කිරිගල්පොත්ත - මහඑළියේ ගිරි ශිඛරය....
කිරිගල්පොත්ත - මහඑළියේ ගිරි ශිඛරය....

ලංකාවේ උසින් දෙවැනි කඳු මුදුන මොකක්ද කියල ඇහුවොත් අපි බොහෝ දෙනෙක් දන්නවා ඒ කිරිගල්පොත්ත කඳු මුදුන කියල.
උසින් මීටර් 2388 වන කිරිගල්පොත්ත පිහිටලා තියෙන්නේ නුවර එලිය දිස්ත්‍රික්කයට අයත් මහ එළිය එහෙම නැත්නම් අපි කොයි කව්රුත් හොඳින් දන්න හෝර්ටන් තැනිතලාවේ.
හෙක්ටයාර 3160 ක වපසරියකින් යුක්ත මේ උස් කඳුකර තැනිතලා භුමිය ශ්‍රිලංකාවේ දෙස් විදෙස් සංචාරක පාරාදීසයක්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන හෝර්ටන් තැන්නේ බටහිර බෑවුමේ තමයි කිරිගල්පොත්ත පිහිටලා තියෙන්නේ.
මේකට කිරිගල්පොත්ත කියල හඳුන්වන්න එක හේතුවක් තමයි මේ කඳු මුදුනේ තියෙන ප්‍රපාතාකාර බෑවුම අඹේවෙල, ඩයගම, ආගරපතන, හෝර්ටන් තැන්නේ සමහර ස්ථාන වලට
පෙන්නේ සුදු පාට විශාල ගල් පොත්තක් ලෙස.
ඡායාරුපය අන්තර්ජාලයෙන්...
ඉතින් මේ කිරිගල්පොත්ත සංචාරය අපි ගියේ දැන් අවුරුදු එකහමාරකට වගේ උඩදී.අවුරුදු කිහිපයක් තිස්සේ මේ වගේ ගමන් යද්දී අපි අනුගමනය කරන බොහොම සරල ක්‍රියාවලියක් තියෙනවා.
ඒ තමයි අපි මේ වගේ ගමනක් යන්න අදහස් කලාට පස්සේ මුලින්ම කරන්නේ ඒ සඳහා සුදුසුම දිනය තීරණය කරන එක.
ඊට පස්සේ අපේ කාන්ඩේ පිරිස දැනුවත් කරනවා.
අවසානයට තමයි අපි යන්නේ කොහෙද, ප්‍රවාහන මාධ්‍යය මොකක්ද කියල තීරණය කරන්නේ.ඉතාම සරලයි.මේ ගමනත් අන්න ඒ වගේ සුදානම් වුනු ගමනක්.
අවසානයට අපි 05 දෙනෙක් ගමන යන්න ඉතුරු වුනු නිසාත්, මෝටර් රථයේ පස් දෙනෙකුට යන්න හැකි නිසාත්,කලින් දා රාත්‍රියේ අපි තීරණය කළා කිරිගල්පොත්ත නගිමු කියල.
තනි දවසේ චාරිකාවක් නිසා ලොකුවට සුදානම් වෙන්න අවශ්‍ය වුනේ නෑ.බොහොම ඉක්මනින් ඕනේ කරන අඩුම කුඩුම ටික බෑග් වලට සුදානම් කරගෙන අපි පහුවදා පාන්දර 04 විතර පිටත් වුනා.
අපේ ගමන් මාර්ගය වුනේ,
ගම්පහ - ඌරාපොල - රුවන්වැල්ල - කරවනැල්ල - යටියන්තොට - කිතුල්ගල - ගිනිගත්හේන - හැටන් -තලවකැලේ - නානුඔය - මීපිලිමාන - අඹේවෙල - පට්ටිපොළ - හෝර්ටන් තැන්න .
උදේ කෑමෙන් පස්සේ අපි කෙලින්ම නැවැත්තුවේ කන්දේ ඇල අසලින්.වන සංරක්ෂණයට සහ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත් සංචාරක බංගලා කීපයක්ම කන්දේ ඇල අසල තියෙනවා. මම දැකපු ලස්සන ස්ථානයක් තමයි කන්දේ ඇල. අවශ්‍ය නම් මෙතනින් ජලාශයේ බෝට්ටු සවාරියක් වුනත් යන්න පුළුවන්.
කන්දේ ඇල ජලාශය. ඔය පසුබිමෙන් පේන්නේ ග්‍රේට් වෙස්ටන් කඳු වැටිය....
එතනින් පස්සේ පට්ටිපොළ පිවිසුමෙන් හෝර්ටන් තැන්නට ඇතුළු වෙලා ටිකට් පත් මිලදීගෙන අපි මග සුන්දරත්වය විඳිමින් ම හෝර්ටන් තැන්න මධ්‍යස්ථානයෙන් අපේ මෝටෝරිය නවත්තල මගදී කන්න දේවල් ටිකයි, වතුර, බීම එහෙම බෑග් වලට දාගෙන කිරිගල්පොත්ත බලා පිටත් වුනා.
( කිරිගල්පොත්ත සංචාරය කරන කාණ්ඩ ඒ මධ්‍යස්ථානයේ නිලධාරින් දැනුවත් කරන්න ඕනේ. යන පිරිස, ගණන, ගෙනියන දේවල් එහෙම පරික්ෂා කරලා තමයි අවසර දෙන්නේ.)
පට්ටිපොළ පිවිසුම අසල....
හෝර්ටන් තැන්න කියන්නේ ඇත්තටම පිරිසිඳු තැනක්. මොකද නියමිත ක්‍රමවේදයකට පාලනයක් සිද්ධ වෙන නිසා. කොහොම කලත් සමහර පිරිස් තවමත් කුණු දාන,බෝතල් කුඩු කරන, ගස් කොලන් කඩලා බිඳලා දාන ගති නැතුවම නොවේ. යන කෙනෙකුට කියන්න තියෙන්නේ යන්න, දකින්න, විඳින්න ඒ විදිහටම නැවත එන්න. මොකද අපේ කුණු වෙන කොහේටවත් අවශ්‍ය නෑ.
කිරිගල්පොත්ත පිවිසුම අසල ඇති පුවරුව...
එතන ඉඳල කිරිගල්පොත්ත මුදුනට කිලෝමීටර් 07 දුරක් තියෙනවා. ගමනේ වැඩි ප්‍රමාණයක් තැනිතලා ඔස්සේ දිවෙන්නේ. අතරින් පතර පොඩි පොඩි කඳු ස්වභාවයක් තිබුනත් ගමනේ අවසාන කොටසේ තමයි දල බෑවුමක් නගින්න තියෙන්නේ. ඒ නිසා අවසානය එළඹෙන තෙක් කන්දේ මුදුන පෙන්නේ නෑ. ඒ වගේම තමයි තැනිතලාවේ ගෝන්නු, කොටි (කඳුකර කොටි) ගියපු පාරවල් නිසා අඩි පාර වරදින්න තියෙන ඉඩ වැඩියි. අපිට නම් එහෙම කරදරයක් වුනේ නෑ.
මහරත්මල - ශ්‍රීලංකාවට ආවේනික ශාකයක්....
අතරින් පතර තමා වනාන්තරය හමු වෙන්නේ. බොහොමයක් දුර තැනිතලාවේ තමයි ඇවිදින්න තියෙන්නේ....
මග හමුවෙන පුංචි දිය පාරක්. මේක ගිහින් බෙලිහුල්ඔය ට එකතු වෙනවා....
සුළු විවේකයක්...
Refreshment Break....
ගමනේ අවසාන කොටස හරිම සුන්දරයි වගේම තරමක අවදානමක් තියෙනවා.අපිට කඳු මුදුනට එන්න පැය දෙකක්, දෙකහමාරක් විතර කාලයක් ගියා.
කන්දේ පළමුවෙන්ම දැකිය හැකි මුදුන. මෙතන දකුණු අතට වෙන්න මහ ප්‍රපාතයක් තියෙන්නේ....
අවසාන පියවර කිහිපය ...
කඳු මුදුනේ දැකිය හැකි උසින් අඩු ගස් කඳන් වල පාසි ( mossy forest )...
කඳු මුදුන (2388 m ) ලංකාවේ දෙවෙනි උසම ස්ථානය
අපි මුදුනතට එළඹෙන විට බොහොම පැහැදිලිව තිබුණු පරිසරය වෙනස් වෙලා වැහි වලාකුලින් බර අඳුරු පෙනුමක් ගත්තා.හෝර්ටන් තැන්න කියන්නේ උස් කඳුකර තැනිතලා භූමියක්.ඒ නිසා කාලගුණ වෙනස් වීම් ඉතා ක්ෂණිකයෙන් සිදු වෙනවා.
