සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්.....:love::love:

    කොහොමද අපේ එළකිරියේ කට්ටියට. ටික දවසකින් සංචාරක නූලක් ලියන්න බැරි වුන නිසා අද හිතුව මම ගියපු තවත් ලස්සන ගමනක් ගැන විස්තර ඔයාලට කියන්න.
    අපේ රිච්ලයිෆ් සහෝගේ '' සිරිපාදේ සමනල කන්ද පෙනේ '' ත්‍රෙඩ් එකත් එක්ක මම අද කියන කතාවේ පොඩි සම්බන්ධයකුත් තියේ.:yes:

    අපේ අවාරේ සිරිපාද ගමන.
    මුලින් මම මෙහෙම පොඩි ආරම්භයක් ගන්නම්. සිරිපාදය කියන්නේ ශ්‍රීලාංකික අපිට දෙවිදිහකට වැදගත් පුජනිය ස්ථානයක්.
    ආගමික හා මිනිසුන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වුනු තැනක් සහ ජෛව විවිධත්වය අතින් ලංකාවේ තියෙන ඇති සුවිශේෂීම පරිසර පද්ධතියක්.
    තවමත් සමනල අඩවියෙන් පර්යේෂණ මට්ටමේ සහ හඳුනා නොගත් ජීවී විශේෂ තියෙනවා.
    ආගමික අරමුණකින් යම් කෙනෙක් සිරිපාදය යන්න අදහස් කරගෙන ඉන්නවා නම් සිරිපාද වාරයේ තමා යන්න ඕනේ. මොකද සිරිපතුල විවෘත කරන්නේ වාරෙට විතරයි.:yes:
    නමුත් අපි මේ ගමන ගියේ ආගමික අරමුණකින් නම් නෙවේ.මේ මගේ දෙවෙනි සිරිපාද ගමන.
    නමුත් මේ කියන ගමන හරිම ලස්සන වගේම බොහොම වාසනාවන්ත ගමනක් වුනා.
    විශේෂයෙන් සමනල අඩවියේ සුන්දරත්වය දකින්න අරමුණෙන් තමා අපි සිරිපාදේ නැග්ගේ. අපි මේ ගමන ගියේ 2015 නොවැම්බර්.
    මේ ගමන සැලසුම් කරන්න කලින්, දවසක් මම එළකිරියේ ත්‍රෙඩ් අතරේ සැරිසරද්දී ( අමුත්තෙක් විදිහට) රත්නපුර පාරෙන් සිරිපාදේ ගියපු ගමනක් ගැන ත්‍රෙඩ් එකක් කියවල ඒක බුක්මාර්ක් කර ගත්තා.
    පස්සේ අපි අවාරේ සිරිපා ගමන සැලසුම් කරද්දී අපිත් තීරණය කළා රත්නපුරා පාරෙන් උඩට නගින්න. ඒ තීරණේ ගත්තේ අර ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ.
    අන්න ඒ ත්‍රෙඩ් එක තමා රිච්ලයිෆ් ගේ '' සිරිපාදේ සමනල කන්ද පෙනේ '' නූල. (ස්තුතියි මචන් ).

    මගේ ගමේ හොඳම මිත්‍රයත් උගේ මල්ලිත්, තව මගේ ඔෆිස් එකේ යාලුවෙක් සහ මම ඔක්කොම අපි 04 දෙනයි.
    අවශ්‍ය බඩුමුට්ටු ( කඳවුරු බැඳීමක් වත්,විනෝද ගමනක් වත් නොවන නිසා අපි උයන්න පහසු වෙන්න භූමිතෙල් ලිපක් එකතු කර ගත්ත ) පොදි ගහගෙන සිකුරාදාවක රෑ කොළඹින් රත්නපුරේට එද්දී පාන්දර වුනා.
    රත්නපුරෙන් සිරිපාගමට ඇවිදින් එතනින් තමා අපි ගමන පටන් ගත්තේ.
    අපි ගමන පටන් ගනිද්දී බොහොම පැහැබරව තිබුණු කාලගුණය උඩට යද්දී පොඩ්ඩක් වැහිබර, තුනී මීදුම් ගතියක් පෙන්නුම් කළා වුනත් මුළු දවස් දෙකම
    බොහොම යහපත් කාලගුණයක් තිබුනේ.ඉතින් ගමන පුරා ගනිපු පොටෝ ටිකක් ඔයාලට පෙන්නන්නම්.:D

    Dke4Mfj.jpg

    රත්නපුරෙන් ශ්‍රී පලාබද්දල සිරිපාගමට

    Lx0WGJG.jpg

    සිරිපාගමින් ගමන පටන් ගන්නට පෙර

    uZkCA0f.jpg

    මේ තමා කුණුදිය පර්වතය. ජනප්‍රවාදයක් තියෙනවා බුදුන් වහන්සේ සිරිපතුල තියන්න මුලින් වැඩියේ කුණුදිය පව්වටලු, නමුත් මුදුනේ මැරුණු ගැරඬි කුණකින් ඕජස් වැහෙනවා දුටු නිසා ඒ අදහස අත් හැරලා සිරිපාදයට වැඩියාලු.

    GOxDACy.jpg

    සිරිපාගම සමන් දේවාලය

    8D71QMX.jpg

    පඩි දිගේ උඩට ගමන. රත්නපුර පාර දිගටම පඩි. මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 8 හෝ 9 අතර.

    bAS8ZXr.jpg

    කොකටිය කන්ද නැවතුම

    wDvM5hE.jpg


    qIhWBMv.jpg

    රත්නපුර මුළු පාරම පඩි සකස් කරලා තියෙන්නේ ශ්‍රී. යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසින්. ඒ මහත්තුරුන්ට පිං අත් වෙන්න ඕනේ ඒ මහා දුෂ්කර වෑයමට.

    FlG9pva.jpg


    E5vDNg7.jpg


    tm4fjsg.jpg


    sKHT6Fa.jpg

    අපේ ඊළඟ නැවතුම උනේ ලිහිනිහෙල අම්බලම. ඔය පොටෝ එකේ ඉස්සරහ තියෙන්නේ ලිහිණි හෙළ.ඔතන හෙන ප්‍රපාතේ. අපිත් ඉතින් ''ලිහිණි අක්කේ අපි ගිහින් එනෝ '' කියල කෑගහල දෝන්කාරේත් අහල ආපහු උඩට යන්න පිටත් වුනා.


    mBSaLQN.jpg

    වලිකුකුළා. අපේ රටේ ජාතික පක්ෂියා.

    Qq8Bx7j.jpg

    ඊට පස්සේ අපේ නැවතුම වුනේ කටුකිතුල වංගුව

    sMKMJxw.jpg

    මේ ඉන්නේ වලිකුකුලගේ ගෑනු සතා. මෙයාල කිහිප දෙනෙක්ම අපේ පස්සෙන් ටික දුරක් ආව.

    f7nBWPK.jpg

    අවාරෙත් අන්තිම කාලවකවානුව නිසා තරමක් දුරට යටි රෝපණය වැවිල තිබුන.


    Cs9lD1s.jpg

    සෙවනැලි ඡායාරුප / nature silhouette art

    ඔය විදිහට තරමක් සෙමින් අපි ටික ටික උඩට නැග්ගා. මොකද අපි සැරින් සැරේ නැවතී නැවතී අවධානයෙන් වගේම සුන්දරත්වය විඳිමින් ඇවිද්දේ.
    ඔහොම දවල් වෙද්දී අපි කළුගඟ ආරම්භක තැනට සේන්දු වුනා.
    අර කවියක් එහෙමත් තියෙන්නේ,
    මහවැලි, කැළණි, කළු වලවේ යන ගංගා
    සමනොළ ගිරි මුදුනින් පැන නැංගා.
    එහෙම කිව්වට කළු ගඟ විතරයි සිරිපාද කඳු මුදුනෙන් ආරම්භ වෙන්නේ.මහවැලි ගඟ සහ වලවේ ගඟ හෝර්ටන් තැන්නෙන් ( වලවේ ගඟ බෙලිහුල්ඔය හා සමනල වැවෙන් පෝෂණයේ වෙනවා ) කැළණි ගඟ මාඋස්සාකැලේ සහ කාසල්රී ජලාශ වලින් ආරම්භ වෙන්නේ. නමුත් ඉතින් ඒ ජලාශ පෝෂණය වෙන්නෙත් සමනල අඩවිය සහ හෝර්ටන් තැන්නෙ ජල පෝෂක වලින්.

    2K164eO.jpg

    කළුගඟ සටහන් කරපු සිමෙන්ති පුවරුව.

    කොහොම කලත් දෙයක් ගවේෂණය කරන්න තියෙන ආසාව නිසාම අපි මේ පුවරුව ලඟින් කැලේ කඩාගෙන දිය පාර දිගේ උඩටම ගියා.
    එක නම් ටිකක් අමාරු ගමනක් වුනා, මොකද සෑහෙන ඝනවරේට යටි රෝපණය වගේම බට පඳුරු නිසා. ඔහොම විනාඩි දහයක් පහලවක් විතර යද්දී නිශ්චිත දිය පාර වෙනුවට තැන තැන දිය සීරාව එක්ක මඩ තමා දකින්න ලැබුනේ.

    5nMlFhT.jpg

    දිය පාර ඔස්සේ උඩට. මෙතන ඉඳල ගහපු පොටෝ ඔක්කොම වගේ හෙලවිලා.

    ඔහොම ගිහින් ගිහින් අවසානයේ අපි නැවතුනේ මෙන්න මෙතන. මේ ගලට යටින් තමා වතුර පාර නිශ්චිත විදිහට ගලාගෙන එන්න පටන් ගන්නේ.
    මෙතනින් උඩ දිගටම දිය සීරාව මිසක් නියමිත ජල ප්‍රවාහයක් දකින්න ලැබුනේ නෑ. එක නිසා මම විශ්වාස කරනවා කළු ගඟේ දිය උල්පත මේ කිට්ටුවම තමා ඇත්තේ කියල. මේක දකින්න ලැබුණු එකට මම අදටත් පුදුම විදිහට සතුටු වෙනවා. ගමන පුරාවටම ගහපු වැදගත්ම පොටෝ එක.

    9vq3OlP.jpg

    කළු ගඟේ ආරම්භක දියවර :love::love:

    Uc8nSg5.jpg

    තරමක් අපැහැදිලි වුනත් මම මේ පොටෝ එක දානවා, මොකද මේක මට ගොඩක් වටිනා නිසා

    w8yzdfl.jpg

    official kaluganga selfie :D:D

    එතනින් පස්සේ අපි තරමක් වේගයෙන් උඩට පිය නැගුවා. මොකද රෑ වෙන්න කලින් උඩමළුවට සේන්දු වෙන්න ඕනේ නිසා.

    lKBwTHE.jpg

    දිය බෙත්ම

    Pj2yQHz.jpg


    4ADGote.jpg


    o0K3ctY.jpg

    කෝඩුකාරයෝ නොවුනත් අපි ගෙත්තමක් කරලම පිටත් වුනා

    bCgwR8d.jpg


    5y8jnKs.jpg

    ගෙත්තම්පානෙන් පිටත් වෙන්න හදද්දී පොඩ්ඩක් වැස්සා. ඒත මිනිත්තු පහක් දහයකින් එහෙමම තුරල් වෙලා ගියා.

    Hi2YJ02.jpg


    ERAr3pq.jpg

    ධර්මරාජ ගලේ පඩි ගනිමින්. මේක කවදාවත් හරියට ගනින්න බැලූ.වරදිනවලු. අපි නම් ඉතින් ඕක ගනින්න ගියේ නෑ ඔය කිව්වට


    gTkrq8u.jpg

    මීදුම :love::love:

    kYxVh2o.jpg


    3QlBzOb.jpg


    gWYY3uY.jpg

    මේ පර්වතය නම් මොකක්ද දන්නේ නෑ ??

    ifSoOL9.jpg

    ගමනේ පලවෙනි වතාවට සිරිපාද මුදුන දකින්න ලැබුන

    ඔහොම දිගටම නගින කොට සීත ගඟුලටත් කිට්ටු වුනා.ඇඟ හිරිවැටෙන සීතලේ වුනත් අපි දෙහි ඔලුවේ ගාලා සීත ගඟුලේ නාලා අම්බලමෙන් ටිකක් නැවතිලා දවල්ට පාන් එක්ක මාමයිට් ටිකක් කාලා තමා ගමනේ ඉතුරු ටික පිටත් වුනේ.

    vKiyQ6Q.jpg


    rRJ1M3m.jpg


    Ykp2UAA.jpg

    සීතල වුනත් හොඳට නාගත්තා

    Bc8e0wv.jpg


    OqCHzU8.jpg


    UJjY99I.jpg


    YhR1aXh.jpg


    XnJpIaH.jpg

    හැරමිටිපානට ගොඩ වුනා.

    pnCRXF1.jpg

    හැරමිටිපාන අම්බලම.

    eYDZ0AE.jpg


    Q4lmeOw.jpg


    4ANrAnd.jpg


    BeDfbqG.jpg

    ගල්වංගෙඩිය අම්බලම හා තොරණ

    tnNUPlu.jpg


    හැරමිටිපානෙන් පස්සේ අපි දිගටම ඇවිදින් ඊට පස්සේ නතර වුනේ මෑල්ලමල කඳුරේ. මේ වෙනකන් ගමන පුරාවටම අපිට මනුස්සයෙක් දකින්න ලැබුනේ එතැනදී. වාරය කිට්ටු නිසා කඩ හිමියෙක් එයාගේ කඩේ නිර්මාණය කරන්න අවශ්‍ය බඩුමුට්ටු අරගෙන හැටන් පැත්තෙන් ඇවිත් මෙතනට බැහැල විවේක ගන්නවා.

    9fpPMQy.jpg

    මෑල්ලමල කඳුර

    g78Q2VE.jpg


    BP46Ydm.jpg

    රත්නපුර පාරෙන් සිරිපා කරුණා කරන කෙනෙකුට මහගිරිදඹේ ට කලින් අවසන් වරට හම්බුවෙන අම්බලම.

    znFxgVS.jpg

    වලාකුලුවලට එපිටින් පේන්නේ කුණුදිය පව්වේ මුදුන

    eWAmxWb.jpg

    කුණුදිය පව්ව

    tVYZkcb.jpg

    වමේ ඉඳල පිලිවෙලින් බෑන සමනල, ධර්මරාජගල සහ කුණුදිය පව්ව

    82eO39I.jpg


    jQSKO4d.jpg

    ඇහැළ කණුවට සේන්දු වුනා. මෙතන ඉඳල තමා මහගිරිදඹේ ආරම්භ වෙන්නේ

    ORFaBgj.jpg


    qUEA3gC.jpg

    වලාකුලුවලට එපිටින් ඉර බැහැගෙන දර්ශනය සිරිපා කන්දේ ඉඳල. ජීවිතේ දැකපු ලස්සනම දර්ශනයක්.
    මේ ලස්සන කවදාවත් අමතක වෙන්නේ නම් නෑ


    මහගිරිදඹේට රාස්සිගේ අව්ව වැටෙන හොරාවේම වගේ අපි උඩ මළුවට සේන්දු වුනා. ඒ ඇවිදින් මළුවේ වැඩ වාසය කරන ස්වාමින්වහන්සේ දැනුවත් කරලා අවසර එහෙම ගත්තා. උන්වහන්සේ අපිට එදා රෑ නවතින්න ශාලාව එහෙම ලැස්ති කරලා රෑට කෑමට අවශ්‍ය ව්‍යංජන පවාදුන්නා.උන්වහන්සේට බොහොමත්ම පිං.අපි වගේම නමුත් ආගමික අරමුණෙන් එදා සිරිපාදය කරුණා කරපු තවත් නඩයක් අපිට කලින් මළුවට ඇවිදින් තිබුන.හැටන් පාරෙන්.
    ඉතින් එදා බොහොම වෙහෙසකර දවසක නිමාව මෙසේ සටහන් වුනා.බිමට පැදුර එහෙම දාගෙන අපි ඉක්මනට නින්දට වැටුනා, මොකද උදෑසනින්ම ඉර සේවය දකින්න ලොකු බලාපොරොත්තුවක් හිතේ තිබුන.:yes:

    lDOwkRj.jpg

    ඔය ඈතින් පෙන්නේ කොළඹ නගරයේ ලයිට් ලු. හාමුදුරු නම තමා අපටත් කිව්වේ.

    lAnnpb2.jpg

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොහොම වෙහෙසකර දවසකින් පස්සේ අපි නැවුම් බලාපොරොත්තුවකින් තමා පාන්දර නැගිට්ටේ.සිරිපාදය මුදුනේදී දකින්න ලැබෙන ඉරසේවය දකින්න
    බොහොම ආසාවෙන් තමා අපි උන්නේ. ඒ පාන්දර ඉරසේවය දකින අටියෙන්ම හැටන් වලින් සිරිපාදේ නගපු විදේශිකයෝ රංචුවක්ම හිටියා.
    අපි ඉතින් උදේට කෝපි එහෙම හදාගෙන ඒ සුද්දො එක්ක ආපු මගපෙන්වන්නෝ කට්ටියට කෝපි එහෙමත් දීල එළියේ සිරි බලමින් හිටියා.
    අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් එදා උදේ බොහොම ලස්සන ඉරසේවයක් දකින්න ලැබුන.

    08DzQmb.jpg


    8vEGvHG.jpg


    Fr7I4or.jpg


    5PFDjyC.jpg

    සිරිපාදේ මුදුනේ ඉර සේවය

    ඊට පස්සේ අපි තවත් සුවිශේෂී දසුනක් දැක්කා. ඒ තමයි සිරිපාදේ හෙවණැල්ල. ලංකාවේ මේ වගේ හෙවණැල්ල වැටෙන්නේ මම දන්න විදිහට සිරිපාදය සහ වාලිඹේ හෙළ ( Friars Hood ) කඳු දෙකේ විතරයි.ඒ අතරිනුත් සිරිපාදයේ හෙවණැල්ල ඉතාම සුවිශේෂියි, වගේම ලස්සනයි.
    ( මේ සිරිපාදයේ හෙවණැල්ල ගැන ලංකාවේ විද්‍යාඥයෝ කිහිප දෙනෙක් පර්යේෂණයක් කරලා තියෙනවා. මමත් වැඩිදුර ඒ ගැන දන්නේ නම් නෑ. මේ හෙවණැල්ල අවුරුද්ද පුරා සුර්යයාගේ ගමන් රටාවත් එක්ක පොඩි වෙනස්කමක් වෙනවලු. ඊට අනුරූපව සත්තුන්ගේ ගමන් රටා වෙනස් වෙන අකාරයක් ගැන. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරයක් දෙන්න )

    UrwbIkH.jpg


    0JNLc4f.jpg


    LmTwrYu.jpg

    Good morning Srilanka :D

    7vmZzjY.jpg


    gcqa8ex.jpg

    මේ තමා මම අර උඩින් සඳහන් කරපු අනිත් නඩේ

    ouJdE2z.jpg

    කන්ද මුදුනේ මීදුම නිසා හෙවණැල්ල වටා පුංචි දේදුන්නක් හැදිලා

    ZFOGgdX.jpg


    3VtWC2z.jpg


    721Gfur.jpg

    මාඋස්සාකැලේ ජලාශය

    MJIPsLD.jpg

    ජපන් සාම විහාරය සහ යකාහැඬු ඇල්ල

    5nUSPOg.jpg


    gHQw3PB.jpg

    Official Sripadaya group photo

    ඊට පස්සේ උදේ අපි ස්වාමින්වහන්සේට කතා කරලා, උදේට කෑමත් ලැස්ති කරගෙන අවසර අරගෙන හැටන් පාරට බැස්ස අපේ ගමන හැටන් වලින් අවසන් කරන බලපොරොත්තුවෙන්

    aQMn0SC.jpg


    yJM0k6J.jpg


    ඊට පස්සේ අපේ නැවතුම වුනේ හැටන් පාරේ හමුවෙන දිවා ගුහාව.නමුත් ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිවා ගුහාවද කියන එක නම් තාමත් ප්‍රශ්නාර්ථයක්.

    xnPWYhC.jpg


    AEONAWC.jpg

    කොහොම වෙතත් නිශ්ශංක මල්ල රජු විසින් කරා යයි සැලකෙන සෙල්ලිපියක් සහ රජුගේ චිත්‍රයක් මෙහි දකින්න ලැබෙනවා.

    vWwEPpn.jpg

    පුදුම ලස්සනක්

    E78B5bx.jpg


    h6LyDYO.jpg


    sxoZTqE.jpg


    TEaBavM.jpg

    මේවා නම් අනුමත කරන්න පුළුවන් දේවල් නෙමේ. මම මුකුත් කියන්න යන්නේ නෑ මේ ගැන. දකින දේ තීරණය කිරීම ඔබ සතුයි.

    අපි තරමක් වේගයෙන් පහලට බැස්සා. මොකද එදා රෑ වෙද්දී කොළඹ ඉන්න ඕනේ නිසා. මෙහෙම දිගටම ඇවිත් අපි ඊළඟට නැවතුනේ සීතගඟුල අසල පොඩි දියඇලි කිහිපය බලන්න.

    CKvYbdV.jpg

    සීත ගඟුල දියඇලි

    bH6mtCG.jpg


    TzGPL4H.jpg


    එතනින් පස්සේ අපේ ඊළඟ නැවතුම වුනේ ජපන් සාම විහාරය අසල.එතැනදී අපි ලැස්ති කරගෙන ආපු නුඩ්ල්ස් එක එහෙම කාලා තමා පහලට බැස්සේ.

    vuve070.jpg


    RFfzfyT.jpg


    qZMiEzN.jpg

    යකා හැඬු ඇල්ල


    NtdH90v.jpg

    වැහිකාලෙට හැදෙන පුංචි දියඇලි කිහිපයක්. ගොඩක්ම දකින්න ලැබෙන්නේ අවාරේදී

    TpbbxwF.jpg


    nka5diI.jpg


    Enriuro.jpg

    ජපන් සාම මිත්‍රත්ව විහාරය

    JA2PhQf.jpg

    Nichidatsu Fujii මේ ජපන් මනුස්සයාගේ තමා ඔය සාම විහාර සංකල්පය. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ පටන් අරගෙන තියෙන්නේ

    එතනින් පස්සේ අපි නොනැවතී දිගටම මකර තොරණ වෙනකන් ඇවිදින් එතනින් පොඩ්ඩක් ඇඟ හෝදගෙන අපේ ගමන නල්ලතන්නියෙන් අවසන් කළා

    3SbL5Bj.jpg


    M7gGEFP.jpg

    මකර තොරණ

    BHCDzUS.jpg


    TLZptg4.jpg


    GZYaiCF.jpg

    අවසන් වතාවට නැවත පාරක් සිරිපා මුදුන දෙස හැරිලා බලලා ආයුබෝවන් කිව්වා

    B5Njxj2.jpg

    මාඋස්සාකැලේ ජලාශය.

    ඔන්න ඔය විදිහට තමා අපේ අවාරේ සිරිපාද ගමන සිද්ධ වුනේ. රිච්ලයිෆ් ආපහු සැරයක් උඹට ස්තුතියි. මේ ගමන පුරාවට සහයෝගය දුන් ඔක්කොටම පිං.
    ස්වාමින්වහන්සේට, ඇබිත්තියට සහ සහභාගී උණු මගේ යාලුවන්ට.
    ආයේ මේ වගේ ලස්සන සංචාරක හූයක් එක්ක හම්බුවෙමු.
     
    Last edited:

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඔය ගල නැගලා මොනවාද බන් හම්බවුනෙ

    කිසි ජොලියක් නැති වැඩක් අපරෙදෙ ත්‍රෙඩ් දාගෙන නටන්නෙ උබ
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ශ්‍රීපාදය වන්දනා කරන්න යනවා නම් ලස්සණම මාර්ගය තමයි රත්නපුර පාර..මමත් 5 වරක් පමණ මේ මාර්ගයේ ගොස් තියෙනවා.
     
    • Like
    Reactions: dise72