විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .

    හැමෝටම සුබ දවසක් වේවා..ආපහු ට්‍රිප් report එකක් අරන් ආව..මේක තමා අපේ දවස් 4ක ගමනේ දෙවැනි දවස.හරියටම දවස කිව්වොත් ජූලි 22.

    මේ වගේ ට්‍රිප් එකක් යන්න ලැබුන එක ඇත්තටම මගේ ජීවිතේ ලබපු ලොකුම වටිනාම අත්දැකීමක් කිව්වොත් හරි.මොකද මේ ඒ තරන් වෙනස් දෙයක්.ජිමා රට ඉඳන් ගොඩක් වෙලාවට කතා කරල අහනවා අයියේ අර ගමන මොකෝ වෙන්නෙ ,මොනාද කරන්න තියෙන්නෙ කියල..මම හතර වටේට කතා කරල විස්තර අහනවා මචන් මට මේ දේ කරල දෙන්න පුළුවන්ද මට අරහේ යන්න කාව හරි සෙට් කරපන් කියල.මම call කරන උන් වෙන උන්ගෙන් call කර කර අහනවා..ගොඩක් අමාරු උනා කිව්වොත් හරි .

    මම වෙනදට පටන් ගන්නේ හැමෝම අහල ඇති කියල..ඒත් මේක ගොඩක් අය අහල නෑ..ගමේ අය දන්නෙත් දන්නා අයගෙන් ගිහිල්ල තියෙන්නෙත් බොහොම ටික දෙනයි. උඹල බලනවා ඇති මොකක්ද මේ මේක මේක කියන්නෙ කියල.මේක තමා ‘බුදු පටුන’. බුදු පටුන්න කියලත් කියනවා.මම place එක ගැන විස්තර කියන්නන් එතනට ගියාම..දැන් යන්.

    තියෙන්නෙ මොණරාගල ඇතිමලේ කොටියාගල කියන පොඩි ගමේ ඉඳන් යාල වනෝද්‍යානය ඇතුලට වෙන්න.අපිට මේ ගමනට මග පෙන්වන්නෝ හිටිය 5ක්.උඹල බලනවා ඇති ඇයි එච්චර කියල.ඒ හැටි.එක්කෙනෙක්ට දෙන්නෙක්ට මේ ගමන එක්කන් යන්න බෑ.ලොක්ක තමා අපේ බණ්ඩාර මාම.

    අපි කලින් දවසේ රෑ හිටියේ අපේ සියබලාණ්ඩුව branch එකේ සහකාර කළමනාකාර තුමා වන දර්ශන මහතාගේ ගෙදර.එක තියෙන්නෙ මොණරාගල ටව්මේ.අපිට බණ්ඩාර මාම මුලින්ම කියල තිබුන උදේ 6.30ට අපි එහෙ ඉන්න ඕන කියල..ඒ කියන්නෙ කොටියාගල.ඒත් ඉතින් අපේ සෙට් එක ඇහැරුනෙත් උදේ 6.30ට.මොනා කරන්නද හදල දීපු හොදි එකත් පෙට්ටියක දාගෙන පාන් ටිකකුත් අරගෙන පිටත් උනා කොටියාගල යන්න.අපිව කලින් දවසේ මරගල එක්කන් ගිය cab එකම තමා අපි මේ ගමනට ගත්තෙත්..මොණරාගල ඉඳන් කොටියගලට 38km වගේ තියෙනව.

    අපි cab එකේ යන ගමන්
    n5Rsyt8.jpg


    පොතුවිල් ආරුගම්බේ වලට යන ප්‍රධාන පාරේ ටික දුරක් ගිහින් මගින් හැරෙන්න ඕනා කොටියාගල යන්න.එක්කෝ කොඩයාන හන්දියෙන් එහෙම නැත්තන් බෙරළිය හන්දිය.
    AxQzdWr.jpg


    ටික දුරක් ගිහින් පාර ගුරු පාරක් වෙනවා

    Good morning kotiyagala.!
    uFcou8x.jpg


    පැයක විතර ගමනකින් පස්සෙ අපි කොටියාගල ගාමිණි මාමගේ ගෙදර..එහෙ ඉඳන් තමා අපේ ට්‍රැක්ටරේ ගමන පටන් ගන්නේ..ඒ කියන්නෙ අපි ට්‍රැක්ටර් එකෙත් යන්න ඕන තව විනාඩි 45ක ගමනක්..

    අපි වාහනෙන් බැහැපු ගමන්ම බණ්ඩාර මාම කිව්වේ මහත්තයෝ දැනටමත් ඔයාල කිලෝමීටර් 3ක් විතර මෙහායින් ඉන්නෙ ඔයාල මාව මේ ගමනට වග කියන්නෙ නැති ගානට පත් කරල කියල..ඒ නිසා පුළුවන් තරන් වේගෙන් යන් කියල.අපි හරි කියල ආපු වාහනේ ගණන් බේරලා පිටත් උනා..

    අපිව දාල යන cab එක
    hdFussz.jpg


    මේ තියෙන්නෙ අපි ගිය ට්‍රැක්ටරේ සහ ගාමිණි මාමලාගේ ගෙදර
    ZOwSHco.jpg


    ගෙදර ඉඳන් ටික දුරක් ඇවිල්ල පොඩ්ඩක් නැවැත්තුව කඩේක බිස්කට් වගේ පොඩි පොඩි අඩු පාඩු ටිකක් ගන්න.
    XPWA45z.jpg


    ට්‍රැක්ටර් ගමන. මොකද ඕයි රවන් ඉන්නෙ..
    YUgYMhF.jpg


    nice..
    g0ZDw9J.jpg


    හුදකලාව.
    7hWTaJL.jpg


    මෙන්න මේ අලි වැට අයින් කරල තමා කැලේට ඇතුල් වෙන්නෙ..කලින් දවසේ රෑට මේක හයි කරල තියෙන්නෙ වගාවන් වලට අලි එනවට.
    CoRg8zT.jpg


    මෙතනින් එහාට වගාවල් මුකුත් නෑ,නීත්‍යානුකූලව.

    හිනා වෙලා ගියාට හොඳ ගණන්..සමහර තැන් වලදී උඩ වීසි වෙනවා..
    oKs52jb.jpg


    උදෙන්ම ගියා නං මීට වඩා සත්තු දකින්නත් තිබුනලු..මෙයාව දැක්කේ මගදී.
    QNaGZxG.jpg


    මේ වගේ වඩු කුරුළු කූඩු තිබ්බ ගස් නං ගොඩක් තිබුන
    iylTPEJ.jpg


    පේනවනේ මාන කැලේ උස..
    vMlmThp.jpg


    ටික වෙලාවකින් එළිමහන ඉවර වෙලා අපි ඇතුල් උනා කැලේට.එක තැනකදී ලොකු ගහක් වැටිලා පාර හරහා..අපේ මාමල සෙට් එක ගහ කැපුවා..

    ගහ කපන මාමලා සහ බලන් ඉන්න කොල්ලෝ
    90MIOsB.jpg


    ඊට පස්සෙ අපි ආපහු ගමනේ.
    RgMRXPy.jpg


    එතනින් එහාට පාරක් හදාගෙන වගේ තමා ගියේ.ටික දුරක් ගියාම හම්බුනා ගඟක්.ඒ තමා විල ඔය.

