පෝච්චියක වට්ටක්කා පැල කරගන්න
වට්ටක්කා ( Pumpkin ) කියන්නේ පෝෂණ ගුණයෙන් පිරුණු ආහාරයක් කියලා අපි හැමෝම දන්නවා. වට්ටක්කා නිවැරදිව වගා කරගතහොත් හොඳින් වැවෙන වට්ටක්කා වවන්න අපිට ඉතාම පහසුයි. අපේ වත්ත පිටියේ අපට ඉඩකඩ නොමැති වුවත් අපිට පුළුවන් පෝච්චියක වට්ටක්කා වවාගන්න. එය බොහොම පහසුයි. අපි බලමු කොහොමද ඉතාමත් පහසුවෙන් පෝච්චියක වට්ටක්කා පැල කරගන්නේ කොහොමද කියලා.
නිවසේදී පෝච්චියක වට්ටක්කා ( Pumpkin ) කරගන්නා ආකාරය
පළමුව ඔබ බීජ තෝරාගන්න. ඔබ තෝරාගත් බීජ රෝපණයට සුදුසු පරිදි පිළියෙළ ලර ගත යුතුයි. ඉන්පසු ඉදුණු වට්ටකා ගෙඩියක ඇට ඔබට ලබා ගත හැකියි. හැබැයි එය රෝපණය සඳහා සුදුසු ඇට විය යුතුයි.
වට්ටක්කා ගෙඩියෙන් ඇට ඉවත් කරගත් පසු එය පිරිසිදු ජලයෙන් සෝදා එහි මැද කොටස ඉවත් කර ගත යුතුයි. ඉන් විශාලම ඇට තෝරා ගන්න. එයට හේතුව විශාලම ඇට හොදින් පැල වීමයි. දැන් පේපෙර් සර්වියට් එකක් අරගෙන ඔබ විසින් තෝරා ගත ඇට පරතරයක් සිටින සේ තබා අව්වේ වේලා ගන්න.
දැන් අපි වට්ටක්ක පැල කිරීම සඳහා බඳුනක් තෝරා ගත යුතුයි. අඩියක් හෝ ආදී එකහමාරක් පමණ විෂ්කම්භය අඩියක් ගැඹුර ඇති භාජනයක් මේ සඳහා වඩාත් යෝග්‍යයි. බඳුන ඇතුලේ සිදුරු නොමැති නම් අඟල් භාගයක පමණ විෂ්කම්භය ඇති සිදුරක් සාදා ගත යුතුයි. එහි පතුලටම කොළ රොඩු තට්ටුවක් දමන්න. ඉන්පසු කොම්පෝස්ට් පොහොර සහ මතුපිට පස් එකට එක අනුපාතයට ගෙන හොඳින් මිශ්‍ර කර බඳුන පුරවන්න.
වට්ටක්කා සිටුවීමට සුදුසුම කාලය වන්නේ මැයි අවසාන සහ ජුලි ආරම්භය අතර දක්වා ඇති කාලයයි. කෙසේ නමුත් හරි ආකාරව ජලය යොදනවා නම් මෙම වට්ටක්කා වසරේ ඕනෑම කාලයක වගා කරගත හැකියි.
දැන් වට්ටක්කා ඇට පස මතු පිට අඟල පමණ වන සේ සිටුවන්න. එක් බඳුනක වට්ටක්කා ඇට පහක් පමණ පරතයක් ඇති සේ සිටුවන්න. සෑම දිනකම උදැසන 6ට පමණ ජලය යොදන්න. වට්ටක්කා වැල ගමන් කිරීම සඳහා ආදාරකයක් සපයන්න.
මල් හට ගැනීම ආරම්භ වූ පසු පිරිමි මල් සහ ගැහැණු මල් වල පරාගනය ඔබටම සිදු කල හැකියි. වට්ටක්කා ගෙඩි හට ගැනීම ආරම්භ වූ පසු හොඳින් වර්ධනය වීමට වැලේ අනවශ්‍ය ලෙස බැඳී ගිය කෙළවරවල් කපා දමන්න.
සාමාන්‍යයෙන් වට්ටක්කා ගෙඩි හොඳින් වර්ධනය වෙන්න දින 75ක් පමණ ගත වෙනවා. ගෙඩි වර්ධනය වන විට ගෙඩි නිසා වැල ගැලවී නොවටෙන්නට ආධාරකයක් යොදන්න. ගෙඩි හොඳින් වර්ධනය වී අස්වැන්න නෙලීමට සති දෙකක් පමණ තබා ගෙඩි අවසානයේ ඇති කොළ ඉවත් කරන්න. එවිට වට්ටක්කා ගෙඩි හොඳින් පාට වේ. වට්ටක්කා කැපූ පසු දින 10ක් පමණ සාමාන්‍ය අවුවේ තැබීමෙන් එය හොඳින් ඉදේ.
source http://thewoman.lk/pumpkin-plantation-2/
නිවසේදී පෝච්චියක වට්ටක්කා පැල කරගන්නා ආකාරය