කඳු මුදුනට බොහොම සුන්දර වටපිටාවක් පේනවා. නමුත් අඳුරු පරිසරය නිසා පැහැදිලිව දකින්න හැකියාවක් නම් තිබුනේ නෑ. එක පැත්තකින් අපි ආ හෝර්ටන් තැන්න, ආග්‍රා බෝපත් කන්ද, තවත් පැත්තකින් අඹේවෙල, ගොවිපොළ සහ සුළං මෝල, ආගරපතන, ඩයගම, ලිඳුල තවත් ප්‍රදේශයකින්, බොගවන්තලාව, හරිතකන්ද මේ වගේ ලොකු වපසරියක් පේනවා.
ඩයගම, ආගරපතන, ලිඳුල ප්‍රදේශ....
ඈතින් පෙන්නේ හෝර්ටන් තැන්න තැනිතලා බිම...
බෝපත්තලාව ප්‍රදේශය මීදුමෙන් වැසී...
ඉතින් කන්ද මුදුනේ ටිකක් වෙලා අසිරිය නරඹපු අපි ඊට පස්සේ නැවත පල්ලම් බහින්න පටන් ගත්තා. ඔහොම බාග දුරක් එද්දී අපිව ලොකු වැස්සකට අහු උනත් අපි නවතින්නේ නැතුවම දිගටම ආව.
ආපසු ගමනේ. අපි ඉක්මනට බහින්න පටන් ගත්තේ, ළඟ ළඟ වැස්සක් එන බව දැනුනු නිසා.
සුළු විවේකයක්...
නමුත් අපිව වැස්සට කොටු වුනා.ජැකට් දාගෙන අපි වැස්සේම නවතින්නේ නැතුව ආවා...
මීදුමෙන් වැසුණු හෝර්ටන් තැනිතලාව.... පුදුම ලස්සනක්, ගුප්ත බවක් තිබුනේ.
කොහොම හරි කිට්ටුවටම එද්දී වැස්ස තරමක් තුරල්වුණු නිසා අපේ තීරණය ඉක්මනින් වෙනස් කරගෙන අපි පොඩි අවදානමක් අරගෙන තැන්නේ ඈතින් පේන බෙලිහුල්ඔය ට කිට්ටු කළා. ඇත්තටම අපි හිතපු තරමේ ලේසි වැඩක් වුනේ නෑ ඒක. මොකද බිම මඩේ එරීගෙන බිම වැටි වැටි තමයි අපි ආවේ. බෙලිහුල්ඔය වතුර පාරට ආවට පස්සේ අපි දෙපාරක් හිතන්නේ නැතුව එතන හොඳ සීතල වතුරේ පොඩ්ඩක් නා ගත්තා.
බෙලිහුල්ඔය එහි ආරම්භක අවස්ථාවේ...( මේ අපි එද්දී පහු කරන පුංචි දිය පාර නෙමෙයි.මේ තැනිතලාවේ මැදින් යන බෙලිහුල්ඔය. මේක දිගේ පහලට ගියානම් අපිට චිමිනි ඇල්ල සහ බේකර්ස් ඇල්ල හම්බ වෙනවා)
නැවතත් එන ගමනේ අපිව පොඩි වැස්සකට අහු වුනත් ලොකු කරදරයක් නැතුව අපි හවස 05 කිට්ටු වෙද්දී අපේ ඇඳුම් මාරු කරගෙන අපේ ගමන අවසන් කරලා ආපු මග දිගේ රෑ වෙද්දී ගෙදර ආව.
හෝර්ටන් තැන්නේ අයිතිකාරයෝ. කවදාවත් මෙයාලට කෑම දාන්න එපා. මොකද මෙයාල කැලේ සත්තු. අපි එයාලට කෑම දාන්න එයාලව පුරුදු කරන එක එයාලගේ පැවැත්මට තර්ජනයක්...
පට්ටිපොළ..මේක කියවන්න ගිහින් සෑහෙන වෙලාවක් ගියා.
අඹේවෙල සුළං මෝල...
ආපසු ගමනේ...
ඉතින් මේ විදිහට අපේ කිරිගල්පොත්ත (ලංකාවේ දෙවෙනියට උසම මුදුන ) සාර්ථකව අවසන් කරන්නට අපිට හැකි වුනා. එහෙනම් කිරී වාසි ඔබට ජය වේවා.