කතුන්ට තහනම් ශුද්ධ වූ කඳුවැටිය : ඒතොස්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කතුන්ට තහනම් ශුද්ධ වූ කඳුවැටිය : ඒතොස්

    මධ්‍යධරණී මුහුදට මුහුණලා ඊශාන දිග ග්‍රීසියේ පිහිටා ඇති ඒතොස් කඳුවැටිය සහ අර්ධද්වීපය, නැගෙනහිර ඕතඩොක්ස් නිකායට අයත් අතිශය වැදගත් ආගමික කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්වීම වරදක් නොවෙයි. පූජකවරුන් 20,000 කට පමණ නවාතැන් සපයන ක්‍රිස්තියානි ආශ්‍රම 20 කින් සමන්විත ඒතොස් කඳුවැටිය ඇතැම් විටෙක ඕතඩොක්ස් ක්‍රිස්තියානු ලෝකයේ ආධ්‍යාත්මික අගනුවර ලෙස ද සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 9 වැනි සියවසේ දී පමණ ප්‍රථම වරට ඕතඩොක්ස් පූජකවරුන් ඒතොස් කඳුවැටියට පැමිණ ඇති අතර ඔවුන් එතැන් පටන් අද දක්වා ම පවත්වාගෙන යන්නේ නොවෙනස් වූ චාරිත්‍ර මාලාවක්.
    Picture-117-680x443.jpg

    © Yiannis Papadimitriou

    මනරම් සිතුවමක් සේ දිස් වන ඒතොස් කඳුවැටියේ නෙත් පිනවන සුන්දරත්වය විඳීමට අවසර ඇත්තේ පුරුෂ පාර්ශවයට පමණ යි. ඒතොස් අර්ධද්වීපයේ වෙරළ තීරයෙන් මීටර් 500 ක සීමාව ඇතුළත භූමි ප්‍රදේශය ස්ත්‍රී පක්ෂයට තහනම් කර තිබෙනවා. මෙම නීතිය මිනිස් ලොවට පමණක් නොව සත්ත්ව ලෝකයට ද එක සේ බල පැවැත්වෙනවා. බොහෝ කාලයකට පෙර ඒතොස් කඳුවැටියට පැමිණි කන්‍යා මරියතුමිය, එය තමන් වෙතට පමණක් හිමි වන ලෙස ඉල්ලමින් යාඥා කර ඇති බවට පවතින විශ්වාසය මෙම නීතියට හේතුව යි. එසේ ම ඒතොස් කඳුවැටියට පැමිණෙන කාන්තාවන්, පූජකවරුන්ගේ අවධානය බිඳින බවට, ඔවුන් ව බ්‍රහ්ම චර්යාවෙන් ඈත් කරමින් වරදට පෙළඹවා ගැනීමට උත්සාහ කරන බවට සහ ඔවුන් ව පාපයට යොමු කරවන බවට ද විශ්වාසයක් පවතිනවා. මෙම නීතිය සහස්‍රයක පමණ කාලයක සිට බල පැවැත්වෙන බව යි වාර්තා වන්නේ.
    සොඳුරු දසුන් මවන කන්‍යා මරියතුමියගේ උයන

    Picture-216-680x382.jpg

    © Laurens Corijn

    ඇතැම් විටෙක ‘කන්‍යා මරියතුමියගේ උයන’ ලෙස හඳුන්වනු ලබන ඒතොස් කඳුවැටිය, ග්‍රීසියේ පිහිටා ඇති සුන්දරත ම ස්ථානයක් ලෙස යි සැලකෙන්නේ. චෙස්ට්නට් ගසින් සැදි මධ්‍යධරණී වනාන්තරයක් තුළ සැඟ වී ඇති එය හෙක්ටයාර 33,000 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. ක්‍රිස්තු වර්ෂ 1054 සිට නැගෙනහිර ඕතඩොක්ස් නිකාය වෙනුවෙන් ඒතොස් කඳුවැටිය සහ එහි ආශ්‍රම ලබා දුන් දායකත්වය සැලකිල්ලට ගෙන යුනෙස්කෝ සංවිධානය විසින් 1988 වර්ෂයේ දී එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.
    ඒතොස් කඳුවැටියේ පිවිසුම් දොරටුව වැටී ඇත්තේ ‘මුහුද අද්දර පිහිටා ඇති ස්වර්ගයේ නගරය’ ලෙස නම් ලද උරනොපොලිස් හරහා යි. බයිසන්ටයින් අධිරාජ්‍යයේ පාලන සමයේ සිට ම ස්වයං පාලිත රාජ්‍යයක් ලෙස සලකන ලද ඒතොස් හි ශුද්ධ වූ කඳුවැටිය ආශ්‍රිත ව රට වැසියන් 1,000 ක අධික සංඛ්‍යාවක් වාසය කරන බව වාර්තා වෙනවා. එසේ ම උරනොපොලිස් නගරය සැලකෙන්නේ උතුරු ග්‍රීසියේ පවතින මනරම් නිවාඩු නිකේතනයක් ලෙස යි.
    Picture-316-680x453.jpg

    © Catalin Vasile Tudora

    දිනක දී සංචාරකයන් 100 කට අධික ප්‍රමාණයක් පැමිණෙන ඒතොස් කඳුවැටිය, පූජනීය ස්ථානයක් පමණක් ම නොවෙයි. ඕතඩොක්ස් නිකායට අයත් බැතිමතුන් මෙන් ම සාමාන්‍ය සංචාරකයින් ද එහි දී දැක ගැනීමට ලැබෙන්නේ ඒතොස් කඳුවැටියේ දී දැක ගත හැකි සිතුවම් පරදන දසුන් නිසා බවට සැකයක් නැහැ. එසේ ම එහි සරල නවාතැන්පොළවල් සහ රසවත් ආහාර බහුල යි. නමුත් ආහාර පිළි ගැන්වීම සිදු කරනු ලබන්නේ ආශ්‍රමයන් හි සිදු කරන ආගමික චාරිත්‍ර සහ යාඥා මෙහෙයන් පවතින වේලාවන් පදනම් කරගෙන යි.
    ඒ අනුව පූජකවරුන් උපවාසයේ යෙදී සිටින අවස්ථාවන් හි දී ආහාර නොපිළිගන්වන අතර පූජකවරුන් මස් වර්ග අනුභව නොකරන බැවින් ඒතොස් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ අවන්හල් මාංශ ආහාර සැපයීම සිදු කරන්නේ නැහැ. එසේ ම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සති අන්තයේ දී ඔලිව් තෙල්, කිරි ආහාර, චීස් සහ මාළු අඩංගු ආහාර අලෙවි නොකරන අතර පූජකවරුන්ගේ ප්‍රධාන උපවාස සමයන් හි දී බැතිමතුන්ට මෙන් ම සංචාරකයින්ට ද පූර්ණ නිර්මාංශ ආහාර ගැනීමට සිදු වෙනවා.
    Picture-418-680x454.jpg

    © Rick Findler and Matt Fidler

    ඒතොස් කඳුවැටියේ සැඟවුණු තැන්

    ආශ්‍රම 20 කට සෙවණ සපයන ඒතොස් කඳුවැටිය සංචාරකයින් අතර ජනප්‍රිය එහි දී දක්නට ලැබෙන සුන්දර දසුන් හේතුවෙන් පමණක් ම නොවෙයි. යුනෙස්කෝ සංවිධානය විසින් එය කලාත්මක බිම්කඩක් (artistic site) ලෙස ද නම් කර තිබෙනවා. සියවස් ගණනක් පැරණි ගෘහ නිර්මාණ, බිතු සිතුවම් සහ ලී කැටයම් එහි දී දැක ගැනීමට හැකි යි.
    ශ්‍රේෂ්ඨ ලව්රාගේ ආශ්‍රමය

    ඒතොස් කඳුවැටිය මත ගොඩ නංවන ලද ප්‍රථම සහ විශාලත ම ආශ්‍රමය ලෙස සැලකෙන ‘ශ්‍රේෂ්ඨ ලව්රාගේ ආශ්‍රමය’ ක්‍රිස්තු වර්ෂ 963 දී ට්‍රෙබිසොන්ඩ් හි ඇතැනාසියෝස් නම් පූජකවරයා විසින් නිම වන කරන ලද්දක්. කුඩා මධ්‍යකාලීන නගරයක් මෙන් පෙනෙන එය කුලුනු 15 ක් සහිත ශක්තිමත් බලකොටුවකින් වටා වී ඇති අතර එහි දී දෙව්මැදුරු 37 ක් දැක ගැනීමට හැකි යි.
    Picture-517-680x536.jpg

    (© Dimboukas)
    ශ්‍රේෂ්ඨ ලව්රාගේ ආශ්‍රමයේ ප්‍රධාන පල්ලිය


    ශ්‍රේෂ්ඨ ලව්රාගේ ආශ්‍රමයේ දැක ගත හැකි තවත් සිත් ඇද ගන්නා ස්ථානයක් වන පොත් මැදිරිය සතු ව අත් පිටපත් 2,046 ක්, පුරාණ අත්පොත් 165 ක් සහ මුද්‍රිත ග්‍රන්ථ 30,000 ක් පවතිනවා. එසේ ම ධනයෙන් ආඪ්‍ය ආශ්‍රමයේ භාණ්ඩාගාරයේ දී දෙවැනි නිකෆොරොස් ෆෝකාස් නම් බයිසන්ටයින් අධිරාජ්‍යයාගේ කිරුළ සහ ආගමික පොරවනය, පූජකවරුන්ගේ ආහාර ගත් තැටි සහ සාන්තුවරුන්ගේ ශරීර ධාතු දැක ගත හැකි යි.
    සීගෝස්ගේ ආශ්‍රමය

    Picture-610-680x453.jpg

    (© Zarzonis Images)
    සීගෝස්ගේ ආශ්‍රමයේ නටඹුන්


    ක්‍රිස්තු වර්ෂ 991 දී පමණ මුල් වරට ගොඩ නංවන ලද ‘සීගෝස්ගේ ආශ්‍රමය’ කාලය සමග නටඹුන් ව ගිය ද මෑත කාලීන ව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. එය කැප කර ඇත්තේ එලයිජා නම් හීබෘෘ ශාස්තෘවරයා වෙනුවෙන්. ආශ්‍රමයේ නටඹුන් අතර කුලුනු 11 ක් සහ පල්ලියේ විශිෂ්ට කැටයම් සහිත කිරිගරුඬ බැම්මේ කොටස් දැක ගත හැකි යි.
    මයිලෝපොතමොස් වයින් නිෂ්පාදනාගාරය

    Picture-74-576x720.jpg

    © Ted Lelekas

    කාලයක් අභාවයට ගොස් පැවති යුරෝපය සතු පැරණි ම මිදි වත්තක් සහ වයින් නිෂ්පාදනාගාරයක් වන ‘මයිලෝපොතමොස් වයින් නිෂ්පාදනාගාරය’ 1990 වර්ෂයේ සිට යළිත් වරක් ක්‍රියාත්මක වන්නේ ශ්‍රේෂ්ඨ ලව්රාගේ ආශ්‍රමයේ අවසර ඇතු ව යි. හෙක්ටයාර 50 ක් පුරා පැතිරී පවතින මයිලෝපොතමොස් මිදි වත්ත වසරක දී ටොන් 60 – 80 ක පමණ මිදි අස්වැන්නක් ලබා දෙන බව සඳහන්.
     
    • Like
    Reactions: bruges

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    TFS. Rep denn balu.
    "You must spread some Reputation around before giving it to Idias again."
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනරම් සිතුවමක් සේ දිස් වන ඒතොස් කඳුවැටියේ නෙත් පිනවන සුන්දරත්වය විඳීමට අවසර ඇත්තේ පුරුෂ පාර්ශවයට පමණ යි. ඒතොස් අර්ධද්වීපයේ වෙරළ තීරයෙන් මීටර් 500 ක සීමාව ඇතුළත භූමි ප්‍රදේශය ස්ත්‍රී පක්ෂයට තහනම් කර තිබෙනවා. මෙම නීතිය මිනිස් ලොවට පමණක් නොව සත්ත්ව ලෝකයට ද එක සේ බල පැවැත්වෙනවා.


    මම කියුවනෙ කතෝලික ආගමේ කාන්තවන්ට සලකන්නෙ පහත් විදිහට කියල...දැක්කද රිදෙයි මේවට සෑහෙනට...