    මෙතන ඉඳන් අපි යන්න ඕන පයින්..ඊට කලින් අරන් ආපු බත් ටික කාල හිටිය..දවල්ට පාන් ඉතුරු කරගෙන.
    LKYdHCw.jpg


    මේ තියෙන්නෙ විල ඔය
    1EwpAl3.jpg


    ගමන පටන් ගත්ත..
    CncVpFO.jpg


    පටන් ගන්නකොටම බණ්ඩාර මාමගේ අවවාද හම්බුනා..මෙතන ඉඳන් අලි කොටි වලස්සු ඉන්න ගණ කැලේ යන්න තියෙන්නෙ ඒ නිසා මම කියන විදියට එන්න වේගෙන් එන්න,අපි පොඩි short cut එකකින් යනවා ටික දුරක් කියන එක තමා ඒ.
    JTW8MEF.jpg


    ගමනේ මුල් හරියේ තිබුනේ තැනිතලාවක්.
    n0INbgy.jpg


    ZQ2tn14.jpg


    3ohHLWa.jpg


    තවත් ගහක් කුරුළු කූඩු එක්ක
    4FSWFak.jpg


    මේ තියෙන්නෙ හිඹිටිල්ලා ගල..
    DnCoPha.jpg


    අපේ කට්ටිය ගමනේ.
    laqAZ7v.jpg


    b12mgnF.jpg


    0yMb3QI.jpg



    closeup..
    DUpRPNE.jpg


    කැලේට ඇතුල් වෙන තැන උඩ ඉඳන්
    rZBFoMy.jpg


    අපේ අය.
    enaOkEK.jpg


    තැනිතලාව ඉවර වෙලා අපි ඇතුල් උනේ ලොකු ගස් තියෙන කැලේට.කැලේ ඇවිදිනකොට ගොඩක් කල්පනාවෙන් යන්න ඕන..හේතුව තමා අපි ඉන්නෙ යාල.

    සත්තු වතුර බොන තැන්.මේ වගේ ගොඩක් තැන් පහු උනා
    KL3ZJ1U.jpg


    මම ආසම photo එකක්.
    ghA8cz7.jpg


    එක තැනකදී අපිට හම්බුනා නැවුම් ඇලි බෙටි..ඔය වෙලාවට ඉතින් කෑ කෝ ගහන්නේ නැතුව කල්පනාවෙන් යන්න ඕන.
    aVPYts6.jpg


    අලි අඩි
    4rslDSw.jpg


    හෙන ගහපු ගහක්
    hyJbkEK.jpg


    ටික වෙලාවකින් අපි අපහු ආවේ විල ඔයට ..මේ හරියේදී ඔය සම්පූර්ණයෙන්ම හිඳිලා.තැනින් තැන එකතු උන වතුර වලවල් තියෙනව.

    මෙතනට කියන්නෙ කොක්කුඹේ හන්දිය කියල..එතන තියෙන වතුර වල තම කොක්කුඹේ වල.අපේ අය පොඩි rest එකක් ගත්ත.එක දිගට ඇවිදින එකත් සෙල්ලන් නෑ.
    EDuh7iR.jpg


    framed.
    tkQXnmB.jpg


    මෙන්න මෙහෙම තමා අපි මෙතැනදී වතුර ගත්තෙ.
    SpBJmja.jpg


    මේක හොඳයි..තව පස්සෙ තියෙනව අපි වතුර බීපු නානාප්‍රකාර විදි.

    මෙතනින් එහාට ගමන තියෙන්නෙ විල ඔය දිගේ.කැලෙන් යන්න බෑ කටු ගස්.ආරක්ෂාව පැත්තක දාල මෙතනට හරි කැලෙන් ආවෙ ඉක්මනට එන්න ඕන නිසා.නැත්තන් ගෙදර යන්න හවස් උනොත් එක ඊට වඩා ගොඩක් දරුණු වෙනවා.ඒ නිසා මෙතනත් වැඩි වෙලවක් ඉන්නෙ නැතුව පිටත් උනා බුදු පටුන බලා..

    වැල්ලේ යන එක මාර අමාරුයි..

    ටික දුරක් ගියාම අපිට හම්බුනා වහලෙක් මී පැණි කාල මලපහ කරපු එකක්..අපේ වැඩිහිටි සෙට් එක තමා කිව්වේ..
    3iie3dK.jpg


    අපි
    fOLYbMR.jpg


    අර ඈත පේන කන්ද මොකක්ද දන්නේ නෑ..
    XuuPIGO.jpg


    විල ඔය.අපේ අයත් ඉන්නෙ පොඩිවට.
    3nvy6hP.jpg


    JR56kPo.jpg


    තව ටික දුරක් ආවම අපිට පොඩි අවවාදයක් හම්බුනා සද්දේ නවත්තල පුළුවන් තරන් ඉක්මනට එන්න කියල..මේ හරියේ වලස්සුන්ගේ අඩි ගොඩක් තිබුන..ඒ නිසා
    5uOuYeU.jpg


    මේ වගේ පොඩි පොඩි බාධකත් තිබුන
    zQGmRoZ.jpg


    කාගේද මේ මූණ
    HCozEV1.jpg


    මේ මොනාද
    8ve2bY0.jpg


    විල ඔය පානම කියන ගමෙන් තමා ඉවර වෙන්නෙ..ගොඩක් වතුර තියෙන කාලෙට බුදු පටුන තියා මේ කොහේ වත් යන්න බෑ..මේ ඔක්කොම එතකොට වතුර..

    තවත් දරුණු සෙට් එකක් ඉන්න තැනක්
    Keo3ED7.jpg


    පොඩි විවේකයක්.
    cZRgorH.jpg


    ටික වෙලාවකින් අපි ආවේ ගමනේ සංදිස්ථානයකට.ඒ තමා කුඹුක් පූට්ටුව.
    3jSL6XE.jpg

    මෙතැනදී වෙලා තියෙන්නෙ ගඟ දෙපැත්තේ තියෙන කුඹුක් ගස් දෙකක් ගඟ මැද්දෙදි එකට එකතු වෙලා..ස්වභාවධර්මයේ හරි අපූරු දේවල් තමා තියෙන්නෙ..එහෙම තැන් ඕන තරන් තියෙනව අපි බලන්නේ නැති එක තමා අවුල.
    6xhs0FE.jpg


    මේක තමා වැදගත්ම තැන..මෙතනින් තමා බුදු පටුනට හැරෙන්නෙ.

    මේ තියෙන්නෙ ගොයම් කොලේ ගල.
    Vfd7FCA.jpg


    ඒත් ඉතින් ඔතනින් හැරිලා කැලේට ඇතුල් උන ගමන් දකින්න හම්බෙන එක නං දුකයි..අඩියත් හාරපු දාගැබක්..
    otRENCY.jpg


    පව්කාරයෝ කොහේ ගියත් ඉන්නව..මම නං දන්නේ නෑ චෛත්‍යයක් හාරන්න බුදු පිලිමෙක ඔලුවක් කඩන්න කොහොමද හිත හදාගන්නේ කියල..

    කොහොමහරි අපි ආව අපේ අරමුණට..

    The lost heritage
    බුදු පටුන..
    AiHZCtF.jpg


    මේ තියෙන්නෙ බුදු පටුන.අපි හොයාගෙන ආවේ මේක තමා.පේනවා ඇති පිළිම වල හිස් කඩල දාල තියෙන හැටි..

    මේක ගැන විස්තර කරනවා නං මෙහෙමයි..මේක මුලින්ම හොයාගන්නෙ 1985 ජපන් විශ්ව විද්‍යාලයක පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා කරන ගවේෂණයකදී .එතකොට මේක කිසිම අඩුවක් නැතුව ලස්සනට තිබිල තියෙනව..ඊට පස්සෙ 1992 වගේ වෙනකොට ටිකක් කඩල දාල..මතක ඇති ආණ්ඩු එහෙම මාරු උන කාලෙ.

    මේ පිළිම 3ම හදල තියෙන්නෙ මහායාන බුදු දහමෙ සම්ප්‍රදායට අනුව.මැද තියෙන බුදු පිළිමේ අපේ ගෞතම බුදුන් වහන්සේගේ.දෙපැත්තෙන් තියෙන්නෙ අවලෝකිතේශ්වර සහ මෛත්‍රී කියන බෝධිසත්ව පිළිම දෙක.එතකොට තියෙන ප්‍රශ්නේ තමා,ලංකාවේ මහායාන බුදු දහම නැති එකේ පිළිම කොහෙන්ද ආවේ කියන එක.ඇත්තටම මේක තවම පුරාවිද්‍යා එකෙන් හරියට ගවේෂණය කරල ඉවර නෑ..ඉවර කරන එකකුත් නෑ.ඉතින් මේක ගැන හරිම දේවල් කියන්න කව්රුත් දන්නේ නෑ..ගමේ අය කියන විදියට මේක හදල තියෙන්නෙ වළගම්බා රජතුමාගේ කාලෙදිලු..එයා කාලයක් කැලෙ හැංගිලා හිටිය..ඒ ඉන්නකොට කරපු වෙහෙර විහාරලු මේ.තව දෙයක් තමා මේ වගේම පිළිම ටිකක් තියෙනව බුදුරුවගල කියන තැන.ගොඩක් අය එතනට නං ගිහින් ඇති..එකත් මහායාන පිළිම.ඔය දෙකම එකම කලාපයක වගේ තියෙන නිසා මෙහෙම මතයකුත් තියෙනව,ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් ලංකාවට ඇතුල් උන මහායාන ධර්මය රට ඇතුලට ව්‍යාප්ත නොවී ඒ අවට විතරක් තිබුන කියන එක.තව ප්‍රශ්නයක් තමා මේක ගැන අහල ගම්වල මිනිස්සු ළඟ තියෙන පන්සල්වල හාමුදුරුවරු කොටින්ම කියනව නං පුරාවිද්‍යා ගොඩක් අයත් දන්නේ නෑ..එහෙම දෙයක් මීට දශක ගානකට කලින් ජපන් මිනිස්සු දන්නේ කොහොමද කියන එකත් හිතන්න ඕන කාරණාවක්.

    ඉතින් මේ වගේ වැනසිලා යන ඓතිහාසික වගේම අභිරහස් ස්ථාන ගොඩක් මේ යාල කැලේට යට වෙලා ඇති..බණ්ඩාර මාම කියපු විදියට තව කිලෝමීටර් දහයක් ගියාම තියෙනවලු බුදු භව කියල තැනක්..එතනටත් යනවා අපේ කණ්ඩායම කවදාහරි.ඉතින් මේක මේ තියෙන තත්වයෙන් හරි රැක බලාගන්න එක අපි හැමෝගෙම යුතුකමක්.

    මේ තියෙන්නෙ කාලකන්නි නිදන් හොයල තියෙන විදිය
    UonLWo4.jpg


    zrVFDFZ.jpg


    බණ්ඩාර මාම විස්තර කරන ගමන්.ඇත්තටම කියන්න ඕන නියම බෞද්ධයෙක්.
    KWCr66u.jpg


    මේ පහල වලේ තියෙන ගල් කණු ටික බැලුවම හිතෙන්නේ මේක ඉස්සර පිළිම ගෙයක් වෙන්න ඇති කියල.
    TsLlr2q.jpg


    මේ තියෙන්නෙ වහලේ ගහල තිබිල තියෙන කටාරම
    MOt05jD.jpg


    මේ තියෙන්නෙ පිළිම වෙන වෙනම
    dk4h3TL.jpg


    oxmgEPE.jpg


    knodvwi.jpg


    T5Ehd8P.jpg


    RK656Mb.jpg


    4kuygvA.jpg


    ගල උඩ
    k34HSoI.jpg


    අපි ටික වෙලාවක් එතන ඉඳල ආපහු එන්න පිටත් උනා..ගොඩක් දවල් උනාම ගඟේ වැල්ලේ එන්න අමාරුයි..අනික් එක තමා හවස් වෙන්න වෙන්න සත්තු එලියට එනව.

    මේක තිබුනේ එතනම ගහක එල්ලලා
    AwZ2M60.jpg


    ගොයම් කොලේ ගල සහ බුදු පටුන අහසට පේන හැටි.
    Q8t4fzS.jpg


    ලෑස්ති වෙනවා
    mGTYIYv.jpg


    සපත්තු ඇතුලට රත් වෙච්ච වැලි ගියොත් කැපෙනවා..ඒ නිසා බාටා දෙක ලේසියි..හැබැයි සෙරෙප්පු නැතුව නං යනවා තියා හිතන්නවත් බෑ.

    group photo එකක් ගැහුවා
    zmBTnpl.jpg


    අපිට එනකොට වතුර ඉවර වෙලා තිබුනේ..ඒ නිසා මුල්ම try එක වතුර හොයා ගන්න එක.ඒ අතරේ ගමේ සෙට් එක මාළු බාන්නත් ලෑස්ති වෙලා ගිහින්..එක එයාලගේ ජීවිතේ නිසා අපි මුකුත් කියන්න ගියේ නෑ..නැත්තන් උඹල මට බනි තොපි මහා ලොකුවට පන්සලක් හොයන ගිහින් මාළු බෑවා නේද කියල.

    වතුරවල්වල් හොයන් ගිහින් මාළු ඉන්නවද බලනවා.

    උඹල කිව්වට විශ්වාස කරන එකක් නෑ,අපි මේ වතුරත් බිව්වා.
    4opVKL9.jpg


    ඔතන මාළු හිටියේ නෑඒ නිසා දිගටම ආව.

    පොඩි rest එකක්
    37Cbduy.jpg


    මිනී
    JVL6bI8.jpg


    අපි ආපහු ආවේ කොක්කුඹේ හන්දිය කියන තැනට.එතනට ඇවිල්ල දවල්ට කන්න ලෑස්ති උනා..කට්ටියක් ගියා අපිට ඉන්න කියල මාළු බාන්න.මම නිදා ගත්ත..

    මේ තියෙන්නෙ බඩේ පරිණාමය විදහා දැක්වෙන ඡායාරූපයක්.
    gDa9RDk.jpg


    මාළු කනව ඔතන
    944vvSX.jpg


    මේ වලේ තමා මාළු ඉඳල තියෙන්නෙ.
    Ul0eTb4.jpg


    එයාලගේ අස්වැන්න..අපිටත් ටිකක් දීල ටිකක් ගෙදර අරන් යන්න ගැට ගහගත්තා.
    UM48KCr.jpg


    දවල්ට කන්න මාළු ඉව්ව.
    Thj2vjW.jpg


    9fYElxQ.jpg


    දවල්ට කන අපි.
    cm36pMn.jpg


    කාල චුට්ටක් වෙලා ඉඳල එන්න පිටත් උනා..තව හවස් උනොත් සත්තු එලි බහිනවා..එහෙම උනොත් ලොකු අමාරුවක වැටෙන්නේ..ඒ නිසා ඇවිද්ද නෙමෙයි දිව්වා..අපි කොහේ හරි නානව කියලත් හිතාගේනමයි ආවේ.

    අලියත් ලිස්සල
    sbtA8xu.jpg


    අපි එන ගමන්
    UZrzvpS.jpg


    තැනිතලාවට ආව.
    FWkszNB.jpg


    UQeuaF9.jpg


    VyzJtNH.jpg


    එක දිගට ඇවිදින්නත් බෑ දැන් වයසයිනේ.
    pmp1xdi.jpg


    නැවතුනේ ට්‍රැක්ටර් එක ළඟ..
    hkTqjsf.jpg


    බණ්ඩාර මාම අපිව එක්කන් ආව නාන තැනකට.
    pgGeYDO.jpg


    පොඩි වෙලාවක් දෙන්නන්ලු නාගන්න.
    y7PKHlW.jpg


    vBtCgTp.jpg


    මොන පොඩිද පුළුවන් වෙලාවක් නැව..මාර සනීපයි.

