ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද


attachment.php


මොනවද මේ ලිංගිකව ( Social disease ) පැතිරෙන ආසාධන
ලිංගිකව පැතිරෙන රෝග ඇති විශාල ප්‍රමාණයක් අපේ සමාජය තුල තියෙනවා. මොනවද මේ ලිංගිකව පැතිරෙන රෝග කියලා කියන්නේ? ඉස්සර අපි මේ ලිංගික රෝග හැඳින්වුයේ සමාජ රෝග ලෙසයි. නමුත් දැන් අපි මෙය හඳුන්වනු ලබන්නේ ලිංගිකව පැතිරෙන ආසාධන ලෙසයි. ලිංගිකව පැතිරෙන ආසාධන ඇතිවන්නේ හැම විටම දෙදෙනෙකු අතර පවතින ලිංගික සම්බන්ධතාවයකින් කෙනෙකුන් තවත් කෙනෙකුටයි. එක පුද්ගලයෙකු ආසාධිතයි නම් අනික් පුද්ගලයා ආසාධික නොමැති නම්, ඔවුන් දෙදෙනා ලිංගික ක්‍රියාවලියක යෙදුනොත් ආසාධිත නොවන පුද්ගලයාටද මෙය පැතිරීමට ඉඩකඩ තිබෙනවා.

attachment.php


කාටද මේ ලිංගික රෝග ( Social disease ) වැළදෙන්නේ


අප සමාජය තුල බැලුවොත් ලිංගික ක්‍රියාශීලි ඕනෑම පුද්ගලයෙකුට මෙය වැළදෙන්න පුළුවන්. කාන්තාවකගෙන් පිරිමියකුට පිරිමියෙකුගෙන් කාන්තාවකට හෝ සමලිංගික සම්බන්ධතාවයකින් පිරිමියෙකුගෙන් තවත් වගේම කාන්තාවකගෙන් තවත් කාන්තාවකට මෙම රෝග වැළදෙන්න පුළුවන්.



විශේෂයෙන්ම අපි දැනුවත් විය යුත්තේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට කොහොමද මේ ලිංගික රෝග වැළදෙන්නේ, මොනවගේ රෝග ලක්ෂණ වලින් ද අපි මෙය හඳුනා ගන්නේ සහ එම රෝග වලක්වා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අපි දන්වත්විය යුත්තේ.


ලිංගික රෝග හඳුනා ගන්න පුලුවන්ද

බොහෝ රෝග තිබෙනවා අපට බාහිරෙන් හඳුනා ගන්න බැහැ. අපේ සමාජයේ සිටින කිසිම කෙනෙකුගේ බාහිර ස්වරුපය දිහා බලලා මුහුණ දිහා බලලා ඔහුට / ඇයට ලිංගික රෝගයක් තියනවද කියලා හඳුනා ගන්නට බැහැ. ඒ නිසාම ලිංගික සම්බන්ධතා ඇතිවීමේදී විශ්වාසය මත හෝ හදිසියේ හෝ කුමන ආකාරයකින් හෝ ලිංගික සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. එතැනදී මෙම රෝග පිළිබඳව විමසිමක් හෝ පරික්ෂා කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට අහම්බෙන් සිදුවන දෙයක් හෝ විවාහයෙන් පරිභාහිරව සිදුවන ලිංගික සම්බන්ධතා වලදී කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝග බෝවෙන්න පුළුවන්. විවාහය තුල හෝ කෙනෙකු වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම් අනික් පුද්ගලයාටද මෙම රෝගය බෝ වන්නට පුළුවන්.

කොහොමද මේ ලිංගික රෝග බෝ වන්නේ


මෙම රෝග වලින් 95% කටත් වඩා වැඩි ප්‍රමාණයක් බෝවන්නේ ලිංගික සංසර්ඝය නිසා. ගොඩක් අය අසන ප්‍රශ්නයක් තමයි ” අපි පොදු වැසිකිලියක් භාවිතා කළා, අපි වෙනත් කෙනෙකුගේ ඇඳුම් අන්දා, වෙනත් කෙනෙකු ළඟ එකට වාඩිවෙලා හිටියා, එකට කෑම ගත්තා ” ඉතින් අපිටත් ලිංගික අසාධන ඇති වෙනවද කියලා. මේ වගේ ක්‍රම වලින් මෙම රෝගය බෝ වන්නේ නැහැ. කාටහරි ලිංගික රෝගයක් වැළඳුනොත් එය වැළදෙන්නේ ලිංගික සංසර්ඝය නිසාමයි. මේ ලිංගික සංසර්ඝය අනාරක්ෂිත නම් එම පුද්ගලයා කොන්ඩම් එකක් භාවිතා නොකර ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවා නම් එවිට එම රෝගය බෝවෙන්නට පුළුවන්.


