Policeය සමග ගනුදෙනු

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    ශ්‍රී ලාංකික ප්‍රෞඪ සංස්කෘතිය

    ඇඳුමක් උඩ ගියාම කට ඇරන් බලන් ඉන්න
    අලුත් ෆැෂන් එකක් ඇන්දම කලිසම ඉරිලද කියලා අහන
    බ්ලවුස් එකක් කොටට ඇන්දම බඩ සුදුයි කියන
    කොණ්ඩේ වවපු කොල්ලෙක් දැක්කම ගංජාකාරයෙක් කියන
    කනට කරාබුවක් දැම්මම කුඩ්ඩෙක් කියන ටැටු එකක් ගැහුවම රස්තියාදුකාරයෙක් කියන
    සතියකට සැරයක් බිව්වම ඌ රට බේබද්දෙක් කියන
    කිරි බොන කිරි සප්පයින්ව දුෂණය කරන
    තමන්ගෙම ලෙයින් හැදුන දරැවව දුෂණය කරන තාත්තාලා ඉන්න
    කසාදේ එපා උනාම දික්කසාද නොවී බෙල්ල කපන පිහියෙන් අනින
    හවස් වරැවෙ පාරක කෙල්ලෙක් තනියම යද්දි අතින් ඇදගෙන යන්න දඟලන
    බස් එකෙ යද්දි වයසක පිරිමි ඇඟට හේත්තු වෙන
    කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් පරිස්සමින් ඉන්න බැරි රටේ සංස්කෘතිය හරි ඉහලයිලු.

    ගෙදර ඉන්න ඉස්කෝලේ යන එකාගෙ
    ලව් ලේටර් එකක් අහු උනාම කෑම මේසේදි ඔක්කොම එකතු වෙලා ඒකාට කන්න එපා කරලා විතරක්
    නෙමෙයි ජීවිතේම එපා කරවලා වහ ⁣කන තැනට වැටෙනකන් එල්ලිලා මැරෙනකන් බනින ලංකාවේ මිනිස්සු කෑම මේසෙදි වචනයක් කතා නොකරන තරම් වීනිත සුද්දාගෙ රටේ සංස්කෘතිය බලුයි කියනවා.

    ඇයි
    සුද්දා ගෑනියෙක් ⁣ඇඳුම් නැතිව ඉන්නවා දැක්කත් අහක බලන නිසාද?
    ලමයින් එක්ක යාලුවො වගෙ ලිංගිකත්වය,ගෑණියෙක්ගෙ නිරැවත
    ගැන කුතුහලය නැති කරලා
    ඕනම දෙයක් ගැන උනත් සුහදව කතා කරන නිසාද?
    අවුරැදු 18 පස්සෙ තනියම යැපෙන්න ජීවිතේ හුරැ කරන නිසාද?
    සෙක්ස් කියන දෙ උන්ට මැජික් නොවෙන නිසාද?
    තමන්ගෙ දරැවන්ව උන් දුෂණය නොකරන නිසාද?
    තනියම රෑ ජාමේ කෙල්ලෙක් තනියම පාරක ගියත් අතින් ඇදන් යන්නෙ නැති නිසාද?
    පාරෙ දවල්ට කෙල්ලෙක් තනියම යද්දි කනට ඇහෙන්න අමු කුනුහර්ප නොකියන නිසාද?
    පාරෙ කව්රැවත් නැති තැන් වලදි කෙල්ලන්ගේ අනවශ්‍ය තැන් අල්ලන්න උත්සහ නොකරන නිසාද?
    කසාදේ ⁣නොගැලපුනාම දෙන්නා කතා කරලා සුහදව වෙන්වෙන නිසාද?

    මිනිස්සුන්ගේ හිත් දුෂණේ වෙලා තියන රටේ සංස්කෘතියක් ගැන කවර කතාද?සංස්කෘතිය රැකගෙන එන්න ඕන අද කාලේ ඉන්න මිනිස්සුත් ජඩ වැඩ කරද්දි ඉදිරි පරම්පරාව සංස්කෘතියක් රකීවි කියලා බලාපොරොත්තුවක් තියාගන්න හරි අමාරැයි වෙයි..
    මේ සිරිලක් දීපේ යලි උපදින්නට නම් හේතු වාසනා වෙන්න එපා



    ~ මුහුණ පොතෙන් උපුටා ගන්නා ලදි ~
     
    Last edited: