කළමනාකාර මිතුරා සහ Freelancer මිතුරා

කළමනාකාර මිතුරා සහ Freelancer මිතුරා

---------- කළමනාකාර මිතුරා සහ Freelancer මිතුරා -------

කුඩා කාලයේ එකම පාසලේ ඉගෙනගත් මිතුරන් දෙදෙනෙක් හිටියා එක්කනෙක් කැම්පස් ගිහින් ඉගෙනගෙන ප්‍රසිද්ද ආයතනයක කළමනාකරුවෙක් විදිහට වැඩකරනවා, අනිත් කෙනා A/L වලට S3ක් ගත්ත කොම්පියුටර් පිස්සෙක්. ඒ තමයි මම.

දිනක් අහම්බෙන් මට කළමනාකාර මිතුරා මුණගැහුනා අපි හුගක් වෙලා පරණ දේවල් ගැන කතා කරා ඒ අතර මිතුරා මගෙන් මෙහෙම දෙයක් ඇහුවා

“මචන් උබ මෙහෙම Freelancer ජොබ් එකක් කර කර ඉඳලා නිකරුණේ උබේ හැකියාවන් අපතේ යනවා නේද?
නිකමට හිතලා බලපන්, මං වගේ කැම්පස් ගිහින් ඉගෙනගෙන ලොකු කොම්පැනියක වැඩ කළා නම් උබ මෙලාහකට මං වගේ ම හොද තැනකට එන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?

“මචන්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?

අවුරුදු 10කට ඉස්සෙල්ලා මං මේ ජොබ් එක පටන්ගත්තේ P4 Computer ,එකකින් ඩොන්ගල් එක ජනේලෙන් එලියට දාල යන්තම් සිග්නල් එකක් අල්ලාගෙන. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 5,000යි. ඒත් උබට ඒ දවස් වලත් රුපියල් 20,000කට ආසන්න පඩියක් හම්බවෙන්න ඇති.

ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.

දැන් මන් සැලකිය යුතු දියුණුවක් ලබල තියෙනවා . ඒ වගේ ම උබත් කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් උබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.

මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් උබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා අනාගතය ගැන හිතද්දි.

ඇයි පුදුම වෙලා…, මම පැහැදිලි කරන්නම්. හොඳට අහගනින් මං මේ කියන දේ.

මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ දේවල් අයිති වෙනවා. බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි ලැබෙන්නේ, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.

ඔබට කවදාවත් උබෙන් පස්සේ උබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.

මගේ පුතාට මං පොඩි කාලේ ඉදන්ම මන් කරන හැමදෙයක්ම උගන්නනවා මම ගෙදරම ඉදන් රැකියාව කරන නිසා එයාලත් එක්ක ඉන්න තියෙන කාලය ගොඩක් වැඩියි. එයාට පොඩි කාලේදීම graphic tablet එකක් අරන්දිලා කාර්ටුන් අදින්න පුරුදු කරනවා එතකොට එයාට තාත්තගේ fiverr එක දිගටම කරන්න පුළුවන් ඒ වගේම මගේ ebay බිස්නස් ටිකත් ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන්. ටිකක් ලොකු වෙනකොට forex ගැනත් කියලා දෙනවා ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. උබේ ළමයි දවසක කළමනාකරුවන් වෙනකොට මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.

මචන් උබ අනාගතය වෙනුවෙන් මාසෙකට කියක් හරි ඉතුරු කරනවා නේද? මාත් ඉතුරු කරනවා හැබැයි රුපියල් වලින් නෙමෙයි ඩොලර් වලින් මොකද දන්නවාද උබට මතකද අපි ඉස්කෝලේ යන කාලේ රුපියල් 10ට මාළු බනිස් කෑවා ඒ දවස් වල රුපියල් 100කට මාළු බනිස් 10ක් කන්න පුළුවන් ඩොලර් එක තිබුනෙත් රුපියල් 100ට එත් දැන් මාළු බනිස් එකක් රුපියල් 15ක් විතර වෙනවා දැන් රුපියල් 100කට මලු බනිස් 10ක් ගන්න පුලුවන්ද? එත් තවම ඩොලර් එකට මාළු බනිස් 10ක් ගන්න පුළුවන්. මොකද දැන් ඩොලර් එක රුපියල් 150ක් වෙන නිසා.

දැන් කියපන් මචන්, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”

ඉස්සුවෙ බුකියෙන්... නම දැම්මෙ නැත්තෙ මේකෙ උන් උගෙ අකවුන් එකේ පිස්සු නටන හින්දා. මේකේ ඔර්ජිනල් කතාව ඉන්දියන් එකක් ඒකත් මේකෙ ගියා දැන් ගොඩකාලෙකට කලින්... මේක ලියපු පොර ඒකතාව ලස්සනට එඩිට් කරලා නිසා දැම්මෙ.......

*බම්ප් කොරපල්ලා:P:P:P
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    එල එල. . හරියට කලොත් ජොබ් පඩිය වගේ 100 ගුනයක් වුනත් හොයතැකි. .
    ජොබ් මත්තෙම නහින එකනම් අනේමන්දා. . මටනම් තමන්ගෙම බිස්නස් එකක් තරම් සතුටක් ලොවෙත් නෑ. .

    "ගොනකු නොවන්න කරත්ත කරුවෙකු වන්න" -XibitZ-
     
    Last edited:
    • Like
    Reactions: richlife

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉගෙන ගන්න එකෙයි freelancing කරන එකෙයි සම්බන්දයක් නෑ. හොඳට ඉගෙනගෙන තියෙන තරමට demand වැඩි freelancer කෙනෙක් වෙන්ඩ පුළුවන්. මේ ලිපිය ලියල තියෙන්නේ freelancing කියල කියන්නේ Fiverr වල graphics designing කරන එක කියල හිතන් ඉන්න කෙනෙක්. මේ කතාවත් original කතාවේ හරය අවබෝධ කරගන්නේ නැතිව ලියපු එකක්. original කතාවේ job එකක් කරන කෙනෙකුයි business එකක් ගොඩනගපු කෙනෙක්ගෙයි සංවාදයක් තියෙන්නේ. ඒකෙ business කාරයට තමන්ගේ ව්‍යාපාර දරුවන්ට පවරන්ඩ පුළුවන් උනාට freelancer කෙනෙක්ට තමන්ගේ career එක දරුවන්ට පවරන්ඩ බෑ. මොකද ලංකාවේ fiverr කරන අය තමන් enterprenures ල කියල හිතන් හිටියට ඇත්තටම freelancing කියන්නේ කුලියට වැඩ කරන එක. තමන්ගේ දරුවන්ට හොඳට උගන්නලා ව්‍යාපාරයක් හදලා දෙනවා කියනවා වෙනුවට උන්ටත් පොඩිකාලේ ඉඳන් fiverr වල graphic designing පුරුදු කරනවා කියල හිතන් ඉන්න එකම මොන තරම් ශෝචනීය ද?
    අනික කතාවේ උපාදියක් සහ experience එක තියෙන කළමනාකරුටත් ඕන නම් පුළුවන් freelance management කරන්ඩ. Freelancing කියන්නේ අද ඊයේ ඇති උන සංකල්පයක් නෙවේ, රජ කාලෙත් කුලී හේවායො හිටියා.
    Freelancing, Enterprenurship කියන වචන වල තේරුමවත් නොදැන freelancing කියන්නේ fiverr වලට කියන තවත් නමක් කියල හිතන් ඉන්න පිරිස් උසස් අධ්‍යාපනයට ගරහනවා දැකලා තියෙනවා group වල. ඒ කියන කතා දැක්කහම නොදැනුවත්කම ගැන කනගාටුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Freelancer මිතුරා ඔහොම කියපුවම,

    කළමනාකාර මිතුරා හිතුවලු මේකවගේ "මෝඩ යකෙක්" කියල,බූරුවන්ට කියනවට වඩා හොදයි කටවහගෙන ඉන්නව කියල කට වහගෙන හිටියලු.. :):)
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,193
    18,803
    113
    අදාල නෑනේ
    මේක හෙන ගොන් කතාවක්. කොහොමත් ග්‍රැෆික් ඩිසයින් කරන එකෙක්ගෙන් ඔයිට වඩා අදහසක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    පොඩ්ඩකට හිතල බලන්න අපි මේ දැන් කරන ජොබ්ස් (විශේෂයෙන් IT පැත්තෙ) මීට අවුරුදු 20කට 25ක කලින් තිබ්බද. ඒ වගෙම අපි දැන් කරන ජොබ්ස් තව අවුරුදු 25කින් ඒ විදියටම තියෙන්නෙත් නෑ. තිබුණත් මේ විදියෙ ඩිමාන්ඩ් එකක් තියෙන්නෙත් නෑ.

    උදාහරණෙකට කිව්වොත් 2000 වගෙ වෙද්දි තමයි ලංකාවෙ Unity Plaza එක පටන් ගත්තෙ. ඒ කාලෙ පරිගණකයක් assemble කරනව කියන්නෙ හරි ලොකු දෙයක්. අඩුම රු10,000 - රු15,000 ලාබ තියාගෙන විකුණන්න පුළුවන් අඩුවට කෑලි ටික අරන්. දැන් අවුරුදු 18කට පස්සෙ අද තත්වෙ කොහොමද. 4-5 වසරෙ ඉන්න පොඩි එකෙක් උනත් දන්නව computer එකක් assemble කරගන්න විදිය.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    Freelancing is just a phase. You have to build a business around it. Otherwise its just same as a labor job. you get paid only if you do the job yourself :yes:

    The Original Story was regarding a business man (samosa seller) vs some CEO or Manager. That suits the story. But this does not tally with freelancing as it also just another job same as you get paid for what you do. only difference is when freelancing you get to be your own boss :D
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,491
    1,541
    113
    හෙන ගොං නේ මේක.Freelancer යනු entrepreneur නොවන බව ඔබේ අහිංසක දරුවාට කියා දෙන්න.:rofl:
    Fiverr වලදි එහෙම සමහරු අපෙන් $5 ට $50 ක විතර වැඩ ගන්නවා:frown:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,435
    1
    57,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉගෙන ගන්න එකෙයි freelancing කරන එකෙයි සම්බන්දයක් නෑ. හොඳට ඉගෙනගෙන තියෙන තරමට demand වැඩි freelancer කෙනෙක් වෙන්ඩ පුළුවන්. මේ ලිපිය ලියල තියෙන්නේ freelancing කියල කියන්නේ Fiverr වල graphics designing කරන එක කියල හිතන් ඉන්න කෙනෙක්. මේ කතාවත් original කතාවේ හරය අවබෝධ කරගන්නේ නැතිව ලියපු එකක්. original කතාවේ job එකක් කරන කෙනෙකුයි business එකක් ගොඩනගපු කෙනෙක්ගෙයි සංවාදයක් තියෙන්නේ. ඒකෙ business කාරයට තමන්ගේ ව්‍යාපාර දරුවන්ට පවරන්ඩ පුළුවන් උනාට freelancer කෙනෙක්ට තමන්ගේ career එක දරුවන්ට පවරන්ඩ බෑ. මොකද ලංකාවේ fiverr කරන අය තමන් enterprenures ල කියල හිතන් හිටියට ඇත්තටම freelancing කියන්නේ කුලියට වැඩ කරන එක. තමන්ගේ දරුවන්ට හොඳට උගන්නලා ව්‍යාපාරයක් හදලා දෙනවා කියනවා වෙනුවට උන්ටත් පොඩිකාලේ ඉඳන් fiverr වල graphic designing පුරුදු කරනවා කියල හිතන් ඉන්න එකම මොන තරම් ශෝචනීය ද?
    අනික කතාවේ උපාදියක් සහ experience එක තියෙන කළමනාකරුටත් ඕන නම් පුළුවන් freelance management කරන්ඩ. Freelancing කියන්නේ අද ඊයේ ඇති උන සංකල්පයක් නෙවේ, රජ කාලෙත් කුලී හේවායො හිටියා.
    Freelancing, Enterprenurship කියන වචන වල තේරුමවත් නොදැන freelancing කියන්නේ fiverr වලට කියන තවත් නමක් කියල හිතන් ඉන්න පිරිස් උසස් අධ්‍යාපනයට ගරහනවා දැකලා තියෙනවා group වල. ඒ කියන කතා දැක්කහම නොදැනුවත්කම ගැන කනගාටුයි.

    :yes:
     
    • Like
    Reactions: HSW

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මෙක මචං ඉන්දියන් කතාවක් ,ඔකෙ තිබ්බෙ කම්පැණියක මැනෙජින් ඩිරෙක්ටර් කෙනෙකුයි සමොසා වෙලෙන්දෙකුයි අතර කතාවක් ,සමහරක් විට මෙකෙ ඔරිජිනල්ම කතාව වෙන කතාවක් වෙන්නත් පුළුවන්, ඔය ව්‍යවසායකත්වය ,ධනාත්මක චින්තනය වගෙ ප* ටොක්ස් දෙන සෙමිනාර් කරන පොන්ස්ලා කතාවක ආකෘතියක් හදනවා උන්ගෙ මතය සමාජ ගත කරන්න , සමහරක් විට මෙ කතාවට පරිද්ධ චරිත ඇඩ් කරන්නත් පුළුවන් කතාවෙ කොටස් වෙනස් කරලා ,
    ඒ කිව්වෙ ඔතන කතාව යන්නෙ බිල් ගෙට්ස් සහ උගෙ යාළුවා අතර පොඩි කාලෙදි කියලා ,පස්සෙ බිල්ගෙට්ස් මයික්‍රොසොෆ්ට් දැම්මෙ අන්න ඒ නිසා වගෙ කියලා කතාවක් එහෙම,

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මේ කතාවේ රිප්ලයි ටික දැක්කම සෑහෙන සතුටුයි බං, ලංකාවෙ ඉන්න ගොඩක් එවුන්ට දුර දිග පේනනෑ රස්සාවක, ඒ අතින් එලකිරියේ සෙට් එක සෑහෙන්න දියුණුයි. උඹල වගේ එවුන් තමයි බං මේ රටට ඔ්නෙ.....
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    gon kathawak utoo... Freelance kiyanneth anun wenuwen weda karana ekama thama... Enterpreuner kenek nemei...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉගෙන ගන්න එකෙයි freelancing කරන එකෙයි සම්බන්දයක් නෑ. හොඳට ඉගෙනගෙන තියෙන තරමට demand වැඩි freelancer කෙනෙක් වෙන්ඩ පුළුවන්. මේ ලිපිය ලියල තියෙන්නේ freelancing කියල කියන්නේ Fiverr වල graphics designing කරන එක කියල හිතන් ඉන්න කෙනෙක්. මේ කතාවත් original කතාවේ හරය අවබෝධ කරගන්නේ නැතිව ලියපු එකක්. original කතාවේ job එකක් කරන කෙනෙකුයි business එකක් ගොඩනගපු කෙනෙක්ගෙයි සංවාදයක් තියෙන්නේ. ඒකෙ business කාරයට තමන්ගේ ව්‍යාපාර දරුවන්ට පවරන්ඩ පුළුවන් උනාට freelancer කෙනෙක්ට තමන්ගේ career එක දරුවන්ට පවරන්ඩ බෑ. මොකද ලංකාවේ fiverr කරන අය තමන් enterprenures ල කියල හිතන් හිටියට ඇත්තටම freelancing කියන්නේ කුලියට වැඩ කරන එක. තමන්ගේ දරුවන්ට හොඳට උගන්නලා ව්‍යාපාරයක් හදලා දෙනවා කියනවා වෙනුවට උන්ටත් පොඩිකාලේ ඉඳන් fiverr වල graphic designing පුරුදු කරනවා කියල හිතන් ඉන්න එකම මොන තරම් ශෝචනීය ද?
    අනික කතාවේ උපාදියක් සහ experience එක තියෙන කළමනාකරුටත් ඕන නම් පුළුවන් freelance management කරන්ඩ. Freelancing කියන්නේ අද ඊයේ ඇති උන සංකල්පයක් නෙවේ, රජ කාලෙත් කුලී හේවායො හිටියා.
    Freelancing, Enterprenurship කියන වචන වල තේරුමවත් නොදැන freelancing කියන්නේ fiverr වලට කියන තවත් නමක් කියල හිතන් ඉන්න පිරිස් උසස් අධ්‍යාපනයට ගරහනවා දැකලා තියෙනවා group වල. ඒ කියන කතා දැක්කහම නොදැනුවත්කම ගැන කනගාටුයි.

    සිරාවටම. මේක ලියපු එකා හිතන් ඇත්තේ උගේ fiverr account එක දවසක දරුවට පවරන්න. ඌ හිතන් ඇති fiverr කියන්නේ සදාකාලික web site එකක් කියලා.

    මොන දේ කලත් අධ්‍යාපනයට තමයි මූලික තැන දෙන්න ඕනේ. හොඳ අධ්‍යාපනයක් තියෙනවා නම් මොන පැත්තකින් වුනත් සාර්ථක වෙන්න පුළුවන්.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඉගෙන ගන්න එකෙයි freelancing කරන එකෙයි සම්බන්දයක් නෑ. හොඳට ඉගෙනගෙන තියෙන තරමට demand වැඩි freelancer කෙනෙක් වෙන්ඩ පුළුවන්. මේ ලිපිය ලියල තියෙන්නේ freelancing කියල කියන්නේ Fiverr වල graphics designing කරන එක කියල හිතන් ඉන්න කෙනෙක්. මේ කතාවත් original කතාවේ හරය අවබෝධ කරගන්නේ නැතිව ලියපු එකක්. original කතාවේ job එකක් කරන කෙනෙකුයි business එකක් ගොඩනගපු කෙනෙක්ගෙයි සංවාදයක් තියෙන්නේ. ඒකෙ business කාරයට තමන්ගේ ව්‍යාපාර දරුවන්ට පවරන්ඩ පුළුවන් උනාට freelancer කෙනෙක්ට තමන්ගේ career එක දරුවන්ට පවරන්ඩ බෑ. මොකද ලංකාවේ fiverr කරන අය තමන් enterprenures ල කියල හිතන් හිටියට ඇත්තටම freelancing කියන්නේ කුලියට වැඩ කරන එක. තමන්ගේ දරුවන්ට හොඳට උගන්නලා ව්‍යාපාරයක් හදලා දෙනවා කියනවා වෙනුවට උන්ටත් පොඩිකාලේ ඉඳන් fiverr වල graphic designing පුරුදු කරනවා කියල හිතන් ඉන්න එකම මොන තරම් ශෝචනීය ද?
    අනික කතාවේ උපාදියක් සහ experience එක තියෙන කළමනාකරුටත් ඕන නම් පුළුවන් freelance management කරන්ඩ. Freelancing කියන්නේ අද ඊයේ ඇති උන සංකල්පයක් නෙවේ, රජ කාලෙත් කුලී හේවායො හිටියා.
    Freelancing, Enterprenurship කියන වචන වල තේරුමවත් නොදැන freelancing කියන්නේ fiverr වලට කියන තවත් නමක් කියල හිතන් ඉන්න පිරිස් උසස් අධ්‍යාපනයට ගරහනවා දැකලා තියෙනවා group වල. ඒ කියන කතා දැක්කහම නොදැනුවත්කම ගැන කනගාටුයි.
    freelancing karana un kuli hewayonm job karana un wahalluda bn :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    පාස්ට් ඩිසයිනර් ගොබිලා දාපු පොස්ට් එක නේද :rofl:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Respect machan :)

    Same story here with me. Eth mama kawadawath mage lamekta thiya danna ekektawath kiyanne naha Fiverr, Amazon, Ebay ... thamange life eka karaganna one kiyala.

    Attatama kiuwwoth Job ekakin aurudu gaanak hoyana gaana me web wala wada karala short time hoyanna puluwan, eth mamanam hamathissema balanne mage capital eka wadikaraganna. Remeber Capital means not money roll. mama Capital eka widihata me wenakota 2 million within one year me sites walin earn kara.

    Eth mama thama job ekath karanawa. Anna e salary eka thamai day to day expenses walata yanne.

    What I recommend is Do a JOB + Freelance. Meke inna moosala haththa ahai :( kohomada yako ehema karanne ? Anna unge pukata thamai Patrol bomba daana one :)
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185

    yes hodama de thama job ekath ekka freelacing karana eka. Dan ape rate thathweth ekka stable income ekak thiyennama oni. Ewagema godak passive income walata invest karanna oni.

    E ekkama thaniyama free lancing karanne nathiwa, kattiyak set karagena, managing part eka karanna oni. ethakota job eka karana gaman awulak nathiwa wade karanna puluwan.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes: