දරුවාගේ_ඇස්_පෙනීම හොඳද ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,824
    10,343
    113
    දරුවාගේ_ඇස්_පෙනීම හොඳද ?

    දරුවාගේ ඇස් පෙනීම හොඳද ?


    children%20glasses.jpg



    කුඩා දරුවන් ‘තම දෙනෙත් මෙනැ’යි යන කියමනක් තිබේ. එය සත්‍යයකි. දරුවා මවට මිල කළ නොහැකිය. දෙනෙත් නැතිව ජීවිතයෙන් පලක් නැත. එනිසා දෙනෙත්ද එසේමය. එහෙයින් මවු ගුණයෙන් පිරි මවකට තම දරුවන් දෙනෙත් වැනිය. එනිසාම දරුවන් සේම දෙනෙත්ද රැුක ගත යුතු වේ. එහෙත් කුඩා දරුවන් කායිකව වර්ධනය වීමත් සමග ඔවුන් පරිසරයට හුරුවන්නේ දෙනෙත්වල උපකාරයෙනි. මේ නිසා නිරෝගී දෑසක් උරුමවීම අලූත උපන් දරුවාට කියවීම, ලිවීම හා අනෙකුත් ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ය. නිරෝගී දෙනෙතින් අපට ඈත ඇති දේ සහ ළඟ ඇති දේ හොඳින් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකිය. එහෙත් දෑසින් දැකිය හැක්කේ එපමණක් නොවේ.

    නිරෝගී දෑසින් එක සමාන අක්ෂර සහ සංඛ්‍යා නිවැරදිව හ`දුනා ගැනීමට සහ ඒවා මතකයේ තබා ගැනීමට ද උපකාරී වේ. උදාහරණ ලෙස අංක 6, 9 වැනි අංක සේම 'b' 'd' වැනි අක්ෂර නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒවා මතකයෙන් හඳුනා ගැනීමට උපකාරී වේ.

    යම් දරුවකුගේ පෙනීමේ යම් දුබලතාවක් තිබේ නම් එමගින් ඉගෙනීමට බාධා ඇති වේ. මේ නිසා මුල් වර්ධන අවදියේ හෝ පූර්ව ළමාවියේදී දරුවාගේ බුද්ධි වර්ධනයේ හෝ අනෙකුත් ක‍්‍රියාකාරකම්වල යම් වෙනසක් පෙනේ නම් අනෙකුත් දරුවන්ට වඩා එය පැහැදිලි වුවහොත් මවුපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. මීට හේතුව දරුවාගේ පෙනීමේ දුබලතාවක් තිබේ දැයි මවුපියන් නොපමාව කටයුතු කළ යුතුය යන්නය.

    කියවන විට වැරදෙනවාද?

    දරුවා පොතක් හෝ යමක් කියවන විට ෙඡ්දයේ හෝ පරිච්ෙඡ්දයේ කොටස් වරදින අවස්ථා තිබිය හැකිය. මවුපියෝ මෙවැනි දෑ නොසලකා හරිති. සමහරු ද`ඩුවම් කරති. එහෙත් මෙසේ වීමට හේතුව ගැන විමසිය යුතු වේ. මෙය නිතර සිදුවන්නේ නම් පෙනීමේ දුර්වලතාවක් නිසා සිදුවන්නේද යන්න ගැන අවධානය යොමු කළ යුතු වේ. මේ හැර දරුවාට ඉගෙනීමේ කටයුතුවලදී කියවීම මඟහරිනවා නම්, ඒ ගැන උද්යෝගය අඩු නම් එයට ඇතැම් විට පෙනීමේ දුර්වලතාවක් හෝ එහි පෙර නිමිත්තක් විය හැකිය. එනිසා මෙවැනි දෙයට ද`ඩුවම් කිරීම සුදුසු නොවේ. ඒ සඳහා දරුවාට ආදරයෙන් විමසිය යුතුය. පෙනීමේ යම් දුබලතාවක් තිබේ යැයි හැෙ`ග් නම් පමා නොකර අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්ය.


    අවධානයෙන් ඉන්න ඕනෑ අවස්ථා

    දරුවාගේ ඇස්වල දුබලතා තිබෙන බව බොහෝ කාලයක් යනතුරු හ`දුනාගත නොහැකි වන අවස්ථා තිබේ. එහෙත් පහත සඳහන් නිරීක්ෂණ පෙන්වයි නම් වහාම ඒ සඳහා අවධානය යොමු කළ යුතුය.

    දරුවා නිතර ඇස් දෙක පොඩි කරමින් හෝ දෙඇස් නිතර අතින් පිරිමදින්නේ නම් දරුවාගේ දෑස් නිරීක්ෂණය කිරීමේදී වපරයක් දක්නට ලැබේ නම්

    දරුවා අසාමාන්‍ය ලෙස ඇසිපිය ගසන්නේ නම්

    දරුවා නිතර හිසරදය ගැන හෝ යම් දෙයක් දෙස බැලීමෙන් පසුව හෝ කියවීමෙන් පසුව හිසරදය ගැන පවසන්නේ නම්

    දරුවාගේ හිස එක් පැත්තකට ඇල කර බැලීමට පුරුදු වුවහොත්

    සමහර දරුවන් දුර හෝ ළඟ ඇති වස්තුවක් දෙස බලන්නේ නම්

    බොහෝ සමීපයට ගෙන පොත් කියවයි නම්


    මෙම ඉහතින් දැක් වූ ලක්ෂණ බොහෝවිට දරුවාගේ පෙනීමේ හෝ පෙනීමට අදාළ ස්නායු පද්ධතියේ යම් වෙනස්කමක් නිසා සිදුවන අසාමාන්‍යතා විය හැකිය. මෙම ගැටලූ තිබේ නම් ඒ සඳහා සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්ය.



    ඇස අභ්‍යන්තරයේ ගැටලූවක්ද?

    දරුවාගේ ඇස් දෙස බැලීමේදී පහත සඳහන් වෙනස්කම් පෙනේ නම් එය දරුවාගේ පෙනීමේ යම් වෙනස්කමක් හෝ ඇස අභ්‍යන්තරයේ යම් ගැටලූ නිසා ඇතිවිය හැකි ගැටලූ බැවින් ඒ ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.

    දරුවාගේ දෑස් සාමාන්‍ය පිහිටිය යුතු ප‍්‍රමාණයට වඩා ඉදිරියට නෙරා ඇත්නම්

    ඇස් පියන විට සම්පූර්ණයෙන් හෝ බාගෙට නොවැසී පෙනෙන්නේ නම්

    නිතර ඇස් රතු පැහැ ගැන්වී තිබේ නම්

    ඇසේ කුනීතයේ දුඹුරු පැහැගැන්වීමක් හෝ අවපැහැගැන්වී දිලිසෙන ගතිය අඩුව දිස්වේ නම්

    ඇස්වලින් නිතර කබ හෝ කහ පැහැති ශ‍්‍රාවයක් පිටවන්නේ නම්

    දරුවාගේ ඇස් ඉතා වේගයෙන් ඉහළ පහළ හෝ පැත්තෙන් පැත්තට වන චලනයන් දිස්වේ නම්

    දරුවාගේ දෑස්වලින් නිතර කඳුළු හෝ පැහැයක් නැති ශ‍්‍රාවයක් ගලන්නේ නම්

    දරුවාගේ ඡුායාරූපයක් ගත් විට දෑස් මධ්‍යයේ කරණිකාව සුදු පැහැයට දිස් වේ නම්



    ඉහත ස`දහන් ලක්ෂණ දරුවාගේ ඇස්වල හෝ පෙනීමේ යම් ගැටලූ නිසා ඇතිවන බවට ඉ`ගියකි. මෙවැනි යම් වෙනස්කමක් දිස් වේ නම් මවුපියන් පමා නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ගත යුතුය.

    ඇතැම් විට මවුපියෝ දරුවාගේ ඉහත සඳහන් ලක්ෂණ ගැන එතරම් සැලකිලිමත් නොවෙති.එහෙත් දරුවාගේ පෙනීමේ යම් දුබලතාවක් නිරීක්ෂණය නොවුණද වර්ධනයත් සමග දරුවාගේ ඇස්වල වේදනා, පෙනුම බොඳවීම හෝ කසන සුලූ ගතියක් ගැන පැවසිය හැකිය. එසේ පවතිනවා නම් ඒ ගැන නොසලකා හැරිය යුතු නොවේ. ඉතා ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්ය.





    හොඳනම් rep+++ දාගෙනම යන්න :yes::yes::yes::yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    පට්ට වැදගත් පොස්ට් එකක් මචන්. මමත් ඕනෙම පොඩි ලමෙක්ගේ මුලින්ම බලන්නේ ඇස්දෙක දිහා... අනිවාර්යෙන්ම ළමයි ගැන අවධානය යොමු කරන්න ඕනේ.. ඉස්සර පොඩි කලේ වපරයක් තිබ්බ ලමෙක්ට කියන්නේ පින් වපරයක් කියල. ඒ වගේ පුහු අදහස් නිසා ඒ ළමයාගේ එක ඇහැක් විතරයි හරියට වැඩකරන්නේ එලයින්මන්ට් අවුල් ගිහිල්ල තියෙන්නේ.. Lazy Eye එකක් තියෙනකොට ලොකු උනාම හදන්න අමරුයි... දැන් නම් Vision Therapy වලින් පොඩි කාලේදී හඳුනාගත්තොත් කරන්න පුළුවන්... ඔපරේෂන් කරන්න බෑ මචන් ඩබල් විෂන් තිබ්බොත්. මාර වැදගත් පොස්ට් එකක්.. ඔය මන් දන්නා කරුණු ටිකක් කිව්වේ