තෙවැනි ඇස: සිග්මන් ෆ්‍රොයිඩ්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තෙවැනි ඇස: සිග්මන් ෆ්‍රොයිඩ්

    ඒ 1856 වසරේ මැයි 6වන දින විය. සිය භාර්යාව වූ ඇමේලියා ෆ්‍රොයිඩ්ව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කළ අවස්ථාවේ දී, ඒ බිහි වන්නේ විසිවන සියවස කළඹවන මනෝ වෛද්‍ය විද්‍යාවේ පියා බව ජේකබ් ෆ්‍රොයිඩ් දැන සිටියේ නැත. වියානාහි පදිංචි වූ ෆ්‍රොයිඩ් පවුල, සිය පුතණුවන් වූ සිගිස්මන් ෆ්‍රොයිඩ් වෙත විධිමත් අධ්‍යාපනයක් එහිදී ලබාදුන්නේය. සිගිස්මන් ෆ්‍රොයිඩ් දරුවා දෙමාපිය ආශිර්වාදයෙන් ලබාගත් ප්‍රශස්ත අධ්‍යාපනයේ ආලෝකයෙන් වෘත්තීය ස්නායු වෛද්‍යවරයෙකු බවට පත් වූ අතර පසුව සිග්මන් ෆ්‍රොයිඩ් ලෙස තම නාමය ද වෙනස් කර ගත්තේය. ඔහු භෞතික විද්‍යාව නව මානයක් කරා යොමු කරමින් සමස්ත ඔස්ට්‍රියානු ජාතියටම ගෞරවය අත් කරදුන්නේය. ‍සියවස් ගණනාවක් කියැවෙන නාමයකට ජන්මය ලබා දීමට තරම් ෆ්‍රොයිඩ් දෙමවුපියන් වාසනාවන්තයන් වූයේ එලෙසය.
    2-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B8%E0%B7%80-%E0%B6%85%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA-Wikipedia.jpg

    සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මව අමේලියා ෆ්‍රොයිඩ් මැතිනිය (Wikipedia)

    3-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%80%E0%B6%B1-%E0%B6%A2%E0%B7%9A%E0%B6%9A%E0%B6%B6%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-freud-museum.at_.jpg

    සිග්මන් ෆ්‍රොයිඩ් සිය පියා වන ජේකබ් ෆ්‍රොයිඩ් මැතිතුමන් සමඟ (freud-museum.at)

    4-%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%BA-%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%80-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-Pinterest.jpg

    දහසය හැවිරිදි සිග්මන් ෆ්‍රොයිඩ් සිය මව සමඟ (Pinterest)




    සිග්මන් ෆ්‍රොයිඩ්ගේ වෘත්තීය ගමනෙහි ආරම්භය

    වර්ෂ 1873 දී වියානා විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීම ආරම්භ කළ ඔහු සිය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වියානා මහ රෝහලෙහි සේවයට බැඳුණේය. ජෝසෆ් බ්‍රියර් (Josef Breuer) සමඟ එක් වී, මෝහන විද්‍යාව ආශ්‍රයෙන් මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළ සිග්මන් ෆ්‍රොයිඩ්, තම මනෝ විශ්ලේෂණවාදී මතවාදයන්හි පදනම එහිදී සකස් කර ගත්තේය. 1885 දී පැරීසිය බලා පියාසර කළ තරුණ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ අභිලාශය වූයේ ස්නායු විශේෂඥ ජීන් චාකොට්ගේ සිසුවෙකු වීමය. සිය අරමුණු මුදුන් පමුණුවාගෙන පෙරළා වියානාවට පැමිණි ඔහු, එතැන් පටන් ස්නායු සහ මොළය ආශ්‍රිත ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කළේය.
    පවුල

    එතැන් පටන් අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කළ සිග්මන් ෆ්‍රොයිඩ් තරුණ වෛද්‍යවරයා, සිය ජීවිතයට සහයක් වූ මාර්තා බර්නේස්ව විවාහ කරගත්තේය. දරුවන් සය දෙනෙකුගේ පියෙකු වීමට මාර්තා ඔහුට වාසනාව උදා කර දුන්නාය.
    5-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-Flickr.jpg

    සිග්මන් ෆ්‍රොයිඩ් සිය ආදරණීය බිරිඳ මාර්තා සමඟ (Flickr)

    6-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD-Wikipedia.jpg

    ෆ්‍රොයිඩ් පවුල (Wikipedia)




    සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම්

    මිනිස් සිතෙහි පවත්නා ලිංගික ආවේගයන්හි ස්වභාවය පිළිබඳ ඔහු පර්යේෂණ පැවැත්වූයේය. 1897 වර්ෂය වන විට ඔහු තම අභ්‍යන්තරය ගවේශනය කරමින් පර්යේෂණයන්හි නිරතවීම ආරම්භ කළේය. ඒ අනුව එකී පර්යේෂණයන්හි අග්‍රඵලයක් ලෙස, වර්ෂ 1900 දී ‘The Interpretation of Dreams’ හෙවත් ‘සිහින විශ්ලේෂණය’ නමින්, අවිඥානික ආශාවන් සහ අත්දැකීම් පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක් ඔහු අතින් එළිදැක්වෙන්නේ මනෝවිද්‍යා ක්ෂේත්‍රයට නවමු පරිච්ඡේදයක් එක් කරමිනි.
    7-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-The-Interpretation-of-Dreams-%E0%B6%9C%E0%B7%8A_%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA-Pinterest.jpg

    සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ‘The Interpretation of Dreams’ ග්‍රන්ථය (Pinterest)

    වෘත්තීය ගමනෙහි හිණිපෙත්තට

    වර්ෂ 1902 දී වියානා විශ්ව විද්‍යාලයෙන් ස්නායු රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියක් පිරිනමන ලදුව එහි වැඩ භාරගන්නා ලද සිග්මන් ෆ්‍රොයිඩ්, වර්ෂ 1938 දක්වා එකී තනතුර හෙබවූවේ ය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් එවකට පිළිගත් ඉගැන්වීම් හා පටහැනි වුව ද, ක්‍රමක්‍රමයෙන් ඔහු වටා බුද්ධි මණ්ඩලයක් එක් රැස් වීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1910 දී කාර්ල් යුංගේ සභාපතීත්වයෙන් යුතුව International Psychoanalytic Association නම් ආයතනය ආරම්භ කරන ලදී. (කාර්ල් යුංග් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සමීප වෘත්තීය මිත්‍රයෙකු වූ අතර පසුව සිග්මන් ෆ්‍රොයිඩ්ගෙන් වෙන්වී ස්වාධීනව න්‍යායන් ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.)
    8-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B7%8A-%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B4%E0%B7%83-%E0%B6%B4%E0%B7%84%E0%B7%85-%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%80%E0%B6%BB-%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92.-verywell.com_.jpg

    කාර්ල් යුංග් (දකුණු පස පහළ කෙළවර), සිග්මන් ෆ්‍රොයිඩ් සමඟ පෙනී සිටි ඡායාරූපයකි. (verywell.com)




    පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව සායනික පර්යේෂණයන් වෙතින් යම්තාක් දුරට ඉවත් වූ සිග්මන් ෆ්‍රොයිඩ්, සිය සම්පූර්ණ කාලය තමා විසින් හඳුනාගන්නා ලද න්‍යායන්; කලාව, සාහිත්‍යය, ඉතිහාසය සහ මානව විද්‍යාව විෂයෙහි යෙදෙන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ඉතා ගැඹුරින් අධ්‍යයනය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1923දී ‘The Ego and the Id’ නමින් තවත් පර්යේෂණ ග්‍රන්ථයක් ඔහු අතින් එළිදැක්වුණි. එමගින් ඔහු මිනිස් මනසෙහි ‘ඉඩ් – Id’, ‘ඊගෝ -Ego’ සහ ‘සුපර් ඊගෝ -Superego’ යනුවෙන් මට්ටම් තුනක් හඳුනාගන්නා ලදී.
    ඒ අනුව ඉඩ් හෙවත් යටි සිත තුළ ගැඹුරු නිදි වැදුණු මතකයන්, හෙළි නොකරන ලද ගුප්ත ලිංගික ආශාවන්, ජීව විද්‍යාත්මකව උරුම වූ පෞරුෂ සාධක, මර්දනය කරන ලද කම්පන තත්ත්වයන්, සදාචාරය නොසලකා ක්‍රියාත්මක විය හැකි ස්වරූපයන් පවතින බව ඔහු විසින් හඳුනාගන්නා ලදී. ෆ්‍රොයිඩ්ට අනුව ඊගෝ යනු මැදි සිත වන අතර කෙටි ආයාසයකින් සිහිපත් කරගත හැකි මතකයන් ඒ තුළ ගැබ්ව පවතී. පුද්ගලයෙකුගේ හෘද සාක්ෂිය, සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ දැනීම, දෙමාපියන්ගෙන් උගත් ආචාර විධි සුපර් ඊගො තුළ අන්තර්ගත වේ. ඊගෝ යනු ඉඩ් සහ සුපර් ඊගෝ අතර වන ගැටුම තුලනය කරන මැදි සිතයි. ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාවක් මැදි සිතට ඇත. යථාර්ථය හඳුනාගනිමින් තාර්කිකව සිතා බලා තීරණ ගැනීමට උඩු සිත දායක කරගැනීමට ද යටි සිතේ අඳුරු ස්වභාවය සඟවා ක්‍රියාත්මක වීමට ද මීට හැකියාව පවතින බව ෆ්‍රොයිඩ් දක්වයි.
    9-%E0%B6%89%E0%B6%A9%E0%B7%8A-%E0%B6%8A%E0%B6%9C%E0%B7%9D-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A-%E0%B6%8A%E0%B6%9C%E0%B7%9D-Perfectly-Imperfect.jpeg

    ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ (Perfectly Imperfect)

    10-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A-%E0%B6%86%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%86%E0%B7%81%E0%B7%8A_%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%83-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A_%E0%B6%BB%E0%B7%84%E0%B6%BA-Amino-Apps.jpg

    අයිස් පරයක ආකෘතිය ආශ්‍රයෙන් මනස පිළිබඳ ෆ්‍රොයිඩ් කළ විග්‍රහය (Amino Apps)




    ෆ්‍රොයිඩ් දක්වන්නේ පුද්ගලයෙකු ළමා කාලයේදී ලබන අත්දැකීම් වැඩිහිටි වූ පසු ඔහුගේ හෝ ඇයගේ චර්යාවට බලපාන බවයි. ඒ අනුව ෆ්‍රොයිඩ් ළමා සංවර්ධනය අවධි 5කට බෙදා දක්වයි.
    01. මුඛීය අවධිය: Oral Stage (උපතේ සිට මාස 18 පමණ දක්වා අවධිය)

    මෙකල දරුවා තම අතට හසුවන ඕනෑම දෙයක් ඔහුගේ මුඛය තුළට දමා හපන අතර මවට තුරුලූ වී කිරි උරා බීමෙන් දරුවා උණුසුම, ආදරය හා ස්පර්ශය, ලිංගික තෘප්තිය වැනි මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවන් සපුරා ගනී. සිතැඟි පරිදි කිරි බී වැඩෙන දරුවන් පසුකලෙක ත්‍යාගශීලී, ප්‍රීතිමත් පුද්ගලයන් බවට පත් වන අතර සෙස්සන් ආක්‍රමණශීලී, හිතුවක්කාර පුද්ගලයන් බවට පත් වේ.
    02. ගුද අවධිය: Anal Stage (අවුරුදු 1 සිට 3 දක්වා කාලය)

    දරුවා තෘප්ත වීමේ අවයවය මුඛයේ සිට ගුද මාර්ගය දක්වා විතැන් වේ.
    03. ලිංග රූපික අවධිය: Phallic Stage (අවුරුදු 3 සිට 6 දක්වා කාලය)

    මෙම අවධියේදී දරුවා තෘප්තිය ලබා ගැනීම පිණිස සිය ලිංගික අවයවය වෙත යොමු වේ. මෙහිදී පිරිමි ළමුන් තුළ ඊඩිපස් (Oedipus) සංකීර්ණය ද ගැහැනු ළමුන් තුළ ඉලෙක්ට‍්‍රා (Electra) සංකීර්ණය ද ඇති වේ. එනම් පිරිමි ළමුන් සිය පියා වෙත ඊර්ෂ්‍යාවෙන් මවගේ ආදරය දිනා ගැනීමට උත්සාහ කරන අතර, ගැහැනු ළමුන් සිය මව වෙත ඊර්ෂ්‍යාවෙන් පියාගේ ආදරය දිනා ගැනීමට උත්සාහ කිරීමයි.



    04. නිලීන අවධිය: Latency Period (අවුරුදු 6 සිට 12 දක්වා කාලය)

    ලිංගික ශක්තිය, පිළිගත් සමාජ ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කරයි.
    05. ප‍්‍රජනන අවධිය: Genital Stage (අවුරුදු 12න් පසු)

    ලිංගිකව පරිණතභාවයට පැමිණේ. විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති වේ.
    ෆ්‍රොයිඩ්ට අනුව 4 සහ 5 අවධීන්හි දී දරුවා ක්‍රමයෙන් පරිණත වන අතර මුල් අවධීන්හි ලත් අත්දැකීම් දරුවාගේ පසු වර්ධනයට සහ පෞරුෂයට බලපායි.
    11-%E0%B6%B8%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%BD%E0%B6%AF-%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-Onedio.jpg

    මූර්තිමත් කරන ලද ෆ්‍රොයිඩ් (Onedio)




    ආදරණීය මතකයන් අතහැර ලන්ඩනය බලා

    වර්ෂ 1933 දී නාසීන් විසින්, යුදෙව්වෙකු වූ ෆ්‍රොයිඩ්ගේ ග්‍රන්ථ ගණනාවක් ගිනි තබා විනාශ කරන ලදී. නාසි හමුදා බලඇණීන් විසින් වර්ෂ 1938 දී ඔස්ට්‍රියාව ජර්මනිය වෙත ඇඳාගන්නා ලද අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ ෆ්‍රොයිඩ්, සිය භාර්යාව සහ දියණිය ඇනා කැටුව, ශ්‍රේෂ්ඨ සොයාගැනීම්වලට ජීවය එන්නත් කළ වියානාව අතහැර ලන්ඩනයට පියාසර කළේය.
    විශිෂ්ට ගමනක නිමාව

    ඒ වර්ෂ 1923 විය. තමා හනු පිළිකාවකින් පෙළෙන බව දැනගත් ෆ්‍රොයිඩ් මරණය අපේක්ෂාවෙන් යුතුව තම ගමන වේගවත් කළේය. තිස් වතාවකට වඩා ශල්‍ය කර්මයන්ට භාජනය වුවත් වසර ගණනාවක් ජීවිතය දිග්ගස්සවා ගැනීමට තරම් ඔහු පතාක යෝධයෙකු විය. 1939 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වන දින මෙම අසහාය මිනිසාගේ සුසුම් පොද පිළිකාව විසින් ඩැහැ ගත්තේ ය.
     
    • Like
    Reactions: u.saradiyel