතු කර ගන්නවා.

    සොයා ඇට 1kg
    කොත්තමල්ලි තේ හැදී 1ක්
    සුදුරු කුඩු තේ හැදී 1ක්
    මාදුරු කුඩු තේ හැදී 1ක්
    අසමෝදගම් කුඩු තේ හැදී 1ක්
    ලුණු ටිකක් අවශ්ය නම් ) කුළු බඩු නෑති ඒවා තමයි කඩවල තියන්නේ.මම හදපු විධිහට ගොඩක් රසයි!!!

    සාදන ක්‍රමය :

    සොයා ඇට ටික රැයක්‌ම පොගවා ගන්න.වතුර බේරාගත් සොයා ඇට වලට අනිත් ද්‍රව්‍ය ටිකත් එකතු කර ගන්න.එය අබරා ගන්න.පසුව තැටියක් අඩුම ගින්දරේ තබා ගන්න.සොයා මිශ්‍රනෙන් පොඩි පොඩි බෝල සදා තැටිය උඩ තබා හිමින් වෙලා ගන්න.ලංකාවේ නම් අවුවට තබා වෙලා ගන්න පුළුවන්.අවන් එකෙත් අඩුම රස්නෙන් වියලා ගන්න පුළුවන්.ඉතිං අලුත් අවුරුද්දේ අලුත් වැඩක් පටන් ගමුද? හදලා බලන්නකෝ එහෙනම් 😊

    පොඩි ලිපියකුත් ගෙනාවා කියෝලා දැනුවත් වෙමු

    නිර්මාං­ශි­ක­යන්ගේ මිතුරා සෝයා බෝංචි - Dinamina
    විශේෂාංග

    නිර්මාංශික ආහාර අතරින් සෝයා බෝංචි හා ඒවා යොදාගෙන නිෂ්පාදනය​ කරන ආහාරවලට ලොව පුරාම ඇත්තේ අධික ඉල්ලුමකි. නිර්මාංශිකයන්ගේ ආහාරවලට ප්‍රෝටීන එක් කරන ප්‍රධාන ආහාරයක් ලෙස සෝයා බෝංචි සැලකිය හැකි ය. ශ්‍රී ලාංකේයයන් ද බොහෝවිට සිය එදිනෙදා ආහාර වේලට සෝයා එකතු කර ගනී. ඈත අතීතයේ සිටම ආසියාතිකයන් විවිධ ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් සෝයා බෝංචි යොදා ගත්තේ,එහි තිබෙනවා යැයි සැලකෙන සෞඛ්‍යමය වාසි පිළිබඳ අවබෝධයක් ඇතිව ය.

    සෝයා බෝංචිවල

    පෝෂණ ගුණ

    සෝයා බෝංචි පෝෂණය අතින් ඉතා ම ඉහළ ආහාරයකි. සෝයා මෙහි අනෙකුත් බොහෝ රනිල බෝගවලට වඩා වැඩි ප්‍රෝටීන හා ලිපිඩ ප්‍රතිශතයක් අන්තර්ගතව ඇත. කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය අඩු ය. මේවා මඟින් ශරීරයට ලැබෙන කැලරිවලින් 35%-38% අතර ප්‍රමාණයක් ලැබෙන්නේ ප්‍රෝටීන් මඟින් ය. කිරි හා මාංශමය ආහාරවලින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන තරම් ම සෝයා ප්‍රෝටීනවල තත්ත්වය උසස් බව තහවුරු කර තිබේ.

    සෝයා බෝංචි මඟින් ශරීරයට ලැබෙන කැලරිවලින් 40% ක් පමණ ලැබෙන්නේ ලිපිඩ ලෙස ය. රට කජු වැනි භෝග හැරුණු විට, බොහෝ රනිල භෝගවල ලිපිඩ ප්‍රතිශතය 2%- 14% අතර අගයක් ගනී. බෝහෝ විට ආහාර කර්මාන්තයේදී සෝයා බෝංචිවල ඇති ලිපිඩ, ‘එළවළු තෙල්’ ලෙස භාවිත වේ.

    ලිපිඩ ප්‍රතිශතය වැඩි වුවත්, ඒවායින් බහුතර ප්‍රමාණයක් අසංතෘප්ත මේදය ලෙස භාවිත වේ. බහු අසංතෘප්ත මේද අම්ල වන ලිනොලෙයික් අම්ලය ද, ඒක අසංතෘප්ත මේද අම්ල වන ඔලෙයික් අම්ලය ද යහමින් ඇති මෙහි, සංතෘප්ත මේද අම්ලයක් වන පාමිටික් අම්ලය ද යම් ප්‍රමාණයකට අන්තර්ගත වේ. සෝයා බෝංචි සෞඛ්‍යයට ඉතා හිතකර ඔමේගා 3 මේද අම්ල අන්තර්ගත වන සීමිත ශාක ප්‍රභවවලින් එකකි.

    සෝයා බෝංචිවලින් ශරීරයට ලැබෙන අංශු මාත්‍රික මූලද්‍රව්‍ය සැලකීමේදී, කැල්සියම් විශේෂ ය. සකස් නොකරන ලද සෝයා කෝප්ප භාගයක කැල්සියම් මිලිග්‍රෑම් 88 ක් පමණ අන්තර්ගත වේ. ඒ කෙසේ නමුත්, සැකසීමේදී මේවා හානි විය හැකි අතර, ඊට පිළියමක් ලෙස කැල්සියම්වලින් පෝෂණය කරන ලද සෝයා ආහාර නිපදවේ.

    යකඩ ශරීරයට ලබා ගැනීමට ඉතා හොඳ මාධ්‍යයක් වුණත්, එහි ඇති ප්‍රෝටීන හා ෆයිටේට මඟින් බන්ධනයට ලක්වී තිබීම නිසා, ශරීරයට හොඳින් අවශෝෂණය කර ගැනීමට නොහැකි වේ. විටමින් සී සහිත ආහාරයක් ආහාර වේලට තදාසන්නව ගැනීමෙන් හෝ පැසවීමට ලක් කළ සෝයා ආහාර භාවිතයෙන්, මෙහි අඩංගු යකඩ හොඳින් අවශෝෂණය කර ගැනීමට හැකි ය. මීට අමතරව සෝයා ආහාර තඹ, මැග්නීසියම්, විටමින් බී සංකීර්ණයට අයත් නියැසින්, පිරොඩොක්සින් වැනි විටමින, විටමින් K හා තන්තුවලින් ද පොහොසත් ය. සැලකිය යුතු ප්‍රමාණයක සින්ක් ද අන්තර්ගත වූවත්, යකඩ වගේ ම ඒවා උරා ගැනීම , මෙහි අන්තර්ගත ප්‍රතිපෝෂක නිසා යම් ප්‍රමාණයකින් අවහිර වී තිබේ.

    සෝයා බෝංචි එම ස්වරූපයෙන්ම ද, ඒවා යොදාගෙන ආහාර වර්ග රාශියක් නිපදවා ගැනීමෙන් ද භාවිතයට ගැනේ. සෝයා නිෂ්පාදන ලෙස ටී.වී.පී හෙවත් සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නා සෝයා මීට්, සෝයා කිරි, අයිස්ක්‍රීම්, ටෝෆු, ටෙම්ෆේ, මිසො පමණක් නොව, සෝයා පිටි යොදාගන්නා ආහාර ද ලොව පුරා ජනප්‍රිය ය.

    සෝයා බෝංචි භාවිතයේ වාසි

    සෝයා බෝංචි හා ඒවා මඟින් නිපදවෙන ආහාර භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි රැසක් අත්කරගත හැකි ය.

    සෝයාවල අඩංගු ඉතා ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතය සිරුරට ඉතා හොඳ ප්‍රෝටීන සැපැයුමක් කරන නිසා, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා කාර්යයක්ෂම වේ. විශේෂයෙන්ම නිර්මාංශිකයෙක්ගෙන් මඟහැරෙන කිරි, බිත්තර,මාංශවලින් ලැබෙන ප්‍රෝටීන ලබා ගැනීමේ ඉතා ම හොඳ ශාකමය ප්‍රභවයක් හැටියට සෝයා ලොව ප්‍රකට ය. මීට අමතරව තන්තුවල බහුලත්වය නිසා ආහාරයේ ප්‍රමාණය ද සෝයා මඟින් වැඩි කරන අතර ශරීරයේ බර පාලනය කර ගැනීමට මහෝපකාරී වේ.

    සෝයා භාවිතය හෘද සෞඛ්‍යයටත් ඉතා ම හිතකර ය. මේදය වැඩි ප්‍රතිශතයක් අඩංගු වූවාට, ඉන් බහුතරය ශරීරයට හිතකර අසංතෘප්ත මේදය නිසා එමඟින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළයි. මේ සඳහා තන්තු ද දායක වන අතර හෘද සෞඛ්‍යයට හිතකර යන ඔමේගා 3 මේද අම්ලද මෙහි අඩංගු නිසා අධි රුධිර පීඩනය වැළඳීමේ අවදානමත් අඩුවේ. සෝයාවල අඩංගු අයිසොෆ්ලේවන් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ වේදනාව ද අඩු කිරීමට සමත් ය.

    සෝයාවල අඩංගු ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශතය නිසා පිළිකා අවදානමත් අඩු කෙරේ. සෝයාවල අඩංගු තන්තු ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු හා ක්‍රමවත් කරන අතර මළබද්ධය ද අවම කරන බැවින්, බඩවැල් ආශ්‍රිත පිළිකා අවදානම අඩු කිරීම ද සිදු කරයි.

    සෝයාවල අඩංගු කැල්සියම්, යකඩ, මැග්නීසියම්, තඹ, සෙලිනියම් හා සින්ක් වැනි අංශු මාත්‍රික මූලද්‍රව්‍ය ශරීරයේ විවිධ ක්‍රියාවලිවලට අත්‍යවශ්‍ය වන අතර, විශේෂයෙන් කැල්සියම් අස්ථි සම්බන්ධ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටත් ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ අවදානම අඩු කිරීමටත් දායක වේ. මේ අංශුමාත්‍රික මූලද්‍රව්‍ය දෙකම රතු රුධිරාණු සෛල නිෂ්පාදනය වීමෙහි ලා වැදගත් වේ. මෙහි අඩංගු මැග්නීසියම් හොඳ නින්දක් ලබා ගැනීමට උදවු වේ.

    සෝයා බෝංචි මඟින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිග්‍රාහකවල කාර්යක්ෂමතාව​ වැඩි කරන නිසා, දෙවැනි වර්ගයේ හෙවත් ප්‍රවේණිගත නොවන දියවැඩියාව අවම කරන බවට සාධක සොයාගෙන ඇත. තවමත් ඒ පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මකව ඇත.

    ඕනෑම දෙයක් නිසි පමණට වඩා පරිභෝජනය කිරීම අතුරු ආබාධ ගෙන දීමට හේතුවකි. කොතරම් සෞඛ්‍යයට සෝයා හිතකර ආහාරයක් වුණත්, නිසි පමණට වඩා පරිභෝජනය කිරීමෙන් අවාසිදායක තත්ත්ව ඇතිවි‍ය හැකි ය. දිනකට දෙතුන් වතාවකට වඩා වැඩි ප්‍රමාණවලින් සෝයා දිගින් දිගටම ආහාරයට ගැනීමෙන්, අවදානම් තත්ත්ව ඇතිවිය හැකි ය.

    සෝයා බෝංචිවල ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන සංයෝග අන්තර්ගතව ඇත. මේ නිසා, ඉතා බොහෝ ප්‍රමාණවලින් සෝයා අනුභව කිරීම නිසා, පුරුෂයන්ගේ හෝමෝන අසමතුලිතතා ඇති විය හැකිය.

    ලිපිය අන්තර්ජාලය ඇසුරින
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නිර්මාං­ශි­ක­යන්ගේ මිතුරා සෝයා බෝංචි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශා මරු බන්. Rep ++
    අසමෝදගම් කුඩු කිව්වේ මොනාද බන්?
    අව්වේ තියෙනවා නම් කොච්චර වෙලා විතර වේලාගන්න ඕනෙද ?
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Uba sahena kalayak ban wela hitiya ne ban.
    Ai a

    නැහැ බන්. මන් එළකිරි අවා බන්. වැඩියේ Active වෙලා හිටියේ නැහැ බන් එකයි.


    ශා මරු බන්. Rep ++
    අසමෝදගම් කුඩු කිව්වේ මොනාද බන්?
    අව්වේ තියෙනවා නම් කොච්චර වෙලා විතර වේලාගන්න ඕනෙද ?

    සතොසේ වගේ ගන්න තියෙන්වා.
    ( අසමෝදගම් ඇට අබරලා හදා ගන්න පුළුවන්.)

    එක හරියටම කියන්න අමාරුයි බන්. විනාඩි 10- 15 වගේ. වැඩියේ වේලෙන්න එහෙම දන්න එපා. අඩුත් නැති වැඩිත් නැති ගානට වගේ තමා ඕනේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෙන් 10;23433782 said:


    සතොසේ වගේ ගන්න තියෙන්වා.
    ( අසමෝදගම් ඇට අබරලා හදා ගන්න පුළුවන්.)

    එක හරියටම කියන්න අමාරුයි බන්. විනාඩි 10- 15 වගේ. වැඩියේ වේලෙන්න එහෙම දන්න එපා. අඩුත් නැති වැඩිත් නැති ගානට වගේ තමා ඕනේ.

    එල බන්.....කරලා බලන්න ඕනේ. සොයා ඇට කිලෝ එකකින් කොච්චර විතර ප්‍රමාණයක් හදන්න පුලුවන්ද බන් ?
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025





    11.gif