තුර්කි රුසියා අවි හරඹය
තුර්කි F-16 යානයක් විසින් රුසියානු Su-24 යානයක් තුර්කි-සිරියා දේශසීමාව අසලදී බිම හෙළන්නට පෙර තුර්කිය සහ රුසියාව අතර නොසන්සුන්කමක් වර්ධනය වෙමින් තිබිණි.2011 වසරේ මුල් කාර්තුවේ ඇරඹුණු සිරියානු සිවිල් යුද්ධයේදී රුසියාව සහ ඉරානය සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ්ගේ පක්ෂයට සහාය දෙන විට,තුර්කිය සෞදි අරාබිය ,කටාර් සහ එක්සත් ජනපදය අෂාඩ් විරෝධී සටන්කාමීන්ට සහාය දුන්හ.
මධ්‍යධරණී ප්‍රදේශයේදී 2012 ජූනි මාසයේ තුර්කි RF-4 වර්ගයේ පිරික්සුම් යානයක් අෂාඩ් හමුදා විසින් බිම හෙළීමත් සමග අන්කාරා පාලනය අෂාඩ්ට එරෙහිව නීත්‍යානුකූලව නැගී සිටීමට තීරණය කරන ලදි.පසුගිය වසර තුන හමාරක පමණ කාලය තුල තුර්කිය විසින් දුසිමක් පමණ සිරියානු ප්‍රහාරක යානා ,හෙලිකොප්ටර් සහ නියමුවන් රහිත යානා ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළුවේ ඔවුන්ගේ ගුවන් සීමාව උල්ලංඝනය කලේ කියමින්ය.
තුර්කියේ මෙම අහංකාර හැසිරීමේ අභිප්‍රාය සිරියාවේ අෂාඩ් පාලනයට එරෙහිව සටන් වදින තම සගයන්ට උදව් කිරීමයි.අෂාඩ් ක්‍රමයෙන් පසුබසින කල්හි රුසියාව වහාම ඔහුගේ සහාය පිණිස ඉදිරිපත්විය.රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයට පැමිණියේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේය.ඔවුන් එම මාසයේ අවසානයත් සමග අෂාඩ්ගේ විරුද්ධ පාර්ශ්වයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.තුර්කි-ISIS තෙල් ජාවරමද රුසියානුවන්ගේ ඉලක්ක බවට පත්වීමත් සමග තුර්කිය ,රුසියාවට අනතුරු අඟවන ලද මුත් රුසියාව එය ගණනකට වත් ගත්තේ නැත.2015 වසරේ ඔක්තෝම්බර් 16 දා තුර්කි ගුවන් සීමාව තුල පියාසර කල රුසියාවේ නිපදවූ ඩ්‍රෝන් යානයක් තුර්කිය විසින් බිම හෙළන ලදි.
එම කාලය තුල රුසියානු ගුවන් හමුදාව බරපතල අයුරින් අෂාඩ් විරෝධී සටන්කාමීන්ට සහ ISIS ත්‍රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.නමුත් රුසියානු ගුවන් මෙහෙයුම් කෙරෙහි පීඩනයක් එල්ල කරමින් තම සිරියානු සගයන් ධෛර්යයමත් කරන්නට තුර්කිය ක්‍රියා කලේය.

තුර්කිය යනු නේටෝ සාමාජිකයෙක් වීම නිසා ඔවුන් තම උද්දච්චකම පෙන්වීමක් ලෙස සිරියානු ගුවන් කලාපය නිතරම උල්ලංඝනය කලේය.ඔවුන් පළමුවරට රුසියානු ගුවන් ආධිපත්‍යට අභියෝග කලේ 2015 නොවැම්බර් මස 24 දාය.එතැන් පටන් තුර්කියට එරෙහිව දැඩි ආක්‍රමණකාරී ඉරියව්වක සිටීමට සිය හමුදාවට නියෝග කරන්නට රුසියානු පාලනය ක්‍රියා කලේය.කෙසේවෙතත් නේටෝ සාමාජිකත්වයේ බලයෙන් හිස උදුම්මාගෙන සිටින තුර්කිය ඒ කිසිවක් ගණනකට වත් නොගෙන තවත් තවත් සිරියාවේ ප්‍රශ්නයට මැදිහත්වෙමින් සිටියි.
මෙම ලිපිය ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තුවන්නේ තුර්කි-රුසියා සීමා සහිත සටනකදී දෙරට විසින් එකිනෙකාට එරෙහිව යොදාගත හැකි අවි සම්බන්ධවයි.රුසියාවට බැලස්ටික් මිසයිලද ,තුර්කියට එරට තිබෙන ඇමෙරිකානු න්‍යෂ්ඨික අවිද යොදාගත හැකිමුත් ඒවා සම්බන්ධව මෙහිදී කතාබහ නොකරන්නේ අප සලකා බලන්නේ සිරියාව සහ මධ්‍යධරණී ප්‍රදේශය ආශ්‍රිතව සිදුවිය හැකි සීමා සහිත සටනක් සම්බන්ධව පමණක් නිසාය.
තුර්කි ගුවන් හමුදාව සතුව ආසන්න වශයෙන් ඇමෙරිකානු F-16 ප්‍රහාරක යානා 250 ක් පමණ තිබේ.ඉන් යානා 30ක් Block 50+ වර්ගයේ ඒවාය.Block 50+ යනු F-16 යානයේ දැනට නිපදවන මොඩලයන්ය.ඒවා සංග්‍රාමික හැකියාව තහවුරු කල හතරවන පරම්පරාවේ බහුකාර්ය ප්‍රහාරක යානා වේ.තුර්කිය 1980 දශකයේ මැද භාගයේ සිට එක්සත් ජනපද බලපත්‍රය සහිතව F-16 යානාවල මොඩල නිපදවීම සහ මෙහෙයුම්වල යෙදවීම සිදුකරයි.
එක්සත් ජනපද නිෂ්පාදනයක් වන AIM-120 මිසයිලය පසුගිය වසරේදී රුසියානු Su-24 යානය බිම හෙළීමට තුර්කි F-16 යානය යොදාගත්තකි.AIM-120 මිසයිලයේ මෙහෙයුම් දුර නාවික සැතපුම් 30ක් හෙවත් කි.මී.50කි.මිසයිලය සමග යානය එකතුවූ විට උසස් අයුරින් පුහුණු කල සහ දැඩි ලෙස සන්නද්ධ රුසියානු ගුවන් හමුදාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කල හැකිය.
කොරල් යනු ජංගම එනම් පහසුවෙන් ප්‍රවාහනය කල හැකි රේඩාර් අවහිර කරන පද්ධතියකි(Jammer).මෙය තුර්කි හමුදාව සතු නවතම ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික අවියකි.එය නිර්මාණය කර තිබෙන්නේ තුර්කියේම සමාගමක් වන Aselsan Corporation විසිනි.KORAL Jammer ඔස්සේ ආරක්ෂක/ඉලෙක්ට්‍රොනික ප්‍රහාර පද්ධතියක් වන අතර සාම්ප්‍රදායික සහ සංකීර්ණ වර්ගයේ සතුරු රේඩාර් අවහිර කිරීම සහ මුලා කිරීම සිදුකරයි.එසේම බහුවිධ ඉලක්ක සංඥා,පළල් සංඛ්‍යාත පරාසයක විශේලෂණය කිරීමට ඊට හැකිය.එහි තිබෙන ඩිජිටල් රේඩියෝ සංඛ්‍යාත මතක((DRFM)) හැකියාව නිසා ස්වයංක්‍රීයව සමයානුරූප ප්‍රතිචාර නිපදවීමට හැකිය.මෙම පද්ධතියේ ක්‍රියාකාරී පරාසය සැතපුම් 90ක් හෙවත් කි.මී.150 තෙක් විහිදී යයි.වාර්තා වන පරිදි KORAL Jammerට ගොඩබිම්,මුහුදු සහ ගුවන් රේඩාර් පද්ධති මුලා කිරීමේ හැකියාව තිබේ.මෙම නවතම පද්ධතිය ඔස්සේ රුසියානු මිසයිලවලින් එල්ල වන අවධානම අඩු කිරීමට තුර්කීන්ට හැකියාව ලැබේ.රුසියානු අවි මුලා කර තර්ජනය අවම කිරීමට මෙම රේඩාර් අවහිර කිරීමේ පද්ධතිය විශාල කාර්යයභාර්යක් ඉටුකරාවි.
තුර්කි නාවික හමුදාව සතුව ගුර්-පන්තියේ සබ්මැරීන හතරක් තිබේ.මෙය ලොව තිබෙන හොඳම ඩීසල්-විදුලිබල සබ්මැරීනවලින් එකක් ලෙසද සැලකේ.ගුර් පන්තියේ සබ්මැරීන නිපදවන්නේ ජර්මන් සමාගමක් වන Howaldtswerke-Deutsche Werftහි අපනයන මොඩලය වන 209T2/1400 ආශ්‍රයෙනි.මෙම තුර්කි සබ්මැරීන UGM-84 නෞකා නාශක මිසයිලවලින් සන්නද්ධය.ඊට අමතරව බ්‍රිතාන්‍යයේ නිපදවන Tigerfish සහ ජර්මනියේ නිපදවන DM2A4 ටෝර්පිඩෝවලින්ද සමන්විතය.තුර්කි සම්බැරීනයේ තිබෙන state-of-the-art detection සහ ඉලක්ක කිරීමේ පද්ධතිය නිසා එය නිශ්ශබ්ද සහ මාරාන්තික අවියක් ලෙස මධ්‍යධරණී මුහුදේ ක්‍රියාත්මක රුසියානු නෞකාවලට එරෙහිව භාවිතා කල හැකිය.සිරියාව මූලික රුසියානු නාවික සේනාංකවල සබ්මැරීන නාශක සංග්‍රාමික උපක්‍රමවල තිබෙන අඩුලුහුඬුකම් තුලින් රිංගා යමින් ගුර් සබ්මැරීනවලට සැලකියයුතු තර්ජනයක් රුසියාවට එල්ල කල හැකිය.
corvette යනු frigate වලට වඩා කුඩා නමුත් වේගවත් යාත්‍රා විශේෂයකි.තුර්කිය සතුව ඇඩා-පන්තියේ ස්ටෙල්ත් වේග යාත්‍රා(corvettes) තිබේ.මේවා රුසියානු ගොඩබිම් හමුදාවලට මෙන්ම සැපයුම් නෞකාවලටද මාරාන්තික අභියෝගයක් දිය හැකි යාත්‍රා වේවි.MILGEM project නම් තුර්කි නෞකා ව්‍යාපෘතිය යටතේ corvettes වර්ගයේ යාත්‍රා 8 නිපදවීමට සැලසුම් කර තිබිණි.මෙම යාත්‍රා Harpoon Block II මිසයිල 8කින් සහ OtoMelara වර්ගයේ තුවක්කුවකින් ඇතුලු තවත් අවිවලින් සන්නද්ධය.එසේම මේවා ඉහළ ස්ටෙල්ත් හැකියාවක් සහිත රේඩාර්වලට,අධෝරක්ත සහ ධ්වනික සංවේදකවලට ග්‍රහණය වීම ඉතා අවම තත්ත්වයේ තිබෙන යාත්‍රා වේ.අනවරණය වීම අවම සම්භාව්තාවයක් ගන්නා රේඩාර් පද්ධතියකින්(low probability of intercept (LPI) ) සමන්විත නිසා රුසියානු නෞකාවට මාරාන්තික සතුරෙක් විය හැකිය.
1963 වසරේදී නිර්මාණය කල මෙම විශේෂ හමුදා කණ්ඩායම - SAT (Sualtı Taarruz Timleri/Underwater Assault Teams) තුර්කි හමුදා සතු ප්‍රබලතම විශේෂ බලකා ඒකකයයි.ඔවුන් ඕනෑම තත්ත්වයක් යටතේ මෙහෙයුම් කිරීම සඳහා පුහුණු කර තිබේ.නැංගූරම් ලා ඇති නෞකා,වරාය පහසුකම් ආදිය ඉලක්ක කරගෙන මෙහෙයුම් සිදුකිරීම ඔවුන්ගේ ප්‍රමුඛතම ක්‍රියාව වුවද ගොඩබිම,ගුවන සහ මුහුද යන ඕනෑම ස්ථානයක් මොවුන්ට අභියෝගයක් නොවේ.විශේෂයෙන් සීමා සහිත සටනකදී සිරියාවේ වෙරළාශ්‍රිත පහසුකම් සහ මධ්‍යධරණී මුහුදේ ක්‍රියාත්මක රුසියානු නෞකාවලට එරෙහිව තුර්කි සැට් සෙබලු මාරක රහස් මෙහෙයුම් සිදුකිරීමට යෙදවිය හැකිය.
තුර්කිය,රුසියාව සම්බන්ධව ප්‍රකෝප කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී පවා රුසියාව ඊට ප්‍රතිචාර දැක්වූයේ තුර්කීන්ගේ මෝස්තරයෙන් නොවන නිසා යුද්ධයක් දක්වා දුරදිග නොගොස් නතර විය.නමුත් එය දෙරට අතර සටනක් දක්වා දිග්ගැස්සුනද රුසියාව තම උපායමාර්ගික න්‍යෂ්ඨික අවි තුර්කියට එරෙහිව යොදාගන්නේ නැතිබව නම් සහිතකය.ඒ න්‍යෂ්ඨික යුද්ධයක ප්‍රතිඵලය රුසියානුවන් හොඳ හැටි දන්නා නිසාය.කෙසේවෙතත් ඉහත සඳහන් කල තුර්කි අවි සටනකදී රුසියානුවන්ට යම් ප්‍රමාණයක හෝ අභියෝගයක් එල්ල කරන බව නම් සිකුරුය.
2008 වසරේ පටන් Sukhoi-34 යුද ගුවන් යානය පැරණි Tu-22M සහ Su-24 යානා වෙනුවට ආදේශ කර තිබේ.Su-34 යානය සතුව state-of-the-art fire control system, phased array radar සහ ප්‍රබල electronic countermeasures (ECM) පද්ධති තිබේ.තුර්කිය සතු F-16 යානය හා සංසන්දනය කරද්දී Su-34 යානයට අවි විශාල ප්‍රමාණයක් සහ ඉහළ ඉන්ධන ප්‍රමාණයක් ගෙන යා හැකි නිසා දිගු පරාසයක මෙහෙයුම් සිදුකල හැකිය.මේවන විට රුසියාව සතුව Su-34 යානා 80 වඩා තිබේ.ඉන් පහලොවක් පමණ සිරියාවට යවා ඇතිබව කියවේ.හැසිරවීමේ හැකියාව අතින් යානාය තුර්කි යානයට වඩා බොහෝ ඉහළින් සිටියි.
Su-34 යානය තුර්කීන්ට මාරාන්තික සතුරෙක් වන්නේ එය AA-10, AA-12 යන ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි මිසයිලවලින් සන්නද්ධ නිසාය.විශේෂයෙන්ම AA-12 මිසයිලවලට කි.මී.100ක් තරම් දිගු දුරක් ගමන් කල හැකි අතර තුර්කිය සතු ඇමෙරිකානු නිෂ්පාදනයක් වන AIM-120 මිසයිලවලට ගමන් කල හැක්කේ කි.මී.50ක් දුරක් පමණි.මේ නිසා රුසියාව සමග ගුවන් සටනකට පිවිසෙන තුර්කි ගුවන් හමුදාවට දරුණු හානි ගෙන දේවි.
ක්‍රසුකා-4 යනු රුසියාව සතු නවතම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවියයි.මෙම පද්ධතිය යොදාගෙන ගොඩබිම් මූලික රේඩාර් පද්ධති,ගුවන් රේඩාර්(විශේෂයෙන්ම AWACS පද්ධති ) සහ පහළ කක්ෂයේ තිබෙන චන්ද්‍රිකා ආදිය කඩාකප්පල් කිරීමට හැකිය.වාර්තා වන පරිදි ඊට ඉලක්කවන රේඩියෝ-ඉලෙක්ට්‍රොනික උපාංග ස්ථිරව හානියට පත්වේ.තුර්කි කොරල් jammer වඩා දියුණු මෙම රුසියානු Krasukha-4 jammer, සිරියාවට ගෙන විත් තිබෙන බව ස්ථිර වී නැතත් ඊට කි.මී. 300 පරාසයේ ක්‍රියාත්මක විය හැකිය.රුසියානු Krasukha-4 jammer පද්ධතියට තුර්කි Boeing 737 AEW&C ගුවන් යානා මුලා කර සිරියාව සහ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පැහැදිලි ඔත්තු බැලීමක් තුර්කීන්ට සිදුකල නොහැකි තත්ත්වයට පත් කල හැකිය.
ගුවන් යානා නාශක මිසයිලවලින් සන්නද්ධ මෙම පන්තියේ නෞකා 3ක් රුසියාව සතුය.ඒවාහි P-500 Bazalt නෞකා නාශක මිසයිල 16ක්,S-300PMU දිගු දුර ගුවන් ආරක්ෂක මිසයිල 64ක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කරන OSA-M කෙටි දුර මිසයිල 2ක් තිබේ.ත්‍රිමාන සෙවුම් පද්ධතියක්,ලුහුබැඳීමේ රේඩාර්,over-the-horizon radars සතු ස්ලැවා පන්තියේ නෞකා බලකොටුවකට සමානය.2015 නොවැම්බර් මස 24 දා සිද්ධියෙන් පසුව මෙම පන්තියේ ප්‍රධානතම නෞකාව වන මොස්ක්වා නෞකාව සිරියාවේ ලැටකියා වරායට එවන ලදි.ඒ තුර්කි ගුවන් මෙහෙයුම් ඔස්සේ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ රුසියානු හමුදාවන්ට ඇතිවන අනාගත තර්ජන මැඩපැවැත්වීමටයි.මෙම නෞකාව සම්බන්ධව ප්‍රශ්නද නැත්තේම නොවේ.මෙම ප්‍රදේශයේ තුර්කියට අභියෝග පිණිස තිබෙන්නේ මොස්ක්වා නෞකාව පමණි.එම පන්තියේ අනෙක් නෞකා දෙක Ustinov වන Varyag සහ බෝල්ටික් මුහුදේ සහ පැසිෆික් සාගරයේ රඳවා තිබේ.වඩාත් වැදගත් වන්නේ ස්ලැවා පන්තියේ නෞකා සබ්මැරීන නාශක සංග්‍රාම සඳහා යෙදවීමේදී අවම සාධනීයත්වයක් පෙන්වීමයි.එම නිසා තුර්කියේ නිහඬ මාරකයා වන ගුර් පන්තියේ සබ්මැරීනවලට මොස්ක්වා නෞකාවට පහසුවෙන්ම වැනසීමට හැකිය.
Spetsnaz යනු වෙනුවෙන් හඳුන්වන්නේ රුසියානු බසින් විශේෂ බලකා හමුදා කණ්ඩායම්ය.රුසියාව අවට රටවල් පවා තම විශේෂ බලකා ඒකක/කොමාන්ඩෝ ඒකක මේ නමින් හඳුන්වයි.නමුත් රුසියානු ස්පෙට්ස්නාස්වරු ලොව සිටින දක්ෂතම,දරුණු පුහුණුවක් ලබන විශේෂ බලකා ඒකකයක් ලෙස සැලකේ.ඔවුන් දිගු දුර මෙහෙයුම්,ඔත්තු බැලීම්,කඩාකප්පල් කිරීම්,විප්ලව ඇතිකිරීම්,ගරිල්ලා සටන් සහ විශේෂිත පුද්ගලයන් ඝාතනය කිරීමට පුහුණුව ලද පිරිසකි.මොවුන් සෝවියට්-ඇෆ්ගන් යුද්ධය,චෙච්නියා-රුසියා යුද්ධ,රුසියා-ජෝජියා යුද්ධය සහ ක්‍රිමියාව ඈදා ගැනීම ආදී යුද්ධවලදී සේවයේ යොදවා තිබේ.ඊට අමතරව රුසියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිදුකල ප්‍රාණ ඇපකරු සිද්ධීන්වලදී මුදාගැනීම් සඳහා යොදවා තිබෙන්නේ මොවුන්ය.සිරියාවේ සිවිල් යුද්ධයේදී මෙම විශේෂ බලකාය,අෂාඩ්ගේ විරුද්ධ පක්ෂයට එරෙහිව මෙහෙයුමවල යෙදවූ බවට තහවුරු නොකල වාර්තා තිබේ.2014 පෙබරවාරි හි ක්‍රිමියා ආක්‍රමණයේදී සහ නැගෙනහිර යුක්‍රේනයේ බෙදුම්වාදී සටන්වලටද රුසියානු ස්පෙට්ස්නාස්වරු සහභාගී වී තිබේ.සිරියානු සරණාගතයින් තවමත් යුරෝපය වෙත යන්නේ තුර්කිය හරහාය.අවශ්‍ය නම් ස්පෙට්ස්නාස්වරුන්ටද සිවිල් වෙස්ගෙන තුර්කියට ඇතුලුවී විනාශයක් සිදු කල හැකිය.
රුසියාව පසුගිය සමයේ සහභාගී වූ ජාත්‍යන්තර අර්බුදවලදී ඔවුන්ගේ සයිබර් සංග්‍රාමික හැකියාව පුළුල්ව පෙන්වා තිබේ.2007 එස්ටෝනියා අර්බුධය,2008 දී ජෝර්ජියාව සමග දකුණු ඔෂේටියා යුද්ධය,2014-15දී ක්‍රිමියාව,නැගෙනහිර යුක්‍රේනය සමග යුද්ධය ආදියේදී තම සයිබර් ප්‍රහාරක හැකියාව පෙන්වීමට රුසියානුවන් සමත්ව තිබේ.තුර්කි-රුසියා නොසන්සුන්කම අතරේ රුසියා-තුර්කි හැකර්වරුන් අතර සයිබර් යුද්ධයක් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙමින් තිබේ.
තුර්කි-රුසියා නොසන්සුන්කම මේවන විට යම් ආකාරයකට පහළ බැස තිබෙන නිසා යුද අවධානමද අවම වී තිබීම සතුටට කරුණකි.තුර්කිය යනු නේටෝ රටක් නිසා රුසියාව පළමුවෙන් පහරදීම නොකරන බව විශ්වාසය.නමුත් යළි තුර්කියෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් අනිවාර්යෙන්ම ඔවුන්ට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවේවි.
මේවනවිට තුර්කිය සම්බන්ධව එළකිරිවාසීන්ගේ උනන්දුව අවම මට්ටමක තිබෙන බව සැබෑය.නමුත් තුර්කිය අද පවතින දියුණු තත්ත්වය කරා ගෙන ඒමට කැපවූ නායකයා ගැන මෙන්ම තුර්කිය ගැන ඔබ නොදත් බොහෝදෑ අඩංගු ලිපියක් Zeus සහෝදරයා විසින් පසුගියදාක පළකරන්නට යෙදිණි.ඔබට අවශ්‍ය නම් එම ලිපිය මෙතනින් කියවන්න.
Source:Nationalinterest.org
-HarshaLulzSec-

තුර්කි-රුසියා නොසන්සුන්කම වර්ධනය කල රුසියානු Su-24 යානය බිම හෙළීම
රුසියානු Su-24 යානය ගිනිගෙන කඩා වැටෙන අයුරු සහ ත්‍රස්තවාදීන්ගේ විසින් මරාදැමූ රුසියානු නියමුවා
මධ්‍යධරණී ප්‍රදේශයේදී 2012 ජූනි මාසයේ තුර්කි RF-4 වර්ගයේ පිරික්සුම් යානයක් අෂාඩ් හමුදා විසින් බිම හෙළීමත් සමග අන්කාරා පාලනය අෂාඩ්ට එරෙහිව නීත්‍යානුකූලව නැගී සිටීමට තීරණය කරන ලදි.පසුගිය වසර තුන හමාරක පමණ කාලය තුල තුර්කිය විසින් දුසිමක් පමණ සිරියානු ප්‍රහාරක යානා ,හෙලිකොප්ටර් සහ නියමුවන් රහිත යානා ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළුවේ ඔවුන්ගේ ගුවන් සීමාව උල්ලංඝනය කලේ කියමින්ය.
සිරියාව 2012 වසරේදී තුර්කියේ ඔත්තු බැලීමේ යානයක් සිය ගුවන් කලාපයේදී බිම හෙළන ලදි
තුර්කියේ මෙම අහංකාර හැසිරීමේ අභිප්‍රාය සිරියාවේ අෂාඩ් පාලනයට එරෙහිව සටන් වදින තම සගයන්ට උදව් කිරීමයි.අෂාඩ් ක්‍රමයෙන් පසුබසින කල්හි රුසියාව වහාම ඔහුගේ සහාය පිණිස ඉදිරිපත්විය.රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයට පැමිණියේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේය.ඔවුන් එම මාසයේ අවසානයත් සමග අෂාඩ්ගේ විරුද්ධ පාර්ශ්වයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹීය.තුර්කි-ISIS තෙල් ජාවරමද රුසියානුවන්ගේ ඉලක්ක බවට පත්වීමත් සමග තුර්කිය ,රුසියාවට අනතුරු අඟවන ලද මුත් රුසියාව එය ගණනකට වත් ගත්තේ නැත.2015 වසරේ ඔක්තෝම්බර් 16 දා තුර්කි ගුවන් සීමාව තුල පියාසර කල රුසියාවේ නිපදවූ ඩ්‍රෝන් යානයක් තුර්කිය විසින් බිම හෙළන ලදි.
සිරියාවට අයත් යැයි කියන ඩ්‍රෝන් යානයක් තුර්කි හමුදා විසින් බිම හෙලූ අවස්ථාවක්
එම කාලය තුල රුසියානු ගුවන් හමුදාව බරපතල අයුරින් අෂාඩ් විරෝධී සටන්කාමීන්ට සහ ISIS ත්‍රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.නමුත් රුසියානු ගුවන් මෙහෙයුම් කෙරෙහි පීඩනයක් එල්ල කරමින් තම සිරියානු සගයන් ධෛර්යයමත් කරන්නට තුර්කිය ක්‍රියා කලේය.

තුර්කිය යනු නේටෝ සාමාජිකයෙක් වීම නිසා ඔවුන් තම උද්දච්චකම පෙන්වීමක් ලෙස සිරියානු ගුවන් කලාපය නිතරම උල්ලංඝනය කලේය.ඔවුන් පළමුවරට රුසියානු ගුවන් ආධිපත්‍යට අභියෝග කලේ 2015 නොවැම්බර් මස 24 දාය.එතැන් පටන් තුර්කියට එරෙහිව දැඩි ආක්‍රමණකාරී ඉරියව්වක සිටීමට සිය හමුදාවට නියෝග කරන්නට රුසියානු පාලනය ක්‍රියා කලේය.කෙසේවෙතත් නේටෝ සාමාජිකත්වයේ බලයෙන් හිස උදුම්මාගෙන සිටින තුර්කිය ඒ කිසිවක් ගණනකට වත් නොගෙන තවත් තවත් සිරියාවේ ප්‍රශ්නයට මැදිහත්වෙමින් සිටියි.
මෙම ලිපිය ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තුවන්නේ තුර්කි-රුසියා සීමා සහිත සටනකදී දෙරට විසින් එකිනෙකාට එරෙහිව යොදාගත හැකි අවි සම්බන්ධවයි.රුසියාවට බැලස්ටික් මිසයිලද ,තුර්කියට එරට තිබෙන ඇමෙරිකානු න්‍යෂ්ඨික අවිද යොදාගත හැකිමුත් ඒවා සම්බන්ධව මෙහිදී කතාබහ නොකරන්නේ අප සලකා බලන්නේ සිරියාව සහ මධ්‍යධරණී ප්‍රදේශය ආශ්‍රිතව සිදුවිය හැකි සීමා සහිත සටනක් සම්බන්ධව පමණක් නිසාය.
තුර්කිය සතු අවි
F-16 බහුකාර්යය ප්‍රහාරකයා සහ AIM-120 මිසයිල(AMRAAM)
තුර්කි ගුවන් හමුදාව සතුව ආසන්න වශයෙන් ඇමෙරිකානු F-16 ප්‍රහාරක යානා 250 ක් පමණ තිබේ.ඉන් යානා 30ක් Block 50+ වර්ගයේ ඒවාය.Block 50+ යනු F-16 යානයේ දැනට නිපදවන මොඩලයන්ය.ඒවා සංග්‍රාමික හැකියාව තහවුරු කල හතරවන පරම්පරාවේ බහුකාර්ය ප්‍රහාරක යානා වේ.තුර්කිය 1980 දශකයේ මැද භාගයේ සිට එක්සත් ජනපද බලපත්‍රය සහිතව F-16 යානාවල මොඩල නිපදවීම සහ මෙහෙයුම්වල යෙදවීම සිදුකරයි.
තුර්කි F-16 යානා
එක්සත් ජනපද නිෂ්පාදනයක් වන AIM-120 මිසයිලය පසුගිය වසරේදී රුසියානු Su-24 යානය බිම හෙළීමට තුර්කි F-16 යානය යොදාගත්තකි.AIM-120 මිසයිලයේ මෙහෙයුම් දුර නාවික සැතපුම් 30ක් හෙවත් කි.මී.50කි.මිසයිලය සමග යානය එකතුවූ විට උසස් අයුරින් පුහුණු කල සහ දැඩි ලෙස සන්නද්ධ රුසියානු ගුවන් හමුදාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කල හැකිය.
AIM-120 මිසයිලයක්
කොරල්(KORAL) - භූමිගත රේඩාර් අවහිර කරන පද්ධතිය
කොරල් යනු ජංගම එනම් පහසුවෙන් ප්‍රවාහනය කල හැකි රේඩාර් අවහිර කරන පද්ධතියකි(Jammer).මෙය තුර්කි හමුදාව සතු නවතම ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික අවියකි.එය නිර්මාණය කර තිබෙන්නේ තුර්කියේම සමාගමක් වන Aselsan Corporation විසිනි.KORAL Jammer ඔස්සේ ආරක්ෂක/ඉලෙක්ට්‍රොනික ප්‍රහාර පද්ධතියක් වන අතර සාම්ප්‍රදායික සහ සංකීර්ණ වර්ගයේ සතුරු රේඩාර් අවහිර කිරීම සහ මුලා කිරීම සිදුකරයි.එසේම බහුවිධ ඉලක්ක සංඥා,පළල් සංඛ්‍යාත පරාසයක විශේලෂණය කිරීමට ඊට හැකිය.එහි තිබෙන ඩිජිටල් රේඩියෝ සංඛ්‍යාත මතක((DRFM)) හැකියාව නිසා ස්වයංක්‍රීයව සමයානුරූප ප්‍රතිචාර නිපදවීමට හැකිය.මෙම පද්ධතියේ ක්‍රියාකාරී පරාසය සැතපුම් 90ක් හෙවත් කි.මී.150 තෙක් විහිදී යයි.වාර්තා වන පරිදි KORAL Jammerට ගොඩබිම්,මුහුදු සහ ගුවන් රේඩාර් පද්ධති මුලා කිරීමේ හැකියාව තිබේ.මෙම නවතම පද්ධතිය ඔස්සේ රුසියානු මිසයිලවලින් එල්ල වන අවධානම අඩු කිරීමට තුර්කීන්ට හැකියාව ලැබේ.රුසියානු අවි මුලා කර තර්ජනය අවම කිරීමට මෙම රේඩාර් අවහිර කිරීමේ පද්ධතිය විශාල කාර්යයභාර්යක් ඉටුකරාවි.
KORAL Ground-Based Jammer
ගුර්(Gür) පන්තියේ සබ්මැරීන
තුර්කි නාවික හමුදාව සතුව ගුර්-පන්තියේ සබ්මැරීන හතරක් තිබේ.මෙය ලොව තිබෙන හොඳම ඩීසල්-විදුලිබල සබ්මැරීනවලින් එකක් ලෙසද සැලකේ.ගුර් පන්තියේ සබ්මැරීන නිපදවන්නේ ජර්මන් සමාගමක් වන Howaldtswerke-Deutsche Werftහි අපනයන මොඩලය වන 209T2/1400 ආශ්‍රයෙනි.මෙම තුර්කි සබ්මැරීන UGM-84 නෞකා නාශක මිසයිලවලින් සන්නද්ධය.ඊට අමතරව බ්‍රිතාන්‍යයේ නිපදවන Tigerfish සහ ජර්මනියේ නිපදවන DM2A4 ටෝර්පිඩෝවලින්ද සමන්විතය.තුර්කි සම්බැරීනයේ තිබෙන state-of-the-art detection සහ ඉලක්ක කිරීමේ පද්ධතිය නිසා එය නිශ්ශබ්ද සහ මාරාන්තික අවියක් ලෙස මධ්‍යධරණී මුහුදේ ක්‍රියාත්මක රුසියානු නෞකාවලට එරෙහිව භාවිතා කල හැකිය.සිරියාව මූලික රුසියානු නාවික සේනාංකවල සබ්මැරීන නාශක සංග්‍රාමික උපක්‍රමවල තිබෙන අඩුලුහුඬුකම් තුලින් රිංගා යමින් ගුර් සබ්මැරීනවලට සැලකියයුතු තර්ජනයක් රුසියාවට එල්ල කල හැකිය.
Gar-class submarine
ඇඩා-පන්තියේ ස්ටෙල්ත් වේග යාත්‍රා
corvette යනු frigate වලට වඩා කුඩා නමුත් වේගවත් යාත්‍රා විශේෂයකි.තුර්කිය සතුව ඇඩා-පන්තියේ ස්ටෙල්ත් වේග යාත්‍රා(corvettes) තිබේ.මේවා රුසියානු ගොඩබිම් හමුදාවලට මෙන්ම සැපයුම් නෞකාවලටද මාරාන්තික අභියෝගයක් දිය හැකි යාත්‍රා වේවි.MILGEM project නම් තුර්කි නෞකා ව්‍යාපෘතිය යටතේ corvettes වර්ගයේ යාත්‍රා 8 නිපදවීමට සැලසුම් කර තිබිණි.මෙම යාත්‍රා Harpoon Block II මිසයිල 8කින් සහ OtoMelara වර්ගයේ තුවක්කුවකින් ඇතුලු තවත් අවිවලින් සන්නද්ධය.එසේම මේවා ඉහළ ස්ටෙල්ත් හැකියාවක් සහිත රේඩාර්වලට,අධෝරක්ත සහ ධ්වනික සංවේදකවලට ග්‍රහණය වීම ඉතා අවම තත්ත්වයේ තිබෙන යාත්‍රා වේ.අනවරණය වීම අවම සම්භාව්තාවයක් ගන්නා රේඩාර් පද්ධතියකින්(low probability of intercept (LPI) ) සමන්විත නිසා රුසියානු නෞකාවට මාරාන්තික සතුරෙක් විය හැකිය.
