ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න-වට්ටෝරු 5 &#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න-වට්ටෝරු 5 &#3

    ස්වභාවිකව සීනි මට්ටම අඩු කර ගන්න ඔබත් මෙන්න මේ රහස් වට්ටෝරු 5 භාවිතා කරන්න



    අද අපි ස්වාභාවිකවම ඔබේ අහිතකර සීනි මට්ටම අඩු කරන වට්ටෝරු 5ක් ගැන කියලා දෙනවා.මේ සත්කාර ක්‍රම ඉතාමත් ප්‍රතිපලදායකයි වගේම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..


    දියවැඩියාව නිසා පිඩා විදින ඔබ වෙනුවෙන්ම මේ ලිපිය අද අපි ඔබ වෙත ගෙන එනවා.මෙහි ස්වාභාවිකවම ඔබේ අහිතකර සීනි මට්ටම අඩු කරන වට්ටෝරු 5ක් ගැන කියලා දෙනවා.මේ සත්කාර ක්‍රම ඉතාමත් ප්‍රතිපලදායකයි වගේම අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..



    බණ්ඩක්කා+හාල් වතුර ප්‍රතිකාරය
    බණ්ඩක්ක හාල් වතුර හදන්නේ කොහොමද කියලා දැන් බලමුකෝ..මුලින්ම කරන්න ඕන බණ්ඩක්කා පොඩි කෑලි වලට කපාගන්න එක.ඊට පස්සේ හාල් කැටයක් අරන් හොදට තැබෙන්න තියන්න වතුර දාලා.මේ හාල් තැම්බුන වතුර ටික අරන් පෙරාගෙන නිවෙන්න තියන්න හොදට.

    පොඩි වීදුරුවකට මේ පෙරලා නිවා ගත්ත හාල් වතුර ටික දාන්න.මේකටම අර අපි මුලින්ම කපා ගත්ත බණ්ඩක්කා කෑලි ටිකත් දාලා රැයක් තියන්න. මේක බොන්න ඕන උදෙන්ම හිස් බඩට.සතියක් වගේ කරලා බලන්නකෝ ඔයාගේ සීනි මට්ටම අඩු වෙලා තියනවා බලාගන්න පුළුවන් වෙනවා.මිනිසුන්ගේ දියවැඩියාව වර්ග 2 තත්වය පාලනය කිරීමට බණ්ඩක්කා වතුර උදවු දෙන බව එය භාවිතා කල අය පෙන්නවා දෙයි.
    රාබු වලින් නියම බෙහෙතක්
    ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්. එමෙන්ම විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද භාවිතා කළ හැකියි. කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්‍රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .බොහෝවිට සති පොළවල රාබු වෙළෙන්දා ළඟට යන්නේ කුඩා පිරිසක් පමණයි. එය එතරම්ම අඩුවෙන් මිලදී ගන්නා එළවළුවක් වීම එයට හේතුවයි.

    සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා නමින් හැඳින්වුණා. රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි. ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා.
    මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා. රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා. රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා. වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා. මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි. සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැරස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි. ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්.
    කරන්න ඕන මෙන්න මේකයි..හීනියට දිග පටි ආකාරයට රාබු ගා ගන්න ඕන.මොකද දන්නවද මේක කන්නේ අමුවෙන් නිසා හීනි වෙන තරමට හොදයි.ඉගුරු ටිකක් කැරට් ටිකක් ලුණු ටිකක් දාලා ගත්තම කන්න පුළුවන්.ගුණය තියෙන්නේනම් අමුවෙන්ම කෑවොත් තමයි.
    දියවැඩියාවට බුලත් කොළ වලින් රහස් ප‍්‍රතිකාරයක්
    ඔබට පුලුවන්නම් බුලත් කොලයක් දෙකක් නිකන් ඉන්න ගමන් කන්න පුළුවන්.බුලත් වල සීනි අඩු කරන ගුණ තියනවා.

    මෙන්න රහස් බෙහෙත හදන හැටි..බුලත් කොළ කිහිපයක් අරන් හොදට වංගෙඩියේ දාලා යුෂ එන්න කොටා ගන්න.මේකට වතුර ටිකක් එකතු කලත් කමක් නෑ..මේක බොන්න අමාරුයි තිත්ත නිසා.ඔයාට පුළුවන් පැණි ටිකක් එකතු කරලා පානය කරන්න.දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකටම මේක හොදයි කියලා තමයි කියන්නේ..
    මේ කුරුඳු හා මී පැණි එකට මිශ්‍ර කලහම බොහෝමයක් රෝගවලට ස්ථිර වශයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්
    මෙන්න හදා ගන්න හැටි…මුලින්ම ඔයා කුරුදු කෑලි අරන් වතුරට දාලා හොදට තම්බ ගන්න.සිසිල් වෙන්න දෙන්න.කුරුදු කුඩු තියනවනම් උණු වතුරට දාලා ගැනීම ප්‍රමාණවත්.ඊට පස්සේ බොන වෙලාවට පැණි ටිකක් එකතු කරලා බොන්න.දවසට මේස හැන්ද බැගින් තුන්වරක් වගේ බොන්න.
    මේ බලවත් ස්වභාවික මිශ්‍රණය මගින් දියවැඩියාව,කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස්, උණ සහ සෙම්ප්‍රතික්ෂාව වැනි ලෙඩ රෝග රාශියකටද සුවය ලබා දෙනවා. අද අපි මේ සංයෝගයෙන් මිනිස් ශරිරයට ලබා ගත හැකි සෞඛ්‍ය වාසි ගැන වෙන වෙනම කියා දෙන්නම්කෝ.
    කොලෙස්ටොරෝල් මට්ටම පාලනය කර ගැනීමට
    ඔබ කොලෙස්ටොරෝල් රෝග තත්වයෙන් පෙලෙන්නෙක් නම් මී පැණි හා කුරුදු සංයෝගයෙන් අපුරු ඛෙහෙතක් හදා ගන්න පුළුවන්. මී පැණි මේස හැදි දෙකක් හා කුරුඳු තේ හැදි තුනක් ජලය වීදුරුවකට මිශ්‍ර කිරීමෙන්. ඉන් පසුව ඔබගේ කොලෙස්ටොරෝල් මට්ටම පැය දෙකකින් සියයට දහයකින් අඩු වේවි


    මාරාන්තික හෘද රෝග සුවපත් කිරීම
    උදැසන පාන් පෙත්තකට ජෑම් ගාලා ආහාරයට ගන්නවා වෙනුවට පාන් පෙත්තට මී පැණි හා කුරුඳු ස්වල්පයක් ඉහලා ආහාරයට ගැනීමෙන් රුධිරයේ තෙල් මට්ටම පහල දැමීම මගින් හෘද රෝග වලින් වැලකී සිටින්න පුළුවන්


    ආතරයිටිස් වලට සුවය ලබා දීම
    උණු ජලය කෝප්පයකට මී පැණි මේස හැදි දෙකක් සහ කුරුඳු මේස හැන්දක් මිශ්‍රකර උදෑසන සහ සැන්දෑවේදී කෝප්පය බැගින් පානය කිරීමෙන් ආතරයිටිස් රෝගයට සුවය ලබාගන්න පුළුවන්.

    සෙම්ප්‍රතිශ්‍යාවට සුවය ලබා ගැනීම
    කුරුඳු තේ හැදි කාලක් මී පැණි තේ හැන්දකට මිශ්‍ර කර පරිභෝජනය කිරීමෙන් ඔබට ඔබගේ සෙම්ප්‍රතික්ෂාව සුව කර ගන්න පුළුවන්

    පිත්තාශයේ ආසාදන සුවකර ගැනීමට
    උණු ජලය කෝප්පයකට කුරුඳු තේ හැදි දෙකක් සහ විශාල ප්‍රමාණයේ මී පැණි හැන්දක් එක්කර පරිභෝජනය කරන්න.

    ප්‍රතිශක්තීකරණ පද්ධතිය වේගවත් කර ගැනීමට
    ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට මේ අමුද්‍රව්‍ය දිනපතා පරිභෝජනය කරන්න. එමගින් ඔබගේ ශරීරය ස්වාභාවිකව බැක්ටීරියා වලින් සහ වෛරස් වලින් ආරක්ෂා කර දෙනවා.

    කොත්තමල්ලි ඇට ,උළුහාල්,මහදුරු,දුරු,කහ කුඩු වලින් හදන බලගතු පානය..
    කොත්තමල්ලි ඇට ,උළුහාල්,මහදුරු,දුරු,කහ කුඩු මේ හැම එකකින්ම මේස හැන්දක් බැගින් ගන්න.උළුහාල් ටික වෙනම අරන් විනාඩි 2ක් පමණ හොදින් බැද ගන්න.මහදුරු,දුරු,කොත්තමල්ලි ඇට මේ ටික වෙනම විනාඩියක් පමණ කබලේ බැදගන්න.කහ හැර අනික් සියලුම දේවල් ටික හොදට බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කුඩු කරගන්න.කුඩු කරගත් පසුව කහ කුඩු ටික එකතු කරන්න.දැන් ඔන්න අපි වට්ටෝරුව හදලා ඉවරයි.

    මේක පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට…වතුර වීදුරුවක් අරන් මේකට අපි හදාගත්ත කුඩු මිශ්‍රණයෙන් මේස හැන්දක් දාලා දවසට දෙවරක් කෑමට පෙර බොන්න. හරියටම දවස් 3ක් මේක කරන්න.ඔයාගේ සීනි මට්ටම පරික්ෂා කරලා බලන්න.හිතා ගන්න බැරි තරම් වෙනසක් වෙලා තියෙයි.
    දියවැඩියාව තියන ඔබට වැදගත් වන තවත් වටිනා කරුණු කිහිපයක්
    දිනකට ආහාර වේල් පහක්
    සාමාන්‍ය දිනකට අපි ආහාර වේල් තුනකට පුරුදුව සිටියද දියවැඩියා රෝගීන්ට අධික ලෙස කුසගිනි දැනෙන නිසා ඔවුන් ආහාර වේල් පහක් ලෙස ආහාර ගත්තාට ගැටලුවක් නැත. නමුත් මෙහිදී එක් එක් වේලක් සඳහා ආහාර ලබාගත යුත්තේ සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් බත් පිඟානක් බෙදා ගැනීමේදී පිඟානක් රැගෙන එය කොටස් හතරකට වෙන්කරගෙන එයින් හතරෙන් එකක් බත්, හතරෙන් එකක් පලා වර්ගයක්, තවත් හතරෙන් එකක් එළවළුවක් හා අනෙක් හතරෙන් එක අප ආහාරයට ගන්නා ප්‍රෝටීන් අඩංගු ද්‍රව්‍යයක් ලෙස ආහාර බෙදාගත යුතුය. හාල්වලිනුත් වඩා සුදුසු රතු සහලයි.

    දියවැඩියා රෝගීන්ට නුසුදුසුයි
    දුම්පානය, මත්පැන් පානය, කිරි ආහාර වැඩි වැඩියෙන් ගැනීම, එළඟි තෙල් වැනි තෙල් වර්ග නිරතුරුව ආහාරවලට එක්කර ගැනීම, මුදවපු කිරි, පිටි කෑම වර්ග මේ සෑම දෙයක්ම දියවැඩියාට අගුණය. එසේම වර්තමානයේ කුඩා දරුවන් ඇතුළු බොහෝදෙනා හුරුවී සිටින කෙටි කෑම වර්ග බොහොමයක්ම දියවැඩියා රෝගීන් සඳහා නුසුදුසුය. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයන්හි දරුවන් නිවසේ සාදන කෑමවලට වඩා කඩකෑමවලට වැඩි නැඹුරුතාවයක් දැක්වීමත්, බොහෝවිට ව්‍යායාමයෙන් තොර ජීවන රටාවකට හුරුවීම එනම්, නව තාක්ෂණික මෙවලම් සමඟ වැඩිපුර කාලය ගතකිරීමත් දියවැඩියාව ඇතුළු තවත් රෝග බොහොමයකටම අතවැනීමකි.


    නිවෙසේදී කළ හැකි ප්‍රතිකර්ම
    මධුමේහයෙන් පෙළෙන රෝගියකුගේ සමට කෙරෙන සත්කාරයක් ලෙස සැවැන්දරා, කුරුඳු කුඩු, එනසාල්, අගිල් සුදුහඳුන් ආදිය හොඳින් අඹරා චූර්ණයක් ලෙස සකස් කර වතුරේ දියකර සමෙහි අලේප කිරීම ගත හැකිය. මෙලෙස මඳ වේලාවක් ආලේප කර සිට පසුව ස්නානය කිරීමෙන් සමෙහි අපද්‍රව්‍ය ඉවත් වී සම පිරිසිදු වීම සිදුවේ.

    ජලය පානය කිරීම
    උදෑසන අවදි වූ ගමන්ම මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමද දියවැඩියා රෝගියකුට වඩාත් සුදුසුය. මේ නිසා ආහාර මාර්ගය පිරිසිදුවීමක් මෙන්ම ආහාර මාර්ගයෙහි එන්සයිම උත්තේජනය වීමක්ද සිදුවේ. නිරෝගී පුද්ගලයන් හටද මෙවැනි පුරුදු ඇතිකර ගැනීම හරහා වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක හිමිකම් කිව හැකිවේ.

    මානසික ආතතිය පාලනය
    එදිනෙදා කාර්යබහුල ජීවිතයේදී ඇතිවන මානසික ආතතියද බොහෝමයක් රෝග හටගැවීම සඳහා හේතු සාධක වේ. නිතර මනස කැළඹෙන දේවලින් අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය වෙනස් වීම සිදුවිය හැකි අතර එමගින් ඉන්සියුලින් ස්‍රාවයටද බලපෑමක් සිදුවිය හැකිය. දියවැඩියාව හටගන්නේද ඉන්සියුලීන් ස්‍රාවයෙහි බලපෑමෙන් වන නිසා මනසට විවේකය ලබාදීම කළ යුත්තකි. භාවනාව, යෝග, ව්‍යායාම, මානසික ආතතිය තුරන් කිරීමේ මහා පිටුවහලකි.

    නින්ද
    ස්ථූලතාවය නිසා දියවැඩියාවට ගොදුරුවූවන් හට නින්ද මඳක් අඩුකරන ලෙස කියා තිබුණත් යම් පුද්ගලයකු කාර්ය බහුලතාවය නිසා නිදිමරනවානම් එය ඉතා අයහපත්ය. රාත්‍රියට අධික ලෙස නිදිමරන පුද්ලයන්ගේ රුධිරයෙහි සීනි මට්ටමද වැඩිවිය හැකි අතර රෝගියකුගේ ඒ තත්ත්වය තවදුරටත් වැඩිවේ. එබැවින් නින්ද යනු රෝගියකු හට අවශ්‍යම දෙයකි. එමෙන්ම මනසට සැහැල්ලු සංගීතය රසවිඳීමද රෝගී නිරෝගී ඕනෑම පුද්ගලයකුට සුදුසුය.





     

    Kunu_Pada

    Member
    Oct 10, 2018
    12
    1
    0
    දවසට පඩ ලීටර් 2ක් විතර යැව්වනං මොන ලෙඩක්වත් හැදෙන්නෙ නෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    මාදන් හොදයි නේ ද සීනි මට්ටම අඩු කරන්න ?

    Scientific name: Syzygium cumini*


    jamun.png
     
    Last edited:
    • Like
    Reactions: Target Hoona