කැම්පස් කැට වල ඇත්ත

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    කැම්පස් කැට වල ඇත්ත

    උපුටාගැනීම ~ වර්ණ හසරංග~

    මේ සිද්ධිය මම අත්වින්දෙ කොටුව බස් නැවතුම්පොල ඉදිරිපිටදි. බස් එකක් එනකල් බලාගෙන හිටිය මගෙ ලඟට ආවා නංගිලා දෙන්නෙක්. බැලූ බැල්මට ගම්පලාතක අය වග පෙණුනා. අතේ සල්ලි එකතු කරන කැට දෙකකුත් තිබුණා.

    මගේ ලඟට ආව එක නංගි කෙනෙක් "අයියේ අපි ජපුර කළා පීඨෙ ඉගෙන ගන්නෙ අපේ කැම්පේන් එකට ආධාරයක් කරන්න පුළුවන්ද?" කියලා ඇහුවා

    මම ඇහුවා, "මොකක්ද කැම්පේන් එක?" කියලා.

    "සීනියර් අයියලා තමයි කරන්නෙ, අපි ආධාර එකතු කරගෙන යන්න ආවෙ" කිව්වා.

    ආයෙත් මම ඇහුවා "කැම්පේන් එක මොකක් වෙනුවෙන්ද?" කියලා.

    "අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් අපි පිකටින් එකක් කරනවා. ඒකට අවශ්‍ය ආධාර තමයි අපි මේ එකතු කරන්නේ" කියලා

    "ඔයාල දෙන්නා කොළඹ නෙවි නේද?" මම ඇහුවා.

    "නෑ අයියෙ මම කුලියාපිටියෙ, මෙයා අනුරාධපුරේ" කියලා කිව්වා.

    "අම්මලා තාත්තලා මොනවද කරන්නෙ?" මම ඇහුවා

    "අපේ තාත්තා වඩු වැඩ, අම්මා රස්සාවක් කරන්නේ නෑ." ඒ නංගි කිව්වා.

    "එතකොට මෙයාගෙ?" මම අනෙත් නංගිගෙ දිහාට හැරිලා ඇහුවා.

    "අපේ තාත්තා නෑ. අම්මා ෆැක්ටරියක වැඩ කරන්නෙ" එයා කිව්වා.

    "අම්මලා තාත්තලා දන්නවද ඔයාල මෙහෙම පාරවල් ගානෙ හිඟා කන බව? එයාල කැමතිද?" මම ඇහුවා.

    "නෑ අයියෙ." එයාල දෙන්නම කිව්වා.

    "ඔයාලා මේ සල්ලි එකතු කරන්නෙ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක නවත්වන්නනම්, ඔයාලට සල්ලි දෙන අයගෙන් ඇහුවද එයාලා පෞද්ගලික අධ්‍යාපනයද, රජයේ කැම්පස් වලද ඉගෙන ගත්තෙ කියලා?. මමත් ඉගෙන ගත්තෙ පිටරට විශ්ව විද්‍යාලයක." මම ඇහුවා.

    "ඔයාලගෙ අම්මලා තාත්තලා වඩු වැඩ කරලා, ෆැක්ටරි වල වැඩ කරලා සල්ලි හම්බ කරේ කොළඹ ඇවිත් හිඟා කන්නද, නැත්නම් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරනවා බලන්නද? මම දිගටම අහගෙන ගියා.

    ඒ එක්කම එක නංගි කෙනෙක් ඇස් වල කඳුළු පුරවගෙන කටහඬ අවදි කරා.

    "අයියේ අපි මේ දේවල් කරන්නෙ අපේ ඕනෙ කමකට නෙවි. සීනියර් අයියලා කියන්නෙ. එයාල ඉස්සරහ ඇඳුම් ගලවනවට වඩා මේ කැටේ පුරවගෙන් ගිහින් දෙන එක හොඳයි. ඔයා ලංකාවෙ කැම්පස් ගිහින් නැති නිසා මේ දේවල් තේරෙන්නෙ නෑ." ඒ නංගිට මගේ ප්‍රශ්න නිසා නැගුනු තරහත් දුකත් එක්ක කියාගෙන කියාගෙන ගියා.

    "හැමෝම කැට පුරවන්න ඕනෙද? බැච් එකේ ඉන්න තරමට ඔක්කොම කැට පිරෙව්වොත් අවුරුද්දකටම ඇතිනෙ?" මම ඇහුවා

    "නෑ අයියෙ, සල්ලි තියෙන ළමයි එයාලගෙ අතින් මාරු සල්ලි දාලා කැටේ පුරවලා හවසට ගිහින් දෙනවා. ඒත් අපිට 1000ක් 2000ක් කියන්නෙ ලොකු ගානක්. අපිට ඒක කරන්න බෑ." ඒ නංගි කිව්වා. "එහෙම නොකර අපේ බැච් එකේ ලමයෙක්ට කියන්න බැරි කරදරයක් වුනා."

    ඒ කතාවත් එක්ක මම නිරුත්තර වුනමුත් මා අතේ තිබුන රු 100ක් දීලා මම කිව්වෙ "නංගි මේ සල්ලි කැටේට නෙවි දුන්නෙ. ඔයාලට මොනවා හරි බොන්න."

    "කවද හරි ඔයාල සීනියර්ස්ල වුනාම ඔය වැඩේ එදාට එන ඒ අසරණ ළමයින්ටත් කරන්න එපා. ඕව හෙණ ගහණ වැඩ."

    එතනින් මගේ පරිච්ජේදය අවසන් මුත්, ඔවුන්ගේ අවාසනාවන්ත ගමන අවසන් නො වනු ඇත. ඔවුන් මේ සමාජ ක්‍රමයටම වෛර කරණු ඇත. කවදා හෝ මිනිසුන් සූරා කනු ඇත. නැතහොත් ඔවුන් විසින්ම ඔවුන්ගේ ජීවිත ගමන අවසන් කරගනු ඇත.

    මෙයට වගකිවයුත්තේ කවුද ? මෙලෙස එකතුවන මුදල් වලින් භාගයකටත් වඩා යෙදවෙන්නේ පෝස්ටර් අඳින සීනියර් අයියලාගේ ගල් බෝතල් වලට සහ ඌරු මස් දීසියටයි, කියවන ඔබ මෙරට කැම්පස් ගිය කෙනෙකුනම් මෙය නො දන්නවා නොව. එමෙන්ම කියවන ඔබ මෙම තිරිසන් කොඨ්ඨාශයට අයත් එකෙක් නම්, බුරා පනිනු ඇත.

    මෙම තිරිසණුන්ට ගත යුතු ක්‍රියාමාර්ගය චීනයේ විශ්ව විද්‍යාල විනයම නො වේද ? අසරණ මිනිසුන්ගේ දරුවන් මෙලෙස හිඟමනේ යවා මුදල් එකතු කරන්නවුන්ට දියයුතු දඳුවම කුමක්ද ?

    සිතන්න. මෙය කොතනින් හෝ නිවැරදි විය යුතුය.

    ~ වර්ණ හසරංග ~
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇත්ත කතාවක් .පව් අහිංසක කමට ෆස්ට් ඉයර් එක නිසා එක එක එවුන්ට සැප ගන්න jvp එකේ account පුරවන්න පාරවල් ගානේ කට හොල්ලනවා.ගනු ළමයෙක්ට මොනවා හරි උනොත් කව්ද වගකීම බාරගන්නේ
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    Math japura campus thama first year kelloda kolloda kiyala ne hemoma kateta yanawa.noya inna ayath innawa.ehema kiyala seniorsla adum galawana katha boru.athak wath kellekta thiyanna ba senior kenekta.rag oya kiyana tharam sera na japura campus eke nm.anith ewa danne na.ow ekathu wena salli 100% kohomath oya kiyana dewal walata pawichchi wenne na.bila naasthi karana weda nm karanawa.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,585
    113
    sthya 5k denna epa okunta.oya salli walinmay parawal block karala gedra wath nidahase yanna denne natthe
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇඳුම් ගලවන කතා නම් පට්ට බොරැ...
    සල්ලි වලින් නම් මොනාහරි කරනව...
    මන්ද ඉතිං ඕකෙත් පොඩි ගතියක් තියනව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mathara Bus Stand ekedi , Bus eka athulata , boys girls la ave Kata samagin , Visva Vidyala Sisun vasayen hadunva ganiminui.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් දැකලා නෑ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව කැට හොල්ලලා සල්ලි ඉල්ලන උන්...
    සාහිත්‍ය වැඩසටහන් හරි ඉස්කෝල හදනවා කියලා තමා දැක්කේ...
    දකුණු පැත්තේ නම් කොහොමද දන්නේ නෑ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kate aran Mage lagata apu , boy gen Mama Prasna keepayak asuvemi. Oya Mona University ekedha? Answer----Peradeniya University---------Pera Uni eke thiyena hostel vala names kiyanna puluwandha ? Answer-----Nismi Hall--------. Vena monavadha thiyena hostel----- silient[danne natha.]. Oya boru kiyanava, Oya Uni neve. Mama pera sitiya kenkmi. Akabar, Hilda, Ramanadhan, Mars, Marcus fernando --Mea kisivak Ohu nodani. Mama names tika kiya gena yana vita, Ohu ikmanin katedha samagin maru vee giyeya.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Avankava hithala balamu, Pikatin valata money mokatadha ? Party valata nam, Money ona.
    mama nam dannawa pera wala issara kata hollala duppath iskolawalata udaw karana wadasatahanak.

    1 st year - kata hollanawa, anugrahakayo hoyanawa adala batch eke inna duppath ayata scholarship denna

    2nd year - kata hollanawada danne nea. eyala karannea o/L seminar dushkara pathiwala

    3rd year - collecting books for a new library in a rural area

    4th year - mulya ha shrama dayakathwayen ith dupatha pasalaka adupadu sakasa dima. hungak welawata godanagillak ho wasikili paddathiya hadalla dena eka karanne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Kate aran Mage lagata apu , boy gen Mama Prasna keepayak asuvemi. Oya Mona University ekedha? Answer----Peradeniya University---------Pera Uni eke thiyena hostel vala names kiyanna puluwandha ? Answer-----Nismi Hall--------. Vena monavadha thiyena hostel----- silient[danne natha.]. Oya boru kiyanava, Oya Uni neve. Mama pera sitiya kenkmi. Akabar, Hilda, Ramanadhan, Mars, Marcus fernando --Mea kisivak Ohu nodani. Mama names tika kiya gena yana vita, Ohu ikmanin katedha samagin maru vee giyeya.

    dan wena scam wala hatiyata ona tharam oya wage dewal wenawa athi.

    hamoma ohoma hoyala balanawanam, awadanayen innawanam scam adu wenawa.

    etakota apita tikak advance horu tikak expect karanna puluwan :P:lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mama nam dannawa pera wala issara kata hollala duppath iskolawalata udaw karana wadasatahanak.

    1 st year - kata hollanawa, anugrahakayo hoyanawa adala batch eke inna duppath ayata scholarship denna

    2nd year - kata hollanawada danne nea. eyala karannea o/L seminar dushkara pathiwala

    3rd year - collecting books for a new library in a rural area

    4th year - mulya ha shrama dayakathwayen ith dupatha pasalaka adupadu sakasa dima. hungak welawata godanagillak ho wasikili paddathiya hadalla dena eka karanne
    may be true. But not to pikatin.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Kate aran Mage lagata apu , boy gen Mama Prasna keepayak asuvemi. Oya Mona University ekedha? Answer----Peradeniya University---------Pera Uni eke thiyena hostel vala names kiyanna puluwandha ? Answer-----Nismi Hall--------. Vena monavadha thiyena hostel----- silient[danne natha.]. Oya boru kiyanava, Oya Uni neve. Mama pera sitiya kenkmi. Akabar, Hilda, Ramanadhan, Mars, Marcus fernando --Mea kisivak Ohu nodani. Mama names tika kiya gena yana vita, Ohu ikmanin katedha samagin maru vee giyeya.

    සිංහලෙන් ටයිප් කරපන් බන්. Rep +
    https://www.google.com/intl/si/inputtools/try/