Kesel lella wisik karanna epaa

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කෙසෙල් කනකොට අපි ලෙල්ල විසික් කරනවනේ...එත් ඔන්න කෙසෙල් ලේල්ලෙනුත් එක එක ප්‍රයෝජන තියෙනවා..:yes: කෙසෙල් ලෙල්ලෙහි පිටි ගතියක් වගේ තියෙනවා ඔයාලා දැකලා ඇති, එහි විටමින් සී සහ විටමින් E අඩංගු වන අතර පොටෑසියම්, සින්ක්, යකඩ සහ මැන්ගනීස් ද අඩංගු වේ. :shocked: ඉතින් දැන් අපි බලමු මොනවද බනානා පිල් එකෙන් තියෙන ප්‍රයෝජන කියල..:D

01. කුරුලෑ අඩු කිරීමට උපකාරී වෙනවා.

wmJlsva.jpg


කෙසෙල් ලෙල්ල අරගෙන එයින් මුහුණෙහි හොඳට පිරිමදින්න. විනාඩි 5-10ක් තියලා සෝදාහරින්න. දිනපතා කිහිප වරක් සිදු කිරීමෙන් කුරුලෑ අඩු කරගන්න පුළුවන්.

02. මුහුණෙහි රැලි වැටීම් අවම කරනවා.

kvQI9sy.jpg


කෙසෙල් වල ප්රතිඔක්සිකාරක සහ විටමින් C රැළි වැටීම් අඩු කිරීමට උපකාරී වෙනවා.
කෙසෙල් ලෙල්ල මුහුණෙහි හොඳින් පිරිමැදලා විනාඩි 30ක් පමණ ඉන්න. ඊටපස්සේ මුහුණ සෝදලා මොයිස්චරයිසර් ආලේප කරන්න. ඇස් යට කළුවී රැලි වැටි ඇත්නම් කෙසෙල් ලෙල්ල කුඩා කැලි දෙකකට කපාගෙන පින්තුරයේ ආකාරයට තබාගෙන සිටින්න.

03. රිදී ඔපදමන්න පුළුවන්.

64fTqyc.jpg


කෙසෙල් ලෙල්ල බ්ලෙන්ඩර් එකකට දාලා ඒකට වතුර ටිකක් වෙන්න දාලා පේස්ට් එකක් වෙනකන්ම බ්ලෙන්ඩර් කරගන්න. ඊටපස්සේ රෙදි කෑල්ලක් එහි පොඟවලා රිදී භාණ්ඩ ඔපදමන්න පුළුවන්.

04. සමේ කීරක් හෝ කටුවක් ඇනුනම, පහසුවෙන්ම ගන්න පුළුවන්.

mzznUVx.jpg


කෙසෙල් ලෙල්ලෙහි එන්සයිම ගොඩක් තියෙනවා. කීරක් හෝ කටුවක් ඇනුන වෙලාවක එය සම මතුපිට තියගත්තම විෂ ඇදගන්න උපකාරී වෙනවා. එතකොට පහසුවෙන්ම එය සමෙන් ඉවත් කරගන්න පුළුවන්.

ඉදුණු කෙසෙල් ලෙල්ලක් සම තුවාල වූ තැන තියලා විනාඩි 15ක් විතර ඉන්න. ඊටපස්සේ එය සමේ පිරිමදින්නේ නැතුවම ඉවත් කරලා දාන්න. පස්සේ ට්විසර් එකක් ආධාරයෙන් කීර ඉවත් කරගන්න පුළුවන් වැඩි වේදනාවක් නැතුව.

05. කොම්පොස්ට් කරන්න පුළුවන්.

SvhbCf7.jpg


කෙසෙල් ලෙලි කුඩා කැබලි වලට කපාගන්න. ඔබට පොහොර කිරීමට අවශ්‍ය ශාකයේ මුල වටේට එම කැබලි ටික දාලා පස් වලින් ආවරණය කරලා වතුර දමන්න.

06. දත් සුදු කරනවා.

Jfu3nIq.jpg


මුලින්ම දත් මැදලා කට සෝදාගන්න. ඊටපස්සේ කෙසෙල් ලෙල්ල ඔයාගේ දත් වල මදින්න. විනාඩි 2ක් පමණ කරාට පස්සේ නැවත කට සෝදාහරින්න. දිනපතා කිරීමෙන් දත් ටික සුදු කරගන්න පුළුවන්.

07. කැළැල් පෙනුම අඩු කිරීමට උදව් වෙනවා.

ig2DvAO.jpg


කෙසෙල් ලෙල්ල කැළැල් ඇති ස්ථානයේ පිරිමදින්න. පැයක් විතර තියන්න, රාත්‍රියකම තියන්න පුලුවන්නම් හොඳයි. දිනපතා කිරීමෙන් කැළැල් ඉක්මනට අඩු කරගන්න පුළුවන්.

08. ඉරුවාරදය සහ හිසරදය අවම කරනවා.

PdmSFpK.jpg


කෙසෙල් ලෙල්ල පැයක් විතර ෆ්‍රිසර් එකේ දාලා තියන්න. ඊටපස්සේ ඒක අරගෙන නළල මත තියලා කෙසෙල් ලෙල්ල උණුසුම් වෙනකන්ම තියාගෙන ඉන්න. මෙයින් ඔබට යම් සහනයක් ලැබේවි.

 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,850
    2,857
    113
    රජරට
    එ්ත් පුතී දැං තියන කෙසෙල් ලෙලිවලින් ඔය වැඩ කළොත්නම් බඩුම තමා. මොකද බෙහෙත් ගහපු නැති කෙසෙල් ගෙඩියක් හොයාගන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    එ්ත් පුතී දැං තියන කෙසෙල් ලෙලිවලින් ඔය වැඩ කළොත්නම් බඩුම තමා. මොකද බෙහෙත් ගහපු නැති කෙසෙල් ගෙඩියක් හොයාගන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.
    200.gif