පුරාණ ස්විඩිෂ් ගොපලුන්ගේ නාදය...kulning
පුරාණ ස්විඩිෂ් ගොපලුන්ගේ නාදය...kulning 

මනුෂ්‍ය වර්ගයා ගල් යුගයේ සිට වර්තමාන සංකීර්ණ ජීවන රටාව දක්වා ආ ගමනේදී වනාන්තරයෙන් ඔබ්බට බට මිනිසා ගොවිතැන සහ සත්ත්ව පාලනය ඇරඹීය.මෙය මානව ඉතිහාසයේ එක සුවිශේෂී සන්ධිස්ථානයක් වනුයේ මිනිසා ශිෂ්ඨාචාර ගත වීමෙන් පසුවය.
මේ සත්ත්ව පාලනය මිනිසා තමුන්ට අනන්‍යය වූ පිළිවෙලකට හා රටාවකට අනුගත් වීමට ජීවත් වන පරිසරය, භූ විෂමතා, එක එක දේශගුණ රටා බලපෑවේය.
ලංකාවේ අපට හුරු පුරුදු දේශගුණ, පාරිසරික ලක්ෂණ සහ මැදපෙරදිග උෂ්ණාධික , කර්කශ බවත්, යුරෝපයේ සීතල සහ හිමෙන් වැසුණු කඳු මුදුන් හා මිටියාවත් පුරා පැතිරුණු තණනිල්ල මෙන්ම, දකුණු ඇමෙරිකාවේ ඝන වනයෙන් වැසුණු පරිසරයත් එකිනෙක වෙනස් බව දකින ඕනෑම අයෙකුට වැටහේ.
එනිසා ලොව එකිනෙකට වෙනස් රටවල විවිධ සංස්කෘතීන් හා චාරිත්‍ර විදි, ආහාර රටාවන් එකිනෙකින් වෙනස් වීම අරුමයක් නොවේ.
kulning නාද රටා....
උතුරු මුහුද ආශ්‍රිත පුරාන ස්කැන්ඩිනෙවියානු ජනතාව, විශේෂයෙන් ස්වීඩනය හා නොර්වේ ආශ්‍රිත පෙදෙස් වල ජීවත් වූ එඬේර ජනතාව ගොවි බිම් වලදී තම ගව පට්ටි හා සන්නිවේදනය කිරීමට භාවිතා කල හරි අපූරු , මිහිරි සංගීත නාදයකි.
මෙහි අපුරු බව රැඳෙන්නේ මේ උස තාලය ගායනා කරන්නේ කාන්තාවන් විසින් වීමයි.
( මේ පහල වීඩියෝව බලන්නකෝ, එහි අපුරු මිහිරි බව ඔබටත් දැනේවි )
Kulning හෝ herding calls ලෙසත් මෙය හඳුන්වනවා.
මෙම මිහිරි නාදයේ ප්‍රධානම අරමුණ වන්නේ සන්නිවේදනය මගින් ගව පට්ටිය අදාළ ස්ථානයට ගෙන්වා ගැනීමයි.
මේ සතුන් පවා හරිම පුදුම විදිහට මේ නාදයට ප්‍රතිචාර දක්වනවා.
ඒ වගේම වන මෘගයන්ගෙන් මේ සතුන් ආරක්ෂා කිරීමත් මෙහි එක් අරමුණක්.වෘකයන්, වලසුන් වැනි දරුණු සතුන් පලවා හැරීමට මේ නාදයන්ට හැකියාවක් තියෙනවා.
මෙය අතීතයේ සිට පරම්පරා ගණනාවක් තිස්සේ මේ ජනයා විසින් පුහුණු කරනු ලැබුවක්.
මෙහිදී අනුගමනය කරන්නේ හරිම අපුරු ක්‍රමයක්.
මේ රටවල භූ විෂමතාවය උස් කඳුකර තැනිතලා භුමි.හෙක්ටයාර දාස් ගණනක් පුරා විසිරුණු මේ බිමෙහි සතුන් සොයා යෑම අසීරු මෙන්ම වෙහෙසකර වැඩක්.එනිසා ඔවුන් මේ ගව පට්ටි වල එක් එක් සතාගේ ගෙලෙහි සීනු බැඳ තබනවා.
මේ නාද රටාවන් ගයන්නේ ඉතා උස් ස්වරයෙන්. ඒ නිසා මේ හඬ කඳු වල පරාවර්තනය වීමෙන් හට ගන්නා දෝංකාරය තමයි මෙහිදී මුලිකවම ප්‍රයෝජනයට ගැනෙන්නේ.
පළමු හඬට ප්‍රතිචාර දක්වන සතුන් ඒ හඬ පැමිණෙන දිශාවට ගෙල හැරවීමෙන් සීනු නාද වෙනවා.ඒ අනුව මේ ගැහැනුන් පිළිතුරු නාද ගයනවා. ඊට අනුරුපිව මේ සතුන් ඒ හඬ ඔස්සේ ගායිකාව සිටින ස්ථානයට පැමිණෙනවා.
මුලිකවම මෙය සත්ත්ව පාලනයට යොදා ගත්තත් අනෙකුත් සතුන් පවා මීට ප්‍රතිචාර දක්වනවා.
නමුත් සතුන් මුල් අවස්ථාවේදී ඊට හුරු කල යුතුයි.
මේ නාද රටා ආශ්‍රිතව නිර්මාණය කෙරුණු සංගීතයන් සිනමා නිර්මාණ කිහිපයකදීම දක්නට ලැබෙනවා.
තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙන්.
වීඩියෝ යුටියුබ් අඩවියෙන්.
සටහන මා විසින්.

Last edited:

..