අක්කලා නංගිලා ඉන්නවා නම් කියලා දීපල්ලා...
digital data කිසිම ආරක්ෂාවක් නැති බව...
Phone, memory card වල data recovery කරන්න පුළුවන් බව.
විශේෂයෙන් Smart Phone වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ හැකියාව අවම බව.
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැති බව...
කෙලින්ම කියන්න තරම් බැඳීමක් නැත්නම් අම්මා තාත්තා / වැඩිහිටියෙක් ලවා හරි කියවපල්ලා...
මේකේ කෙල්ලෝ ඉන්නවා නම් තොපිට කියන්නේ...
කොල්ලෝ බලනවා නම් මේක පෙන්නපල්ලා තොපේ අක්කලා නංගිලාට...
අම්මා තාත්තා ඇරෙන්න වෙන එකෙක්වත් ලේසියෙන් විශ්වාස කරන්න එපා...
ආදරේ කරන එකෙක් නම් කවදාවත් nude ඉල්ලන්නේ නෑ තොපෙන්...
මොකාටවත් මොන විදියකවත් විස්තර, වීඩියෝ, ෆොටෝ දෙන්න එපා තමුන්ට අවැඩක් කරන්න පුළුවන් විදියේ...
අනිත් එක ආදරේ කියන්නේ තොපි හිතන් ඉන්න, ටෙලි නාට්‍යවල පෙන්නන විදියේ පරම පිවිතුරු මඟුලක් නෙවෙයි.

අතිශය පෞද්ගලික දේවල් තියාගන්න ඕනේම නම්,
computer එකක නම්, truecrypt වගේ software එකකින් ආරක්ෂා කරලා තියපල්ලා...
එතකොට hard drive එක ගලවගෙන ගිහිල්ලා වෙන computer එකකින් බැලුවත්
බලන්න බෑ. password ඕනේ. recovery කරන එකත් ලේසි නෑ.
ඔය ලීක් කරන ජාතියේ සත්තුන්ට recovery කරන්න, passowrd කඩන්න බෑ. උන්ට කොහොමත් මොළයක් නැති නිසා.
නැත්නම් අඩුම තරමේ rar/zip කරලා password එකක් හරි දාපල්ලා...
online cloud drive වලට දාන ඒවත් කෙලින්ම නොදා මේ විදියට දාපල්ලා...
පුළුවන් නම් මොට්ට ආදර කතා (tvseries, novel...) බලන එක නවත්තපල්ලා.
ඒවායින් තමයි බොළඳ මොට්ට උන් හදන්නේ...

phone වල data ආරක්ෂා කරන ක්‍රම, apps ගැන දන්න උන් කියපල්ලා...
මට smart phone ගැන වැඩි දැනුමක් නෑ.




as expected 