    ඒ වෙලාවේ ඉර බහින වෙලාව..එකේ ලස්සන දැක්කේ drone එක විතරයි
    6XjAyCM.jpg


    gL93b3W.jpg


    iNR1wB9.jpg


    මේ ගමන ඇවිල්ල හිටියෙම නැද්ද මන්ද
    oQYwtRt.jpg


    The team.මේක දිහා දෙපාරකට වඩා බලන්න එපා..වශී වෙයි.
    9xnyrwq.jpg


    හොඳට නාල අපි ආපහු එන්න පිටත් උනා..

    ලොකු ගහක්.
    pcWtakV.jpg


    දවසේ අන්තිම පැය කිහිපය..
    1HcNJso.jpg


    දුන්නක් වගේ ගහක් දැක්ක..පුළුවන් කෙනෙක් කියපල්ලකෝ මේක හැදිලා තියෙන්නෙ කොහොමද කියල
    2ZDmkqL.jpg


    කැලෙන් එලියට ආවේ ටික දුරයි..අපිට චුට්ටක් පස්සෙන් මෙයා..ඒ වෙලාවේ තමා එලියට ආවේ කැලෙන්.
    e5MYi3c.jpg


    Mz5I5KX.jpg


    චුට්ටක් වෙලා එයාවත් බලන් ඉඳල අපි කෙලින්ම ආවේ ගාමිණි මාමලාගේ ගෙදරට.එනකොට කළුවර වැටිලා.එහෙදි වතුර ටිකක් එහෙම බීල වාහනයක් හොයාගෙන අපහු රෑ 8 වගේ වෙනකොට අපි මොනරගාල.

    ඒ ගමන එතනින් ඉවරයි..ඇත්තටම මේක මගේ ජීවිතේ අමතක නොවන ගමනක්..අපේ අනික් අයටත් එහෙම ඇති.වෙනද අපි යන්නෙ කඳු නගින්න ගල් ගුහාවල ඉන්න දිය ඇලි හොයාගෙන වගේ ගමන්.ඉතින් මේක වෙනස්ම දෙයක්..මේ වගේ ගමනුත් අපි ඉස්සරහට ගොඩක් යයි..

    මේ ගමන යනවා නං නිකන් යන්නන්වාලේ යන්න බෑ..ගොඩක් තැන් වලින් අවසර ගන්න ඕන..ඒ කියන්නෙ පුරාවිද්‍යා කොමසාරිස් ,වනජීවී දෙපාර්තමේන්තුව ,ළඟම පොලිස් ස්ථානය ඒ කියන්නෙ ඇතිමලේ පොලිස් ස්ථානය.

    අපිට පුරාවිද්‍යා එකෙන් අවසර ගන්න ලේසි උනේ ඇත්තටම අපේ ජිමාගේ අම්මයි තාත්තයි නිසා..ගොඩක් පින් අම්මේ තාත්තේ..ඒ වගේම පොලිස් ස්ථානයෙන් අවශ්‍ය සහය අරන් දීල ඔක්කොම කලේ අපේ දර්ශන මහතා..උඹටත් ගොඩක් පින් මචන් අපි දවස් දෙකක් නවාතැන් දීල කන්න බොන්න දීල පුළුවන් තරන් හොඳින් සැලකුවට..අපි ඒවා අමතක කරන්නේ නෑ.ඒ වගේම මතක් කරන්න ඕන මොණරාගල චන්දිම මල්ලිව..ගොඩක් උදව් කළා.ඊට පස්සෙ අපේ මේ ක්ෂේත්‍රයේ ඒ කියන්නෙ traveling වල මහා පතාක යෝධයෙක් විදියට මම සලකන අශාන් අයියත් කසුන් ද සිල්වා අයියත්..ගොඩක් උදව් කළා..ඕන දෙයක් ඇහුවොත් කියල දෙනවා..බොහොම ස්තුතියි දෙන්නටම.ඊට පස්සෙ අපිව මේ ගමන බොහොම පරිස්සමට එක්කන් ගිහින් ආවට අපේ බණ්ඩාර මාමට සහ පිරිවරට ගොඩක් පින් දෙනව ..මොකද ඔයාල නැත්තන් අපිට මේ ගමන ලොවෙත් යන්න බෑ.මේක මාරන්තික ගමනක්.අපි හදිසියේ හරි අලියෙක්ට කොටියෙක්ට අහු උනා නං ඉවරයි..ඒ නිසා මේ ගමන වෙන කෙනෙක් යන්න ඉන්නවා නං බණ්ඩාර මාම කියන දේට පිටින් යන්න එපා.

    මේ වගේ දෙයක් දැකගන්න ලැබුන එක මම නං හිතන්නේ මගේ සහ අපේ කණ්ඩායමේ පිනක් කියල.ඒ වගේම මේක බලන අයගෙත්..ඒත් ඉතින් එක දන් තියෙන තත්වෙ දැක්කම නං හරිම දුකයි.වෙන රටවල් වල ඔය වගේ දේවල් උන් ආරක්ෂා කරන හැටි හිතුනම කලකිරෙනවා.ඒ අතින් අපි හරි අසරණයි.අපිට පුළුවන් විදියට අපි බුදු දහම සිංහල ජාතිය සහ මේ වගේ විනාස වෙලා යන තැන් රැක ගන්න අපි පටන් ගන්න ඕනා.මේ එලකිරියේත් ඉන්නවා හොඳ හිත් තියෙන වැඩක් කරන්න පුළුවන් තරුණ පරම්පරාවක්..මග පෙන්වීමක් විතරයි ඕන.

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මේ ගමනදී අපෙන් කාට හරි වැරද්දක් උනා නං සමා වෙන්න ඕන..අලුත අපේ කණ්ඩායමට ආපු දෙන්නත් එක්ක.එහෙම වෙන්න පුළුවන්.ඊට අමතරව මේක කියවන උඹලගෙනුත්.

    අඩු පාඩු තියෙනව නං කියල දෙන්න.හදල දාන්නන්.

    මේ ගමනේත් වීඩියෝ එකක් එනව.එක ගොඩක් වටිනවා බලන කෙනෙක්ට.හදල ඉවර උන ගමන් අපේ ජිමා upload කරයි.එකත් බලන්න හැමෝම.

    තව දෙයක් මතක් කරන්න ඕන මම මුලින්ම දාපු thread ටිකත් වැඩ කරනවා..බලන කෙනෙක්ට බලන්න පුළුවන්.


    තවත් ගමනකින් හම්බවෙනකන් හැමෝටම ,

    බුදු සරණයි..!

    නමෝ බුද්ධාය.!






     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    පුළුවන් විදිහට කාල, බීලා (අරක්කු/ගංජා/ටැබා/කුඩු නෙමෙයි) කාටවත් හානියක් නොවෙන විදිහට ....කලා ඉන්න එවුන් ගාව ඇරියස් නැහැ. උඹලත් ඒ වගේ සෙට් එකක්. ජය වේවා.
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    තව අළුත් ගමන් ගිහින් අපිව දැනුවත් කිරීමට හැකිවේවා :)
    ජයෙන් ජයම වේවා :yes:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    patta macho...
    rep 11++

    එලකිරි 1 කොල්ලො ටිකත් එකතු වෙලා යමුද ට්‍රිපක්..