පැරණි ආදර කතාවල වුව ද මතක සුන්දරය
වස්සානෙ ඉවර වෙලා සෑහෙන කල් ගිහින් කියලමයි මට දැනුණෙ. වෛර කරන්න, තරහ ගන්න, සාප කරන්න තරම් දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියලා දවසෙන් දවස වැඩි වෙන වයස මට උගන්නමින් හිටියා. ප‍්‍රතිඵල ආපු දවසෙ ම ඔහු මගෙ ප‍්‍රතිඵල හොයලා තිබුණා. ලෝකෙම කුඩු කරල දාන්න හැදුවත් මම ම දුවිලි කරල දානකං සීරිමක්වත් නොවිච්ච මගෙ පළවෙනි ආදරේ. ඒක තනිකර ම ළමා පේ‍්‍රමයක්. ඔහුට සැත්කමක් කරලා. දැනගත්ත ගමන් මට ඒක ගැන දැනගන්න ම ඕන උනා.
”පුදුම වේදනාවක් මේක. වේදනා නාශක වත් බොන්න දෙන්නෑ මට. තුවාලෙ හොදවෙන්න පරක්කු වෙනවා කියලා.”
අවුරුදු ගානකට කලින් එක්තරා තත්පරේකදි වගේම මගෙ ඇස් බොද වෙලා ගියා. ආදරයක් මරන්න බෑ කියන එක මම ඒ මොහොතේ වටහාගනිමින් උන්නා. ‘‘මට ඕකගෙ නමවත් මතක් කරන්න එපා” කියලා තර්ජනය කරපු මගෙ කටින්ම ‘‘අනේ පව් බං” කියලා මිතුරියන්ගෙන් බැනුම් අහගත්තා.
රාගයෙන් තොර සද එළිය වගේ සෞම්‍ය පේ‍්‍රම කතා නෑ කියලා කවුරු කීවත් මං පිළිගන්නෙ නෑ. මගෙ හුස්ම වැටෙනකම් සහ අතීතෙ අමතක නොවෙන තාක් කල්. ආදරේ පටන් අරන් අවුරුදු එක හමාරකට දෙකකට විතර පස්සේ එකම එක පාරක් කවදාවත් දාල යන්නෑ කියලා පොරොන්දු වෙන්න මගෙ අත උඩින් තියපු ඒ අත හැර අවුරුදු තුනක්ම අපි හරියට අතින් අල්ලල වත් තිබුනෙ නෑ. ඒ අපේ හිත් අවංක ළමා හිත් වෙලා අහිංසක ආදරයක් විතරක් ම තිබුණ කාලෙ. බස් එකේ ඕන තරං හිස් ඩබල් සීට් තියෙද්දි මම ඉදගෙන ඔහු මගෙ ළග හිටගෙන ගිහින් තිබුණා.
ඔහු කොළඹ ඉස්කෝලෙට යද්දි මම ගමේ ඉස්කෝලෙකට ගියා. දුර ඈත ආදරයක්. ඉදලා හිටලා අම්මගෙ ෆෝන් එකෙන් යවන මැසේජ් දෙක තුනක්, දිග ම දිග ලියුමක් අපේ ආදරේට නොමැරි ඉන්න හොදටම ඇති උනා. මාස දෙක තුනකට සැරයක් ඉස්කෝලෙන් කලින් පැනල ඇවිත් මම එන වෑන් එක නවත්තන තැනට වෙලා බලන් ඉදලා මගෙ මූණ බලල වචනයක්වත් නොකියා ආය හැරිල යන, ඒ වෙහෙස පිරිච්ච ඇස්වලට තරං මං කාටවත් ආදරේ කරල නෑ කියල මට දැනුනා.
අදටත් ‘‘මට එයාව හම්බ වෙන්න බෑ. එයාට හැමදාම වැඩ. මට එයා නොදැක ඉන්න බෑ” කියල නාහෙන් අඩන යාලූවන්ගෙ ආදර කතා තිත්ත වෙන්න එකම හේතුව සම්පූර්ණයෙන්ම ඒක වෙන්න ඕන.
ගෙවල් දෙකෙන් ම පොඩි වයසෙන් මගුල් නටනව කියලා කරපු තර්ජන, හිර කිරිලි, මරාගැනිලි එකක්වත් අපි දෙන්නට ම අදාල උනේ නෑ. අම්ම ඕක නවත්තනව ද? නැද්ද? කියලා කදුලූ පුරවගෙන අහද්දි ‘‘නෑ” කියලා තනි වචනෙන් ඇට්ටරකං කරන්න තරං මම මුරණ්ඩු වෙලා හිටියා. ඇත්තට ම අපි මගුල් නැටුවෙ නෑ. කසාද බදින්න, ළමයි හදන්න, පැනල යන්න වගේ වචනවත් තිබුනෙ නෑ. ආදරේ ම විතරයි. හැමදාම පන්තියෙ පළවෙනියා වෙන කෙල්ලට කොල්ලෙක් ඉන්නව කියන එක මගෙ ඉස්කෝලෙ ළමයින්ට මාව ආදර්ශෙට ගන්න තිබුණ ලොකු හේතුවක් උනා.
ඒ ලෙවල් කරන්න ගමෙන් නගරෙට ආපුවම ඔයාට කෝච්චිය පුරුදු නෑ. ටිකට් ගන්න පෝලිංවල ඉන්න බෑ කියල එයාගෙ ඉස්කෝලෙන් ගත්ත සීසන් එක මගෙ අතේ මිට මොලවන්න තරං සෙනෙහසක් ඒ හිතේ තිබුණා. ජීවිතේට ම ලැබුණු එක ම සහ පළවෙනි වැලන්ටයින් කාඞ් එක ඒ අතින්ම හදපු එකක්.
හැමදේටම අවසානයක් තිබුණා. මම නගරෙට ආපු එක අපි ළං කලා වැඩි උනා. පුරුදු වෙලා තිබුන දුරස්ථ ආදරේ ටික ටික මැරිල යද්දි අපි දෙන්නගෙ අවංකකම, අහිංසකකම ඔක්කොම වයස එක්ක වාෂ්ප වෙන්න පටන් අරන් තිබුණා. කොමාවක් තියල ඒ ආදරේ රැකගන්න මම කොච්චර උත්සහ කරත් අන්තිමට මම ම ඒ ආදරේට තිත තිබ්බා.
තාමත් මම ඒ ගැන පසුතැවෙන්නෙ නෑ. අපි දෙන්න ම වෙනස් වෙලා තිබුණා. පළවෙනි ආදරේ නිසාම මම ඕන තරං ප‍්‍රශ්න කරදරවලට මූණ දුන්න. ඔහුගෙ වැරදි ඔක්කොම අමතක කරල, මම ඔහුව දාල ගියා කියන එක විතරක් ඔලූවෙ තියන් ඔහු මගෙන් පලිගන්න එලවද්දි, මාත් ඒ නමට පවා වෛර කරන්න ගත්තා. ඇත්තටම ඔහුව මට මරා දාන්න උනත් පුළුවන් කියලා මම හිතන් උන්නා.
අපි දෙන්නම අපේ පරණ ආදරේ ලස්සන තැන් ඔක්කොම අමතක කරල නපුරු විස ගොඩක් විතරක් හිතේ පුරවන් උන්න වග මට මගෙ බොදවෙච්ච ඇස් කියල දුන්නා. තාම අපි දෙන්න ළගම ආදරේ කරපු කාලෙ තිබුණ මනුස්සකම ඉතුරු වෙලා තිබුණා.
ආදරයක් මරලා දාන්න ආදරේ අයිතිකාරයන්ටවත් බෑ. පරණ ආදරේට වෛර කලාම රිදෙන්නෙ තමන්ටමයි කියලා මට දැනුණා. කොච්චර කැත ආදර කතාවක උනත් පුංචි පුංචි ලස්සන තැන් මහ ගොඩක් තියනවා. ඒ එක ලස්සන තැනක් මතක් කරන් හිත නිවාගන්න. ආය ඒ බැදීමවත් වෛරෙවත් අල්ලගන්න එපා. ඒ එක්කම අතහැරලා දාන්න.
චරිතා බණ්ඩාර විසින් ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.