Tandoori Chicken හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    TC1.jpg


    ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද
    Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!

    Garlic Naan මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363

    Dhal Makhani මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?p=10658622#post10658622

    මුලින්ම Tandoori Chicken හදමු!!


    TC2.jpg

    මේක හදන්න වඩාත් සුදුසු Chicken whole Leg or Thighs. හොදින් අයිස් ඉවත් වූ 500 -750g විතර ගන්න.

    TC3.jpg

    සෝදා හොදින් වතුර බේරෙන්න තියන්න. පිරිසිදු රෙදිකැල්ලකින් තෙතමාත්තු කලත් කමක් නෑ.

    TC4.jpg

    මීකිරි මේස හැදි 4ක් පමණ ගෙන රෙදි කෑල්ලක දමා තරමක් වතුර මිරිකා හරින්න.
    TC5.jpg

    රතු මිරිස්කුඩු හා ලුණු තේ හැන්ද බැගින්
    කහ කුඩු හා ගම්මිරිස් තේ හැදි 1/2 බැගින්
    දෙහි ගෙඩියක යුෂ සහ වතුර මිරිකාගත් මීකිරි

    TC6.jpg

    කරදමුංගු, කරාඹු නැටි, කුරුදු, වසාවාසි සහ බේ ලීෆ් කුඩු කරගත් තේහැදි 1/2ක්

    TC7.jpg

    දෙහි යුෂ, ලුණු සහ කුලුබඩු සියල්ල මීකිරි සමග මිශ්‍ර කරන්න. රතු හා තැඹිලි පාට කලරින් බිංදු 5-6 බැගින්ද එක්කරන්න.

    TC8.jpg

    විකන් වල ගැඹුරු කැපුම් යොදා ගෙන රතු කලරින් බිංදු 5-6ක් දමා පාට කරගන්න.

    TC9.jpg

    මීකිරි මිශ්‍රණය හොදින් තවරා ගන්න.

    TC10.jpg

    ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
    TC11.jpg

    දැන් ෆ්‍රයින් පෑන් එකකට දමා පියන වසා ඉතා අඩු ගින්දරෙන් පිසගන්න.

    TC12.jpg

    විටින් විට දෙපැත්ත පෙරලන්න.

    TC13.jpg

    නැත්නම් අවන් එකක පුලුස්සා ගන්න.
    BBQ Grill එකක වුනත් හදා ගන්න පුලුවන්.

    images


    නියම විදියටනම් මෙන්න මේ වගේ Tandoori Oven එකක තමා හදන්න ඕනේ. නමුත් පෑන් එකක හදාගන්න එක පහසුයි පිරිමැසුම් දායකයි!!
    TC14.jpg


    දෙහි ,පිපිඤ්ඤා සහ ලූනු පෙති කීපයක් සමග පිලිගන්වන්න.
     
    Last edited:

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ela mama nam thandoori chikan walata asa na appa ewata mikiri dana nisa amuthu rahak enawa,e unata ela katahari hadala denawa dan ithin,ela ela :D :D :D :D :D

    thawath jathi hadala danna apita