ජීවිතය සමබර කර ගැනීමේ කළාව
සෑහෙන්න කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මාතෘකාව තමයි "ජීවිතය සමබර කර ගැනීමේ කළාව" මේ කළාව යම් යම් මට්ටම් වලින් තමන් තුල තියෙන්නත් පුලුවන්. නොතිබෙන්නත් පුලුවන්. මේ කලාව හරියට පුරුදු පුහුනු කලොත් ජීවිතය කියන දේ සුන්දර වගේම අර්ථවත් වේවි. පිට ඉදන් තමන්ගේ ජීවිතය දිහා බලන් ඉන්න කුහක නොවන පිරිස් වලට, තමන් පොතක් වේවි.
ජීවිතය කියන දේ හැම මොහොතෙම ගෙවිලා යනවා. දවසින් දවස අපි ගෙවන්නේ අපි උපදිනකොට ගෙනාපු ආයුෂ. මේ තත්පරයෙදිත් මගේ වගේම කියවන එයාලගෙත් ජීවිතය ගෙවිලා යනවා.
මරණයට ලං වෙනවා. ඉතිං හිතන්න ආපහු හැරිලා තමන්ගේ ජිවිතය දිහා බලද්දි, මම මොනවද කරේ, යකෝ... 
කියලා හිතෙනව නම් උඹලා ජීවිතය සමබර කරගන නැ. අපි අද කරන යම් දෙයක් නිසා කවද හරි ජීවිතේ පසු තැවෙන්න සිද්ධ වෙයි නම්, ඒ දේ නොකර ඉන්න එක තමයි හොදම. මම කියන්නේ ලව් කිරීම නෙවෙයි.
(මොකද ලව් කරන්නෙත් පසුතැවෙන්න වෙයි කියලා දැනගනනේ.) මම මේ කියන්නේ හර්දසාක්ෂියට විරුද්ද දේවල් ගැන. ඒ වගේම කවද හරි හැරිලා බලද්දි මම මේදේවල් කරානේ කියලා සතුටු වෙන්න පුලුවන් නම් අන්න ඒ දේවල් තමයි ජීවිතේට එකතු කර ගන්න ඕනේ..
විශේෂ මිනිහෙක් වෙන්න.
මට මතක් වෙනවා කිඹුලා අයියා කියපු කතාවක් "මල්ලි දැන් ඉන්න මිනිස්සු තුනී ලෑලි වගේ" කියන එක, මොකද මේ මිනිස්සුන්ගේ වෙනසක් නෑ. ඔක්කොම එක වගේ. ගස් වලින් ඉරපු ලෑලි වගේ වයිරං නෑ, ගැට නෑ, සුවද නෑ, විවිද ලස්සන පාට නෑ, ඒ වගේ විශේෂ පුද්ගලයෝ අද හරි හිගයි.
ඉතිං ක්ලැරන්ස් මහත්තයා වගේ, අමරදේව මාස්ටර්, කේමදාස මාස්ටර් වගේ රටට ලෝකෙට විශේෂ මිනිහෙක් වෙන්ඩ කියන එකම නෙවෙයි මේ දැන් කියන්ඩ හදන්නේ. පුළුවන් නම් ඒක හොදයි. ඒත් ඒක ලේසි නෑ. හැබැයි අපිට පුලුවන් රටේම හෝ ලෝකෙම ඉන්න අයට නොවුනත් තමන් අවට ඉන්න මිනිස්සුන්ට විශේෂ වෙන්න, තමන්ගේ ගමේ මිනිස්සුන්ට, යාලුමිත්‍රයන්ට විශේෂ වෙන්න. එතකොට ඒ ඒ හිත්වල තමන් විශේෂ වේවි. එහෙම නැත්තන් තුනී ලැල්ලක් වගේ උඹත් හැමෝටම එකම එක මිනිහෙක් විතරක් වේවි.
එකම දේ කරන්න එපා.
අපි හැමෝම ජීවත් වෙන්න රස්සාවක් කරනවා. ඒත් අපි ඒ රස්සාව විතරක්ම බදාගන හිටියොත් කවදා හරි ජීවිතය දිහා හැරිලා බලන වෙලාවක තමන්ගේ ජීවිතයේ වටිනාකමක් තමන්ටවත් නොදැනේවි. එහෙනම් ඒ වටිනාකම ඇති කරගන්න අපි මොකද්ද කළයුත්තේ.
i) රස්සාව වගේම කලාවට දවසේ කාලයක් වෙන් කරන්න. සිංදුවක් අහන්න. පුලුවන් නම් කවියක්, නිසදැසක් ලියන්න, සිංදුවක් රසාස්වාදය කරන්න, නැත්තන් සංගීත භාන්ඩයක් වාදනය කරන්න වෙලාව වෙන් කරගන්න.
ii) බුකියට වගේම ගෙදර උන්, යාලු මිත්‍රයින් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න. බුකිය කියන්නේ ජීවිතය නෙවෙයි. ඒකෙම ඉන්න එපා. මිතුරන්ට අවංකව තමන්ගේ මිත්‍රත්වය පාන්න.
iiii) මිනිසුන් අධ්‍යයනය කරන්න. හැම මනුස්සයගෙම හොද හෝ නරක ගතිගුන පිටින් පේන්නෙ නෑ. ඒක දැන ගන්න නම් ආශ්‍රය කරන්නම වෙනවා. මූන බලලා විතරක් කවදාවත් මිනිහෙක් හොදද නැද්ද කියලා තීරණය කරන්න එපා. එහෙම අදුර ගන්න හොද මිනිස්සු තමන්ගේ ජීවිතය සමබර කරගන්න උදව්වක් වේවි.
iv) ව්‍යායාම කරන්න ශරීර සෞක්‍ය ගැන හිතන්න. සල්ලි හෙවිල්ලට විතරක් අපි මුල් තැන දුන්නොත් අඩු වයසින් ලෙඩ්ඩු වෙලා අපිටම ඒක කරදරයක් වේවි. පවුලේ අනිත් උන්ට අපි නිසා දුක් විදින්න වේවි. ඉතිං ව්‍යායාම වලටත් කාළයක් වෙන් කරන්න. කැමති නම් ගෙදරදි ව්‍යායාම කරන්න. කැමති නම් ජිම් යන්න, කැමති නම් සටන් කලාවක් හදාරන්න. මේ හැම දෙයක්ම ජීවිතේ සමබර කරගන්න උදව් වේවි.
v) වෙලාව නෑ කියලා කියන්න එපා. අපි වැඩ වලට වෙලාව නෑ කියන්නේ හරියට වෙලාව කළමනාකරනය කරගන්නෙ නැති නිසා. සමහරු දරාගන්න බැරි නය අරං ඒ නය ගෙවන්න, වැඩිපුර වැඩ කර කර ජීවිතේම නහිනවා. අන්තිමට ජීවත් වෙන්න වෙලාවක් නෑ. ජිවිතෙන් කරලා තියන්නේ හම්බු කිරිල්ල විතරයි. මිනිහෙක් ආශ්‍රය කරලා නෑ. ගෙදර මිනිස්සුන්ට හොද මනුස්සයෙක් වෙලා නෑ. ගෙදර අයට ඕනේ හැම දෙයක්ම සල්ලි වලට ගන්න බෑනේ.
vi) ආගමට දහමට දවසේ කාළයක් වෙන් කරන්න. එක විනාඩි 10 ක් අරං භාවනා කරන්න, හරියට මෛත්‍රී භාවනාව කරන්න හිතාගන්න බැරි තරම් පිං එකතුවේවි. ඕනෑවට වඩා බොරු රැඩිකල් මිනිහෙක් වෙන්න ගියොත් ආගමක් දහමක්, ඉතිහාසයක් නැති අපතයෙකු වේවි.
vii) කෝච්චියේ බස් එකේ පොතක් විකුණන්න එන මනුස්සයෙකුගෙන් ඉදලා හිටලවත් පොතක් ගන්න. බලන්න ඒ මිනිහා රුපියල් 100 ට පොඩි පොත් පහක් හයක් දෙනවා. ගන්නේ රුපියල් 100 යි. ඒ 100 ට කොයි තරම් කෑ ගහනවද. ඒක ඒ මනුස්සයගෙ රස්සාව. ඒකෙන් ඒ මනුස්සයා පව්ල නඩත්තු කරනවා ඇති. පොත් වලින් අපිට වැඩක් නැති වෙන්න පුලුවන්. ඒත් අපි 100 ඒවා කොච්චර නාස්ති කරනවද. ඉතිං අර පොත් ටිකක් අරං දන්න කියල ළමයි ටිකකට නිකං දුන්නත් මොකද. කරපු කටයුතු දෙකක් නිසා හිත සතුටු කර ගන්න පුලුවන්.
කොහෙ හරි යන්න ගියාම අන්තිම මොහොතේ ඇයි හදිස්සිය?
කවද හරි ජීවිතේ දාලා යන්න යන දාට අන්තිම මොහොතේ හදිස්සි වෙලා පිං කරගන්න බෑ බං.
හිතන්න උඹලා වැඩිපුර නිදාගන්නවා. කම්මැලි කමට. අන්තිමට වැඩට යන්න ලෑස්ති වෙන්න වෙලාව මදි. දැන් අම්මත් එක්ක, බිරිදත් එක්ක කේන්තියෙන් දඩ බඩ ගාලා ලෑස්ති වෙලා පාරේ ඉන්න එකෙක් එක්කවත් හිනා නොවී වැඩට දුවනවා. දැන් ඒකෙන් නැති වෙන්නේ උඹේ කාලය විතරද? මොහොතක් හිතන්න. ඒකෙන් සම්බන්ධතා වලට ඇතිවෙන බලපෑම.
දැන් ඔය ප්‍රමාධය පුරුද්දක් වෙනවා. පිං කරන්න කල් දානවා. අන්තිමට මැරෙන්න යන මොහොතත් ඇකි වෙන්නේ හදිස්සියම තමයි. නමුත් එතකොට ප්‍රමාධ වැඩී. ඒ නිසා හැමදේම කාළසටහනකට අනුව කරන්න. වෙලාවට නිදියන්න. වෙලාවට නැගිටින්න. අනිත් මිනිස්සු ගැන හිතන්න. එයාලා වෙනුවෙනුත් කාළය යොදවන්න. දන්නෙම නැතුව උඹලා සුන්දර මිනිස්සු වේවි. ඕනිම වෙලාවක ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි සතුටක් දැනේවි.
ජීවත් වෙනවාට ටයිම් පාස්කර කර ජීවත් වෙනවා නෙවෙයි. එහෙම ටයිම් පාස් කරොත් අපිට ජීවත් වෙන්න තියන ටයිම් එකත් පාස් වෙලා යනකල් අපට නොදැනේවි. මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න වර්තමාන යුගයේ සල්ලි ඕනෙ තමයි. හැබැයි සල්ලි හම්බ කරන්න ජීවත් නොවිය යුතුයි. ජිවිතය කියන කාලයේ, පාට්ටයිම් සල්ලි හම්බ කළ යුතුයි. ඊට අමතරව මිනිස්සු හම්බු කරන්න, මානව සම්බන්ධතා ඇති කරගන්න, පිනක් කර ගන්න ජිවිතය කියන කාලයේ කාළ පරිච්චේද වෙන් කළ යුතුමයි.
මගේ කල්යානමිත්‍රයෙක් වෙන එක සුන්දර මනුස්සයෙක් මට ඊයේ උදේ බොහෝම වටිනා පාඩම් වගයක් කියලා දුන්නා. හරියට මට ඔහු පොතක් වගේ. මෙම ත්‍රෙඩ් එක ඔහුට උපහාරයක්ම පිණිස වේවා.
සෑහෙන්න කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මාතෘකාව තමයි "ජීවිතය සමබර කර ගැනීමේ කළාව" මේ කළාව යම් යම් මට්ටම් වලින් තමන් තුල තියෙන්නත් පුලුවන්. නොතිබෙන්නත් පුලුවන්. මේ කලාව හරියට පුරුදු පුහුනු කලොත් ජීවිතය කියන දේ සුන්දර වගේම අර්ථවත් වේවි. පිට ඉදන් තමන්ගේ ජීවිතය දිහා බලන් ඉන්න කුහක නොවන පිරිස් වලට, තමන් පොතක් වේවි.
ජීවිතය කියන දේ හැම මොහොතෙම ගෙවිලා යනවා. දවසින් දවස අපි ගෙවන්නේ අපි උපදිනකොට ගෙනාපු ආයුෂ. මේ තත්පරයෙදිත් මගේ වගේම කියවන එයාලගෙත් ජීවිතය ගෙවිලා යනවා.

මරණයට ලං වෙනවා. ඉතිං හිතන්න ආපහු හැරිලා තමන්ගේ ජිවිතය දිහා බලද්දි, මම මොනවද කරේ, යකෝ... 
කියලා හිතෙනව නම් උඹලා ජීවිතය සමබර කරගන නැ. අපි අද කරන යම් දෙයක් නිසා කවද හරි ජීවිතේ පසු තැවෙන්න සිද්ධ වෙයි නම්, ඒ දේ නොකර ඉන්න එක තමයි හොදම. මම කියන්නේ ලව් කිරීම නෙවෙයි.
(මොකද ලව් කරන්නෙත් පසුතැවෙන්න වෙයි කියලා දැනගනනේ.) මම මේ කියන්නේ හර්දසාක්ෂියට විරුද්ද දේවල් ගැන. ඒ වගේම කවද හරි හැරිලා බලද්දි මම මේදේවල් කරානේ කියලා සතුටු වෙන්න පුලුවන් නම් අන්න ඒ දේවල් තමයි ජීවිතේට එකතු කර ගන්න ඕනේ.. විශේෂ මිනිහෙක් වෙන්න.
මට මතක් වෙනවා කිඹුලා අයියා කියපු කතාවක් "මල්ලි දැන් ඉන්න මිනිස්සු තුනී ලෑලි වගේ" කියන එක, මොකද මේ මිනිස්සුන්ගේ වෙනසක් නෑ. ඔක්කොම එක වගේ. ගස් වලින් ඉරපු ලෑලි වගේ වයිරං නෑ, ගැට නෑ, සුවද නෑ, විවිද ලස්සන පාට නෑ, ඒ වගේ විශේෂ පුද්ගලයෝ අද හරි හිගයි.
ඉතිං ක්ලැරන්ස් මහත්තයා වගේ, අමරදේව මාස්ටර්, කේමදාස මාස්ටර් වගේ රටට ලෝකෙට විශේෂ මිනිහෙක් වෙන්ඩ කියන එකම නෙවෙයි මේ දැන් කියන්ඩ හදන්නේ. පුළුවන් නම් ඒක හොදයි. ඒත් ඒක ලේසි නෑ. හැබැයි අපිට පුලුවන් රටේම හෝ ලෝකෙම ඉන්න අයට නොවුනත් තමන් අවට ඉන්න මිනිස්සුන්ට විශේෂ වෙන්න, තමන්ගේ ගමේ මිනිස්සුන්ට, යාලුමිත්‍රයන්ට විශේෂ වෙන්න. එතකොට ඒ ඒ හිත්වල තමන් විශේෂ වේවි. එහෙම නැත්තන් තුනී ලැල්ලක් වගේ උඹත් හැමෝටම එකම එක මිනිහෙක් විතරක් වේවි.
එකම දේ කරන්න එපා.
අපි හැමෝම ජීවත් වෙන්න රස්සාවක් කරනවා. ඒත් අපි ඒ රස්සාව විතරක්ම බදාගන හිටියොත් කවදා හරි ජීවිතය දිහා හැරිලා බලන වෙලාවක තමන්ගේ ජීවිතයේ වටිනාකමක් තමන්ටවත් නොදැනේවි. එහෙනම් ඒ වටිනාකම ඇති කරගන්න අපි මොකද්ද කළයුත්තේ.
i) රස්සාව වගේම කලාවට දවසේ කාලයක් වෙන් කරන්න. සිංදුවක් අහන්න. පුලුවන් නම් කවියක්, නිසදැසක් ලියන්න, සිංදුවක් රසාස්වාදය කරන්න, නැත්තන් සංගීත භාන්ඩයක් වාදනය කරන්න වෙලාව වෙන් කරගන්න.
ii) බුකියට වගේම ගෙදර උන්, යාලු මිත්‍රයින් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න. බුකිය කියන්නේ ජීවිතය නෙවෙයි. ඒකෙම ඉන්න එපා. මිතුරන්ට අවංකව තමන්ගේ මිත්‍රත්වය පාන්න.
iiii) මිනිසුන් අධ්‍යයනය කරන්න. හැම මනුස්සයගෙම හොද හෝ නරක ගතිගුන පිටින් පේන්නෙ නෑ. ඒක දැන ගන්න නම් ආශ්‍රය කරන්නම වෙනවා. මූන බලලා විතරක් කවදාවත් මිනිහෙක් හොදද නැද්ද කියලා තීරණය කරන්න එපා. එහෙම අදුර ගන්න හොද මිනිස්සු තමන්ගේ ජීවිතය සමබර කරගන්න උදව්වක් වේවි.
iv) ව්‍යායාම කරන්න ශරීර සෞක්‍ය ගැන හිතන්න. සල්ලි හෙවිල්ලට විතරක් අපි මුල් තැන දුන්නොත් අඩු වයසින් ලෙඩ්ඩු වෙලා අපිටම ඒක කරදරයක් වේවි. පවුලේ අනිත් උන්ට අපි නිසා දුක් විදින්න වේවි. ඉතිං ව්‍යායාම වලටත් කාළයක් වෙන් කරන්න. කැමති නම් ගෙදරදි ව්‍යායාම කරන්න. කැමති නම් ජිම් යන්න, කැමති නම් සටන් කලාවක් හදාරන්න. මේ හැම දෙයක්ම ජීවිතේ සමබර කරගන්න උදව් වේවි.
v) වෙලාව නෑ කියලා කියන්න එපා. අපි වැඩ වලට වෙලාව නෑ කියන්නේ හරියට වෙලාව කළමනාකරනය කරගන්නෙ නැති නිසා. සමහරු දරාගන්න බැරි නය අරං ඒ නය ගෙවන්න, වැඩිපුර වැඩ කර කර ජීවිතේම නහිනවා. අන්තිමට ජීවත් වෙන්න වෙලාවක් නෑ. ජිවිතෙන් කරලා තියන්නේ හම්බු කිරිල්ල විතරයි. මිනිහෙක් ආශ්‍රය කරලා නෑ. ගෙදර මිනිස්සුන්ට හොද මනුස්සයෙක් වෙලා නෑ. ගෙදර අයට ඕනේ හැම දෙයක්ම සල්ලි වලට ගන්න බෑනේ.
vi) ආගමට දහමට දවසේ කාළයක් වෙන් කරන්න. එක විනාඩි 10 ක් අරං භාවනා කරන්න, හරියට මෛත්‍රී භාවනාව කරන්න හිතාගන්න බැරි තරම් පිං එකතුවේවි. ඕනෑවට වඩා බොරු රැඩිකල් මිනිහෙක් වෙන්න ගියොත් ආගමක් දහමක්, ඉතිහාසයක් නැති අපතයෙකු වේවි.
vii) කෝච්චියේ බස් එකේ පොතක් විකුණන්න එන මනුස්සයෙකුගෙන් ඉදලා හිටලවත් පොතක් ගන්න. බලන්න ඒ මිනිහා රුපියල් 100 ට පොඩි පොත් පහක් හයක් දෙනවා. ගන්නේ රුපියල් 100 යි. ඒ 100 ට කොයි තරම් කෑ ගහනවද. ඒක ඒ මනුස්සයගෙ රස්සාව. ඒකෙන් ඒ මනුස්සයා පව්ල නඩත්තු කරනවා ඇති. පොත් වලින් අපිට වැඩක් නැති වෙන්න පුලුවන්. ඒත් අපි 100 ඒවා කොච්චර නාස්ති කරනවද. ඉතිං අර පොත් ටිකක් අරං දන්න කියල ළමයි ටිකකට නිකං දුන්නත් මොකද. කරපු කටයුතු දෙකක් නිසා හිත සතුටු කර ගන්න පුලුවන්.
කොහෙ හරි යන්න ගියාම අන්තිම මොහොතේ ඇයි හදිස්සිය?
කවද හරි ජීවිතේ දාලා යන්න යන දාට අන්තිම මොහොතේ හදිස්සි වෙලා පිං කරගන්න බෑ බං.
හිතන්න උඹලා වැඩිපුර නිදාගන්නවා. කම්මැලි කමට. අන්තිමට වැඩට යන්න ලෑස්ති වෙන්න වෙලාව මදි. දැන් අම්මත් එක්ක, බිරිදත් එක්ක කේන්තියෙන් දඩ බඩ ගාලා ලෑස්ති වෙලා පාරේ ඉන්න එකෙක් එක්කවත් හිනා නොවී වැඩට දුවනවා. දැන් ඒකෙන් නැති වෙන්නේ උඹේ කාලය විතරද? මොහොතක් හිතන්න. ඒකෙන් සම්බන්ධතා වලට ඇතිවෙන බලපෑම.
දැන් ඔය ප්‍රමාධය පුරුද්දක් වෙනවා. පිං කරන්න කල් දානවා. අන්තිමට මැරෙන්න යන මොහොතත් ඇකි වෙන්නේ හදිස්සියම තමයි. නමුත් එතකොට ප්‍රමාධ වැඩී. ඒ නිසා හැමදේම කාළසටහනකට අනුව කරන්න. වෙලාවට නිදියන්න. වෙලාවට නැගිටින්න. අනිත් මිනිස්සු ගැන හිතන්න. එයාලා වෙනුවෙනුත් කාළය යොදවන්න. දන්නෙම නැතුව උඹලා සුන්දර මිනිස්සු වේවි. ඕනිම වෙලාවක ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි සතුටක් දැනේවි.
ජීවත් වෙනවාට ටයිම් පාස්කර කර ජීවත් වෙනවා නෙවෙයි. එහෙම ටයිම් පාස් කරොත් අපිට ජීවත් වෙන්න තියන ටයිම් එකත් පාස් වෙලා යනකල් අපට නොදැනේවි. මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න වර්තමාන යුගයේ සල්ලි ඕනෙ තමයි. හැබැයි සල්ලි හම්බ කරන්න ජීවත් නොවිය යුතුයි. ජිවිතය කියන කාලයේ, පාට්ටයිම් සල්ලි හම්බ කළ යුතුයි. ඊට අමතරව මිනිස්සු හම්බු කරන්න, මානව සම්බන්ධතා ඇති කරගන්න, පිනක් කර ගන්න ජිවිතය කියන කාලයේ කාළ පරිච්චේද වෙන් කළ යුතුමයි.
මගේ කල්යානමිත්‍රයෙක් වෙන එක සුන්දර මනුස්සයෙක් මට ඊයේ උදේ බොහෝම වටිනා පාඩම් වගයක් කියලා දුන්නා. හරියට මට ඔහු පොතක් වගේ. මෙම ත්‍රෙඩ් එක ඔහුට උපහාරයක්ම පිණිස වේවා.
Last edited:
හවස තමා රෙප් දෙන්න නම් උනෙ..මේක කියෙවුව ගමන් ඉස්සල්ලාම පොස්ට් කරන්න හිතුනා..