attachment.php

ලිංගික රෝග බෝ විය හැකි අවස්ථා
ගුද සංසර්ඝය

යෝනි සංසර්ඝය

මුඛ සංසර්ඝය

සිප ගැනීමෙන් හෝ ස්පර්ශයෙන් මෙම ලිංගික රෝග බෝ වන්නේ නැහැ. බාහිර වශයෙන් කරන ලිංගික තෘප්තියක් ලබා ගැනීමෙන් මෙම රෝග බෝ වන්නේ නැහැ. මෙවැනි දේවල් වලින් රෝග බෝ වීමට ඉඩකඩක් නැහැ. අනාරක්ෂිතව කරන ලිංගික සංසර්ඝයකින්, ඒ කියන්නේ ගුද සංසර්ඝය, යෝනි සංසර්ඝය, මුඛ සංසර්ඝය මඟින් මෙම රෝගය පැතිරීමේ අවධානය තිබෙනවා. මෙහි අවධානම වැඩිම ගුද සන්සර්ඝයේ යෙදීමෙනි.



ලිංගික රෝග බෝ කරන විෂබීජ
බැක්ටීරියා ආසාධන

වෛරස් ආසාධන

පරපෝෂිත ආසාධන

දිලිර ආසාධන

මෙවැනි රෝග ඇති කරන රෝග කාරකයන් ගණනාවක් ඇත. ඒ වගේම රෝග ඇති විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි මේ අතර බහුලව දකින ලිංගික රෝග ගණනාවක් තිබෙනවා.


මොනවද මේ ලිංගික රෝග


ගොනෝරියා (Gonorrhea)

උපදාංශය (Sipilis Syphilis)

ලිංගික ඉන්නන් (Genital warts)

ලිංගික හර්පිස් (Genital herpes )

HIV / AIDS





source http://thewoman.lk/social-disease-introduction-episodes/
 

Attachments

  • Social thewoman.lk.jpg
    Social thewoman.lk.jpg
    33.8 KB · Views: 968
  • genital-herpes3_orig-768x605.jpg
    genital-herpes3_orig-768x605.jpg
    69.8 KB · Views: 554
  • chapter-9-sexually-transmitted-diseases-4-638.jpg
    chapter-9-sexually-transmitted-diseases-4-638.jpg
    96.7 KB · Views: 610
  • Like
Reactions: Iron Monger

Stephan amell

Active member
  • Feb 9, 2024
    315
    160
    43
    ලිංගික ඉන්නන් තියෙන එක් කෙනෙක් එක්ක මුඛ සංසර්ගය කරාට හැදෙන්නේ නැද්ද විශ්වාසද ?
     
    • Haha
    Reactions: Clockwork

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    ලිංගික ඉන්නන් තියෙන එක් කෙනෙක් එක්ක මුඛ සංසර්ගය කරාට හැදෙන්නේ නැද්ද විශ්වාසද ?

    genital area eke witharak warts thibbath HPV virus eka genital area eken eyage mouth ekata spread wela thiyennath puluwn, ehem welawata oral sex receive karoth ubatath hadenna puluwn

    uba eyata karothnm kohomth hadei
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    315
    160
    43
    genital area eke witharak warts thibbath HPV virus eka genital area eken eyage mouth ekata spread wela thiyennath puluwn, ehem welawata oral sex receive karoth ubatath hadenna puluwn

    uba eyata karothnm kohomth hadei
    මම තමයි එයාගේ එක ගත්තෙ ටික වෙලාවක් යද්දී තමයි දැක්කෙ එයාගේ චුට්ටක් ලොකු ඉන්නෙක් ඉන්නවා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    මම තමයි එයාගේ එක ගත්තෙ ටික වෙලාවක් යද්දී තමයි දැක්කෙ එයාගේ චුට්ටක් ලොකු ඉන්නෙක් ඉන්නවා

    ekinm thibbe common wart ekak wennth puluwn, genital warts nm godak thiyenw samanyen
    do a STD test anyway