Italy VS Australia ජොබ්ස් Market

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලංකාවේ මිනිස්සු ලක්ස 3 කට වඩා ඉන්න ජොබ්ස් නැහැ ඇවිත් වැඩක් නැහැ කියන , එත් ඉන්න එකෙක්වත් අපහු එන්නේ නැති නිසා වෙන්නපුව (පුංචි ඉතාලිය ) area එකේ බංගලා වල මිනිස්සු නැති නිසා වවුලෝ නගින මාර රටක් තමයි ඉතාලිය කියන්නේ .

    Italy කියන්නේ G7 (USA , Japan, Germany, Italy, France, UK , Canada) වල ඉන්න රටක් ලොකුම කාර්මික රටවල් 7 (seven largest advanced economies in the world, represent more than 62% of the global net wealth) .

    dRfMSaB.png


    XB9uOS4.jpg


    දැන් එතකොට ජොබ්ස් නැහැ කියන කතාව බොරුද ? නැහැ එක ඇත්ත . ලංකාවේ බහුතරයක් italy වල කරන්නේ low skill ජොබ්ස් . ඒවාට කට්ටිය ඕන තරන් දැන් ඉන්නවා . එත් skill ජොබ්ස්
    වලට කට්ටිය අඩුයි . Europe union එක කියන විදිහට skill mismatch එකක් තියෙන්නේ .




    xQvz7J2.png


    Europe union එක කියන විදිහට skill mismatch එකක් තියෙන්නේ low skill ජොබ්ස් වලට කට්ටිය ඕන තරන් දැන් ඉන්නවා .

    https://skillspanorama.cedefop.europa.eu/en/analytical_highlights/italy-mismatch-priority-occupations

    අපි බලමු Europe union එක කියන්නේ ඇත්තද කියල .
    compare කරන්න australia , germany ගමු .
    Australia ගත්තේ skilled migration වලට ලංකාවේ popular රට . germany ගත්තේ Europe union එකේ ලොක්කා හින්ද .
    Linkedin ගමු popular ම ජොබ්ස් site එක .
    IT ජොබ්ස් compare කරමූ
    එළකිරි එකේ වැඩිපුරම ඉන්නේ IT අයනේ

    vl5bM3O.png


    Germany වල 10 times වැඩි ජොබ්ස් ඖසි එක්ක බලද්දී . ඉතාලි 1.5 times වැඩි.
    ඔයාලගේ filed එක වෙන එකක් නම් ඔයාටම බලන්න පුලුබන් keyword එක ගහල linkedin එකේ compare කරන්න . එන result එක comment එකක් දාන්න
    .

    Italy , germany කියන්නේ language ජොබ්ස් market එකක් තමයි . එක ඇත්තටම වාසියක් .
    ඖසි ,canada වගේ රටවල ඉගෙන ගන්න ගිහිල්ල study ඉවර වුණාම ලෝකෙම ඉන්න අය එක්ක තරග කරන්න ඕනේ ජොබ් එක ගන්න .language එක ගොඩ දාගත්තනම් ජොබ්ස් එක අතේ .
    අනික මේ රටවල් වල study ඉවර වෙලා ජොබ්ස් එකක් කලාම ඇති PR දාගන්න .
    අරව මේවා කරලා Points collect කරගන්න ඕනේ නැහැ .


    Italy ,Germany public uni වල free education ,Italy වල හැමෝටම scholarship දෙනවා .
    මගේ අනිත් thread බලන්න .
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    253
    93
    28
    මචෝ Quantity Surveying වලට ඔය Europe පැත්තේ ඉඩක් නැතිද? :confused::rolleyes: