මගේම ව්‍යාපාරයක්

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මගේම ව්‍යාපාරයක්

    ගොඩාක් අයගෙ දැනුම්, :cool: බැනුම්, :angry: අදහස්, :yes: අවවාද :) බොහොමයක් සැලකිල්ලට අරන් මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා. :D ඇත්තටම මේක පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැද හරියේ. මම රස්සාවක් කරන අතරතුරම තමයි පාට් ටයිම් විදියට කලේ. දැන් මම සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාරයේ වැඩ තමයි කරන්නේ. :rolleyes:

    මම කරන ව්‍යාපාරය මොකක්ද? :rolleyes::rolleyes:

    මම කරන්නේ උපදේශන සේවයක් ලබාදෙන එක. :shocked: මගේ සේවය ලබා දෙන්නේ අනිකුත් ව්‍යාපාර වලට අවශ්‍ය තත්ත්ව සහතික සහ අනිකුත් සමහර සහතික වර්ග ලබා ගැනීමටයි.

    මොකටද මේ සහතික? :shocked:

    ඕනෑම ව්‍යාපාරයකට තමන්ගේ භාණ්ඩ හා සේවා විකුණා ගැනීමට,වෙළඳපොල වටිනාකම සහ ව්‍යාප්තිය වැඩි කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සහතික ඒ ඒ ව්‍යාපාරය අනුව වෙනස් වෙනවා.:eek::eek:

    ඉතින් මම කරන්නේ ඒ ආයතන වලට ඒ සහතිකය ලබාගැනීමට අවශ්‍ය සියළුම දේවල් කරලා දෙන එක. :):)

    ඕනෑම ආහාර හා බීම වර්ග නිශ්පාදන ආයතන, ආහාර නොවන නිශ්පාදන ආයතන සහ සේවා සපයන ආයතන වලට පුලුවන් මගේ සේවාව ලබාගන්න. කොටින්ම කිව්වොත් ඕනෑම ආයතනයකට පුලුවන් මගේ සේවය ලබා ගන්න.

    ඒ විතරක් නෙමෙයි. මම තාක්ෂණික උපදේශනයත් ලබාදෙනවා. හැබැයි මේ සේවාව කුඩා විශයපතයක් තමයි ආවරණය කරන්නේ.
    අලුතෙන් ආරම්භ කරන කුඩා පරිමාණයේ ව්‍යාපාර වලට මුල ඉදන්ම උපදේශනය ලබා දෙනවා. ආරම්භ කිරීම, තාක්ෂණය සහ සියලුම දේ කියා දෙනවා. ;););)

    මම දැනටමත් කුඩා ආයතන කිහිපයකම බාහිර උපදේශන අධ්‍යක්ෂක තනතුර දරණවා. :cool::cool::cool:

    ඉතින් එළකිරි එකෙත් ඉන්නවා ව්‍යාපාර කරන අය. මන් හිතනවා ඒ අයටත් මගේ සේවය ලබාගන්න පුලුවන් කියලා.

    ඉතින් වැඩි විස්තර ඕනා අය මට පුද්ගලිකව පණිවිඩයක් එවන්න. මේ කතාව කියවලා නිකන් යන්න එපා.