අමාරුවෙ නොවැටී පිටරට tour එකක් යමුද?

අමාරුවෙ නොවැටී පිටරට tour එකක් යමුද?

ඔන්න මේක තමා මගෙ පළවෙනි ත්රෙඩ් එක. :D:D

මම වැඩ කරන්නෙ airline ticketing & tour agent කෙනෙක් විදිහට. මගේ පලවෙනි ත්රෙඩ් එකෙන් මම වැඩ කරන field එකට අදාලව customersලට අපි හැමදා පැහැදිලි කරලා දෙන දේවල් ටිකක් දාන්නම් එළකිරි එකේ කට්ටියට දැනගන්නත් එක්ක. ගොඩක් අය කැමතියිනෙ පොඩි නිවාඩුවකට පිටරටකට travel කරලා එන්න. ඔන්න එහෙම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.

පිටරටකට travel කරන්න ඕනෙ උනාම ගොඩක් අය කරන දේ තමා travel agency එකකට call කරලා තමන්ට යන්න ඔනෙ රටට travel package එකක් ගන්න එක. ඒ වගේම internet එකේ සහ facebook එකෙත් එක එක travel agency වලින් එක එක රටවල් වලට එක එක ගනන් වලට travel packages දාලා තියෙනවා. ඒවගෙන් සමහර ඒවගෙ ගනන් අනිත් ඒවට සාපේක්ෂව ගොඩක් අඩුයි කියලත් ඔයාල දැකලා ඇති. ඒ ගොඩක් අඩුවට දාලා තියෙන package එකක includes පොඩ්ඩක් කියවලා බැලුවොත් සමහරවිට මම මේ දාලා තියෙන දේවල් වලින් එකක් හරි කීපයක් හරි අඩුයි කියන එක ඔයාට තේරෙයි. ඒ නිසා බොරු කාරයන්ට අහුවෙන්න කලින් මේ ටික දැනගෙන ඉන්න.

ඔයාලා යම්කිසි travel agency එකකින් package එකක් මිලට ගන්නකොට හරි මිල ගනන් විමසීමේදී හරි අනිවාර්යෙන් මෙන්න මේ ටික ඔක්කොම travel agency එකෙන් ඔයාට දීපු price එකට ඇතුලත්ද කියන එක හරියට අහලා දැනගන්න.

01. Air Ticket
02. Hotel Accommodation
03. Return airport transfers

දැන් අපි පොඩ්ඩක් උඩින් කියපු තුන ගැන වෙන වෙනම බලමු.


01. Air Ticket

පළවෙනි එක තමා air ticket එක. ගොඩක් වෙලාවට travel agency එකකින් tour package එකක් ගන්නකොට එයාලා දෙන්නෙ ඔයාට යන්න ඕනෙ රටට, ඔයාට යන්න ඕනෙ දවසට, අඩුම ගානට ගන්න පුලුවන් air ticket එක. ඉතින් සමහර රටවල් වලට අඩුම ගානකට යන්න ඕනෙනම් Air Asia වගේ budget airline ticket එකක් ගන්න ඕනේ. ඉතින් Air Asia වගේ budget airlines ගාන ගොඩක් අඩු හින්දා අනික් airlines වලට සාපේක්ශව seats එහෙම ගොඩක් comfortable නැහැ. ඒ වගේම baggage allowance එක හම්බවෙන්නෙ 7kg unchecked baggage එකකට විතරයි. ඒ කියන්නෙ 30kg checked baggage එක ගෙනියන්න දෙන්නෙ නැහැ. 7kg unchecked baggage එකට වඩා බර ගෙනියන්න ඕනෙනම් ඔයාට සිද්ද වෙනවා travel agentට කියලා separate checked baggage allowance එකක් air ticket එකට add කරගන්න. හැබැයි ඒ විදිහට add කර ගත්තම air ticket එකේprice එක පොඩ්ඩක් වැඩි වෙනවා. තව මේ වගේ budget airlines වල යන passengersලට meals මොකුත් දෙන්නෙ නැහැ. ඒ නිසා තමන්ට එහෙම meal එකක් ඕනෙ නම් agentට කියලා separate meal ඒකත් air ticket එකට add කරගන්න වෙනවා. එතකොට meal ඒකත් air ticket එකේ price එකට එකතු වෙනවා. ඉතින් කාටහරි ඔනේ නම් ටිකක් හොද airline එකක travel කරන්න, ඔයාගෙ travel agentට ඔයාට ඔන airline එක මොකද්ද කියලා දැනුම්දීලා ඒ airline එක ඔයාගෙ package එකට add කරගන්න.

සාමනයෙන් flight එකක cabins වර්ග කිහිපයක් තියෙනවා. First, Business, Economy කියලා. මේවගෙන් Economy cabin එහෙම නැත්නම් Economy class එකේ තියෙන seats තමා ගනන් අඩුම. First & Business cabins වල යන්නෙ ගොඩක් ලොකු සල්ලි කාරයො.

Economy cabin එකෙත් seat classes කීපයක්ම තියෙනවා. මේ seat classes හදුන්වන්නෙ English alphabet එකේ O,Q,Y,N ,V,W,X, වගේ අකුරු වලින්.

උදා: O class, Q class, W Class

මේ හැම අකුරකටම එහෙමත් නැත්තන් හැම seat class එකකටම seats 9 ගානෙ වගේ වෙන් කරලා තියෙනවා. උදාහරනයක් විදිහට මෙහෙම හිතමු. O කියන class එකෙන් seats 9යි, W කියන class එකෙන් seats 9යි වගේ. මේ වගේ එක class එකකට assign කරලා තියෙන seats 9 ම එක price එකකට තමා එක airline එක විකුනන්නෙ. හැබයි seat class එකට අනුව seats වල price එක එකිනෙකට වෙනස් වෙනවා. ඒ කිව්වෙ O class එකේ seat එකකට වඩා W class එකේ seat එකක price එක වෙනස්. ඒ දෙකේම price එකට වඩා V class එකේ seat එකක price එක වෙනස්. අන්න ඒ වගේ. ඉතින් flight එකක සාමාන්යෙන් මුලින්ම ඉවර වෙන්නෙ ගාන අඩුම seat class එකේ තියෙන seat 9. ඊළගට ඉවර වෙන්නෙ ඊගාවට ගාන අඩු seat class එකේ තියෙන seat 9.

අපි නිකන් හිතමු ඔයාට 2018 December 12 වෙනිදා තායිලන්ඩ් වලට tour එකක් යන්න ඔනෙ කියලා. එදාට කොළඹ ඉදලා තායිලන්ඩ් යන UL 318 කියන flight එකේ අඩුම ගානට තිබිලා තියෙනේ O class එකේ seats කියල හිතමු. O class එකට පස්ස ඊළගට අඩුවට තිබිලා තියෙන්නෙ Q class එකේ seats කියලත් හිතමු. තව මේ flight එකේ seat class දෙකක් අතර price difference Rs 5000 ක් උනා කියලත් හිතමු.

ඉතින් ඔයා travel agentට කතා කරලා package එකක quotation එකක් එවන්න කියලා ඉල්ලපු දවසෙ බලනකොට O සහ Q class දෙකේම seats ඉවර වෙලා, ඊළගට අඩුම fare එකකට seats ඉතුරු තියෙන W කියන class එක කියලත් හිතමු. එතකොට 2018 December 12 වෙනිදා UL 318 කියන flight එකේ ඔයාට තායිලන්ඩ් යන්න ඕනෙ නම්, ඔයාට කලින් O class seats available වෙලා තියද්දි තායිලන්ඩ් යන්න tour package එකක් ගත්ත passenger කෙනෙක්ට වඩා Rs 10,000 ක් විතර ඔයාට වැඩියෙන් ගෙවන්න වෙනවා W class එකෙන් seat එකක් ගන්න

ඉතින් උඩ කියපු seats availability කියන එක මත, ඔයා ඉල්ලන දවසට ඔයා ඉල්ලන රටට යන්න දෙන්න පුළුවන් tour package එකේ price එක වෙනස් වෙනවා. ඒ කිව්වෙ ඔයා travel කරන්න ඉන්න දවසෙ අඩුම price එකට තියෙන seats ඉවර වෙලා නම් ඔයාට යන්න වෙන්නෙ වැඩි ගානක් ගෙවන්න වෙන seat class එකක. එතකොට ඔයාට දෙන package එකේ price එක වැඩි වෙන්න පුළුවන්. ඒකට travel agentට කරන්න කිසිම දෙයක් නෑ.


02. Hotel Accommodation

දෙවනියට hotel එක. මේකත් ඉස්සෙල්ලා වගේම ඔයාට යන්න ඕනෙ රටෙන් අඩුම ගානට ගන්න පුලුවන් එකක් තමා දෙන්නේ. ඉතින් package එකත් එක්ක හම්බවෙන hotel එක මොකද්ද කියලා travel agent ගෙන් අහලා දැනගෙන trip adviser වගේ site එකක අදාල හොටලේ ගැන දාලා තියෙන reviews පොඩ්ඩක් කියවලා බැලුවොත් ඔයාට පොඩි idea එකක් ගන්න පුළුවන් වෙයි hotel එකේ තත්වෙ ගැන. ඉතින් ඔයාට travel agent recommend කරපු hotel එක හොද නෑ කියල හිතුනොත් එක්කෝ ඔයා travel agentට කියන්න වෙන හොඳ hotel එකක් දෙන්න කියලා. නැත්තන් ඔයා hotel එකක් බලලා ඒකට අදාලව package එක හදල දෙන්න කියන්න. හැබයි එතකොට hotel price එක වැඩි උනොත් package එකේ price එකත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔයාට ඕනෙ හැම හෝටලේම ඔයාගෙ package එකට add කරලා දෙන්න බැරි වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඔයා select කරපු hotel එකත් එක්ක travel agentට connection එකක් නැති වෙන්න පුළුවන්.


03. Return airport transfers

තුන් වෙනි එක තමා transfer. ඔයාට travel agent දීපු package price එකට return airport transfer ඇතුලත් වෙනවා කියන්නෙ ඔයාට යන්න ඕනෙ රටේ airport එකට ඔයා arrive උනාට පස්සෙ airport එකේ ඉදලා hotel එකටයි, ඔයා tour එක ඉවර වෙලා ආයෙත් එන දවසට hotel එකේ ඉදලා airport එකටයි යන ප්රවාහන වියදම් package price එකට ඇතුලත් කියන එක.. ඔයා කලින් පිට රට travel කරලා අත්දැකීම් තියෙන කෙනෙක් නම්, google map එකෙන් පාර හොයාගෙන යන්න දන්නවනම්, ඔයා ඒ රටේ පොදු ප්රවාහන සේවාව භාවිතා කරලා අදාල තැනට යන විදිහ ගැන දැනුවත්නම් transfer fee එක අයින් කරලා දෙන්න පුළුවන්ද කියල agent ගෙන් අහලා බලන්න. එහෙම පුළුවන් උනොත් ඔයා ඉල්ලපු package එකේ price එක පොඩි ගානකින්වි අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි transfer අයින් කරලා දෙන එකත් හැම වෙලේම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකත් මතක තියා ගන්න.


එහෙනම් අදට ඔච්චරයි. කියන්න නම් තව ගොඩක් ඒවා තියෙනවා. ඒව ඉතිං කට්ටියගෙ ප්‍රතිචාර අනුව තව ත්‍රෙඩ් එකකින් දාන්නම්.:P:P මීට අමතරව මොනවහරි දැනගන්න ඔනෙ නම් මට PM එකක් හරි email එකක් හරි දාන්න මේ email එකට - [email protected]
 
Last edited:

SBreewz

Member
Aug 10, 2018
20
4
0
හොද ත්‍රෙඩ් එකක්. මේ ගැන දන්නේ නැති අය ඕනි තරම් ඇති.
 

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Thanks for sharing machan...
    ඔය දේවල් ටික තනියම කරගන්න එකෙයි ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් හරහා කරගන්න එකෙයි වෙනස මොකක්ද මචන්? ඔය දේවල් ටික අපිට තනියම කරගන්න බැරිද? එහෙම කලොත් වෙන වාසි අවාසි මොනවද?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,687
    2,755
    113
    good thread mchn. rep++

    travel agency ekakin package ekaka giyahama mchn un guide kenek ehema set karanwada?
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    වටිනා විස්තර ටිකක් මචන්

    පොඩි දෙයක් දැනගැනීම පිණිස
    ප්ලේන් එකේ සීට්ස් වල කැටගරි එකේ තියන වෙනස් කම මොකක්ද
    උදා- O,Q,Y කියන සීට්ස් කැටගරි 3නෙ වෙනස