කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    පෞද්ගලික අංශයේ සේවකයන් කොහොමද ආයතනයක් තුල ප්‍රශ්නයක් ඇතිවූ විට ගැලවෙන්නේ කියන්නයි මේ ත්‍රෙඩ් එක ලියන්න හිතුවේ


    ප්‍රයිවට් ආයතන වල වැඩ කරනා සියලුම දෙනා පහත දේවල් පිළිපදින්නේනම් කූට අධ්‍යක්ෂකවරුන්ගේ ගැට වලින් සහ HR මාමලාගෙන් මිදිය හැක.


    1) බඳවාගැනීමේ ලිපිය (ඇපොයින්මන්ට් ලෙටර්) ඔරිජිනල් එක පරිස්සමින් ලග තබාගැනීම. ඒ සමගම පඩි විස්තර ඇතුලත් ලියුමක් ලබාගැනීම.

    2) පළමු මාසයේ සිටම පඩි ස්ලිප් එක පිස්සෙක් මෙන් එකතුකිරිම.

    3) පඩිය කෙසේ ලැබුනත් බැංකු ගිණුමකට දමා භාවිතා කිරීම (කෑස් සහ චෙක් ලැබෙන අය හැකිනම් තැම්පත් කරන අවස්ථාවේදී ආයතනයේ නම රෙෆරන්ස් කොටසට දමා ඩිපොසිට් කිරීම.

    4) පඩිය ලැබුන දිනය සටහන් කරන පොතක් සහ ලබාගත් නිවාඩු සටහන් කරගෙන යන පොතක් පවත්වාගෙන යාම.

    5) පැමිණීමේ ලේබනයේ ජයාරුවක් සෑම මසකම පරිස්සම් කර තබාගැනීම. ෆින්ගර් ප්‍රින්ට් තියන අයට HR එක හරහා ප්‍රින්ට් එකක් ඉල්ලන්න පුළුවන් හැබැයි සැක නොසිතෙන්න. ඒවා දිනපතා ගෙදර රැගෙන ඒම.

    5) අතිකාල වැඩකරපු දිනය සහ වේලාවන් ප්‍රමාණය වෙනම පොතක දිනපතා සටහන් කරගැනීම.

    6) ඔබ එදිනෙදා සිදුකරන කටයුතු පිලිබඳ ලොග් එකක් පවත්වාගෙන යාම. ක්ලයන්ට් විසිට් යනවා නම් ගිය වෙලාව සහ බාහිර ආයතනයේ සම්බන්දවූ අයගැන විතර තබාගැනීම සහ ඒවා දිනපතා ගෙදර රැගෙන ඒම.

    7) ආයතනයෙන් ඔබ ලබාගත් REIMBURSEMENT අත්සන් කරනා කොලවල පිටපතක් ලග තබාගැනීම සහ ඒවා දිනපතා ගෙදර රැගෙන ඒම.

    8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.

    9) අධ්‍යක්ෂ හෝ ආයතනයේ විධායක පරිපාලනය සමග බහින්බස් විමට නොයාම

    අපේ උන් කරන ලොකුම වරදක් මේක.හැමෝටම තරහා යනවා තමයි එත් වෙන එකෙක් ලග වැඩ කරනකොට ඉවසන්න ඕනි. එක දවසින් ගෙදර යවන්න පුළුවන්. විනය විරෝධී ලෙස කටයුතු කිරීම තමයි මේකට කියන්නේ. කොහොම කෙනෙක් උනත් වන්දිත් නෑ. කිසිම දෙයක් ගන්න ලැබෙන්නේ නෑ. බෙල්ලෙන් ඉස්සුවා දොට්ට. කපටි අධ්‍යක්ෂකවරුන් හෝ ආයතනයේ විධායක පරිපාලනය කරන අය ඉස්සලම බැනලා බොහොම ලේසියෙන් ඔයාලව මේ ට්‍රැක් එකට දාගන්න බලනවා. අහුවෙන්න එපා! ගෑනු වගේ වලු පටලන් මේවා විසදන්න බෑ.

    කපටි වැඩ ටික

    පඩි ගෙවීමට ප්‍රමාද කරන්නේ නම්.

    පළමු මස තුල -

    ඊලග මස 10 වෙනිදා ඊමේල් පණිවිඩයක් හෝ ලියුමක් මගින් ආයතනයේ වගකිව යුතු අයව දැනුවත් කිරීම (ලීස් එක ගෙවන්න තියනවා, ගෑනි එලියට දැම්මා වැනි උදාහරණ). මෙය ඉතා බයාදු ස්වරුපයක් ගත යුතුය. මෙහි කොපියක් ලග තබාගත යුතුය.


    මාස දෙකක් ප්‍රමාදනම් -

    අනිවාර්යෙන් දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට නිර්නාමිකව (මෙයට අසදාරණයට පත් සේවකයන් ලෙස) රෙජිස්ටර් තැපෑලෙන් පැමිණිලි කිරීම.

    මාස තුනක් ප්‍රමාද නම් -

    කම්ගෝ චිකාගෝ කියා කෙලින්ම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට ගොස් අදාළ ප්‍රදේශය අයත් කම්කරු නිලධාරියා සමග සාකච්චා කිරීම. (බොහෝවිට ඔබගේ නම ආයතනයට නොපවසයි)

    මාස හතරට වැඩිනම් -

    පෙර පැමිණිලි ක්‍රියාත්මක නැත්නම්, අදාළ දිස්ත්‍රික් ප්‍රදේශයේ කලාප කාර්යාලයට පැමිණිලි කිරීම, කම්කරු කොමාට පැමිණිලි කිරීම සිට ජනපතිට කියන්න වැඩසටහනින් හිටංට පැමිණිලි කිරීම. වෙන රැකියාවක් සොයාගැනීම. කලින් සඳහන් කරපු බඩු ටික දැන් තමයි වාසියට එන්නේ. වර්ෂ දෙකක් වගේ කාලයක් ඇතුලත අනිවාර්යෙන් හිග පඩිය අයකරදෙයි. නැත්නම් අධ්‍යක්ෂ හිරේ.

    හිග පඩි අයවන තුරු ETF පැමිණිලි කරන්න එපා. අයවිමෙන් පසුව කරන්න. EPF ඒ අවස්ථාවේම පැමිණිලි කරන්න.

    අනුක්‍රමික ලෙස සේවයෙන් ඉවත්කිරීමට උත්සහා කරයි නම් (පල නොකියා පල කීම)


    සේවයෙන් ඉවත්වූ පසු කම්කරු විනිශ්ය සභාවේ පැමිණිල්ලක් කල යුතුය. පරිවාස කාලය සපුරා ඇත්නම් වන්දි ලැබේ (මාස 3ක්) . හැබැයි මේකට පඩිය 25 000ට වැඩි නම් ලෝයර් කෙනෙක් ඕනි (මතක හැටියට)



    කම්කරු දෙපාර්තමේන්තුවේ විභාගයක් යන කාලය තුල (මාස 3 සිට අවුරුදු 2 දක්වා කාලයක් යයි)


    1) හැකිනම් ලොයර් කෙනෙක් ඉස්සරහට දාන්න

    2) නිතර නිතර ලිපි මහින් කටයුතු කරන්න - මේක අනිවාර්යයි

    3) සති දෙකකට සැරයක් ගිහිල්ල කරදරකරන්න

    4) ක්ලාක් නංගිලා එක්ක බටර් ටිකක් ගාලා යාලු වෙන්න (මැඩම් කිවම උන්ව මුරුංගා අත්තේ තියන්න පුළුවන් හැබැයි පුතෝ මුරුංගා රස බලන්න නම් යන්න එපා ෆයිල් එකත් කෙලෝ ගන්න වැඩක් ඒක) :lol::lol:

    5) කම්කරු නිලධාරියා නිතරම අල්ලන්න බැරි නම් සහකාර කම්කරු කොමසාරිස් හමුවෙන්න. නම මතක හිටිනකම් හමුවෙන්න :yes::yes:




    තව තියෙන ඒවා හෙමිහිට ලියලා දාන්නම්. මම ලෝයර් කෙනෙක් නෙමෙයි ඒක නිසා නීති සම්බන්ධ දේවල් ගැන නම් අහන්න එපා. එත් කම්කරු එකේ ඇතුලේ වැඩ වෙන්නේ කොහොමද, ක්‍රියා කරන්න ඕනි කොහොමද කියන එක ගැන ඕනිම දෙයක් කියලා දෙන්න පුළුවන්. :yes::yes:

    හැමදේම ලීවේ පෞද්ගලික අංශයේ ආයතනයක සාමාන්‍යධිකාරීවරයෙක් වශයෙන් සහ පෞද්ගලික අංශයේ සේවකක් වශයෙන් අවුරුදු 15ක අත්දැකීම් වලින්

    ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න පිළිතුරු දෙන්නම් :yes::yes:
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ෆට්ට බන්. මාස 6කට කලින් මේක ලැබුණානම් ගේමක් ගහනවා .

    +++
     
    • Like
    Reactions: kukkupatiya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයෙක්ට නිවාඩු ලැබෙන්නේ කොහොමද?ඇපොයිමන්ට් ලෙටර් එකේ නම් කැශුවල් 7යි,ඇනුවල් 14යි,මෙඩිකල් 14යි ලැබෙනවා කියලා තියෙනවා.හැබැයි ක්‍රියාත්මක වෙන්නේ දෙවන සේවා වසරෙදි.
     
    • Like
    Reactions: kukkupatiya

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.



    මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.
     
    • Like
    Reactions: 333sajith

    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.



    මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.

    හෙනං පුකේ ඉත්තෑවෝ දුවනවටද ඕයි රෙකෝඩ් කරන්නේ? :angry:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.



    මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.

    Hondatama sure de bn? Ara godak aya policiye un ekka video camera on karagenama katha karanne, eh witharak nemei usawi wela meh voice record sakshi welatath gannawa neh bn
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    8) හැමවිටම වොයිස් රෙකෝඩර් අයිකන් එක ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකේ තබාගැනීම සහ විශේෂයෙන් සැක නොසිතන ලෙස රෙකෝඩ් කරගැනීම.



    මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.


    කම්කරු විභාගයක් යනකොට ලියුම් දාස්ගානක් ලියන්න වෙනවා. දිවුරුම් ප්‍රකාශ එහෙමත් දෙන්න වෙනවා. කම්පනියේ ලෝයර් එක්ක තර්ක කරන්න වෙනවා. ඒවාට අඩුපාඩු තැන් හොයාගන්න වෙනවා.

    අනික මේවා ඔක්කොම කැරකෙන්නේ අයින්වෙලා අවුරුද්දක් වගේ කාලයක් ගියාම එතකොට කිසි දෙයක් මතක නෑ. ලේබර් කේස් එක එක්ක ටිකක් පදම් වෙනකොට රෙකෝඩ් කරගත්තු ඒවගේ වටිනාකම් එන්නේ ලියුම් ලියද්දි, විරෝධතා ලියද්දි. විභාගයකදී දාල පෙන්නන්න උනත් පුළුවන්. අතට දෙන්න අවශ්‍ය නෑ :lol::lol::lol:


    කම්කරු විනිශ්ය සභාවකදී පෙන්නන්න ඉදිරිපත් කරන්න පුළුවන්. අන්තිමට අවශ්‍ය වෙන්නේ සාක්ෂි.

    මම සේවය කරපු ආයතනය සමුහයක එක අධ්‍යක්ෂ වරයෙක් අනිසි යෝජනාවක් ගෙනාව HR ඇසිස්ටන්ට් නෝනට. එයා ඔක්කොම රෙකෝඩ් කරලා ජෝබෙන් එලෙව්වට පස්සේ ඕවා ප්ලේ කලේ කම්කරු දෙපාර්තමේන්තුවේ විභාගයෙදියි විනිශ්ය සභාවෙදියි. ඕක යද්දී අධ්‍යක්ෂකගේ (හකු) ඇට දෙක බිම ගෑවුනා.

    කෝල් එකේ මේවා ගියේ


    හෙට ඔෆිස් ඉවර උනාම අපි කන්න ජයික් යමුද ? :rofl::rofl::rofl:

    ඔයා මගේ නෝනට වඩා ලස්සනයි බබා! :rofl::rofl::rofl:

    පැටියෝ ඔයාගේ අද පෑන්ටියේ පාට මොකක්ද? :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    තව ලියන්න බෑ :lol::lol::lol::D:D


    කොමහරි ඩිරෙක්ටරගෙන් ලක්ෂ 5ක් කඩාගෙන ඔක්කොම ගෙදරටත් යැවුවා :P:P
     
    Last edited:
    • Haha
    Reactions: 333sajith