💉💉ලබාගැනීම අනිවාර්යය එන්නත් 8ක් 💉💉

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    💉💉ලබාගැනීම අනිවාර්යය එන්නත් 8ක් 💉💉

    pOmR7O1idXnQPe0m_cover.jpeg



    ලංකාව විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් හිමි රටක්.

    ලංකාවේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක ප්‍රතිශක්තීකරණ වැඩසටහන නිසා මෑතක දී ලංකාව රුබෙල්ලාත්, ඊට පෙර මැලේරියාවත්, බරවාත්, නවජ පිටගැස්ම රෝගයත් තුරන් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කෙරුණා.

    මේ ලැයිස්තුව, එවන් රෝගවලට එරෙහිව අනිවාර්යයෙන් ලබා දිය යුතු ප්‍රතිශක්තීකරණ එන්නත් 8ක් ගැන යි.




    01.BCG එන්නත


    ncRWXghKP7UcPddN_BCG.jpg

    BCG එන්නත ලබාදෙමින් (pnas.org)



    Bacille Calmette-Guérin (BCG) එන්නත මඟින් ප්‍රතිශක්තිය සැපයෙන්නේ පැතිරුණු ක්ෂයරෝගයට සහ ක්ෂයරෝග මස්තිෂ්ක ප්‍රදාහයට එරෙහිව යි. මෙය ඉපදීමෙන් සති 0 - 4 කාලය තුළ ලබාදිය යුතු වෙනවා. සාමාන්‍ය පිළිවෙත නම් ඉපදී පැය 24ක් තුළ මෙය ලබාදීම යි.

    එන්නත ලබාදීමෙන් අනතුරුව බාහුවේ කැළලක් දක්නට නොලැබෙනවා නම් මාස 6කින් පසු ව නැවත ලබාදිය යුතු යි. මෙය ලබාදිය හැකි වන්නේ වයස අවු. 5 වන තෙක් පමණ යි.

    කෙසේ නමුත් මෙම එන්නත මඟින් පසු කාලයේ ක්ෂයරෝගකාරක ආසාදනය වීම වළක්වන්නේ නැහැ.



    02.OPV


    dFbTbyQzuZvQy7BM_OPV.jpg

    පෝලියෝ එන්නත මාත්‍රා පහකින් ලබාදිය යුතු යි. (tribune.com.pk)


    OPV (Oral Polio Vaccine) යනු මුඛ මාර්ගයෙන් 5 වාරයකට ලබාදෙන පෝලියෝ එන්නත යි. මෙහි පළමු මාත්‍රාව උපතින් දෙවන මාසය සම්පූර්ණ වන විටත්, දෙවන මාත්‍රාව සිව්වන මාසය සම්පූර්ණ වන විටත්, තෙවන මාත්‍රාව සයවන මාසය සම්පූර්ණ වන විටත්, සිව්වන මාත්‍රාව උපතින් මාස 18ක් සම්පූර්ණ වන විටත්, අවසන් මාත්‍රාව වයස අවුරුදු 5 සම්පූර්ණ වන විටත් ලබාදිය යුතු වෙනවා.

    මේ එන්නත්වල දුර්වල කරන ලද පෝලියෝ වෛරස වර්ග 3ක් අඩංගු වන අතර, ඒවාට එරෙහිව ප්‍රතිජීවක නිපදවීමට සිරුර හුරුවන නිසා මධ්‍ය ස්නායු පද්ධතියට හානි කරන එම රෝගයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා.





    03.පංචසංයුජ එන්නත


    පංචසංයුජ එන්නත රෝගයන් 5කට (DTP- Hep B- Hib) එරෙහි ප්‍රතිශක්තිය සපයනවා.

    ගලපටලය, උත්කාසය, පිටගැස්ම, හෙපටයිටිස් B, සහ හීමො‍ෆිලස් ඉන්ෆ්ලුඑන්සා b ඒවා යි. මෙහි පළමු මාත්‍රාව උපතින් දෙවන මාසය සම්පූර්ණ වන විටත්, දෙවන මාත්‍රාව සිව්වන මාසය සම්පූර්ණ වන විටත්, තෙවන මාත්‍රාව සයවන මාසය සම්පූර්ණ වන විටත් ලබාදිය යුතු වෙනවා.

    ගලපටලය, උත්කාසය, සහ පිටගැස්මට එරෙහිව ලබාදෙන DTP එන්නතෙහි සිව්වන මාත්‍රාව මාස 18ක් සම්පූර්ණ වන විට ලබාදිය යුතු වෙනවා.

    ගලපටලය සහ පිටගැස්මට පමණක් ලබාදෙන DTහි පස්වන මාත්‍රාව වයස අවුරුදු 5 සම්පූර්ණ වීමේ දී ලබාදිය යුතු වෙනවා.




    04.MMR එන්නත


    Dh7VTC5JNcAI6dAn_MMR.jpg
    MMR දරුණු රෝගයන් තුනකට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දේ. (The Getty)


    සරම්ප, කම්මුල් ගාය, සහ රුබෙල්ලා යන රෝගයන්ට ප්‍රතිශක්තීකරණය සඳහා ලබාදෙන MMR එන්නතේ පළමු මාත්‍රාව උපතින් මාස 9ක් වන විට ලබාදිය යුතු වෙනවා. එහි දෙවන මාත්‍රාව වයස අවුරුදු 3 සම්පූර්ණ කරද්දී ලබාදිය යුතු යි.

    මේ එන්නත මඟින් බිහිරි බව, නියුමෝනියාව, මස්තිශ්ක ප්‍රදාහය, මොළයට සහ සුෂුම්නාවට හානි, ගබ්සා, දරුණු උපත් ආබාධ, සහ මරණය ඇති කරවන රෝග තුනකට එරෙහි ප්‍රතිශක්තිය ලබාදෙනවා.

    මින් පෙර රුබෙල්ලා සඳහා එන්නත්කරණය නොවුණු, වයස අවු. 15 - 44 අතරේ සියලු කාන්තාවන්ට ද MMR එන්නත ලබාදිය යුතු වෙනවා.




    05.සජීව JE එන්නත​


    මොළේ උණ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන මස්තිශ්ක ප්‍රදාහ තත්ත්වයක් වන Japanese encephalitisවලට එරෙහි එන්නත ලබාදෙන්නේ උපතින් මාස 12 සම්පූර්ණ කළ විට යි.



    06.HPV එන්නත


    gRy2UCo2BBHvO00O_HPV.jpg

    HPV එන්නත 6 ශ්‍රේණියේ දැරියන් සඳහා රජය මඟින් ලබාදෙන්නේ පාසල් හරහා යි. (Raavaya)


    ගැබ්ගෙල සහ වෙනත් වර්ගවල පිළිකා සහ ලිංගික ඉන්නන් ඇති කරන Human Papillomavirus වැළඳීමට එරෙහිව මෙම එන්නත ආරක්ෂාව ලබාදෙනවා. ලිංගික ක්‍රියාවන්හි දී පැතිරෙන මෙම වෛරසයේ වර්ග 40ක් පමණ තිබුණත්, රෝගකාරක වන්නේ ඉන් කීපයක් පමණයි.

    වයස අවු. 10ක් වන දැරියන්ට මෙම එන්නත මාස 6ක පරතරයක් තබා මාත්‍රා දෙකකින් ලබාදෙනවා.

    ඉන් පසු ව වුව ද, වයස අවු. 26 වන තෙක් කාන්තාවන්ට මෙම එන්නත ලබාගත හැකියි. ලිංගික සබඳකම් පවත්වන කාන්තාවකට මෙයින් ලද හැකි ප්‍රයෝජන අවම වුවත්, එය ලබාගැනීම අධෛර්යමත් කරන්නේ නැහැ.





    07.aTd එන්නත

    IMG_5036-254x300.jpg

    වයස අවු. 11ක් පිරුණු විට ලබාදෙන aTd එන්නත adult Tetanus diptheria, පිටගැස්මට සහ ගලපටලයට එරෙහි ප්‍රතිශක්තිය සපයනවා.



    08.Tetanus Toxoid එන්නත

    Tetanus-Toxoid.jpg

    මෙය ගර්භණී කාන්තාවන්ට පිටගැස්මට එරෙහිව ලබාදෙන්නක්. මෙයින් පළමු සහ දෙවන මාත්‍රා පළමු ගර්භණී සමයේ දී පිළිසිඳීමෙන් සති 12න් පසු, සති 6- 8ක පරතරයකින් ලබාදෙනවා. තෙවනි මාත්‍රාව දෙවනි ගර්භණී සමයේ දී සති 12න් පසුවත්, සිව්වන මාත්‍රාව තෙවන ගර්භණී සමයේ සති 12න් පසුවත්, පස්වන මාත්‍රාව සිව්වන ගර්භණී සමයේ සති 12න් පසුවත් ලබාදිය යුතු යි.

    මෙම මාත්‍රා 5 ලබාගැනීමෙන් අනතුරුව සිදුවන ගර්භණීවීම් අතරතුරේ මෙම එන්නත නැවත ලබාගැනීම අවශ්‍ය වන්නේ නැහැ.​

    මූලාශ්‍රයයන්:

    cdc.gov

    epid.gov.lk

    who.int





    කතෘ අයිතිය Amanda Abeysooriya
    ගත්තේ මෙතනින්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    පට්ට බං සෑහෙන්න වටිනවා ;):D
    You must spread some Reputation around before giving it to s.a.s again :baffled: