2018 සැප්තැම්බර් 22 වැනි දින අපේක්ෂා වෙත ගිය ගමන ගැනයි මේ සටහන ...
කට්ටියට මතක ඇති පහුගිය සති කීපයේ Sri Lankan Moms හා Sri Lankan Dads යන facebook සමූහ වල මූලිකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ දී 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිදු කරනු ලැබූ පුණ්‍යකර්මයට හැකි අයුරින් දායක වෙන්න කියලා දාපු (https://www.elakiri.com/forum/showthread.php?p=23624083#post23624083)
ඇත්තටම කියන්න ගොඩක් සංතෝසයි අපේ එළකිරි එකෙන් ගොඩක් දෙනෙක් උදව් උපකාර දීල තිබ්බා සෑහෙන. ඒ උදව් කරපු හැමෝටම, අර නුලට කොමෙන්ට් එකක්, bump එකක්හරි දාලා උදව් කරපු හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න හේතු උන එකට.
කලින් දවසේ පලතුරුඔක්කොම ගෙනවා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ වස විස නැති පලතුරු. ඒකෙනුත් ලොකුම ප්‍රශ්නේ ලංකාවේ දෙළුම්. හැමතැනම තිබ්බේ පිටරවලින් ගේන දෙළුම්. අන්තිමේ කොහොමහරි හොයාගත්තා. විශේෂ ඉස්තුතිය කල්පිටියේ කෘෂිකර්ම උපදේශක රොෂාන් මහතාට .නාදුනනා ඔහු නොවන්නට වසවිසෙන් තොර ලංකාවේ දෙලුම්,ඒ තරම් අඩු මුදලට අවාරයේ හොයාගන්නවත් වෙන්නේ නෑ.ඒ වගේම දෙළුම් වගාව අයිති සුනිල් ගොවි මහතා සහ ඔහුගේ බිරිදගෙන්ද අපමණ සහයක් ලැබුනා. ඒ වගේම දබුල්ලේ තාරක රණවීර මහතාටත් ස්තුති මදි අඩුපාඩුව ලබා දුන්නාට.
කොමඩු, පැණි දොඩම් ඒවත් ලැබුනා ගානට.
සිමෙන්ති බංකුවක් ඉල්ලලා තිබ්බා රෝහලෙන්. ඒකක් අරන් හයි කරලත් දුන්න
බඩු ගොඩක් ගෙනිච්චා, ඒ අතරේ,
බේබී සබන්
සිග්නල් ජූනියර් බ්‍රෂ්
සන්ලයිට්
සිග්නල් හර්බල් ටූත් පේස්ට්
කොට්ට උර
ටවල්
3/4/5 වැඩ පොත්
බෙඩ් ශීට්
කොටු රූල් පොත් 180/ තනි රූල් පොත් 180 වගේ ඒවා තිබ්බා. ආ... සෙල්ලම්බඩුත් තිබ්බා.
ඒ ඔක්කොම අරන් අපේක්ෂාවක් අරන් අපි ගියා අපේක්ෂාවට....



ලක්ෂ 8ක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය දෙන්න පුළුවන් උනා...බම්බලපිටියේ Esse Pharmacy එකටත් ස්තුතිවන්තවෙනවා අපිට discount දීල මේකට උදව් කලාට...
operation පලතුරු....

මෙතනදී අපි දැක්ක ලොකු අඩුවක්.. හරියට පලතුරු සෝදගන්න තැනක් නෑ මෙතන.

ඒ අතරේ මැජික් සංධර්ශනයක්, පොඩි නාට්‍ය, සින්දු, නැටුම්, ගැයුම් වගේ ඒවත් කළා. සෙල්ලම් බඩුත් බෙදල දුන්නා. අපිට වැඩිය පොටෝ, වීඩියෝ කරන්න බැරිඋනා. අවසර දෙන්නේ නෑ ඒවාට. අම්මලා කැමතිනම් විතරයි ළමයිගේ ෆොටෝ ගන්න දුන්නේ.
මෙතන ඔක්කොම ෆොටෝ, වීඩියෝ දාන්න විදියක් නෑ. කොහොමහරි අන්තිමේ ඉතා සාර්ථක ලෙස වැඩේ ලස්සනට ඉවරකලා. ඒ පොඩි අයගේ සතුටු මුනු දැක්කම හිතුනේ මේ උතුම් කටයුතු වෙනුවෙනු නානාප්‍රකාරයෙන් ඔබ දුන් සහයෝගයට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා.
බදාදාට පසුව මුදල් බැර කිරීම් නවත්තන්න කියුවත් අපිට සෙනසුරාද වෙනකන් මුදල් ලැබුනේ සියලුදෙනාගේ දායකත්වය හා මේ සත්කාරයට සම්බන්ධ වීමේ උනන්දුව නිසයි.පුංචි මල් කැකුළු වෙනුවෙන් මේ කරපු හැම දේ කටම සියලු දෙනාටම ගොඩාක් පින්
ප: ලි - අද ඉතුරු වෙච්ච මුදල ගිහන් දුන්නා මුළුතැන්ගගේ පිළිසකර කරගන්න. මේ වෙද්දී ලැබුන මුදල් 100% අපේක්ෂා එකටම ලබා දීල වැඩේ අහවර කළා

Last edited:


