භයානක_සිරකුටි

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
    http://www.elakiri.com/forum/showthread.php?t=1039564

    පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ
    http://www.elakiri.com/forum/search.php?searchid=5855068

    බිහිසුණුම පාතාල කල්ලි
    http://www.elakiri.com/forum/showthread.php?t=1116943
    යකුසා පාතාලය
    http://www.elakiri.com/forum/showthread.php?t=1121567

    Most Ruthless Gangsters
    http://www.elakiri.com/forum/showthread.php?t=1122712



    mostly මං එලකිරි එකට post කරන්නේ මේ වගෙ ත්‍රේඩ්ස්නේ :yes: .
    ( හැබැයි ඊට වෙනස් ඒවත් කරලා තියනවා :nerd: ) .
    කොහොම හරි කවුරු හරි මං ගැන ඉතාලි පොලීසියට කියලද කොහෙද :shocked::rofl: .
    මාව හිරේට අර ගත්තනේ mafia gangs connection තියෙනවා කියලා :growl: .
    කොහොමහරි මම එලියට ආවා :cool: .
    මට ඉතින් හිතුනා ලෝකෙ තියෙන දරුනුම හිර ගෙවල් මොනවද කියල මේ පාර දාන්න :).
    and mind that, these threads are just for entertainment . I have no intention of blowing the trumpets of Gang Culture
    ;)

    ------------------------------------------------------------------
    San Quentin, California

    sanquentinprisonaerialview_thumb.jpg


    1852දී මෙම බන්ධනාගාරය අද වන විට ඇමරිකාවේ කැලිෆෝනියාවල තිබෙන දරුණුතම බන්ධනගාරයක් ලෙස සැලකේ.
    එයට එහි සිටින අපරාධකරුවනුත් හේතුවක් වන්නට ඇත.
    Prison Gangsහෙවත් බන්ධනාගාර පාතාල කල්ලි අතරින් ඉහලින්ම වැජබෙන Aryan Brotherhood කල්ලියේ උපත සිදු වුයේ මෙහි බව සැලකේ.
    අද වන විට Crips, Bloods, Mexican Mafia, Texas Syndicate, Nuestra Familia ඇතුලු පාතාල කල්ලි රැසක භූමියක් වී ඇති මෙම බන්ධනගාරයේ සියලුම හිරකරුවන් හිස මුඩු කර සිටිය යුතුය .
    බාල්දි වල බහාලු කෑම කා , හිරු එලිය අඩුවෙන් ලැබෙන අදුරු කුටි වල වැතිරීමට අපහසු කොන්ක්‍රීට් තට්ටු වල නිදා ගැනීමට මෙහි සිරකරුවන් හට සිදු වේ .

    Bang Kwang, Thailand

    bangkwangprison_thumb.gif



    Bangkok Hilton
    නමින් හැදින්වෙන තායිලන්තයේ පිහිටි මෙම බන්ධනාගාරය බොහෝ විට පිරී ඇත්තේ මානසික ආබාධ සහිත සිරකරුවන්ගෙනි.
    තායිලන්ත රජයට සිරකරුවන් සිරකරුවන්මය.
    එම නිසා ඔවුන් වර්ගීකරණයකින් තොරවම එකට දමා තිබීමෙන්
    මෙහි බිහිසුණු බව මනාව පැහැදිලි වේ. බන්ධනාගාරයට අලුතින් පැමිණි අයෙකුට පලමු මාස 3 සිටින්නට වන්නේ කකුලට දැමු විලංගු පිටිනි.
    දිනකට එක් වතාවක් පමණක් ආහාර ලබා ගත හැකි අතර ලෙඩකදි කිසිදු ප්‍රතිකාරයක් සිදු නොකරේ .
    බොහෝ විට කකුලට දැමු විලංගු පිටම ලෙඩේ වේදනාවෙන් සිරකරුවා මිය යන අවස්ථා දුලබ නොවේ .
    මරණ දණ්ඩනයට නියම වූ අයෙකුට එය දැනුම් දෙන්නෙ විෂ එන්නත් කර එසේ මැරීමට පැය 2 කට කලින් පමණි.

    tumblr_lj93rovwfE1qdp4kpo1_400.jpg

    Rikers Island, New York

    IMG_5124b_thumb.jpg


    නිව්යෝක් හී පිහිටි මෙම බන්ධනාගාර දැඩි ආරක්ෂා මැද අපරාධකරුවන් පාලනය කරන ස්ථානයකි.
    එසේ වුවත් මෙමෙ බන්ධනාගාරය ප්‍රසිද්ධ වී ඇත්තේ එය භාර නිලධාරීන්ගෙන් සිරකරුවන් හට ලැබෙන දරුණු හිංසා නිසාය.
    වරක් එක් නිලධාරීයෙක්ගේ බැටන් පොලු ප්‍රහාරයකින් සිරකරුවෙකු මිය ගිය අතර මොවුන්ගෙ හැසිරීම
    නිසා තම සිරකුටි වලම සිය දිවි නසා ගත් සිරකරුවන්ද සිටී .
    ADX Florence Supermax Facility, Colorado


    supermax_thumb.jpg


    බන්ධනාගාර නිලධාරින් හා සිරකරුවන් අතර ඇතිවන් ගැටුම් වලට විසදුමක් ලෙස මෙම බන්ධනාගාරය ඇති කෙරුණි.
    දිනකට පැය 23 ක්ම සිරකරුවන් ගෙවන්නෙ තනිවම කටුක සිර කුටි තුලය.
    ඔවුන් හා බන්ධනාගාර නිලධාරීන් අතර සම්බන්ධතාවය ඉතා අඩුය.
    මෙම සිර ගෙය තුල මිනීමරණ වාර්ථා වී ඇත්තේ සුලු වශයෙන් වුවත් ,
    වරක් සිරකරුවෙකු ප්‍රකාශ කර සිටියෙ බොහෝ සිරකරුවන් මිය යන්නේ බන්ධනාගාරයෙ කටුක අත්දැකීම මත ඇතිවන මානසික ආබාධයන් නිසා බවය. පොලව මත පිහිටි අපායක් ලෙස ඔහු මෙම බන්ධනාගාරය හදුන්වයි.
    Alcatraz Island, California

    alcatraz-island_fuszard1-300x199.jpg


    1020 දී පමණ දිවයිනක මෙම බන්ධනාගාරය ඉදි කලේ එකල සිරකරුවන් මර්ධනය කිරීමටය. එය යක්ෂයාගෙ වාසස්ථානය ලෙස හැදින්වේ. එයට හේතුව එයට ඇතුලු වූ පසු බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීමට නොහැකිය. එමෙන්ම බන්ධනාගාරය තුල කතාබහ කිරීම තහනම්ය. තම හැගීම් දැනීම ප්‍රකාශ කර ගැනීමට නොහැකි සිරකරුවන් මානසික ආබාධ වලට ලක්වූ රෝගීන් බවට පත් වන්නෙ ඉතා ඉක්මනිනි. 1963 දී පමණ මෙම බන්ධනාගාරය වසා දැමුණු අතර , මෙම දූපතෙ මිය ගිය සිරකරුගෙ හොල්මන් අවතාර ඇති බවට පැතිරී යන මිත්‍යා විශ්වාස අද එය සංචාරකයන්ගෙ පාරාදීසයක් බවට පත් කර ඇත.

    මින් පසුව නම් කිරීමට ඇති මෙම බන්ධනාගාර වලටත් ඇත්තෙ ඉහත කතාවමය. එනම් මෙම බන්ධනාගාර සියල්ලෙ භයානකත්වය් රැදී ඇත්තේ සිරකරුවන් මත නොව අය පාලනය කරනා නිලධාරීන් අතය.

    Diyarbakır, Turkey
    La Sante, Paris
    La Sabaneta, Venezuela
    Tadmor, Syria
    Carandiru, Brazil

    ඉන් කිහිපයකි.

    මෙම බන්ධනාගාර වලට යෑමට නියම වන සිරකරුවන්ගෙ මූලික ප්‍රශ්නය එය නොව එම බන්ධනාගාරය තුල මිය නොයා සිටීමට දරණ උත්සහයයි.

    imagesqtbnand9gcqkm6cd3p5w1tfrhqsrup96x41lkshmw2ejxmscmb88ukb1iiabq_1.


    imagesqtbnand9gcsdxi93u9hrn4msma5sx6fws92vk83s6xtk5ydzbb3fc8nyznxx_1.


    imagesqtbnand9gcr4loepnvkceheor00rgsqq1hasgkigo92lle1fl8mecfizjfwa_1.


    සිරියාවෙ පිහිටි වදකාගාරයක ඡායාරූප


     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හපෝ එපාවෙනවා මේවා දැක්කහම...........
    ස්තූතියි කරුණු කියලා දුන්නට.............