YouTube හරහා මුදල්
මෙරට නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළදීම YouTube හරහා මුදල් ඉපයීමේ අවස්ථාව උදා වූ වගයි
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් නිර්මාණකරුවන් හට ශ්‍රී ලංකාව තුළ දීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ශ්‍රී ලාංකේය සමාගමක් හරහා උපයමින් වෘත්තීයමය අවස්ථාවක් ලෙසින් ඉදිරියට යාමේ අවස්ථාව දැන් උදා වී තිබේ.
මීට පෙර මෙරට නිර්මාණකරුවන්හට YouTube හරහා ශ්‍රී ලංකාව තුළ දීම මුදල් ඉපයීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් වුවත් මෙතෙක් ශ්‍රී ලංකාවට නොතිබුණු YouTube Partner Program (YPP) සහයෝගීත්වය මේ වන විට ලැබී තිබෙන බැවින් නිර්මාණකරුවන්ට එම බාධකය ද ජයගැනීමේ අවස්ථාව මේ වන විට හිමි වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ YouTube Partner Program (YPP) සහයෝගීත්වය සහිත පළමු Multi Channel Network (MCN) ජාලය ලෙසින් කොළඹ අගනගරයේ පිහිටි වර්ග අඩි 20,000 ක වපසරියක් පුරා විහිදුණු IdeaHell පරිශ්‍රය මෙරට නිර්මාණකරුවන් හට සහාය වීම සඳහා ක්‍රියාත්මක වේ. IdeaHell, නිර්මාණකරුවන්හට නිර්මාණකරණයේ යෙදීමට අවශ්‍ය සියලූම නවීන තාක්ෂණික ආගෝපාංගයන්ගෙන් සන්නද්ධ නිර්මාණාගාරයකි.
MCN තත්ත්වය හිමි මෙරට පළමු ආයතනය වන IdeaHell සමග එක්වන YouTube නිර්මාණකරුවන් හට සිය නිර්මාණ වෙනුවෙන් මුදල් ඉපයීමේ අවස්ථාව මේ අනුව උදා වේ. සිය නිර්මාණ වෙනුවෙන් Audience Development, Content Programming, Creator Collaborations, Digital Rights Management හා Monetization යනා දී සියලූම අවස්ථාවන් වෙනුවෙන් සහාය වීමට IdeaHell සැදී පැහැදී සිටී.
මෙම ක්‍රියාන්විතයේ තවත් පියවරක් ඉදිරියට යමින් IdeaHell සාමාන්‍යාධිකාරී ජනීත් රොද්‍රිගෝ මෙසේ කියා සිටියේය.
“දක්ෂ නිර්මාණකරුවන් රාශියක් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටිනවා. නමුත් ඔවුනට තිබෙන පහසුකම්, විශේෂඥ දැනුම, මඟපෙන්වීම ඉතා අල්පයි. මේ හේතුව නිසා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් ජාත්‍යන්තර වේදිකාවට ගෙන ඒමට පැවති බාධක ඉවත් කරමින් ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් සවිබලගැන්වීම සඳහා ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙසින් IdeaHell සහාය වෙනවා.“
“ඕනෑම නිර්මාණකරුවෙකුට ඕනෑම මාදිලියේ නිර්මාණයක් සඳහා අවශ්‍ය සියලූම පහසුකම් IdeaHell වෙතින් ලබා ගන්න පුළුවන්. එහිදී අවශ්‍ය කෙරෙන උපදෙස්, උපක්‍රම හා සම්පත් සියල්ල අපගෙන් ඔවුන්ට හිමිවෙනවා. දීර්ඝ කාලයක් පුරාවට YouTube සමඟ කටයුතු කරමින් එහි මූල්‍ය ප්‍රතිලාභ භුක්ති විඳීමට අපට පුළුවන් වුණා. දැන් එම අවස්ථාව ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් YouTube නිර්මාණකරුවන්ටත් ලබා දීමට අපි සූදානම් බව දැනුම් දෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.“
“ඉවුම් පිහුම්, සංගීතය, නර්තනය, ජීවන ශෛලීන්, කාලීන තොරතුරු, හාස්‍ය, කලා, සංචාරක හා තාක්ෂණික වැනි විවිධ තේමාවන්ට අදාළව මෙම නිර්මාණකරුවන් අද වන විට වීඩියෝ නිර්මාණකරණයේ යෙදෙනවා“, යැයි පැවසූ ජනීත් රොද්‍රිගෝ වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ, ඔවුන් ඉදිරියේ දී තවත් නැවුම් නිර්මාණ සඳහා මේ වන විට යොමුව ඇති බවයි.
“වීඩියෝවේ අන්තර්ගතය කුමක් වුවද වර්තමානයේ දී ඔවුන්ගේ නිර්මාණ සඳහා YouTube හරහා මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්“, යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
වීඩියෝ නිර්මාණ සඳහා YouTube මගින් මුදල් ඉපයීමේ ක්‍රියාවලිය පිළිබඳ කෙටි පැහැදිලි කරමින් ජනීත් මෙසේ කියා සිටියේය. “නිර්මාණකරුන් සමඟ සෘජුවම සම්බන්ධවන අලෙවිකරණ කණ්ඩායමක් අප සතුව සිටිනවා. සෘජු අනුග්‍රාහක අවස්ථා, සහයෝගීතා සහ නිෂ්පාදිත ස්ථාපනයන් යනා දී YouTube ආදායමට අතිරේකව ආදායම් ඉපයිය හැකි අවස්ථා ද මෙහිදී උදා වෙනවා.“
යම් අවස්ථාවක දී තමන්ගේම YouTube නාලිකාවක් පවත්වා ගෙන යන නිර්මාණකරුවෙකු හට එයින් මුදල් ඉපයීම සඳහා කළ යුතු වන්නේ තම තොරතුරු ඇතුළතු අයදුම්පතක් ideahell.lk වෙත ලැබීමට සැලැස්වීම පමණි. එහිදී ideahell කණ්ඩායම විසින් අදාළ අයදුම්පත අධ්‍යයනය කොට ලබා ගත හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් අයදුම්කරු සමඟ සාකච්ඡා කරනු ඇත.
“ඔවුන්ගේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට අපි අදහස් කරනවා. YouTube අන්තර්ගතයන් නිර්මාණය ව්‍යූහගත ආකාරයකට සිදු කළ යුතුයි. තමන් විසින් පවත්වා ගෙන යනු ලබන නාලිකාව සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාරයේ නිර්මාණ අන්තර්ගත කළ යුතුයි. මෙහිදී ඔවුන්ගේ නාලිකාව උපක්‍රමික වශයෙන් සකස් කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් අප ඔවුන්ට උපදෙස් සපයනවා“.
කොළඹ 03, අල්විස් පෙදෙසේ පිහිටි IdeaHell පරිශ්‍රය, සතියේ සෑම දිනකම පැය 24 පුරාවටම විවෘතව පවතී. ඇමරිකානු ඩොලර් 250,000 කට අධික ආයෝජන වටිනාකමකින් යුතු ශබ්දාගාරයක්, චිත්‍රාගාර හා අලෝකකරණ පහසුකම්වලින් මෙම පරිශ්‍රය සමන්විතය. එසේම ශ්‍රී ලංකාවේ විශාලතම Green Screen තිර පහසුකම ඇත්තේ ද IdeaHell පරිශ්‍රයේය. ජාත්‍යන්තර තලයේ චිත්‍රාගාරයකට නොදෙවෙනි, නවීන තාක්ෂණික පහසුකම්වලින් අංග සම්පූර්ණ මෙහි සියලු සේවාවන් IdeaHell සමාජිකත්වය දරන සියලූම නිර්මාණකරුවන්ට නොමිලේ අත්විඳිය හැකිය.
නිර්මාණකරුවන් හට අවශ්‍ය කෙරෙන තාක්ෂණික හා සංස්කරණ සහායන් IdeaHell හි සිටින විශේෂඥයින්ගෙන් ලබා ගත හැකිය. ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම එහි ඇත.
මිට අමතරව 100 කට අධික අනන්‍ය වූ වටපිටාවන් (unique environments) ලබා ගත හැකි ආලෝකකරණ, ගෘහභාණ්ඩ හා පසුතලවලින් IdeaHell චිත්‍රාගාරය සමන්විත වේ. එසේම පරිපූර්ණ මුළුතැන්ගේ පහසුකම් සහ මිල අධික ඇඳුම් ආයිත්තම්ගාරයක් ද එහි වේ.
“නිර්මාණකරණයට උනන්දු සෑම දෙනාටම මෙහි දොරටු නිරන්තරයෙන් විවෘතව පවතිනවා. ඔවුන්ගේ නිර්මාණ කුසලතාවන් ඔප් නංවා ගැනීමට අවශ්‍ය සියලු මඟපෙන්වීම් හා උපදෙස් ලබා දීමට IdeaHell සූදානම්“, යැයි ජනීත් අවසාන වශයෙන් කියා සිටියේය.
AdaDerana -News

Last edited: