Forex Trading with Price Action

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Forex Price Action Trading


    මේ වගෙ videos තව ඉස්සරහට දානව. බලන්න කලින් යට කියවල ආව නම් එළ



    මචංල මේ thread එකෙන් ඉස්සරහට දාන්න හිතන් ඉන්නෙ Price Action trading ගැන. ගොඩක් thread මන් forex ගැන දැකල තියනව එළකිරියෙ. Price action ගැන නම් කතා කරල තියනව අඩුයි. හැමෝම වගේ try කරන්නෙ indicator system වලින්. එහෙම නැත්තන් මොකක්හරි strategy එකක් හොයනව rule base යන.

    Rule base කියන්නෙ මොකක්හරි theory එකක්, ඒ කිවුවෙ market එක මෙහෙම උනොත් උඩ යනව, මෙහෙම අවොත් පහල යනව. මේ pattern එක හදුනොත් උඩ යනව පහල යනව වගේ කට පාඩම් කරල ට්‍රේඩ් කරන එකකට. එතකොට බලන් ඉදල market එක එහෙම ආපු වෙලාවට trade කරනව. ඒත් ඇත්තටම market එකේ මොකද්ද එතන උනේ කියල අපි දන්නෙ නෑ. theory එකට ආපු නිසා දැම්ම. එච්චරයි.

    ඒත් ලොකුම අවුල තියෙන්නෙ ගොඩක් වෙලවට එහෙම දාන trade අනිත් පැත්ත යන්න තියන chances වැඩි. කවුරුහරි හිතුවොත් මොකක්හරි support එකක් break උනොත් ඒක කෙලින්ම පහල යනව කියල හරි resistance line එකක් break කරපු ගමන් ඒක උඩ යනව කියල කියනව නම් ඒක හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ. ඒක fakeout එකක් වෙන්න පුළුවන්.

    අනිත් අතට down trend එකකදි පහලට ඇවිල්ල support එකකට ආවට පස්සෙ එතනින් bounce වෙලා උඩ යනව කියල කියන්නත් බෑ. තාමත් market එකේ sellers ල ඉන්න පුළුවන්. ඒ වගෙම up trend එකකදි market එක උඩට ඇවිල්ල resistance එකක් ළග නතර උනාට පස්සෙ ආයෙ reverse වෙයි කියන්නත් බෑ. market එකේ තවම buyers ල ඉන්නත් පුළුවන්. මේකෙ අනිත් පැත්තට කිවුවොත් market එක sell උනා කියල ඒක sellers ලගෙ නෙමේ buyers ලගෙ වැඩක් වෙන්නත් පුළුවන්. market එක up trend එකක් විදිහට තිබ්බට ඒක sellers ලගෙ වැඩක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගෙ වෙලාවට up වෙනව දැකල buy කියල හිතල buy එකක් දැම්මොත්, You fucked up :sorry: :sorry:

    indicator system එකකදි හරි එහෙම නැත්තම් අපි ඉගෙනගෙන තියන theory base strategy එකකදි මේක කියන්න පුළුවන් chances සීමිතයි. සමහර වෙලාවට indicator system එකෙන් පෙන්නනව market එකේ direction end එකට ඇවිල්ල කියල. ඒත් ඒ පැත්තටම යන වෙලාවල් ගොඩක් වැඩි.

    අනිත් දේ ගොඩක් වෙලාවට අපි trade එකකට යන්නෙ late වෙලා. indicator system වලදි මේක ලොකුවටම තියනව. ඒ වගෙ වෙලාවට එක්කො loss වෙන්න පුළුවන් එහෙම නැත්තන් අපිට ලැබෙන්න තිබ්බ profit එකෙන් 4න් 3ක් ඉවර වෙලා.

    අපි trade එකකදි, අපි ඊළඟට ගන්නෙ buy එකක් නම් ඒක අපි තීරණය කරන්න ඕන up trend එක හැදෙන්න කලින් market එක sell වෙනකොට. sell එකකට යනව නම් ඒක තීරණය කරන්න ඕන ඊට කලින් up trend ඒකෙදි

    එහෙම නැතුව sell උනාට පස්සෙ ආ දැන් මාර්කට් එක sell වෙනව කියන එකවත් buy උනාට පස්සෙ market එක දැන් up වෙනව කියන එකවත් වැඩක් නෙමේ මචං. ;)

    Price action වලදි ඔයාට ඕන විදිහට ඔයාගෙම unique විදිහක් හදගන්න පුළුවන්. ඉගෙනගත්තහම බය නැතුව ඕනම market condition එකකදි trade කරන්නත් පුළුවන්. මොකද නියම direction එක දන්න නිසා සහ කලින්ම අදුරගෙන තියන නිසා. buyers ල sellers ල market එකට කොතනදිද enter වෙන්නෙ කියන එක අදුරගෙන analysis කරන්න පුළුවන්

    කොහොමහරි අන්තිමට කියන්න තියෙන්නෙ එක එක්කෙනාගෙ trading method වෙනස්. තව කෙනෙක් කරන විදිහ වෙන කෙනෙක්ට හරියන් නෑ. ඒක indicator system එකක් හෝ වෙන මොකක් උනත්. සමහර අයට indicator system හරියනව ඒත් මාරම ටික දෙනයි. ඒක නිසා තවත් කෙනෙක්ගෙ strategy එකක් ඉගෙනගත්ත කියල එච්චර සාර්ථක නෑ මගෙ නම් experience එකේ හැටියට :eek:

    කොහොමහරි ඉස්සරහට මේ thread එකේම videos අනන් මනන් update කරන්න හිතන් ඉන්නව. කැමති කට්ටිය ඉතින් සෙට් වෙලා ඉන්න;););)
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    අද මාර්කට් එක..


    TYr1T5o.png
    TYr1T5o.png
     
    Last edited: