Dr Kavinga Gunawardane
බීමත් වෛද්‍යවරියක් විසින් දැඩි අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු කළ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගිය ආවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.
බොරලැස්ගමුව වික‍්‍රමරත්න මාවත ප‍්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර බීමත් වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් හා පොලිස් පරීක්‍ෂකවරයකු ගමන් ගත් මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුව තිබේ. මෙම මාරක රිය අනතුරෙන් එක් මෝටර් රථයක ගමන් ගත් පොලිස් පරීක්‍ෂකවරයා මරුමුවට පත්වී ඇති අතර ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර ඊයේ (30 වැනිදා) අලුයම 12.45 ට පමණ සිදු වී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කරමින් සිටි බොරලැස්‌ගමුව, වැව පාරේ පදිංචිව සිටි ගමගේ අජන්ත ගාමිණී නමැති 51 හැවිරිදි පොලිස් පරීක්‍ෂකවරයෙකි.
අනතුර සිදුවන අවස්තාවේ මෙම වෛද්‍යවරිය අධික ලෙස බීමතින් සිට තිබේ. මෙම වෛද්‍යවරිය ගල්කිස්‌ස ප්‍රදේශයේ සාදයකට සහභාගී වී අධික ලෙස බීමතින් සිය මිතුරියන් දෙදෙනෙකු සහ සංගීත කණ්ඩායමක තරුණයන් දෙදෙනෙකුද රැගෙන අධික වේගයෙන් රිය පදවා තිබේ. ඔවුන් මෙලෙසින් බීමතින් අධික වේගයෙන් පැමිණ ඇත්තේ තවත් පෞද්ගලික සාදයකටයැයි සැක කෙරේ.
අනතුර සම්බන්ධයෙන් 39 හැවිරිදි වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් බවත්, සැකකාර වෛද්‍යවරිය ඉතා අපරික්‍ෂාකාරී අන්දමින් රථය පදවා ඇතැයි හෙළි වූ බව ද පොලීසිය පවසනවා. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ ටිරානි කාවින්ද්‍යා නමැති 39 හැවිරිදි වෛද්‍යවරියකි.
පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පවුලේ පිරිස ඥතියකුගේ පිරිත් ගෙදරකට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති බවත්, එහිදී ඔවුන් ගමන් ගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පොලිස් පරීක්‍ෂකවරයාගේ වැඩිමහල් පුතු විසින් පදවා ඇති බවත් හෙළි වූ බව එම නිලධාරියා කීය.
neth
Last edited:







