ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!
Tandoori Chicken හදන හැටි මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?t=1162789
Dhal Makhani මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?p=10658622#post10658622
Garlic Naan හදමු!!
පාන් පිටි ග්‍රෑම් 350-400ක්
මීකිරි මේස හැදි 2ක්
මාජරින් මේසහැදි 1ක්
යීස්ට් තේහැදි 2ක්
සීනි තේහැදි 2ක්
ලුණු තේහැදි 1/2ක්
සියල්ල එකට මිශ්‍ර කරන්න.
වතුර ටික ටික දමමින් රොටී මෙන් හොදින් විනාඩි 10ක් අනාගන්න. දෙපසට අදිමින් බර්ගර් වලදී මෙන් තව විනාඩි 5ක් අනා බෝලයක් මෙන් සාදා තෙත රෙදි කඩකින් වසා පැයක් පමණ පිපෙන්න තබන්න.
මෙන්න මේ වගේ පිපෙන්න තබන්න.
බිත්තර තරමේ බෝල සදා ගන්න.
පිටි තැවරූ ලෑල්ලක් මත තබා 1cm ඝණකමට තුනී කර ගන්න. රෝලින් පින් එකක් හෝ උස බොතලයක් වුනත් භාවිතා කල හැකිය.
රොටිය දෙපැත්තේම මාජරින්, බටර් හෝ Ghee ස්වල්පයක් ආලේප කර කුඩාවට කපාගත් සුදු ලූනු දමා අතින් හෝ රෝලින් පින් එකෙන් වරක් තුනී කරගන්න.
වැසූ Frying Pan එකක දමා අඩු ගින්දරෙන් දෙපැත්තම පුලුසුසා ගන්න.
අවන් එකක වුනත් සාදා ගන්න පුලුවන්. නමුත් මේ ක්‍රමය ඉතා ඉක්මන් හා පිරිමැසුම් දායකයි!!
නියම විදියටනම් මේ වගේ Tandoori Oven එකක හදන්න ඕනේ.
මේ ප්‍රමාණයට පුලුස්සා ගන්න.
Tandoori Chicken හෝ කරියක් සමග කෑමට ගත හැකිය!!!
Last edited:
Yakooo mee badaginne inna welawalatama mee wagee awa danna epaa ban......





