මුහුද හින්දන සැලැස්ම

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මුහුද හින්දන සැලැස්ම

    මුහුද හින්ඳන ජර්මානු සැලැස්ම!
    Atlantropa

    මධ්‍යධරණි මුහුදේ වේලී බැඳ, මුහුදු ජල මට්ටම බස්සවා නව භූමියක් නිර්මාණය ඇතුලු දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘතියකට සැලසුම් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?

    විද්‍යා ප්‍රබන්ධය අතික්‍රමණය කරමින් ලොව මෙතෙක් යෝජනා වූ දැවැන්තම සංවර්ධන සැලැස්මක් ලෙස සැලකිය හැකි ඇට්ලැන්ට්‍රොපා ව්‍යාපෘතිය, 1920 දශකයේදි පමණ ජර්මානු නිර්මාණ ශිල්පි හර්මන් සෝගල් ගේ යෝජනවකි.

    ජනගහනය වර්ධනය, කෘෂිකර්මාන්තය සුදුසු ගොවිබිම් අවමවීම, බලශක්ති ඉල්ලුම ඉහල යෑම වැනි ගැටළු හේතුවෙන් මේසමයේ යුරෝපය පීඩාවිදිමින් සිටියි. ජර්මානු ගොවිබිම් ව්‍යාප්ත කිරිම, ජර්මනියේ නාසි පක්ෂයේ එක් සටන්පාඨයක් බවට පත්වේ. අනාගතයේ ඇතිවිය හැකි අඳුරු සමය ගැන අවබෝධකරගත් සෝගල් විසින් බලශක්ති ගැටළු,ගොවිබිම් ගැටළු, ආහාර ගැටළු, රැකියා ගැටළු... විසදාගැනිමේ අරමුණින් යුරෝපා හා අප්‍රිකා මහද්වීප ඇසුරින් ඇට්ලැන්ට්‍රෝපා (Atlantropa) නම් දැවැන්ත ව්‍යාපෘතිය එලිදැක්වීය.

    ව්‍යාපෘතියේ ප්‍රධානතම අංගය වන්නේ ජිබ්‍රෝල්ටා සමුද්‍රසන්ධියෙන් වේල්ලක් බැද මධ්‍යධරණි මුහුද (Mediterranean Sea) අත්ලාන්තික සාගරයෙන් වෙන්කිරිමයි. එමගින් අත්ලාන්තික් සාගරයේ සිට මධ්‍යධරණි මුහුදට ජලය ඇතුල්වීම වැලකෙන අතර සංවෘත ජලාශයක් බවට පත්වේ. සූර්යාලෝකයේ බලපෑමෙන් මුහුදේ මුහුද ජලය මීටර් 200 ක් පමණ වනතෙක් හින්ඳවනු ලැබේ. සිදීගිය මුහුදු පත්ල විසින් වර්ගකිලෝමීටර් 576,000ක පමණ නව භූමියක් එක්කරයි. එමෙන්ම යුරෝපා මහද්වීපය හා අප්‍රිකා මහද්වීපය එක් වේ.

    ජිබ්‍රෝල්ටා මහා වේල්ල
    ඇට්ලැන්ට්‍රෝපා සැලැස්මේ ඇතුලත් ප්‍රධානතම වේල්ල මෙය වන අතර සේගල් ගේ ගණනය කිරිම් අනුව කිලෝමීටර් 30 ක පමණ දිගකින් යුක්තය. ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානය 14 කි.මි වුවත් එම ස්ථානය ගැඹුරින් වැඩි වීම නිසා ඊට ඔබ්බෙන් මෙම වේල්ල නිර්මාණය කිරිමට සැලසුම් කලේය. ගැඹුරින් අඩුම ස්ථානයේ සෑදුවද වේල්ලේ පාදම මීටර් සිය ගණනක් උසින් යුක්ත වන අතර සාදා නිමකිරිමට වසර 10ක කාලයක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. නමුත් එවක මෙතරම් අති දැවැන්ත වේලි ඉදිකිරිම සදහා ප්‍රමාණවත් තරම් කොන්ක්‍රීට් නොතිබුණු බව පැවසේ.

    ජිබ්‍රෝල්ටා වේල්ල ආශ්‍රිතව ලොව විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිකිරිමට යෝජිතය.

    ප්‍රධාන වේල්ලට අමතරව සිසිලිය - ටියුනිසියාව අතරද කලුමුහුදේ ජලය ගමනය අවහිර කරමින්ද උපප්‍රධාන වේලි දෙකක් ඉදිකිරිමට නියමිතය. මෙම වේලි ආශ්‍රිතවද ජල විදුලි බලාගාර ඉදිකරේ. මධ්‍යධරණි මුහුදට විවාර වන ගංගා මෝය ද අවහිර වන ලෙස බැමි බැදේ. ජල විදුලිබලාගාර වලින් නිපදවන මෙගාවොට් දසදහස් ගණනක විදුලියෙන් යුරෝපා-අප්‍රිකා කලාපවේ බලශක්ති අර්බුධය අවසන් වේ.


    අප්‍රිකාවට නව අභ්‍යන්තර මුහුදු
    ගඟ ආශ්‍රිතව ඉදිකරන වේලි මගින් චැඩ් විල, චැඩ් මුහුද දක්වා පුළුල් කිරිමටත් අනුශාංගික අභ්‍යන්තර ජලාශ ඉදිකිරිමටත් යෝජනාවෙන් සැලසුම් කරයි. මිරිදිය ජලාශ වලින් ලැබෙන ජලයෙන් වගාකටයුතු කිරිමටත් මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරිමටත් මෙන්ම පානිය ජල අවශ්‍යතා සැපිරිමටත් අපේක්ෂා කෙරේ. අප්‍රිකාව යුරෝපය එකට සම්බන්ද වීමත්, නව වාරිමාර්ග ඇතිවිමත් නිසා අප්‍රිකාවේ යුරෝපා ගොවිබිම් ඇතිකරිම අපේක්ෂාවයි.


    වරාය නගර හා වෙරළාශ්‍රිත නගර වල ඉරණම
    රටවල් 21ක් මධ්‍යධරණි මුහුද සමග සෘජුව සබදතා පැවැත්වීම නිසා ජලමට්ටම අවම වීමත් සමග වරාය නගර හා වෙරළාශ්‍රිත නගර වලට සෘජුවම බලපෑම් එල්ල වේ. මේ නිසා මධ්‍යධරණි මුහුදේ නව භූමිය කරා වරාය නගර ගෙනයාමටත්, වරාය නගර ඇළ මාර්ග මගින් මුහුද හා සම්බන්ද කිරිමටත් සැලසුම් කර ඇත.

    ජලය නැති වැනීසියකින් ඇති ඵලය කිම? මෙය තේරුම් ගත් සෝගල් විසින් ‍වැනීසියට ඔබ්බෙන් වූ මුහුදේ වේල්ලක් බැඳ ජලය රැස්කිරිමෙන් වැනිසියේ සුන්දරත්වය ආරක්ෂාකරගැනිමට හෙතෙම සැලසුම් කලේය. එමෙන්ම සූවස් ඇළ මාර්ගයට වන බලපෑම මගහරවා ගැනීමට තවදුරටත් ඇළමාර්ගය දිගු කරනු ලැබේ.


    නව භූමියේ තත්ත්වය
    ජලය සිදීයෑමත් සමග නව භූමියක් නිරාවණය වුවද, සෝගල් ගේ වගාබිම් අපේක්ෂාව සාක්ෂාත් කරගැනිමට හැකිවේදයි ඇත්තේ කුකුසකි. මන්ද යත් නව භූමිය ලවණ මිශ්‍ර පසක් ඇති භූමීයක් බැවිනි. එමෙන්ම ඒවා සාපෙක්ෂව පහත් භූමි ය. දහවලේ උෂ්ණත්වයද ඉහල අගයක් ගනු ඇති බවට පුරෝකතනය කර ඇත.

    ලෝක කාලගුණයට වන බලපෑම්
    මධ්‍යධරණි මුහුද යනු ලෝකයේ සාගර වලට දිනපතා එක්වන ජලය සංචිත කරගනු ලබන දැවැන්ත තටාකයක් බදුය. යම් හෙයකින් එය අහිමිව ගියහොත්, ලෝකයේ සාගර ජල මට්ටම ඉහල යෑම නැවැත්විය නොහැක. එමෙන්ම ආර්ධගෝලවල උණුසුම යාමනයට දායක වන ගල්ෆ් ප්‍රවාහයටද මධ්‍යධරණි මුහුද අහිමි වීම සෘජුවම බලපාන බව විද්‍යාඥයින්ගේ මතයයි. මධ්‍යධරණි මුහුද සිදීයෑමත් සමග යුරෝපා රටවල් වලට දැඩි නියං ඇතිවිය හැකි බවත් කාන්තාරකරණයට පාරකැපීමක් බවත් විද්‍යාඥ මතයයි.

    ඇට්ලැන්ට්‍රොපාව යතාර්ථයක් නොවූයේ මන්ද?
    ඇට්ලැන්ට්‍රොපා සැලැස්මේ වාසි මෙන්ම අවාසිද බොහෝය. සෝගල් හට ජර්මනියෙන් බලාපොරොත්තු වූ තරමේ තාක්ෂණික හෝ දේශපාලනික සහයෝගයක් ලැබුනේ නැ. දෙවැනි ලෝක යුද්ධය වෙත යුරෝපා රටවල් තම අවධානය යොමුකලේය. ආසන්න ලෙස වසර 100ක් පමණ ගතවන මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියට අත්වැල් බැඳගැනිමේ එකතුවක් එවක යුරෝපා රටවල් අතර පැවතියේ නැත.

    දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමග යුරෝපයම සමස්ථයක් ලෙස පසුබෑමට ලක්විය. එතෙක් පැවැති කෘෂිකාර්මික හා කාර්මික සමාජය තාක්ෂණික සමාජයක් බවට පත්වෙන්නට විය. විද්‍යාව ගොවිබිම් කරා පැමිණිමත් සමග නව බෝග ප්‍රභේද , වගාක්‍රම හා නව පොහොර හදුන්වාදීම සිදුවිය. ඇට්ලැන්ට්‍රොපාව සදහටම සැලසුමකටම සීමා විය.

    තම ජිවිත කාලය පුරාවටම ඇට්ලැන්ට්‍රොපාව යතාර්ථයක් කරගැනිමට වෙහෙසුනු සෝගල්, ක්‍රි.ව 1952 දී ඉටු නොවූ බලාපොරොත්තුවක් ඉතිරි කරමින් සදහටම දෙනෙත් පියාගත්තේය.


    තනි මිනිසෙකුට ලොවක් වෙනස් කරන්න කොතරම් දේ කල හැකිද?
    කොතරම් දෑ සිතිය හැකිද?

    - Roshin Fernando

    බ්ලොග් සටහන - https://bit.ly/2PeSmRm
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    විකාරයක්... යකෝ සූවස් ඇල නැතුව නැව් යන්නේ කොහොමද? නයිල් ගගේ වතුර ටිකට මොකද වෙන්නේ..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මෙහෙම උනා නම් ඒ නිර්මාණය වෙන අලුත් ගොඩබිමේ ආරක්ෂාකාරී බව සම්පූර්ණයෙන් රඳා පවතින්නෙ ඒ කෘතිමව නිර්මාණය වන බැම්ම මත නේද. ඒකෙන් නවත්තලා තියන්නෙ මේ පොඩි ජලාශයක් නෙවෙයි, අත්ලාන්තික් සාගරය. ඒක කඩුනොත් අලුතෙන් හැදෙන ගොඩබිමේ ඉන්න ඔක්කොම ඉවරයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙම උනා නම් ඒ නිර්මාණය වෙන අලුත් ගොඩබිමේ ආරක්ෂාකාරී බව සම්පූර්ණයෙන් රඳා පවතින්නෙ ඒ කෘතිමව නිර්මාණය වන බැම්ම මත නේද. ඒකෙන් නවත්තලා තියන්නෙ මේ පොඩි ජලාශයක් නෙවෙයි, අත්ලාන්තික් සාගරය. ඒක කඩුනොත් අලුතෙන් හැදෙන ගොඩබිමේ ඉන්න ඔක්කොම ඉවරයි.

    :yes::yes::yes:මමත් සිතියම අරගෙන බැලුවා.ඔය රතු පාට පොඩි බොක්ක හරහා තමයි ඔය කියන වේල්ල හැදෙන්නේ. එතකොට ඔය රෝස රවුම තමා මධ්‍යධරණි මුහුද.
    අත්ලාන්තික් සාගරය වගේ ලොකු ජල කඳක් දරාගන්න තරමේ නිර්මාණයක් දැන් තියෙන තාක්ෂනය එක්ක හදන්න පුලුවන්ද කියන ගැටලුව නම් එනවා තමයි.
    තව පොයින්ට් එකක්. ඔය කහ ඉරි වලින් වට කරලා තියෙන්නේ සහරාව. ඒ වගේ විශාල නිසරු බිමක් එක්ක හාවෙන භූමියක් වගා කරලා ජනපද පිහිටුවන්න තරමේ සරු එකක් වෙයිද ?


    GVJcB9Z.jpg
     
    Last edited: