LET's OVERCOME GASTRITIS-ගැස්ට්‍රයිටිස්
මේ උපදෙස් පිළිපැදලා කරදරකාරී ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වයෙන් වැළකෙන්න
අම්ලපිත්තය එහෙමත් නැත්නම් කවුරුත් දන්න ගැස්ට්‍රයිටිස් හෙවත් ගෑස් කියන්නෙ මහ කරදරකාරී රෝගී තත්ත්වයක්. අද කාලෙ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ රෝගී තත්ත්වය බහුලව දැකගන්න පුළුවන්. මේ රෝගී තත්ත්වයට හේතු සහ ගැස්ට්‍රයිටිස් වලට වැට බඳින්න උදව්වක් වෙන දේවල් කීපයක් ගැන කියන්නයි මේ හදන්නෙ. හැමදාමත් වගේ අදත් මතක් කරනව ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක්ට නම් රෝගයෙන් වැලකෙන්න මේ තොරතුරු උදව් උනත් ඔබට දැනටමත් ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් රෝගී තත්ත්වයන්ට ගොඩ වෙදකම් කරන්න ගිහින් ලෙඩේ දෙක කරගන්නෙ නැතුව අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න. විවිධ පුද්ගලයන්ගේ විවිධ රෝග ස්වභාවයන් සහ සෞඛ්‍ය තත්ත්වයන් තියෙන නිසා පොදුවේ මේ කියන හැමදේම ඔබට නොගැලපෙන්නට පුළුවන්.
1. ගැස්ට්‍රයිටිස් ඇති වීම
Source – camnangaz.com
ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතු කීපයක්ම බලපානව. ක්‍රමවත් ආහාර රටාවක් නැති වීම, ක්ශණික ආහාර වලට හුරු වීම, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, ගන්නා ආහාර හොඳින් සැපීමක් නොකර කලබලයට ගිල දැමීම, අධික මත් පැන් පානය, නිතර වමනය කිරීම, ඇතැම් බෙහෙත් වර්ග, මානසික පීඩනය වගේ හේතු නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. කුමන හේතුවක් නිසා ඔබට මේ රෝගී තත්ත්වය ඇති වී ඇතිදැයි දැනගන්න ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මීට අමතරව පහත හේතු නිසාත් ඔබට මේ ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්.
බැක්ටීරියාමය තත්ත්වය – Helicobacter Pylori කියන ඒක සෛල බැක්ටීරියාව හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන්.
පිත ප්‍රතිවාහය – ආහාර ජීරණය පහසු කරවීමට ආමාශගතව ඇති පිත ආපස්සට ඒම නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති විය හැකියි.
බැක්ටීරියා සහ වෛරස් ආසාදන නිසාද ගැස්ට්‍රයිටිස් ඇති විය හැකියි.
2. ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවද?
Source – manic-botanic.com
බඩේ වේදනාවක්, බඩ පුරවා දැමීමක්, වමනය තත්ත්වයක්, නිතර උද්ගීරනය (ගුඩුස් යෑම.), පපුව ආශ්‍රිත වේදනාව, බඩ දැවිල්ල, අජීරණය, හිස රදය සහ අම්ල රසට උගුරට ඒම ගැස්ට්‍රයිටිස් වල බහුලම රෝග ලක්ෂණයි. බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් වලට එන පපුව ආශ්‍රිත වේදනාව හදවත් රෝගී තත්ත්වයක් යැයි වරදවා වටහා ගන්නව. මොන රෝගී තත්ත්වයකදී උනත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වන්නේ මේ නිසයි.
3. ආහාර පාලනයෙන් ගැස්ට්‍රයිටිස් සුව කරගන්න පුළුවන්ද?
Source – foodandwine.com
මෙය ඔබගේ රෝග තත්ත්වය අනුව වෙනස් වෙන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. කෙසේ නමුත් පොදුවේ යම් යම් ආහාර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් සහනයක් ලබාගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් රෝගය ඔබට ඇති වෙන්නට බලපාන හේතු විවිධාකාර නිසා ඇතමුන්ට කිරි ආහාර එහෙමත් නැත්නම් ලැක්ටෝස් අඩංගු ආහාර ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය අඩු වෙන්නත් ඇතමුන්ට වැඩි වෙන්නත් හේතු වෙන්න පුළුවන්. මේ නිසා ඔබට කිරි සහිත ආහාර ගැනීමේදි අපහසුතා ඇති වෙනවාද නැද්ද යන්න ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න.
ආහාර පාලනයට අමතරව මානසික සුවතාවය පවත්වා ගැනීමත් ඉතාම වැදගත් බවත් මතක් කරනව.
4. වැලකිය යුතු ආහාර පුරුදු
Source – india.com
ඉක්මණින් කෑම – ගන්නා ආහාර හොඳින් සැපීමෙන් තොරව ගිලීමෙන් වැලකෙන්න. ඒවා දිරවීමට වැඩි කාලයක් ගතවීම සහ අපහසු වීම ආමාශයේ ආම්ලික බව වැඩි කිරීමට හේතු වෙනව.
ආහාර වේල් මග හැරීම – විශේෂයෙන්ම උදෑසන ආහාර වේල ඉතා වැදගත්. ප්‍රධාන ආහාර වේල් තුන අවම පැය 6ක පරතරයෙන්වත් ලබාගන්න ඕනෙ.
චුයින්ගම් සහ බබල්ගම් සැපීම – ගැස්ට්‍රයිටිස් වලට ඉතාම අහිතකර පුරුද්දක්. චුයින්ගම් හෝ බබල්ගම් සැපීමෙන් ඛේඨ ග්‍රන්ථි ක්‍රියාත්මක වී එමඟින් මොළයට යවන සංඥා මඟින් ආහාර දිරවීමට අවශ්‍ය අම්ලය ආමාශයේ නිපදවීමක් සිදු කෙරෙනව. නමුත් එය ව්‍යාජ සංඥාවක් නිසා නිපදවෙන අම්ල නිසා ආමාශයේ තුවාල ඇති විය හැකියි.
පමණට වඩා ආහාර ගැනීම – දිරවා ගැනීමට අපහසු වන තරම් විශාල ආහාර ප්‍රමණයක් ගැනීමත් කිසිසේත්ම ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට සුදුසු නැහැ.
5. නොගත යුතු ආහාර වර්ග
Source – imgur.com
පහත සඳහන් ආහාර සහ බීම වර්ග වලට අමතරව ඔබට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වයක් තිබේ නම් කිරි අඩංගු ආහාර සහ පාන වර්ග වලිනුත් වැලකී සිටින්න.
තෙල් සහ මිරිස් අධික ආහාර
ගැඹුරු තෙලේ බදින ලද ආහාර
විනාකිරි යෙදූ ආහාර (අච්චාරු වර්ග)
කෝපි සහ චොකලට් බීම
ඇල්කොහොල් පාන
සිට්‍රික් ඇසිඩ් අඩංගු ආහාර සහ බීම වර්ග (තක්කලි සහ දෙහි වැනි)
කාබනේටඩ් බීම
හරක් මස් ඌරු මස් වැනි දිරවීම අපහසු කරන මස් වර්ග
අධික ශීත කල පාන වර්ග ගැනීම
සිගරට් සහ බුලත් විට භාවිතය
ඉස්සො, දැල්ලො වැනි උෂ්ණාධික ආහාර සහ ක්ෂණික නූඩ්ල්ස් වැනි ක්ෂණික ආහාර වර්ග
6. ඔබට ගුණදායක ආහාර වර්ග
Source – india.com
ෆයිබර් අඩංගු ආහාර වර්ග
(කොහිල අල සහ දළු, ඕට්ස්, බ්‍රොකලි, කැරට් වැනි.)
කටු සහිත කුඩා මාළු වර්ග
ආතා සහ අනෝදා
පළා වර්ග ආහාරයට එක් කර ගැනීම
මිරිස් වෙනුවට ගම්මිරිස් භාවිතය
බාර්ලි , සව් සහ තැඹිලි වැනි ශරීර උෂ්ණත්වය සමනය කරන ආහාර පාන
සිට්‍රික් නොවන ඇපල් සහ ගස්ලබු වැනි පලතුරු
කැකිරි සහ පිපිඤ්ඤා
සුදු ළූණු සහ උළුහාල් ආහාර වලට එක් කිරීම
වට්ටක්කා
දිය බත්
කෝමාරිකා පානයට සහ ආහාරයට ගැනීම
අවසාන වශයෙන් නැවත මතක් කරනව ගැස්ට්‍රයිටිස් රෝගයෙන් වැලකී සිටීමට ඔබට මේ උපදෙස් ප්‍රයෝජනවත් උනත් ඔබ දැනටමත් ගැස්ට්‍රයිටිස් රෝගයට ගොදුරු වූ අයෙක් නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම අනිවාර්යය බව.
http://www.aniwa.lk/2017/10/20/1710201-ways-to-deal-seriously-with-gastritis/