හායි මචන්ස්ලා,
එලකිරි සම්මාන සම්මාන උලෙලේ සම්මාන ගොන්න අතරට එක් වන අලුත්ම සම්මානය තමයි මේ "එලකිරි ගෞරව ප්‍රණාම සම්මානය" කියන්නේ......!

මීට කලින් මෙහෙම සම්මානයක් පිරිනැමීමක් සිද්ධ වෙලා නැති නිසා මුලින්ම මේ ගැන පුංචි හැඳින්වීමක් කරලා ඉන්නම්!!

මොකක්ද මේ "ගෞරව ප්‍රණාම සම්මානයක්" කියන්නේ........??

කිරියේ අපිට මේක තරමක් නුහුරුයි වගේ පෙනුනාට මේක අපි හැමෝම දැකලා තියෙන සාමාන්‍යයෙන් ලෝකේ සෑම ප්‍රධාන පෙලේ සම්මාන උලෙලකදිම වගේ පිරිනැමෙන "Lifetime Achievement Award" කියන සම්මානය ම තමයි මේ. ඉතින්, මේ සම්මානය පිරිනැමීමේ පරමාර්ථය තමයි යම් කිසි පුද්ගලයෙක් අදාල ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවයට ගෞරව පූර්වක ඇගයීමක් ලබා දීම!!!
(බොලා දැකලා ඇති ෆිල්ම් ෆෙයාර්, ඔස්කාර් වගේ සම්මාන උලෙලවල් වලදි හොඳ නළුවා, හොඳම නිලිය, හොඳම අධ්‍යක්ෂක වගේ සම්මාන සියල්ලෙදිම අදාල පුද්ගලා තමයි හිස නමලා සම්මානය අතින් අරන් ආයෙමත් පාරක් ප්‍රේක්ෂකයින්ටත් ආචාර කරලා
යන්නේ. නමුත්, කෙනෙක් මේ කැටගරි එකේ සම්මානයකින් පිදුම් ලබන කොට මුලු ප්‍රේක්ෂකාගාරයම නැගිටලා අත්පොලොසන් දෙනවා. ඒ තමයි ගෞරව පූරවක ඇගයීමක් කියන්නේ....!!!

)
ඒ වගේම මෙතනදි අති සුවිශේෂීම කාරණය තමයි මේ එලකිරි ගෞරව ප්‍රණාම සම්මානය " ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සම්මානයක්" වීම!!!

(නිකන් නොබෙල් ප්‍රයිස් වගේ තමයි බොලව්!
) මේ සම්මානය සඳහා නිර්දේශ වීම සැපිරිය යුතු සුදුසුකම් මොනවාද??
*). ලොව පිලිගත් සරසවියකින් ආචාර්ය උපාධියක් හදාරා තිබීම.


*). ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 45ක වත් පලපුරුද්ද.


........හෝව්! ඉන්න තරමක් ආතල් රේඩියෝ ජොකියොයි, හොර ඩෙන්ටිස්ට්ලා යි, වාහන මස් කරලා විකුණන නානලයි, ජංගි හොරුයි, ටොයියොයි බයියොයි ශේරම ඉන්න අපේ මේ එලකිරියට මොන කොලිපිකේෂන්ස්ද බන්ස්....??? මෙන්න මෙච්චරයි රජෝ කතන්දරේ....!


උඹලා නොමිනේට් කරන බුවා වැයික්කියේ ජෙයෂ්ඨයෙක් වෙන්න ඕනි! වරද්ද ගන්න එපා මේ කියන්නේ 2007/ 2008 කාලේ කිරියේ රෙජිස්ටර් වෙලා, මෙලෝ වැඩක් නොකර කාලේ කාලා, ෆේක් එකවුන්ට් වලින් වැල ලින්ක් ඉල්ලලා, සුපිරි පිස්සු කෙලලා, ආයෙමත් අර පරන එකවුන්ට් එකෙන් ලොග් වෙලා "කිරිය ඉස්සර වගේ නෑ! අසහනකාරයෝ වැහි වැහැලා!! මෙන්න ලෝක විනාසය!!! මෙන්න අධර්මයේ නැගී සිටීම!!!! රු. 50හේ ඩේටා තහනම් කරන්න ඕනි!!! බැරි නම් ධර්ම සංගායනාවක් කරන්න ඕනි!!!
" වගේ ලෝකෝත්තර නැව් ටෝක්ස් දෙන වහන්දැලා ගැන නෙමෙයි!!!! 
ඇවිල්ලා අවුරුදු 5ද 10ද කියනවාට වඩා ඒ මෙම්බර් කිරියේ එකාලට වටින්නේ ඇයි කියන එක තමයි සැලකිල්ලට ගන්න ඕනි!!අවුරුදු 5ක් හෝ ඊට කලින් නම් රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඒ හොඳටම ප්‍රමාණවත්!!!
ඊලඟ වැදගත්ම දේ තමයි, ඒ මෙම්බර්ගෙන් කිරියට ඉටුවෙන මෙහෙය!
ඒ කියන්නේ එලකිරියේ ඉන්නවා නේ එක එක වෘත්තිකයෝ, ජීවිතයේ සෑහෙන්න කට්ට කාලා උඩට ආපු, එක එක විදිහේ දක්ෂතා තියෙන උදවිය එහෙම, අන්න ඒ අය අතරින් කිරියට වැඩියෙන්ම දැනුම බෙදා දෙන, උදවු පදවු කරන මෙබර්ස්ලා ගැන තමයි මෙතන මෙන්ෂන් වෙන්නේ........!!! [සමහරු පෞද්ගලික මට්ටමෙන් පවා උදව් කරන අව්ස්ථා ඕනි තරම් තියෙනවා
]( උඩ වාක්‍යය කණ්ඩය කියවන කොටම මතකෙට ආපු නමක් ඇති නේ?? අන්න ඒ යාලුවාව නොමිනේට් කරපන්!!!
)
(තරහ අවසර.) කාල වෙලාව පිලිබඳ ප්‍රශ්නය නිසා නොමිනේෂන්ස් බාර ගන්න වෙන්නේ හෙට (05) දවල් 12.00 වෙනකම් විතරයි....!
ඒ නිසා හැකිතාක් ඉක්මනට තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා බොහෝම කරුණිකව ඉල්ලා සිටිනවා....!!!

වැදගත්ම දේ , නාමයෝජනා ඉදිරිපත් කරනකොට පුලුවන් නම් අදාලා සාමාජිකයාව නිර්දේශ කරන්න හේතුවත් දක්වනවා නම් ගොඩාක් වටිනවා!!!!




අපි දන්නවා එලකිරියට වෙනුවෙන් නිහඬ මෙහෙයක් ඉටු කරන සාමාජික සාමාජිකාවන් පිරිසක් සිටින බව. ඉතින්, ඔවුන් අතින් කෙරෙන ඒ දැවැන්ත කාර්ය භාරය ඇගැයීමට මෙය අවස්ථාවක් කර ගනිමු.......!!!!!!








Last edited:


