සිංහරාජය ඉවරයි

comx

Well-known member
  • Jun 11, 2015
    2,454
    1,063
    113
    srilanka
    සිංහරාජය ඉවරයි

    ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසිවනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.
    උපුටා ගැනීම
    “සිංහරාජ රක්ෂිතය මේ වන විට හෙක්ටයාර 11,000 කට අධික වපසරියකින් සමන්විත උවද සිංහරාජය වටා සමන්විත පරිවාර රක්ෂිත සමගින් අතීතයේදී මේ වනාන්තරය විශාල ප්‍රදේශයක් පුරාවට ව්‍යාප්තව තිබී ඇත. ඒම පරිවාර රක්ෂිතද සිංහාරජය හා සමාන ඉහල ජෛව විවිධත්වයක් මේ රක්ෂිත තුළද දැකිය හැකිය.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා ඇත. මෙම රක්ෂිතය පෞද්ගලික සමාගමක් විසින් විස රසායන ද්‍රව්‍යය යොදාගනිමින් විනාශ කරන බවට ගම්වාසීන් පවසයි.

    වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගත පිරිසක් මගින් යන්ත්‍ර යොදාගනිමන් සිදුරු කර ඒතුලට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කල හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකිය.

    දැනටමත් විශාල හානියක් සිදු වී ඇති කුඩුමීරිය වැසි වනාන්තරය වාහනයකින් ළඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් සැඟව අති භූමියකි. කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝෂණය කරන ප්‍රධාන ජල පෝශක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුලු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුළ ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය සෘජුවම දායක වේ. එසේම, වනාන්තරය මරාදැමීමට යොදනු ලබන රසායන ද්‍රව්‍ය ජලයට එකතුවී ජනතාව පරිභෝජනය කරන ජලමුලාශ්‍ර වලට ඇතුළු වීම තුලින් ඔවුන් විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දිය හැකිය.
    මෙම රක්ෂිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය සලකා බලා පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන විට සිදු කර ඇති අතර අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක්ද කර වාර්තාවන් සකසා ඒ පිළිබඳ අදාළ කටයුතු කෙරෙමින් පවතී. ඒසේ සිදුවන වටපිටාවක් තුළ මෙම වනාන්තරය විස රසායන මගින් විනාශ කිරීම බරපතල අපරාධයකි.”


    mama lipiya share karanna.



    උපුටා ගැනීම


    ada . lk
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සදාහරිත කියන කොම්පැනි එකෙන් නේද වැඩේ කරන්නේ?
    ..

    ‘සදාහරිත ප්ලාන්ටේෂන්’, ‘කුඩුමීරිය’ වනාන්තරය සදා සොත්ති කරයි..! හොරෙන් වටිනා ගස් වල කඳ විද විෂ යොදා ගස් මරා කපා ගනිති..!! මෙන්න සාක්කි..

    (ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.04, පෙ.ව.7.40) ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන ‘කුඩුමීරිය වැසි වනාන්තරයේ’ වටිනා ගස් වල කඳ හිල් කර උග්‍ර විෂ රසායන ද්‍රව්‍යයක් යොදා ගස් මරා දමා පසුව මැරුණු ගස් කපා ගනිමින් ‘සදාහරිත ප්ලාන්ටේෂන්’ නමැති සමාගම සහ ගහන වන විනාශයක් සිදු කරමින් සිටින බව වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය විසින් සාක්කි සහිතව බරපතල හෙළිදරව්වක් කරයි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය සිංහරාජ පරිවාර වනන්තරයක් වන දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා ඇත. සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම විසින් මේ වන විට එම රක්ෂිතය විෂ රසායන ද්‍රව්‍යය යොදාගනිමින් විනාශ කරන බව වැසි වනාන්තර සුරැකීමේ සංවිධානයට ගම්වාසීහු පැමිණිලි කර තිබේ.

    වටිනාකමින් ඉහල විශාල ගස් සැලසුම් සහගතව යන්ත්‍ර යොදා ගනිමින් සිදුරු කර ඒතුලට විස රසායන ද්‍රවය යොදා ඉතාමත් ම්ලේච්ඡ අයුරින් මරාදමා ඇත. ගස් සිදුරු කර ඒ තුලට රසායනයක් ඇතුල්කර ගස් මරාදැමීම මගින් මේ ගස් ස්භාවිකව මැරුණු බව පෙන් වීමට උත්සාහ ගෙන ඇත. සාමාන්‍ය පුද්ගලයෙකු විසින් සිදු කළ හැකි කාර්යයක් නොවන අතර එය මහා පරිමාණ සැලසුම් සහගත අයතනනයක හෝ ව්‍යාපාරයක ක්‍රියාවක් ලෙස හොඳාකාරවම දැකිය හැකියැයි වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය පවසයි.

    වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් මේ පිලිබඳව සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම දිගින් දිගටම දැනුවත් කර ඇති අතර මෙම විනාශය පිලිබඳවද එම සමාගමට හා අදාල ආයතන කීපයක් වෙත ලිපියොමුකර ඇත. මෙවැනිම වන විනාශයක් ගැන පැමිණිලි කළ විට සදාහරිත සමාගම පවසා ඇත්තේ එකී ඉඩම් ඔවුන් විකුණා දමා ඇති බව නමුත් ඒ කාටදැයි හෙළි කර නැත.

    සදාහරිත ප්ලාන්ටේෂන් සමාගම යනු ස්වභාවික වනාන්තර වනසා, සුදු හඳුන්, අගාවුඩ්, තේක්ක, මැහෝගනී ආදී වානිජ වගාවේ යෙදෙන සහ ඒ සඳහා මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගන්නා ආයතනයකි. (කියවන්න http://www.sadaharitha.com)

    කෙසේ වෙතත් කවුරුන් සිදුකළත් මෙහි දැක්වෙන සේයාරූ වලින් ‘කුඩුමීරිය’ වනාන්තරයට සිදුකරන වන විනාශය ඉතා හොඳින් පැහැදිලිය. බිහිසුණුය. නපුරා කුමන තරමේ බලවන්තෙයකු වුවද සිදුකරමින් තිබෙන සහගහන අපරාධය පිලිබඳ තරාතිරම නොබලා දඬුවම් දීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    (සිදුකර ඇති වන විනාශය මෙහි දැක්වෙන සේයාරූ වල ඇති අතර වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය සදාහරිත ප්ලාන්ටේෂන් වෙත යවන ලද ලිපියක් ද වේ.)

    01_3.jpg


    082.jpg

    04_3.jpg


    06_3.jpg


    Sadaharitha-letter1.jpg


    Sadaharitha-letter2.jpg

     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,454
    1,063
    113
    srilanka
    සදාහරිත කියන කොම්පැනි එකෙන් නේද වැඩේ කරන්නේ?


    eka nam hariyatama danna nah ban. news balanna kiyala ada site ekata log unama maa lipiya dakka.


    hamadama iwara wanawa ban.:eek:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    මේක නම් මහ කාල කන්නි රටක් බන්... මුන් අනාගතයක් ගැන හිතන් නෑ... අවස්තතාවෙන් ප්‍රයෝජන අරන් සල්ලි ගොඩ ගහගන්න තමයි බලන්නේ... රටට හෙන ගහල ගියත් කමක් නෑ. පොන්න ආණ්ඩුවක්නේ තියෙන්නේ :angry::angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වතුර නැති වුනු දාට තමා හුකාපර්ජාන වෙන්නේ......පිස්සු හුත්තලා ඉන්නේ අපේ රටේ. පාහරයෝ :angry::angry:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ඕක වෙලා තියෙන්නෙ මචන් තමන් ගැන විතරයි හිතන්නේ..තමන්ගේ අනාගතේ ගැනවත් තමන්ගේ ළමයාගේ අනාගතේ ගැනවත් හිතන්නේ නෑ..මේවා දකිද්දී පට්ට දුකයි තරහයි..ඒත් හැමදමා මේවා විතරමයි දකින්න අහන්න ලැබෙන්නෙත්..පුදුම කරුමයක් බන්.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oka ban are agarwood gas walata karana treatment ekak mata mathaka widihata. Sadaharitha eken karanawa unge plantations wala.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මේක නම් මහ කාල කන්නි රටක් බන්... මුන් අනාගතයක් ගැන හිතන් නෑ... අවස්තතාවෙන් ප්‍රයෝජන අරන් සල්ලි ගොඩ ගහගන්න තමයි බලන්නේ... රටට හෙන ගහල ගියත් කමක් නෑ. පොන්න ආණ්ඩුවක්නේ තියෙන්නේ :angry::angry:

    වතුර නැති වුනු දාට තමා හුකාපර්ජාන වෙන්නේ......පිස්සු හුත්තලා ඉන්නේ අපේ රටේ. පාහරයෝ :angry::angry:

    ඕක වෙලා තියෙන්නෙ මචන් තමන් ගැන විතරයි හිතන්නේ..තමන්ගේ අනාගතේ ගැනවත් තමන්ගේ ළමයාගේ අනාගතේ ගැනවත් හිතන්නේ නෑ..මේවා දකිද්දී පට්ට දුකයි තරහයි..ඒත් හැමදමා මේවා විතරමයි දකින්න අහන්න ලැබෙන්නෙත්..පුදුම කරුමයක් බන්.

    Harak wage internet eke thina hema deyakma piliganna epa. Okema thinawa neda oya kiyana company eka oya idam wikunuwa kiyala. Rakshithayak ehema eka ekata wikunanna unta liyala deela thienne kawda? Meke boruwa ethaninma ahu wenawa.

    Oya photos dala eththe un waga karapu gas wagayaka wenna ethi. Un minissunge salli aran gas wawana ekane karanne timber ganna.