මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ

    මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ – කොන්දොස්‌තරට දොස්‌ මුරයක්‌ !

    එම බස්‌ රථය කොළඹ සිට බිබිල දක්‌වා ධාවනය වූ දුර සේවා බස්‌ රථයකි.
    බස්‌ රථයේ සැලකිය යුතු මගීහු ප්‍රමාණයක්‌ සිටියහ. බස්‌රථය වරකාපොළ නගරයට ළඟාවිය.
    එහි එක්‌ බස්‌ නැවතුම්පොළකදී සංඝයා වහන්සේ තුන් නමක්‌ එම බස්‌ රථයට ගොඩවූහ. ඒ බිබිල නගරය බලා යැමේ අපේක්‍ෂාවෙනි.
    බස්‌ රථයේ පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර තිබූ ආසනයද මගීන්ගෙන් පිරී පැවතුණි. කොන්දොස්‌තර තැන එම මගීන්ට ඉතා කාරුණික අයුරින් පැවසුවේ පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර ඇති එම ආසන සංඝයා වහන්සේට ලබාදෙන ලෙසයි. එක්‌ මගියෙක්‌ හැර අන් අය එයට කැමැති වූහ.
    එලෙස අකැමැතිවූ මගියාට බස්‌රථයේ කොන්දොස්‌තර කිහිප වරක්‌ම කරුණු පැහැදිලි කරදී පැවසුවේ එම අසුන පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර ඇති බැවින් කරුණාකර එය සංඝයා වහන්සේට පිරිනමන ලෙසයි. එහෙත් ඔහු එය නොපිළිගත්තේය. තරයේම ඔහු එම අසුන ලබාදීමට අකැමැති විය.
    බස්‌ රථයේ කොන්දොස්‌තරට අමතරව සමහර මගීහුද ඔහුට කරුණු පැහැදිලි කර දීමට උත්සාහ කළහ. එහෙත් ඔහු ඒ කිසිවක්‌ පිළිගත්තේ නැත. අවසානයේ ඔහු කොන්දොස්‌තර සමඟ වචන හුවමාරුවක්‌ද සිදුකර ගත්තේය. ඒ මෙලෙසින්ය.
    “ඔයා දන්නවද මම කවුද කියලා”
    “මට මහත්තයා කවුරු වුණත් කමක්‌ නැහැ. මම කිව්වේ මෙම ආසනය වෙන්කරලා තියෙන්නේ පූජ්‍ය පක්‍ෂය සඳහා. ඒක මේ සංඝයා වහන්සේට ලබාදෙන්න කියලා විතරයි.”
    “දැන ගන්නවා වැදගත් විදියට කතා කරන්න. ඔයාට බැහැ බෝඩ් ගහලා වෙන් කරල තිබුණට මාව නැඟිට්‌ටවන්න මෙතැනින්. දන්නවද මම රෝහල් වෛද්‍ය අධිකාරිවරයෙක්‌”
    “මම එක පාරකුත් කිව්වනේ… මට මහත්තයා කවුරු වුණත් කමක්‌ නැහැ කියලා. මම ඉල්ලුවේ සීට්‌ එක විතරයි. ඒක මගියෙකුට දෙන්න නොවෙයි හාමුදුරුවන්ට දෙන්න. පොඩි හරි මනුස්‌සකමක්‌ තියෙනවා නම් දැන්වත් සීට්‌ එක දෙන්න”
    “තමුසේ ඔහොම කතා කරන්න එපා. මම වැදගත් කෙනෙක්‌. මාව නරක මිනිහා කරගන්න එපා. ඒ වගේම මම මේ සිට්‌ එක දෙන්නෙත් නැහැ. තේරුණාද… පුළුවන්නම් ගන්නවකෝ… බලන්න”
    “හාමුදුරු නමකටවත් සීට්‌ එක දෙන්න බැරි ඔයාගේ වැදගත්කම පේනවා”
    කොන්දොස්‌තරගේ එම වචන ටිකට බස්‌ රථයේ සමහර මගීහු උල්පන්දම් දුන්හ. බොහෝ අය පැවසුවේ මොහු මනුස්‌සකමක්‌ දන්නැති ගුණමකු පුද්ගලයකු බවයි. තවත් අය වෛද්‍ය අධිකාරිවරයකු යෑයි කියාගත් එම පුද්ගලයාට ඇනුම්පද පවා එල්ල කළහ.
    ඒ සමඟම බස්‌ රථයට ගොඩවූ සංඝයා වහන්සේ පැවසුවේ ගැටුම් ඇති නොකර ගන්නා ලෙසයි. එහෙත් වෛද්‍ය අධිකාරි යෑයි කියාගත් පුද්ගලයා නිහඬ නොවීය. ඔහු තම අයිතිවාසිකම් කියමින් දිගටම කොන්දොස්‌තර සමඟ ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කළේය.
    මගීන්ටද මෙය විශාල ගැටලුවක්‌ විය. එම පුද්ගලයාගේ කෑගැසීම නිසා බස්‌ රථයේ නිදහසේ ගමන් කිරීමටද ඔවුනට නොහැකි විය. එමනිසා කුපිත වූ සමහර මගීන් එම පුද්ගලයාට පැවසුවේ නිශ්ශබ්දව යන ලෙසටය. එහෙත් එම පුද්ගලයා එය සතේකටවත් මායිම් නොකළේය. ඔහු මගීන්ටත් එරෙහි විය. යළිත් වරක්‌ තමන්ගේ තනතුර ගැන මෙලෙස පැවසුවේය.
    “මම නිකන් මිනිහෙක්‌ නොවෙයි. අහවල් රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා. ඒක දැන ගන්නවා. අහවල් දේශපාලනඥයා මගේ ඥාතියෙක්‌. බලනවා මම දැන් කරන දේ. පොලිසියට එක්‌කන් ගිහින් තමයි නවත්වන්නේ කට්‌ටියව.”
    කොන්දොස්‌තර ඇතුළු සමහර මගීහු එම වචන ඇසීමෙන් කේන්තියට පත්වූහ. ඔවුහු නොනවත්වාම වෛද්‍ය අධිකාරි යෑයි කියාගත් පුද්ගලයාට විවිධ ඇනුම්පද එල්ල කළහ. එම පුද්ගලයාද නොනවත්වාම ඔවුනට බැණ වැදුණේය. ඒ ඉතා අශීලාචාර සම්පන්න විදිහටය.
    එලෙස බැණ වැදුණු ඔහු නුවර නගරයෙන් බැස ගත්තේ ඉතා කෝපයෙනි. බස්‌ රථයෙන් බසින මොහොතේත් ඔහු මෙලෙස පැවසුවේය. “බලපන් උඹලට මම දැන් කරන දේ. කට්‌ටිය පිටින්ම එක්‌ක යනවා පොලිසියට…”
    වෛද්‍ය අධිකාරිවරයා යෑයි කියාගත් පුද්ගලයා බස්‌ රථයෙන් බැස තම ඥාති දේශපාලනඥයාට දුරකථන ඇමතුමක්‌ ලබාදී සියලු විස්‌තර පැවසුවේය. මෙම සුළු සිද්ධිය එම දේශපාලනඥයා ලොකු සිද්ධියක්‌ කර ගත්තේය. ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔහු ප්‍රශ්න විසඳන අයුරුය.
    එහෙම කරන්න දෙන්නේ කොහොමද? දේශපාලනඥයා එලෙස සිතුවේය. වරද තමන්ගේ ඥාතියාගේ වුවද ඔහු එය පිළිගැනීමට අකැමැති විය. තම දේශපාලන බලය පෙන්වූ ඔහු ඉහළ පොලිස්‌ නිලධාරියකුට දුරකථන ඇමතුමක්‌ ලබාදී පැවසුවේ වහාම බස්‌ රථය අත්අඩංගුවට ගන්නා ලෙසයි.
    බොහෝ දේශපාලනඥයන්ගේ බලපුළුවන්කාරකම් හමුවේ සමහර පොලිස්‌ නිලධාරීහු අසරණ වෙති. එම නිසා ඔවුනට නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි වේ. මෙයද එවැන්නකි. දේශපාලනඥයාගේ අණට අනුව බස්‌රථය මහියංගණය පොලිසිය වෙත රැගෙන ගියේය. ඒ එහි සිටි සියලු මගීන්ද සමඟින්ය.
    පොලිස්‌ නිලධාරීහු කොන්දොස්‌තරවරයාගෙන් ප්‍රශ්න කළහ. ඔහු සිදුවූ සියලුම දේ අකුරක්‌ නෑර එම පොලිස්‌ නිලධාරින්ට පැවසීය. එය අසා සිටි එම නිලධාරීන්ටද වෛද්‍ය අධිකාරි යෑයි කියාගත් පුද්ගලයාගේ නොමිනිස්‌කම ගැන තේරුණි. එහෙත් නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඒ දේශපාලනඥයකු එයට මැදිහත් වී ඇති නිසාය. පසුව එම පොලිසියේ ස්‌ථානාධිපතිවරයා පැමිණ ප්‍රශ්නය සමථයකට පත් කළේය. ඒ අතර බිබිල බලා යැමට බස්‌රථයට ගොඩවූ මගීන්ට සිදු වූයේ පැය ගණනක්‌ මහියංගණ පොලිසිය තුළ නිස්‌කාරණයේ රස්‌තියාදු වීමටය.
    දේශපාලනඥයන් සිටිය යුත්තේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. ඔවුන් බලයට පත්වන්නේ එලෙස ප්‍රතිඥ දෙමින්ය. එහෙත් බොහෝ දේශපාලනඥයෝ එසේ නොකරති. බලයට පත්වූ වහාම ඔවුන් කරනුයේ තම හිතවතුන් කිහිප දෙනෙකුට පමණක්‌ සේවය කිරීම පමණි.
    මෙම දේශපාලනඥයාද කර ඇත්තේ එයයි. පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් වෙන්කර තිබූ ආසනය සංඝයා වහන්සේ නමකට දීම ප්‍රතික්‌ෂේප කර එම බස්‌ රථයේ කොන්දොස්‌තර සහ මගීන්ට බැණ වැදුණු තම ඥාතියා බේරා ගන්න අසාධාරණයට ලක්‌වූ එම පිරිස නීතිය හමුවට ගෙන ඒම පමණි.
    මෙවැනි දේශපාලනඥයන් බලයේ සිටින තාක්‌කල් මෙරට නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට පොලිස්‌ නිලධාරීන්ට නොහැකි වේ.
    – ගයාන් සමරසිංහ
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    oya baila mukuth one nehene. e welema news channel ekakata call kerala siddiya kiyanna thibbe. ehenan oya deshapaluwawai uge embettayawai tikak hari chater keranna thibba. ehenan policiyatath monawa hari keranna fit wenawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිය මුකුත් කියන්න හොඳ නෑ ටික දවසක් බලන් ඉන්න ඕනේ උනේ මොකද්ද කියල හොයාගන්නකන් :P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    මිඩියා කියන කතානම් අද කාලේ කිසි විශ්වාසයක් නෑ.. එත් ඔය වගේ සිද්දියක් ඇත්තටම උනානම් අරුට හොම්බට දෙකක් ඇනලා පුකට පයින් ගහලා බස් එකෙන් බස්සන්න තිබ්බේ ටිකට් එකේ සල්ලිත් ආපහු දීලා...
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Mata nan sure oka boru kathawak.

    Ochchara loku doctor kenek nan bus wala yanawada. Anika minister kenek ge lagama relation kenek lu.

    වීඩියෝ එකත් තියෙන්නේ , ඕක ගොඩක් කාලෙකට කලින් උන එකක්

    ඩොකෙක් නෙවෙයි

    කොලබ - බිබිල බස් එකක උනේ
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    වැඩිය මුකුත් කියන්න හොඳ නෑ ටික දවසක් බලන් ඉන්න ඕනේ උනේ මොකද්ද කියල හොයාගන්නකන් :P

    ඔව් අර එලවලු ලෑල්ලෙ සිද්ධිය මතකනෙ:rofl: