අල්ලපු ගෙදර (1965)

අල්ලපු ගෙදර (1965) – ජෝ අබේවික්‍රමයන් රංගන විස්කම් පෑ ලංකාවේ සිනමාවේ හොඳම කොමඩිය

-

අල්ලපු ගෙදර චිත්‍රපටය හැදෙන්නෙ අල්ලපු රටේ හැදුන ද්‍රවිඩ චිත්‍රපටයක් ආශ්‍රය කරගෙනයි. ඒ තමයි “අඩුත වීටු පෙන්” කියන දෙමළ චිත්‍රපටය. එහෙම උනා කියල සිංහල සිනමාව ඇතුලෙ අල්ලපු ගෙදරට තියෙන තැන කිසිසේත්ම බාල්දු වෙන්නෙ නෑ. ජෝ අබේවික්‍රම කියන ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියගෙ රංගන ප්‍රතිභාවෙන් ඔප වැටෙන මේ චිත්‍රපටය ඒ කාලෙ ප්‍රේක්ෂකයන්ව සිනහ සාගරයක ගිල්වන්න සමත් වෙනව. මුල් දෙමල චිත්‍රපටයටත් වඩා උසස් මට්ටමක මේ චිත්‍රපටය තියන බව තමයි විචාරකයන් පවා සඳහන් කරන්නෙ.

තමන්ගේ අල්ලපු ගෙදර වෙසෙන සංගීතයට ලැදි රූමත් යුවතියකගේ හිත ගන්න තරුණයෙක් ගන්න උත්සාහය තමයි මේ චිත්‍රපටයෙන් අපට දකින්න ලැබෙන්නේ. ඒ සඳහා වෙන අයගේද උදවු ඇතිව තමන්ට ගායන හැකියවක් ඇති බවට ප්‍රදර්ශනය කරමින් දාන නොයෙක් උප්පරවැට්ටි මේ චිත්‍රපටය පුරාවට අපිට දකින්න ලැබෙනවා.

ඒ කාලෙ අල්ලපු ගෙදර නරඹපු අය අදටත් කියන කතාවක් තමයි අල්ලපු ගෙදර තරම් විකට රසයෙන් යුතු චිත්‍රපටයක් ආපහු සිංහල සිනමාව ඇතුලෙ බිහිවුනේ නෑ කියන එක. අල්ලපු ගෙදර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂක එම්. මස්තාන්. ජෝ අබේවික්‍රමයන්ට අමතරව මෙහි ක්ලැරිස් ද සිල්වා ප්‍රධාන නිළි චරිතය රඟදක්වනවා. අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීත රාශියකින්ද මේ චිත්‍රපටය සමන්විත වනවා.

-----------------------------------------------------------------------
චිත්‍රපටිය ඇරඹෙන්නේ සේපාලිකා හා නිර්මලා යන මිතුරියන් දෙදෙනා ගීතයක් ගයමින් මෝටර් සයිකලයකින් කොළඹ වටා යන දර්ශනයකිනි. මේ අවස්ථාවේ හමුදා සේවයෙන් ඉවත් වී එන කපිල මල්කිරණ නම් තරුණයා ඔවුන්ගේ මෝටර් සයිකලයෙහි ගැටීම නිසා තරුණියන් දෙදෙනා බිම ඇද වැටෙන අතර ඔවුන් මොහුට බැන වැදියි. ඔහුබැනුම් අසාගෙන යන්නට යයි.
කපිල තම මව සමග පදිංචිව සිටිනුයේ දෙමහල් නිවසකය. ඔහුගේ කාමරය එහි උඩු මහලේ පිහිටා ඇත. උඩු මහලට පිවිසෙන ඔහු දකින්නේ තම නිවස ඉදිරිපස නිවසෙහි උඩුමහලෙහි ගී ගයමින් නටන සේපාලිකාය.
ඇගේ ගීතය අවසන් වෙත්ම කපිල ඇත්පොලසන් දෙයි. එය දකින ඇය ඔහුට තදින් බැන වැදියි. එනමුත් ඔහුගේ සිතෙහි ඇය ගැන ආදරයක් ඇති වෙයි. සේපලිකාගේ ආදරය දිනා ගැනීම සඳහා කපිල තම මිතුරෙකු වන චන්ද්‍රා මුණ ගැසීමට යයි. චන්ද්‍රා හට සංගීතය ගැන මනා දැනීමක් ඇති අතර ඔහු තම මිතුරන් සමග නතර වී සංගීත කටයුතු වල යෙදෙන අයෙකි.සේපාලිකා හට සංගීතය ඉගැන්වීම පිණිසගුරුවරයෙකු යැයි කියා ගන්නා වයසක පුද්ගලයෙකු ඇගේ නිවසට නිතරම පැමිණෙයි.
ඇය ඔහු හා එක්ව ගී ගයමින් නටන අයුරු කපිල චන්ද්‍රා හට පෙන්වයි. එම වයසක සංගීත ගුරුවරයාද ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගෙන ඇති බව පෙනී යයි.

-

Drama / Black & White / 35mm
Released Date : 1965-09-17
Main Actor :Joe Abeywickrama
Main Actress :Clarice De Silva
Director : M. Masthan
Producer :K.Gunarthnam

-

HyKMpqG.jpg





720p WEBRip | 530MB| DOWN LOAD |
 
ඇර සොයිසා (1984)

ඇර සොයිසා (1984) – සිංහල සිනමාවේ ලස්සනම කෙල්ල කාන්තිගේ ආදරය සොයිසටද? වඩිගයටද?

-

ඇර සොයිසා කියන්නෙ අනිවාර්යයෙන්ම ජීවිතයේ එකපාරක් හරි නැරඹිය යුතුම චිත්‍රපටයක්. ලංකාවෙ හොඳම කොමඩිය හැටියට බොහෝ දෙනෙක් වර්ග කරන චිත්‍රපටයක්. ඇර සොයිසා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ හර්බට් රංජිත් පීරිස්. හර්බට් රංජිත් කියන්නෙ චිත්‍රපටයක දෙබස් ඇතුලෙ ස්වභාවිකවම විහිලුව මතු කරන්න පුලුවන් ඉතාම ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයෙක්. එතුමාගේ මේ දක්ෂකම ඇර සොයිසා චිත්‍රපටය පුරාවටම ඔබට දැකබලාගන්න පුලුවන්.

බෝඩිමක නැවතී සිටින ගමන් බෝඩිං හිමිකාරියගේ දුවගේ ප්‍රේමය දිනාගන්නට උත්සාහ කරන පිරිසක් වටා තමයි මේ කතාව ගොඩනැගී තිබෙන්නේ. කාන්තිගේ ප්‍රේමය සඳහා සටන් වදින සොයිසා සහ වඩිගපටුනගේ ගැටුමත් සොයිසාගේ මිතුරන්ගේ ඉල ඇදෙන විහිලු වලිනුත් මේ චිත්‍රපටය සමන්විතයි. මෙහි ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ නලුවෙකු විසින් වීමත් විශේෂයි.

ප්‍රෙඩී සිල්වා සහ විමල් කුමාර ද ‍කොස්තා, දොන් සිරිසේන වැනි දක්ෂ විකට නලුවන් පිරිසක මෙයට රංගනයෙන් දායක වෙනවා.

-

1984 ‧ Comedy ‧ 2h 7m
Initial release: October 26, 1984
Director: Herbert Ranjith Peiris
Screenplay: Herbert Ranjith Peiris
Producer: U.A.S. Hameed
Cinematography: Mercelin Perera Norbat Rathnasiri

HyLaS8Q.jpg





447MB| DOWN LOAD |

 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්ක ඇර සොය්සා ඩව්න්ලෝඩ් වෙන්නේ නැ

    යුටියුබ් එකේ තියෙන ටික නම් බලල තියෙය්,

    ගොඩක් ඒවා යුටියුබ් නැ

    පුලුවන්නම් දෙන්න ලිනක්ස් ටික බාගන්න

    රේප් දුන්න තැන්ක්ස්

     
    බොක්ක ඇර සොය්සා ඩව්න්ලෝඩ් වෙන්නේ නැ

    යුටියුබ් එකේ තියෙන ටික නම් බලල තියෙය්,

    ගොඩක් ඒවා යුටියුබ් නැ

    පුලුවන්නම් දෙන්න ලිනක්ස් ටික බාගන්න

    රේප් දුන්න තැන්ක්ස්


    https://www.elakiri.com/forum/showthread.php?p=23510496&posted=1#post23510496

    link eka wda macho aye blhan
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් ලා,මේ ෆිල්ම් ටික ඩවුන් ලොඩ් කරන්න ලින්ක්ස් ටික හොයලා දියල්ලාකෝ :eek::eek: