පෙම්වතා_අවි පෙන්වා 17 හැවිරිදි පෙම්වතිය පැ#
COLOMBO (News 1st) – අවුරුදු 17 ක පමණ තරුණියක්ව අද (02) අලුයම නිවසටම පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
අම්බලන්තොට වලෙවත්ත කොට බෝගහ අසල පදිංචිව සිටින එම තරුණියගේ දෙමාපියන් විසින් අම්බලන්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ එම්.පී. නිපුනි වත්සානි නැමති තරුණියක වන අතර හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් සඳහන් කරනවා.
පැහැරගෙන යාමට පැමිණි පිරිස නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළුවී පසුව අදාළ තරුණිය නිදා සිටි කාමරය දෙසට ඇවිත් අදාළ දොරටද වෙඩි තබා එම දොර කඩා කාමරයට ඇතුළු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැහැරගෙන ගිය තරුණියගේ පියා වන වසන්ත මුතුමාල සඳහන් කළේ,
'' අලුයම 2.30 පමණ වෙඩි සද්දයක් ඇහුනා. මම කාමරයේ ඉඳලා සාලයට එනකොට ගේ ඇතුළේ කට්ටියක් හිටියා.. තුවක්කුවකුත් අතේ තියාගෙන. මම සාලෙට ගිහාම මගේ ඔලුවට පිස්තෝලේ තියාල මට දන ගහන්න කිව්වා. පස්සේ මගේ ලොකු දූගේ බෙල්ලට පිහියක් තියාලා එයාට තර්ජනය කරලා පොඩිදුවව බලෙන් ඒ අය පැහැරගෙන ගියා '' යනුවෙනි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ වන විට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය කියා සිටියා.
පෙම්වතා අවි පෙන්වා 17 හැවිරිදි පෙම්වතිය පැහැර ගනී

Last edited: