ඇත්ත යකෝ | Truth !!

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    33828457_620163175004680_4448730509631029248_n.jpg



    බුදු හාමුදුරුවන්ගේ කාලේ
    එක්තරා හාමුදුරුවෝ නමක්....

    බුදු හාමුදුරුවෝ වැඩ හිටපු
    පන්සලේ ම වැඩවාසය කළා.....

    ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට
    ගොඩක් ඇල්මක්‌ දක්වන කෙනෙක්....

    මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින්
    අපල උපද්‍රව හටගන්නා බවට....

    උන්වහන්සේ තරයේ විශ්වාස කළා!

    එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ
    ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක්‌ නොකර...

    තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන්
    යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා...

    දවසක් උදය වරුවෙහි දී
    බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ....

    බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.....
    .
    .
    .
    //ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස....

    මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?//
    .
    .
    .
    කොහොමහරි බුදුන් වහන්සේ
    ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ....

    එ හින්දා මඳක්‌ පසුබෑව හාමුදුරුවෝ......

    දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්.....

    එම පැනය ම නැවත විචාළා.....

    එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...!

    ආයෙත් මඳක්‌ පසුබා සිටි ඒ භික්‍ෂුව
    සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද....

    එම පැනයම විචාරුවා......

    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි
    එවිට බුදුන් වහන්සේ වදාළා.....

    කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා...

    අර භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌
    බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ....

    තම ප්‍රශ්නය ඉදිරිපත් කළා..

    එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට
    කැටිව ආව බුදුන් වහන්සේ......

    තරු දිලිසෙන අහස්‌ ගැබට
    සිය ශ්‍රී හස්‌තය දිගුකරලා....

    මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....

    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.

    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....

    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....

    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....

    එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට
    ඒවාට හැකියාවක්‌ නැත!

    කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"

    මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්‍රශ්නය
    අරඹයා දේශනා කළා!

    හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව
    ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු....

    සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින්
    විශාල වීම!

    අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම....

    යන කාරණා අඩංගු වන්නේ....
    මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය....

    මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ
    නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට.....

    විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌
    නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය.....

    නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා...

    සිතන්න.....

    බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම්
    විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද!

    ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක්
    අද පෑයු ඒවා නොවේ.....

    සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ......

    අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි....

    කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ
    එම තරුවේ *මීට වසර ගනනකට පෙර ස්වභාවයයි....

    ඒ අනුව මුළු අහස තුළින් ම,
    අපි දකින්නේ අතීතය යි....

    එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන
    ලද ත්‍රිපිටක ග්‍රන්ථ ලියා ඇත්තේ.....

    අදට සියවස් ගණනකට කලිනි....

    කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන
    සංකල්පය තබා.....

    ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්.....

    සොයාගෙන තිබුණේ නැත....!

    සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව....

    දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක්
    කිසිදු අත්දැකීමක් තිබුණේ නැත....

    මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ
    බෝහෝ මැතක නිසා ය...!

    එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ....

    තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක්
    ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ!

    මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි.....

    දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය...

    බුදු බණ මෙන් සර්වකාලීන වූ
    දේශනා ලොව කිසි කලෙකත් නො වීය....

    මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!


    උපුටා ගැනීමකි, [* අලෝක වර්ෂයක් - වසරකදි අාලෝකය ගමන් කරන මුලු දුර ප්‍රමාණය]
    Credits


    මට මේක කියවපුවම මතක් උනේ අපේ රටේ උදේට චැනල් වල telecast වෙන programme ටික, හැමදාම උදේ පාන්දරට ටිවි කඩකාරයොයි , ජ්‍යෙතිෂ සැට් එකයි එකතු වෙලා අපේ උන්ට ලාවට ඔලුව අත ගාලා බෝලේ බස්සන අපූරුව , කොටින්ම භාගෙට භාගයක් අපි මොලටික කුරුවල් වෙච්ච අන්ධ ජාතියක් වේගෙන යනවා. අපරාදේ මිනිස්සුන්ගේ වටිනා කාලය යි, මුදලු යි, ශ්‍රමය යි. ගොඩක් උන් කියන දෙයක් තමයි මේ රට වෙනස් කරන්න බෑ කියලා, කිරියේ migrate වෙන්න අහලා දාන thread ටික දැක්ක්ම ඒක පුදුමයක් නෙවෙයි, උබලා හරි වෙනස් වෙයල්ලා, උබලට ජය මචෝ :yes::yes:

    මේක ලෝකෙන් උතුම් රට සිරිලංකාව :love:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,482
    113
    බුදු හාමුදුරුවන්ගේ පිරිසිදු ධහම තියෙද්දී බොරුවට බුදු හාමුදුරුවන්ටත් වඩා බුදු ධහම දන්නවා කියන උන් ඉන්න රටක උන් මේ කරන ඒවා හරියටම නිර්වස්ත්රන්ග් පරමන්සුකන් වගේ දෙයක් තම.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උදේට එන සාස්තර කාරයෝ උන්ට බැන්නහම කියනවා බුදුදහමට බණිනවා කියල
     
    • Like
    Reactions: Omega_Jay

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Thripitake ohoma tiyanawada?

    තියෙනවා.... :)
    කියවන්න මේ ලිපිය:)
    http://www.malkakulu.com/2012/12/blog-post_27.html

    සප්ත සූර්යෝද්ගමන සූත්‍රය -

    "සවෙනි සූර්යයාගේ පහළ වීමත් සමගින් මුළු මහත් පෘථිවි තලයද, මහාමේරු පර්වතයද හාත්පස පැතිර ගිය මහා දුමාරයකින් වැසී පවතී. සත්වෙනි හිරුගේ පහළ වීම සිදු වන විට ලෝකය සිය ගමන් මඟේ අවසන් කඩයිමට පැමිණ සිටී. දුම් පිට වෙමින් පැවති ලෝකය දැන් ගිනි ගෙන ඇවිලෙමින් පවතී. මහාමේරුවද දැවී සුනුවිසුනු වී යයි. මහමෙර ගින්නෙන් වැනසෙන කළ යොදුන් ගණන් ප්‍රමාණයට බිඳී වෙන් වෙන එහි පර්වත කැබලි අහසෙහිම දැවෙමින් සුනු විසුනු වී යන්නේය. පෘථිවිය, මහමෙර පමණක් නොව, යුගන්ධර පර්වතය ආදී කොට ඇති සත්කුළු පවුවද, චාතුම්මහාරාජිකය ඇතුළු සදිව්ය ලෝකද, බ්‍රහ්මපාරිසජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකද දැවී වැනසී යන්නේය. දෑඟීල්ලෙන් අසුකර ගන්නා තරම් අළු හෝ දැලි අඟුරු නැතිව ආභස්සර බඹ ලොව දක්වා ඒකකුහරව පැතිරෙන අන්ධකාරයක් යළිත් අන්තඃ කල්ප විස්සක් පමණ ගත වන තුරු පවතී"
     
    • Like
    Reactions: Omega_Jay

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තියෙනවා.... :)
    කියවන්න මේ ලිපිය:)
    http://www.malkakulu.com/2012/12/blog-post_27.html

    ඉරවල් 7ක් පායනවා කියල කිව්ව එකෙන් අදහස් කරේ ඉරේ සිද්ද වෙන ප්‍රසාරානය කියල කියන්නේ කොහොමද? :baffled: කෙලින්ම කියන්න තිබ්බනේ ඉර ප්‍රසාරණය වෙනව කියල....

    අර මරිච්ච තරුවක ආලෝකය තමයි පෙන්නේ කිව්වා එකෙත් ත්‍රිපිටකේ තියනවද
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඉරවල් 7ක් පායනවා කියල කිව්ව එකෙන් අදහස් කරේ ඉරේ සිද්ද වෙන ප්‍රසාරානය කියල කියන්නේ කොහොමද? :baffled: කෙලින්ම කියන්න තිබ්බනේ ඉර ප්‍රසාරණය වෙනව කියල....

    අර මරිච්ච තරුවක ආලෝකය තමයි පෙන්නේ කිව්වා එකෙත් ත්‍රිපිටකේ තියනවද

    බුදුන් වදාල ධර්මය මුඛ පරම්පරාගතව පැවත එනකොට වෙනස් වීම් වෙන්න පුළුවන්..අනික ග්‍රන්ථාරූඨ කරන කොට දෝෂ ඇති වෙන්න පුළුවන්.ඒ කාලයේ හැටියට බයිබලයේ කුරාණයේ තිබ්බේ මේ වගේ එව්වද නැත්තං සුරංගනා කථාද .. :lol: ... තම තමන්ගේ බුද්ධියෙන් මේක මැන බලන්න.. වචන වල එල්ලෙන්න එපා..
    අහලා නැද්ද කාලාම සූත්‍රය :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බුදුන් වදාල ධර්මය මුඛ පරම්පරාගතව පැවත එනකොට වෙනස් වීම් වෙන්න පුළුවන්..අනික ග්‍රන්ථාරූඨ කරන කොට දෝෂ ඇති වෙන්න පුළුවන්.ඒ කාලයේ හැටියට බයිබලයේ කුරාණයේ තිබ්බේ මේ වගේ එව්වද නැත්තං සුරංගනා කථාද .. :lol: ... තම තමන්ගේ බුද්ධියෙන් මේක මැන බලන්න.. වචන වල එල්ලෙන්න එපා..
    අහලා නැද්ද කාලාම සූත්‍රය :dull:


    මුක පරම්පරාගතව ආපු නිසා වෙනස් උනාද , නැත්තන් බුදුන්ට ඔතනදි වැරදුනාද කියල කියන්න බෑනේ. මම කියන්නේ open mind එකකින් මේවා ගැන බලන්න ඕනේ. බුදුන් කොච්චර දැනුමක් තිබ්බ කෙනෙක් උනත් මනුස්සයක් නේ වැරදීම් වෙන්න පුළුවන්. බයිබල්, කුරාන විශ්වාස කරන කට්ටිය වගේ අන්ධ බක්තියක් ඇති කරගන්න එපා.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    මුක පරම්පරාගතව ආපු නිසා වෙනස් උනාද , නැත්තන් බුදුන්ට ඔතනදි වැරදුනාද කියල කියන්න බෑනේ. මම කියන්නේ open mind එකකින් මේවා ගැන බලන්න ඕනේ. බුදුන් කොච්චර දැනුමක් තිබ්බ කෙනෙක් උනත් මනුස්සයක් නේ වැරදීම් වෙන්න පුළුවන්. බයිබල්, කුරාන විශ්වාස කරන කට්ටිය වගේ අන්ධ බක්තියක් ඇති කරගන්න එපා.

    ඔබේ බුද්ධියේ හැටියට ඔබ සිතන්න....:yes:
    නිදහස් චින්තය ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.