TCG Heybeliada (F-511) - Ada class ASW corvette
සැට් හෙවත් තුර්කි නාවික කොමාන්ඩෝ සෙබලු
1963 වසරේදී නිර්මාණය කල මෙම විශේෂ හමුදා කණ්ඩායම - SAT (Sualtı Taarruz Timleri/Underwater Assault Teams) තුර්කි හමුදා සතු ප්‍රබලතම විශේෂ බලකා ඒකකයයි.ඔවුන් ඕනෑම තත්ත්වයක් යටතේ මෙහෙයුම් කිරීම සඳහා පුහුණු කර තිබේ.නැංගූරම් ලා ඇති නෞකා,වරාය පහසුකම් ආදිය ඉලක්ක කරගෙන මෙහෙයුම් සිදුකිරීම ඔවුන්ගේ ප්‍රමුඛතම ක්‍රියාව වුවද ගොඩබිම,ගුවන සහ මුහුද යන ඕනෑම ස්ථානයක් මොවුන්ට අභියෝගයක් නොවේ.විශේෂයෙන් සීමා සහිත සටනකදී සිරියාවේ වෙරළාශ්‍රිත පහසුකම් සහ මධ්‍යධරණී මුහුදේ ක්‍රියාත්මක රුසියානු නෞකාවලට එරෙහිව තුර්කි සැට් සෙබලු මාරක රහස් මෙහෙයුම් සිදුකිරීමට යෙදවිය හැකිය.
S.A.T. commandos
තුර්කිය,රුසියාව සම්බන්ධව ප්‍රකෝප කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී පවා රුසියාව ඊට ප්‍රතිචාර දැක්වූයේ තුර්කීන්ගේ මෝස්තරයෙන් නොවන නිසා යුද්ධයක් දක්වා දුරදිග නොගොස් නතර විය.නමුත් එය දෙරට අතර සටනක් දක්වා දිග්ගැස්සුනද රුසියාව තම උපායමාර්ගික න්‍යෂ්ඨික අවි තුර්කියට එරෙහිව යොදාගන්නේ නැතිබව නම් සහිතකය.ඒ න්‍යෂ්ඨික යුද්ධයක ප්‍රතිඵලය රුසියානුවන් හොඳ හැටි දන්නා නිසාය.කෙසේවෙතත් ඉහත සඳහන් කල තුර්කි අවි සටනකදී රුසියානුවන්ට යම් ප්‍රමාණයක හෝ අභියෝගයක් එල්ල කරන බව නම් සිකුරුය.
රුසියාව සතු අවි
Su-34 - සටන්කරුවෙක් සහ බෝම්බ හෙළන්නෙක් සහ AA-10/AA-12 මිසයිල
2008 වසරේ පටන් Sukhoi-34 යුද ගුවන් යානය පැරණි Tu-22M සහ Su-24 යානා වෙනුවට ආදේශ කර තිබේ.Su-34 යානය සතුව state-of-the-art fire control system, phased array radar සහ ප්‍රබල electronic countermeasures (ECM) පද්ධති තිබේ.තුර්කිය සතු F-16 යානය හා සංසන්දනය කරද්දී Su-34 යානයට අවි විශාල ප්‍රමාණයක් සහ ඉහළ ඉන්ධන ප්‍රමාණයක් ගෙන යා හැකි නිසා දිගු පරාසයක මෙහෙයුම් සිදුකල හැකිය.මේවන විට රුසියාව සතුව Su-34 යානා 80 වඩා තිබේ.ඉන් පහලොවක් පමණ සිරියාවට යවා ඇතිබව කියවේ.හැසිරවීමේ හැකියාව අතින් යානාය තුර්කි යානයට වඩා බොහෝ ඉහළින් සිටියි.
Su-34 යානයක්
Su-34 යානය තුර්කීන්ට මාරාන්තික සතුරෙක් වන්නේ එය AA-10, AA-12 යන ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි මිසයිලවලින් සන්නද්ධ නිසාය.විශේෂයෙන්ම AA-12 මිසයිලවලට කි.මී.100ක් තරම් දිගු දුරක් ගමන් කල හැකි අතර තුර්කිය සතු ඇමෙරිකානු නිෂ්පාදනයක් වන AIM-120 මිසයිලවලට ගමන් කල හැක්කේ කි.මී.50ක් දුරක් පමණි.මේ නිසා රුසියාව සමග ගුවන් සටනකට පිවිසෙන තුර්කි ගුවන් හමුදාවට දරුණු හානි ගෙන දේවි.
AA-10(Vympel R-27), AA-12(Vympel NPO R-77) missiles
Krasukha-4 - ක්‍රසුකා-4 භූමිගත රේඩාර් අවහිර කරන පද්ධතිය
ක්‍රසුකා-4 යනු රුසියාව සතු නවතම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවියයි.මෙම පද්ධතිය යොදාගෙන ගොඩබිම් මූලික රේඩාර් පද්ධති,ගුවන් රේඩාර්(විශේෂයෙන්ම AWACS පද්ධති ) සහ පහළ කක්ෂයේ තිබෙන චන්ද්‍රිකා ආදිය කඩාකප්පල් කිරීමට හැකිය.වාර්තා වන පරිදි ඊට ඉලක්කවන රේඩියෝ-ඉලෙක්ට්‍රොනික උපාංග ස්ථිරව හානියට පත්වේ.තුර්කි කොරල් jammer වඩා දියුණු මෙම රුසියානු Krasukha-4 jammer, සිරියාවට ගෙන විත් තිබෙන බව ස්ථිර වී නැතත් ඊට කි.මී. 300 පරාසයේ ක්‍රියාත්මක විය හැකිය.රුසියානු Krasukha-4 jammer පද්ධතියට තුර්කි Boeing 737 AEW&C ගුවන් යානා මුලා කර සිරියාව සහ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පැහැදිලි ඔත්තු බැලීමක් තුර්කීන්ට සිදුකල නොහැකි තත්ත්වයට පත් කල හැකිය.
krasukha-4 jammer
Slava - ස්ලැවා-පන්තියේ නියාමක මිසයිල නෞකා
ගුවන් යානා නාශක මිසයිලවලින් සන්නද්ධ මෙම පන්තියේ නෞකා 3ක් රුසියාව සතුය.ඒවාහි P-500 Bazalt නෞකා නාශක මිසයිල 16ක්,S-300PMU දිගු දුර ගුවන් ආරක්ෂක මිසයිල 64ක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කරන OSA-M කෙටි දුර මිසයිල 2ක් තිබේ.ත්‍රිමාන සෙවුම් පද්ධතියක්,ලුහුබැඳීමේ රේඩාර්,over-the-horizon radars සතු ස්ලැවා පන්තියේ නෞකා බලකොටුවකට සමානය.2015 නොවැම්බර් මස 24 දා සිද්ධියෙන් පසුව මෙම පන්තියේ ප්‍රධානතම නෞකාව වන මොස්ක්වා නෞකාව සිරියාවේ ලැටකියා වරායට එවන ලදි.ඒ තුර්කි ගුවන් මෙහෙයුම් ඔස්සේ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශයේ රුසියානු හමුදාවන්ට ඇතිවන අනාගත තර්ජන මැඩපැවැත්වීමටයි.මෙම නෞකාව සම්බන්ධව ප්‍රශ්නද නැත්තේම නොවේ.මෙම ප්‍රදේශයේ තුර්කියට අභියෝග පිණිස තිබෙන්නේ මොස්ක්වා නෞකාව පමණි.එම පන්තියේ අනෙක් නෞකා දෙක Ustinov වන Varyag සහ බෝල්ටික් මුහුදේ සහ පැසිෆික් සාගරයේ රඳවා තිබේ.වඩාත් වැදගත් වන්නේ ස්ලැවා පන්තියේ නෞකා සබ්මැරීන නාශක සංග්‍රාම සඳහා යෙදවීමේදී අවම සාධනීයත්වයක් පෙන්වීමයි.එම නිසා තුර්කියේ නිහඬ මාරකයා වන ගුර් පන්තියේ සබ්මැරීනවලට මොස්ක්වා නෞකාවට පහසුවෙන්ම වැනසීමට හැකිය.
Slava-class cruiser - Moskva
ස්පෙට්ස්නාස් - රුසියානු විශේෂ බලකා සෙබලුන්
Spetsnaz යනු වෙනුවෙන් හඳුන්වන්නේ රුසියානු බසින් විශේෂ බලකා හමුදා කණ්ඩායම්ය.රුසියාව අවට රටවල් පවා තම විශේෂ බලකා ඒකක/කොමාන්ඩෝ ඒකක මේ නමින් හඳුන්වයි.නමුත් රුසියානු ස්පෙට්ස්නාස්වරු ලොව සිටින දක්ෂතම,දරුණු පුහුණුවක් ලබන විශේෂ බලකා ඒකකයක් ලෙස සැලකේ.ඔවුන් දිගු දුර මෙහෙයුම්,ඔත්තු බැලීම්,කඩාකප්පල් කිරීම්,විප්ලව ඇතිකිරීම්,ගරිල්ලා සටන් සහ විශේෂිත පුද්ගලයන් ඝාතනය කිරීමට පුහුණුව ලද පිරිසකි.මොවුන් සෝවියට්-ඇෆ්ගන් යුද්ධය,චෙච්නියා-රුසියා යුද්ධ,රුසියා-ජෝජියා යුද්ධය සහ ක්‍රිමියාව ඈදා ගැනීම ආදී යුද්ධවලදී සේවයේ යොදවා තිබේ.ඊට අමතරව රුසියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිදුකල ප්‍රාණ ඇපකරු සිද්ධීන්වලදී මුදාගැනීම් සඳහා යොදවා තිබෙන්නේ මොවුන්ය.සිරියාවේ සිවිල් යුද්ධයේදී මෙම විශේෂ බලකාය,අෂාඩ්ගේ විරුද්ධ පක්ෂයට එරෙහිව මෙහෙයුමවල යෙදවූ බවට තහවුරු නොකල වාර්තා තිබේ.2014 පෙබරවාරි හි ක්‍රිමියා ආක්‍රමණයේදී සහ නැගෙනහිර යුක්‍රේනයේ බෙදුම්වාදී සටන්වලටද රුසියානු ස්පෙට්ස්නාස්වරු සහභාගී වී තිබේ.සිරියානු සරණාගතයින් තවමත් යුරෝපය වෙත යන්නේ තුර්කිය හරහාය.අවශ්‍ය නම් ස්පෙට්ස්නාස්වරුන්ටද සිවිල් වෙස්ගෙන තුර්කියට ඇතුලුවී විනාශයක් සිදු කල හැකිය.
Spetsnaz GRU
රුසියානු සයිබර් සංග්‍රාමික හැකියාව

Last edited: